Thursday, February 19, 2009

අන්තර්ජාලය ජයගත් මිනිසුන්...

අන්තර්ජාලයට සහ ලෝකයට දැනෙන වැඩක් කළ මිනිසුන් ගැන කෙටියෙන් සඳහන් වෙච්ච සයිට් එකක් හම්බවුණා

අපෙන් ලෝකයට,අන්තර්ජාලයට යන දේවල් (තොරතුරු හැර) අඩුවෙන්න හේතුව මොකක් ද කියල හිතුණා.. තාක්ෂණයේ අඩුපාඩු ද? දැනුමේ අඩුපාඩු ද? නැත්නම් නිර්මාණශිලීත්වයේ අඩුවක් ද....
හැබැයි ලෝකයේ සාක්ෂරතාවය සහ බුද්ධිමට්ටම අතින් ගත්තහම අපි සෑහෙන ඉදිරියෙන් ඉන්නවා කියලයි කියන්නෙ...
මම මේ අදහස් කළේ ලෝකය වෙනස් කරන මට්ටමේ දේවල් අපෙන් බිහිනොවන්න හේතුව... නැතුව අපෙන් මොකුත් ගිහින් නෑ කියන එක නෙවෙයි...

Thursday, February 12, 2009

අධිවේගි වීඩීයෝකරණය...

නිකන් ඉන්න වෙලාවට StumbleUpon එකෙන් සයිට් බ්‍රව්ස් කරන එක හරි ජොලි වැඩේ...
මේ දැන් හම්බ වුණ එකක් ගැන බොලොග් එකක් ලියන්න හිතුණා... මොකුත් නොලියා හිටියොත් සින්ඩියෙන් අතුගාලා දාන්නත් ඉඩ තියෙනවනේ.. :)

අධිවේගී ඡායාරූපකරණය සහ වීඩියෝකරණය ගැන හොය හොයා ඉන්න වෙලාවක තමයි මේක හම්බ වුණේ... අපූරු වීඩියෝ ක්ලිප්ස් ටිකක් තියෙනවා...

Monday, January 26, 2009

කලා පොල...












කලා පොල...

කාලයක් තිස්සෙ පෙරුම් පුරලා ඔන්න මේ සැරේ ගියා කලා පොලට...
ගිය සැරෙත් යන්න බැරි වුණා
ගිය සිකුරාදා වෙලාවට පිත්තල හන්දියෙ ගහල තිබුණු බැනර් එක දැක්ක... නැත්නම් මේ සැරැත් මඟ ඇරෙනවා..

හික් බැනර් එක බලන්න ගිහින් ත්‍රී විලර් එකක හැප්පිලා රුපියල් 2000කුත් වන්දි ගෙවන්න වුණා... පිටිපස්සෙන් ගිහින් ඇන්නම ඉතින් වරද මගේ නේ...

මම ඉතින් week end එකක කොළඹ පැත්තෙ ගියොත් ග්‍රීන් පාත් එකේ විකුණන්න තියෙන චිත්‍ර ටික නොබල එන්නෙ බොහොම කලා තුරකින්... පොඩි කාලේ ඉඳලම තියෙනව මට හෙන උණක්...හැකියාවත් පොඩ්ඩක් විතර තියෙනවා හැබැයි දැන් නම් මතක ඇති කාලෙකින් චිත්‍රයක් ඇන්දේ නෑ...

ආහ්... අක්කලගෙ ගෙදර බිත්තයෙ එකක් ඇන්ද අන්තිමට.. හික් හික්.. පොඩි වුන් දෙන්න බිත්ති කුරුටු ගාන එකෙන් පොඩි චාන්ස් එකක් අරන් මමත් ඇන්ද එකක්...

නියම විත්‍ර ටිකක් තිබුණා... හැබැයි ගාන නම් වැඩියි... සාමාන්‍ය ගානට වඩා හරියටම දෙගුණයක් වැඩියි කියල කියන්න පුළුවන්...

අවුරුද්දකට එක සැරයක් එන නිසා වෙන්න ඇති ගාන ටිකක් වැඩි...

මමත් ඉතින් හැමදාම වගේ අම්මගෙන් බැනුම් ඇහුවත් අදත් පොඩි වෝල් හැඟින්ස් 2ක් ගෙනාව..

කැන්වස් එකකුත් අරගෙන ආවා නිකමට වගේ එකක් ඇඳල බලන්න... හික් හික්...

ගත්ත ෆොටෝ ටිකක් තියෙනවා... දැන් නිදි මතයි හෙට දාන්නම්....

Wednesday, January 21, 2009

Virtual Barber Shop

කාලෙකට පස්සෙ බ්ලොග් එකක් ලියන්න හොඳයි කියල හිතුණ දෙයක් හම්බ වුණා...
මට මේක හම්බ වුණේ මගේ යාළුවෙකුගෙන්...
මුලින්ම අහපු වෙලාවේ නිකන් පිස්සු හැදුණා වගේ...
අහන හැම වෙලාවෙම දැනෙන දේ ගැන කියනවට වඩා අහලම බලන එක වටිනවා..

මෙතනින් ගන්න පුළුවන්...

මම මුලින්ම ඇහුවේ මගේ ෆෝන් එකෙ හෑන්ඩ්ස් ෆ්‍රී එකෙන්... හෙඩ්ෆෝන් එකක් නැතුව අහල වැඩක් නෑ...

මේකේ තාක්ෂණික පැත්ත ගැනත් හොයල බැලුවා.. සැබැවින්ම කොච්චර දියුණු ලෝකයක් ද කියල හිතෙනවා... හැබැයි උපතින් අපට ලැබුණු හැකියාව ගැන ඊට වඩා පුදුම හිතෙනවා...

Cetera algorithm එක ගැන මම ලියනවට වඩා මේක කියවන එක හොඳයි...


Starkey’s Cetera technology

Starkey’s Cetera technology makes the hearing aid “invisible” to the brain. Cetera removes the barrier between sound and the brain’s ability to process signals. The Cetera technology is based on an innovative new algorithm- the complex mathematical formula that drives a hearing aid. Cetera’s algorithm can match the exact characteristics of the wearer’s ear. This customization removes the barrier that most hearing aids erect between the incoming sound waves and the data sent to the brain for processing.

මේකත් බලන්න

Binaural Recording ගැන මෙතන විස්තර තියෙනවා...

Saturday, November 22, 2008

මචං


ඊයෙ රෑ මචං බැලුවා..
කාලෙකට පස්සෙ සිංහල ෆිල්ම් එකක් බලල හොඳ ෆන් එකක් ගත්තා.. අපරාදෙ කියන්න බෑ උබර්තෝ පැසෝලීනි වැඩේ හොඳට කරල තියෙනවා... අපේ කට්ටියගෙ රංගනයත් ඉතින් එලම තමා..

අපේ රටේ බහුතරයකට තියෙන අසරණ කම හොඳට පේනවා... අපේ කොල්ලො ටිකක් කරපු වීර ක්‍රියාවක් ද අමන ක්‍රියාවක් ද කියල තීරණය කරන එක ඉතින් බලන කෙනාට බාරයි... මට නම් හිතුණේ අසරණ කමේ එක් අන්තයක් කියල... රට ගැන හිතන්න කලින් ජීවත් වෙලා ඉන්න ඕනෙ නෙ...

දේශපාලකයාගේ දොඩම් කෑම, ලෝක දේශපාලනයම ඒ තත්පර කිහිපය තුළ තිබුණා කියලයි මට නම් හිතුණේ...
මහේන්ද්‍රගේ සුද්ද සිංහල, කියන්න වචන නෑ... ෆන් මැක්ස්...
අනිත් හැම තැනම අපේ අහිංසකයින්ගෙ අසරණ කම තමා...

ගිහිල්ල බලන්න... බැලුවට පාඩු නෑ..

පිංතූරේ කොපි කලේ
මෙතනින්

Friday, October 10, 2008

වෙබ් බ්‍රව්සර්....

මුහුදු වඳුරා සමඟ..


නිකන් ඉන්න එකේ SeaMonkey දාල බැලුවා...
උදේ වරුවම අළුත් xAurora එක්ක සෙල්ලං කර කර හිටියා...
අන්තිමට බ්‍රව්සර් ගැන බ්ලොග් එකක් ලියන්න හිතුණා...

මේක මේ SeaMonkey එකෙ ඇඩොන් එකක් පාවිච්චි කරල ලියපු test blog එකක්, මැකුවට වැඩක් නැති නිසා (සින්ඩිකේටරයෙන් හැංඟෙන්න බෑනේ.. :) ) වැඩක් ඇති දෙයක් ලියන්න හිතුණා..

මම අයි.ඊ බාවිතය නතර කළේ මීට වසර 2-3කට කලින්...
ඊට පස්සෙ දිගටම ෆයර් ෆොක්ස් තමයි..
ගූග්ල් ක්‍රොම් ඒක ආව දවසෙ ඉඳල ඉතින් ක්‍රොම් තමයි
ඔෆිස් එකේ ක්‍රොම් හරි ගියේ නෑ.. මම හිතන්නෙ Service Pack 3 වල අවුලක් වෙන්න ඇති ඒ නිසා ඔෆිස් එකේ ෆයර් ෆොක්ස් ගෙදර නම් ඉතින් ක්‍රොම්...

ඊයෙ xAurora ගැන දැන ගත්තට පස්සෙ ඒක දාල බැලුවා.. අද දවල් වෙනකොට ඒක එපා වුණා.. ඒකෙ බොහෝ දේ තියෙනවා නමුත් ඕනැවට වඩා දේවල් වැඩි වුණහමත් හරි නෑ වගේ... ඇත්තටම බ්‍රව්සරයකින් කෙරෙන්න ඕනේ ප්‍රධානම දේ හරියට කරන එක අනිත් හැම දේටම වඩා වැදගත් කියල මට හිතුණා...

ඒක තවම අත්හදා බැලීමේ පවතින අපේ ශ්‍රී ලාංකික නිර්මාණයක් නිසා අගේ කළ යුතු වුණත් හිත ඇදිල යන්නේ සරලව වැඩේ කරල දෙන ෆයර් ෆොක්ස්ටයි ක්‍රොම්ටයි තමයි...

නිකන් ඉන්න එකේ SeaMonkey දාල බැලුව ඊට පස්සෙ

ඒකත් ඉතින් ෆයර් ෆොක්ස් වගේම තමයි කියල හිතුණා පොඩි පොඩි වෙනස් කම් තිබුණට

ගෙදර යන්න වෙලාව හරි ඉතිරි ටික පස්සෙ ලියන්නම්..

Wednesday, October 08, 2008

Jasper Reports

සෑහෙන කට්ටක් කාලා java වලින් Jasper Reports වලට call කරන විදිය හොයා ගත්තා... ඇත්තටම පොඩි scene එකක් නමුත් හොයා ගන්න වෙලා ගියා..

කරපු විදිය මෙහෙමයි..
Reports හදන්න පාචිච්චි කළේ iReport 3.1.1
Jasper Reports හදන විදිය ගැනත් වෙනම ලියල දාන්නම්..
දැනට හදා ගත්ත Report එකක් java වලින් බලා ගන්න විදිය කියන්නම්...

මේ තියෙන්නෙ සම්පූර්ණ java code එක

package jasper;

import java.sql.Connection;
import java.sql.DriverManager;
import java.sql.SQLException;
import java.util.HashMap;
import java.util.logging.Level;
import java.util.logging.Logger;
import net.sf.jasperreports.engine.JRException;
import net.sf.jasperreports.engine.JasperCompileManager;
import net.sf.jasperreports.engine.JasperFillManager;
import net.sf.jasperreports.engine.JasperPrint;
import net.sf.jasperreports.engine.JasperReport;
import net.sf.jasperreports.view.JasperViewer;


public class JasperTest {
JasperReport jasperReport;
JasperPrint jasperPrint;

public static Connection establishConnection() {
Connection connection = null;
try {
Class.forName("oracle.jdbc.driver.OracleDriver");
String oracleURL = "jdbc:oracle:thin:@host:port:sid";
connection=DriverManager.getConnection(oracleURL,"username",
"password");
connection.setAutoCommit(false);
} catch (ClassNotFoundException ex) {
Logger.getLogger(JasperTest.class.getName()).log(Level.SEVERE, null, ex);
} catch (SQLException exception) {
exception.printStackTrace();
}
return connection;

}
public void testReport(){
try {
Connection connection = establishConnection();
HashMap jasperParameter = new HashMap();
jasperReport = JasperCompileManager.compileReport("C:\\test.jrxml");
jasperPrint = JasperFillManager.fillReport(jasperReport,jasperParameter, connection);
JasperViewer.viewReport(jasperPrint);
} catch (JRException ex) {
Logger.getLogger(JasperTest.class.getName()).log(Level.SEVERE, null, ex);
}

}
public static void main(String args[]){
new JasperTest().testReport();
}
}

මේ විදියට code එක ලියල
NetBeans Project එකේ libraries ටික මේ විදියට set කරන්න

jasperreports-3.1.0.jar
commons-beanutils-1.7.jar
commons-collections-2.1.jar
commons-digester-1.7.jar
commons-logging-1.0.2.jar
iText-2.1.3.jar
jdt-compiler-3.1.1.jar
ojdbc14.jar

මේකෙ වැදගත්ම දේ තමයි iReport libs වල තියෙන jasperreports.jar (jasperreports-3.1.0.jar) version එක අපේ Project libraries වලත් තියෙන්නෙ ඕනෙ. අනිත් එක තමයි jdt-compiler.jar (jdt-compiler-3.1.1.jar) version එකත්
iReport සහ අපේ Project libraries වල සමාන වෙන්න ඕනේ.

Netbeans 6.X වලට එන Jasper Report plugin එක පාවිච්චි කරලත් ලේසියෙන්ම Reports හදන්න පුළුවන්..

යාළුවෙකුගෙ වැඩකට උදව්වක් විදියට විස්තර හොයල තමයි මේ දේවල් ටික හොයා ගත්තේ

වැඩි විස්තර පස්සෙ ලියන්නම්...

මේ link එක ගොඩක් උදව් වුණා වැරදි හොයා ගන්න.


jdt-compiler-3.1.1.jar එක ගත්තෙ මේ
link එකෙන්

මේකෙත් කරන විදිය ගැන විස්තර තියෙනවා..
http://www.cise.ufl.edu/~otopsaka/CIS4301/ReportDemo/ReportFromJava.html


කව්රු හරි වැඩි විස්තර දන්නවනම් ලියන්න...

Wednesday, October 01, 2008

Eyes Wide Shut

නියම ෆිල්ම් එකක් කියල බය නැතුව කියන්න පුළුවන් මේකට නම්
කතාව හරියට තේරුම් ගන්න පුළුවන්නම් ගැහැණු පිරිමි අපි කවුරුත් හිත්වල පුරවගෙන ඉන්න
විචිකිච්චාවන් ගැන දෙපාරක් හිතල බලන්න හිතෙයි

මම ස්ටැන්ලි කියුබ්‍රික් ගෙ ෆිල්ම්ස් ගැන හොය හොය ඉන්න වෙලාවක තමයි මේක හම්බ වුණේ... ඔහු
කොතරම් දක්ෂ සිනමා කරුවෙක් ද යන්න නියමෙට පැහැදිලි වෙනවා..
ඒ වගේම අපේ හිත්වල සුද්ද කරගන්න බොහෝ දේ තියෙනව කියලත් මට නම් මේක බැලුවහම හිතුණා.
පවුලේ සැමට එකට නම් බලන්න බෑ... හැබැයි හොරෙන් හොරෙන් වෙන වෙනම හරි බලන්න වටිනවා

නෝනටයි මහත්තයටයි එකට ඉඳන් බලන්න කියල බය නැතුව කියන්න පුළුවන්...

වෙලාවට මම නම් තාම බැඳල නෑ...

Stanley Kubrick

Eyes Wide Shut

මහල්ලා සහ මහ මුහුද

අද වරුවක් නිවාඩු දාල ගෙදර ඇවිත් මහල්ලා සහ මහ මුහුද පොත කියෙව්වා.. දැන් ටිකකට කලින් තමයි කියවල ඉවර වුණේ..
අර්නස්ට් හෙමිංග්වේට නොබෙල් ත්‍යාගය ලබාගන්න හේතු වෙච්ච පොත මේක...
කියවල බලන්න වටින පොතක්
මිනිසෙකුගෙ ධෛර්‍යය, උත්සාහය, කලකිරීම, පරාජය,ආදරය, සරලත්වය, මිත්‍රත්වය,කෝපය ආදි සෑම සිතිවිල්ලකම නියම ස්භාවය අපූරුවට කැටිවුණු පොතක් විදියට තමයි මට නම් ඒක ගැන හිතුනේ...
මාළුවෙක් සහ මිනිසෙක්... අපූරු ගැලපීමක් මතුවෙන ආකාරයට කතාව ගොඩ නඟල තියෙනවා
84 පාරක් අසාර්ථකව මුහුදු ගිය මහල්ලෙක් 85 වෙනි වතාව දැඩි උත්සාහයකින් යුතුව සාර්ථක කරගෙන අවසානයේ පරාජය වීමත් එම පරාජය සැහැල්ලුවෙන් යුතුව විඳ දරා ගන්නා ආකාරය ඉතාමත් නිර්මාණශීලී හා අපූරු ආකාරයකට ලියල තියෙනවා
යටින් දිවෙන හාස්‍යයකුත් මට දැනුණා...
ඉක්මනට නාකි වෙන්න හිතුණා මටත්..

මේ සැරේ පොත් ප්‍රදර්ශනේ බලන්න ගිහින් ගෙනාව පොත් වලින් එකක්..
දවස පුරා කොම්පියුටරෙයි,ජාලෙයි,ඉංග්‍රීසියි අස්සෙ හිරවෙලා ඉන්න එකෙන් පොඩ්ඩක් ඈත් වෙන්න පොත් කියන්නෙ නියම බෙහෙතක්

මිදුලෙන් පුටුවක් තියල තව පුටුවක කකුල් දෙක තියාගෙන ගහක් කොලක් දිහා බලාගෙන, කුරුල්ලෙකුගෙ සද්දයක් අහගෙන පොතක් කියවන එක මටනම් තාම මේ ඔක්කොටොම වැඩිය ආතල්...

අර්නස්ට් හෙමිංග්වේ

මහල්ලා සහ මහ මුහුද

Tuesday, September 30, 2008

අපේ ප්‍රශ්න...

ජීවිතේ අපිට තියෙන ප්‍රශ්න, ප්‍රශ්න ද කියල හිතෙනව සමහර වෙලාවට...
අපි බොහෝ දෙනෙක් කණගාටු වෙන්නෙ හොඳම දේ නොලැබීම නිසා...
අවශ්‍ය දේ ඕනෑවටත් වඩා තියෙද්දි අපි කණගාටු වෙන එක මහා විහිළුවක් වගේ...

ජීවිත කාලයෙන් භාගයක් අපරාධ කරපු, තක්කඩි කම් කරපු, වංචාවෙන් තර්ජනයෙන් සැප විඳපු
බොහෝම නිර්භීත මනුස්සයෙක් තමන් කළ කී දෑ ගැන පසු තැවෙන කොට... තමන් අතින් වැරදි සිද්ද වුණු මිනිස්සුන්ට
හද පත්ලෙන්ම අනුකම්පා කරනකොට... තමන්ට තලා පෙළා තමාව මුලා කොට දුසිරිතෙහි යොදවපු මිනිසුන්ට හදවතින්ම මෛත්‍රී කරනව දකිනකොට හිතෙනව...
අනේ අපේ හිත්වල තියෙන දුක් මොනවද කියල...

අංගුලිමාල කතාවෙ මොඩර්න් වර්ෂන් එකක් වගේ... ඒ මනුස්සයගෙ ඇස්වල තිබුණු සතුට... හිනාවෙ තිබුණ අවංක කම...

සර්.. මට මිනිහෙක් ගෙ බෙල්ල කපන එක මහ ලොකු දෙයක් නෙවෙයි... ඔහු එහෙම කිව්වා...අපි ඔක්කොටම ඇහෙන්න... ඒ තරම් දරුණු හිතක් තිබුණු මනුස්සයෙක්.. ඒ තරම් දරුණු හිතක්
ලෝකෙටම මෛත්‍රී කරන්න පටන් අරන්... අවංකවම...

මේක මම හිතපු දෙයක් නෙවෙයි ඇත්තටම ඇසින් දැක කනින් ඇසූ දෙයක්... ඒ වගේ මිනිස්සු අපි අතර ඕනෙ තරම් ඉන්නවා..

.................................................................................

කොල්ලුපිටිය හන්දියට ගිහින් තියෙන ඕනෙම කෙනෙක් හන්දියෙ තියෙන කොට්ටන් ගහ යට ඉන්න අන්ධ හිඟන්නිව දැකල ඇති... අද යාළුවෙකුගෙ ෆස්ට් සැලරි ට්‍රීට් එකට කේක් ගේන්න හන්දියට එනකොට අර හිඟන්නිගෙ හස්බන්ඩ් ඒ අන්ධ හිඟන්නිටයි එයාගෙ පුතාටයි බත් කවනවා... පාර අයිනෙ මුල්ලකට වෙලා වටේ යන එන හෙන බිසී මිනිස්සුට පෙනි පෙනී ඒ මනුස්සය කාගෙන් හරි පිනට හම්බ වෙච්ච බත් එක හොඳට අනල බොහෝම ආදරෙන් අර අසරණීට කවනවා.. පොඩි එකත්.. පොඩි කිව්වට අවුරුදු 10ක් 11ක් විතර ඇති.. එහාට මෙහාට කැරකි කැරකි තාත්තගෙ අතින් බත් කනවා...

අද මේ දෙවෙනි දවස මම මේ ලස්සන scene එක දැකපු... කලින් දවසෙ ඒ මිනිස්සු දවල්ට කකා හිටියෙ පාන්.. එදා නම් මම බත් එකක් අරන් දුන්න.. පොඩි එකා අසරණ බැල්මක් දාල බත් එක අතට ගත්තා.......

මමයි යාළුවයි ඉතින් කේක් අරන් ගියා... කේක් කෑල්ලක් නොකෑවොත් අපේ ෆන් ලයිෆ් එකට නිකන් මදි මදි වගේනෙ...

Wednesday, September 24, 2008

නොලැබීම සහ ලැබීම...

ජීවිතේ ගැන ගොඩක් අය ගොඩක් දේවල් කියල තියෙනව... ඒ හැම එකකම ලොකූ ඇත්තක් තියෙනවා... කෙනෙක් ජීවිතේ ගැන මොනව හරි දෙයක් කියන්නෙ බොහෝ වෙලාවට තමන් ලබපු අත්දැකීමක් නිසා ලත් අවබෝධයක් නිසා කියලයි මම හිතන්නෙ...

අපිටත් කවද හරි එවැනි අත්දැකීමක් ලැබුණු වෙලාවට කවුරුන් විසින් හෝ පවසා ඇති ඒ අදහස් කොච්චර ඇත්තද කියල තේරෙනව... ගොඩක් වෙලාවට අපි කරන්නෙ අපිට අත්දැකීම ලැබෙනකම් අනුන්ගේ අදහස් ගැන එතරම් ගැඹුරට හිතන්නෙ නැති එක... බොහෝ වෙලාවට අපිට අවශ්‍ය දේ ජීවිතය අපට ලබා දෙනවා නමුත් අපි ඒ දේවල ඒ විදියට බාර ගන්න කැමති නෑ... අපි විසින් සහ සමාජය විසින් අප තුළ ඇති කරල තියෙන සම්මුතීන් වලට ගැලපෙන විදියට ඒ දේ ලැබෙනකම් අපි බලාගෙන ඉන්නවා... ඇත්තටම නම් ජීවිතේ අපිට ලබා දෙන දේ බාර අරගෙන සතුටු වෙන එක තරම් ජීවිතේ විඳින්න පුළුවන් දෙයක් තවත් නැහැ... හැබැයි ඒක කරන එක බොහෝම අමාරු වැඩක්...

ලබා දෙන හැම දේම ඒ විදියටම බාර ගන්න එක නොවෙයි මම හිතන්නෙ අපි කරන්න ඕනේ ඒ දේ අවබෝධයෙන් යුතුව භාර ගන්න එක. අකමැති දේ ප්‍රතික්ෂේප කිරීමේ අයිතියකුත් අපිට තියෙනවා...ලැබෙන දේ අපි ආසම දේ නොවෙන්න පුළුවන් හැබැයි ආසම දේ ලබා ගන්න උත්සාහ කරන්නෙ නැතුව ලැබෙන දේ අවබෝධයෙන් යුතුව බාර ගත්තොත් ජීවිතේ අපි හැමදාම හොයපු සතුට එයින් ලබා ගන්න පුළුවන් වෙයි...

ටිකක් හිතල බැලුවොත් මේ ලෝකෙ සැබැවින්ම සතුටින් ඉන්න මිනිස්සු ඒ වගේ අය... සැබෑ සතුට කියන්නෙ සම්මුතීන්ගෙන තොර වූ සතුට...

කියන්න ලේසියි කරන්න තමයි බැරි... මටත් වෙලා තියෙන්න ඒක..

මම මේ ලිව්වෙ මට හිතෙන දේ... මම මේව ගැන හිතන්න හේතු වුණේ කල්‍යාණ මිත්‍ර ඇසුර වෙන්න ඇති...

මේ තියෙන්නෙ එතුමාගේ ලිපිනය...

Holistic Living

ගිහින් බලන්න... බොහෝම සාමාන්‍ය මනුෂ්‍යයයෙක් නමුත් ජීවිත අවබෝධය නම් බොහෝම උසස්...

Thursday, August 14, 2008

හ්ම්ම්...

මට මොනවද වෙලා තියෙන්නෙ කියල මට වත් ෂුවර් නැතුව ඉන්නෙ මේ දවස් වල... බ්ලොග් එකක මොකුත් ලිව්වෙ නෑ මතක ඇති කාලෙකින්... ලියන්න දේවල් ගොඩක් තිබුණත් ලියල වැඩක් නෑ කියල හිතෙනවා...
කොහොම වුණත් හෙට අනිද්දම ආයෙත් ලියන්න පටන් ගන්න ඕනේ...
පහුගිය දවස් ටිකේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා... ජීවිතේ ගැන...

Thursday, June 21, 2007

ජීවිතය ඉගැනීම.....

ජීවිතයේ සැබෑ අරුත වටහා ගන්න ට අප සිතා බැලිය යුතු කාලය එළඹ ඇතැයි මට සිතේ.. එම අරුත නියමාකාරයෙන් වටහා ගත්තවුන් ගේ ඇසුර ලබන්නට අප කළ කුසල් මදි වීදෝයි විටෙක සිතේ.. ඔහේ ගලා යන ජීවිත ගමනේ සහකාරිය සොයා යන අතර මඟදී එම සත්‍යයට ළඟාවීමට දොරටුවක් විවර වනු ඇතැයි කිසි දිනෙක නොසිතුවෙමි.

මිය ගිය තම එකම සොයුරා පිළිබඳව දුක් බරව සිටි එක් තරුණයෙක් නන්නාඳුනන්නෙකුගෙ මරණයක් දැක ජීවිතයේ යතාර්ථය නොව සත්‍යය අවබෝධ කළේය.

මේ ඔහුගේ ජීවන දර්ශනයයි...
http://www.kfa.org/

Wednesday, November 22, 2006

ලෝකෝපකාරය කියවන්න...

හැඳින්වීම

උපදේශාත්මක කාව්‍යයට සාහිත්‍යයෙහි විශේෂ තැනක් හිමි වී ඇත. සංස්කෘත සාහිත්‍යයෙහි පංච තන්ත්‍රය, හිතෝපදේශය, ව්‍යාසකාරය, නීතී ශතකය, ප්‍රත්‍ය ශතකය ආදී උපදේශාත්මක කාව්‍යයෝ බෙහෙවින් අගය කරනු ලබති. සිංහලයෙහි ද උපදේශාත්මක කාව්‍යාවලියක් ඇත. ලෝවැඩ සඟරාව, ලෝකෝපකාරය හා සුභාෂිතය ඉන් මුල් තැන් ගනී. මේ සිංහල උපදේශාත්මක කාව්‍ය අතුරින් දීර්ඝතම කාව්‍යය වනුයේ ලෝකෝපකාරය යි.

ලෝකෝපකාරයේ කතෘ පිළිබඳ ව මත භේද පවතී. කාව්‍යයෙහි අග පෙනෙන, 

සිරි සර ගුණැති මහ තෙදින් නුවණින් පරසිදු ව සිටි සිරින් පිරි තොටගමු වෙහෙර වැඩ සිටි බොහෝ කල් හැර.

කෙළවර කෙළෙ මෙ පොත පුර සත්‍ය සත වස පිරි සිටි පරපුර වණිජ කුල රණස්ගලු තෙර නමැති යතිදා.

යන ගී දෙක අනු ව, මේ ලෝකෝපකාරය ශක වර්ෂ 1721 දී හෙවත් ක්‍රිස්තු වර්ෂ 1799 දී තොටගමු විහාරයෙහි වැඩ විසූ රණස්ගල්ලේ සාමි යන නමින් ප්‍රසිද්ධ ව සිටි හිමි නමක විසින් කරන ලදැ යි යනු එක් මතයකි. ඒ මතය අනුව රණස්ගල්ලේ සාමීන් ශ්‍රී රාහුල හිමියන් ගේ ශිෂ්‍යයකු වන්නට ඇති බව ද කියති.

ලෝකෝපකාරයෙහි භාෂාව හා රචනා රීතිය අනුව එය එසේ විය නොහැකි යැයි යන අනෙක් මතය අනුව මෙහි කතෘවරයා බුදු ගුණ අලංකාරය, ලෝවැඩ සඟරාව සහ කව් ලකුණු මිණි මල් යන පොත ලියූ මහ නෙත් පා මූල වීදාගම මෛත්‍රෙය හිමියෝ ය.

කෙසේ වුව ද නිශ්චය වශයෙන් කතෘවරයා කවරෙක් දැ යි දැන ගැනීමට මෙතෙක් පිටුවහලක් ලැබී නැත.

සුදන ගුණ සහ දුදන නුගුණ, මවු පිය අගය, සුරා පානයෙහි ආදීනව, ශිල්ප ශාස්ත්‍රයෙහි වටිනාකම, සේවනය කළ යුත්තන් හා නොකළ යුත්තන් ආදී වශයෙන් සාර්ථක ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය දහසක් උපදෙස් කාව්‍ය මාර්ගයෙන් සිත්හි තැන්පත් කරවන උපදේශ භාණ්ඩාගාරයක් බඳු මේ ලෝකෝපකාර කාව්‍ය අපේ බාල පරම්පරාවගේ ගුණ නුවණ දියුණු කර ඔවුන් යහ මඟ යැවීමට මහත් සේ උපකාර වනු නොඅනුමානය.



ලෝකෝපකාරය

නවමු මුනි සරණ

1
මුනිඳුට සරි කෙනෙක්
තුන් ලොව ම නැති මුනි තුමකු මුත්
අපමණ තරු රැසින්
සඳට සරි තරුවක් නොමැති මෙනි.

පදගතාර්ථය

මුනි තුමකු මුත් - බුදුන් වහන්සේ කෙනෙකුම විනා ; මුනිඳුට - බුදුන් වහන්සේට; සරි කෙනෙක් - සමාන තැනැත්තෙක්; තුන් ලොව ම- තුන් ලෝකයෙහි ම; නැති - නැත්තාහ; අපමණ - ප්‍රමාණ කළ නොහැකි තරම් වන; තරු රැසින්-තාරකා රාශිය අතුරෙන්; සඳට - චන්ද්‍රයාට; සරි - සමාන වූ; තරුවක් - තාරකාවක්; නොමැති මෙනි - නැත්තාක් මෙන් ය.

භාවය 

අප්‍රමාණ තාරකා රාශිය අතර චන්ද්‍රයාට සමාන වන තාරකාවක් නැත්තා මෙන්, බුදු රජාණන් වහන්සේ කෙනෙකු ම විනා අන් සම කෙනෙක් තුන් ලෝකයෙහි ම නැත්තා හ. 

2

සමුදුර මෙර පොළොව
තරු ද ලේ මස් හිසැ ’ ස දන් දුන්
නොසරි වන කල ලොව
බුදු බව් පතනුවෝ ළ තර වෙත්. 

පදගතාර්ථය

දන් දුන් - දන් දුන්නා වූ ; ලේ මස් හිසැ’ස (ලේ හිස් මස් ඇස් ද) - ඇඟෙහි ලෙය ද හිස් ද මස් ද ඇස් ද; සමුදුර මෙර පොළොව තරු - (පිළිවෙළින්) සමුද්‍රයෙහි දිය කඳට ද, මහා මේරු පර්වතයට ද, මහා පෘථිවියට ද, තාරකාවලට ද; නොසරි වන කල - සමාන නොවන කල්හි; ලොව - ලෝකයේ; බුදු බව්- බුද්ධත්වය; පතනුවෝ - පතන්නෝ; ළ තර - දැඩි සිත් ඇත්තෝ ; වෙත් - වෙති.

භාවය

බුදු බව පතන්නා වූ බෝධි සත්ත්වවරු මහා සමුද්‍රයෙහි වතුරට වඩා ලේ ද මහ මෙරට වඩා හිස් ද පොළොවෙහි පස්වලට වඩා මස් ද අහසේ තරු වලට වඩා ඇස් ද දන් දුන් හෙයින් ලෝකයේ බුද්ධත්වය පතන්නෝ දැඩි සිත් ඇත්තෝ වෙති.

3

දහම් සිතු රුවනට
වඩනා වතෙක් තුන් ලොව ම නැති
දහම් සොඬ නරනිඳු
ඉන් වද රකුසු කටට පැන්නේ ?

පදගතාර්ථය

දහම් සිතු රුවනට - ධර්මය නැමති චින්තා මාණික්‍යයට; වඩනා වතෙක් - වඩා වටිනා වස්තුවක්; තුන් ලොව ම - තුන් ලෝකයේ ම; නැති - ඇත්තේ නැත;

දහම් සොඬ නරනිඳු - දහම් සොඬ රජ තුමා; රකුසු කටට - රාක්ෂයා ගේ කටට ; පැන්නේ - පිනූවේ ; ඉන් වද ? - ඒ නිසා නො වේ ද ?

භාවය

ධර්මය නැමති චින්තා මාණික්‍යයට වඩා වටිනා වස්තුවක් මේ මුළු තුන් ලෝකයේ ම නැත. - දහම් සොඬ රජ තුමා රකුසා ගේ කටට පැන්නේ ඒ නිසා නො වේ ද ?

4

වටු පැටි ව දෙ ගුරුන්
නොනිවූ ළැවු ගිනි එනු බල බලා
කළ සත් කිරි බෙලෙන්
සිට වී ය ගං තෙරට පත් මෙන්.

පදගතාර්ථය

වටු පැටි ව - වටු පැටියකු ව ; දෙ ගුරුන් - දෙ මා පියන් ; නොනිවූ - නිවා නොදැම්මා වූ ; ළැවු ගිනි - ළැවු ගින්නක් හෙවත් කැළෑවෙහි හට ගත් ගින්නක් ; එනු බල බලා - එනවා බල බලා ; කළ - කළා වූ ; සත් කිරි බෙලෙන් - සත්‍ය ක්‍රියා බලයෙන්; ගං තෙරට - ගංගා තීරයට ; පත් මෙන් - පත් වූවා ක් මෙන් ; සිට වී ය - නැවැත්වී ය.

භාවය

වටු පැටියකු ව ඉපදුණා වූ බෝධි සත්ත්වයන් වහන්සේ දෙ මා පියන් විසින් නොනිවන ලදු ව, තමා ඉදිරියට එමින් තිබුණු කැළෑ ගින්න දෙස බලා, තමා ගේ සත්‍ය ක්‍රියාවෙහි ආනුභාවයෙන් එම ගින්න ගං ඉවුරට පැමිණියාක් මෙන් නතර කර දැමී ය.

5

මනා වන විදුවක්
අවිදුන් මැදෙහි පාන අවියත්
අඳ දන හට දපණ
ඔවුන් වත බලන්නට දෙනු වැනි.

පදගතාර්ථය

මනා වන විදුවක් - යහපත් වූ විද්‍යාවක් හෙවත් ශාස්ත්‍රයක්; අවිදුන් මැදෙහි - නූගත් ජනයා මැද ; පාන අවියත් - දක්වන්නා වූ මෝඩ තැනැත්තා ; අඳ දන හට - අන්ධ ජනයා ට ; ඔවුන් වත - ඔවුන් ගේ මුහුණු ; බලන්නට - බලා ගැනීම සඳහා; දපණ දෙනු වැනි - දර්පණයක් හෙවත් කන්නාඩියක් දෙන්නකු හා සමාන ය.

භාවය

නූගත් ජනයා ඉදිරි පිට මනා විද්‍යාවක් හෙවත් ශාස්ත්‍රයක් ප්‍රකාශ කරන මෝඩ තැනැත්තා, අන්ධ ජනයා ට - ඔවුන් ගේ මුහුණු බලා ගැනීම පිණිස කන්නාඩියක් දෙන තැනැත්තකුට සමාන ය.

************************************************************************

තව තියෙනවා... ඒ ටික හෙමිහිට ලියල දාන්නම්....

Thursday, November 16, 2006

ගූග්ල් ක්ෂණික වෙබ් පිටු....

ගූග්ල් වලින් තොර අන්තර්ජාලයක්......

මේ යන විදියටනම් ගූග්ල් වලින් තොර අන්තර්ජාලයක කියන්නෙ සිහිනයක්...

මම නිකන් ඉන්න එකේ ගූග්ල් ක්ෂණික වෙබ් පිටුවක් හැදුවා..

http://virtualpathum.googlepages.com/home

ඕක හදන්න මට ගියේ විනාඩි 5 කටත් අඩු කාලයක්..

මේ ලින්ක් එකට ගිහින් බලන්න...

http://pages.google.com/

Friday, October 20, 2006

නොලියූ කථාව...

මම අළුතින් ලියන්න ගත්ත කථාව මේ... මේක Fantasy ගණයේ එකක්...ඒ නිසා මට ඕනෙ දෙයක් ලියන්න පුළුවන්...

අදහස් දෙන්න...

*************************************************************************************

ඔවූහු පරිපූර්ණ ලෝකයක් පිළිබඳව සිහින මැවූහ..එය ගොඩ නැගූහ..සියළු සැප සම්පතින් පිරුණු ලොවක් ගොඩ නගා ගත් ඔවූන් දැහැමින් සෙමින් කාලය ගෙවූහ.

වෛරය, ක්‍රෝධය, ඊර්ශ්‍යාව, ආශාව, රාගය ආදී ප්‍රාථමික මිනිස් ගති ඔවුන් තුල නොවීය…
සිත් තුල කිසිවක් නොවූයෙන් සතුටක් හෝ දුකක් ඔවුන්ට කිසිදා ඇති නොවීය.
ඔවුන් දැන සිටියේ තමා පිළිබඳව පමණි..අනුන් ගැන දැන ගැනීමේ අවැසි කමක් ඔවුන් තුල නොවීය…
සැබැවින්ම ඔවූහු මිනිසුන්ම විය..දෙවියන් නොවීය…
දෙවියන් යැයි කිසිවෙක් එහි සිටියේ නැත…

අහස් කුස සිසාරා සිහිල් සුළං රැළි හමා යයි..පහලින් වූ ජල තලය කම්පනය කරවමින් අධ්වේගී මයින්ඩ්ජෙට් යානා ඒ මේ අත ඇදී යයි…

නිල් පාට ආකාශයේ නිකැළැල් බව,පොළෝ තලයේ සොඳුරු බව නීෂා ගේ සිත කුල්මත් කළාය..ඇගේ මයින්ඩ්ජෙට් යානාවේ වේගය තවත් වැඩි වී රන්වන් පාටින් බබළන සිය මන්දිරය වෙත ඈ රැගෙන ගියේය…

මන්දිරය ඉදිරිපිට අංගනයේ යානාව නැවැත්වූ ඇය සිනා සලමින් ඉන් බැස සිය පියාණන් වෙත පිය නැගුවාය. ඇගේ සිත සතුටින් පිරී තිබිණි.

සිනා සලමින් මලක් සේ පියකරුව එන සිය දියණිය දෙස බලා සිටි නෙමින්දේර් රජුට සිය බිරිඳ සිහි විය..දිනපතා උදෑසන සිය මන්දිර අංගනයේ සිට නෙත් මානයේ පෙනෙන ලෝකයේ සොඳුරු බව විඳින නෙමින්දේර් රජු බොහෝ වෙලාවක් එහි වෙසෙන මිනිසුන්ගේ ජීවිත ගෙවී යන අයුරු මෙනෙහි කලේය. කළකට පෙර ජීවිතයෙන් නිදහස් වූ සිය බිරිඳ සමඟ ගෙවූ කාලය සිහි කලේය.

එය ඔහුගේ දින චර්‍යාවේ කොටසක් විය. නීෂාගේ පැමිණීමෙන් ඔහුගේ එම දැහැන මදකට බිඳී ගියේය.



දැවැන්ත කළු මකරාගේ පිට නැඟ ඉදිරියේ වූ මහ වනය දෙස බලා සිනා සුනු ප්‍රයිකූල් තම අත වූ කුඩා උපකරණයේ බොත්තම් කිහිපයක් තද කළේය.

නැඟෙන හිර ඈත ක්ෂිතිජයෙන් තද රතු පැහැති ආලෝක කදම්භයක් නැඟී ආවේය..ඒ ඔවුනට සටනට පිටත් වීමට සිය මූලස්ථානයෙන් ලැබුණු සංඤාවයි..

ලේ වැකුණු අසිපත ලෙළවූ ප්‍රයිකූල් “යමල්ලා”යැයි අණ දුන්නේය. මකරුන් පිට නැඟුනු සෙනෙවියෝ සිය සේනා ඉදිරියට මෙහෙය වූහ.. 30,000 ක සේනාවක් සමඟ ආදි කල්පික අඳුරු වනය තුල ඔවුන් කරන්නට සැරසෙන මේ සටනේ අවසානය කුමක් වේදැයි කිසිවෙකු නොදත්තෝය..වනයට මෙපිටින් වූ තැනිතලා නිම්න භූමියේ විසිරුණු 30,000 ක් පමණ වූ මළ කඳන් පෙර දින කිහිපයේ සිදු වූ සටන් වල දරුණු කම පෙන්නුම් කළේය.. විශ්වය පුරා පැතිරුණු ග්‍රහ ලෝක, ග්‍රහ මණ්ඩල තුල විවිධාකාරයේ සටන් ඇති වී නැති වී ගියේය..විශ්වයට සටන් යනු අරුමයක් නොවේ...නමුත් මේ සටනේ වෙනසක් ඇත..ඒ ඔවුන් සටන් කරන්නෙ කුමක් සමඟ දැයි මේ සෙබළුන් නොදැන සිටීමයි...සිය සතුරා කවුරුන්දැයි නොදැන සටන් කරන මේ සෙබළුන් දැන සිටි එකම දෙය කොයි මොහොතේ හෝ තමන් මිය යන බව පමණි..තමා මිය ගියේ සිය අතින්ම බව ඔවුන් වටහා ගත්තේ මිය ගිය පසු වීම මේ සටනේ ඇති කුරිරු බවයි..



ටිටී.....ටිටී....ටිටි මල්ලී...කෝ ඔයා...ඔයා කොහෙද ගියේ..මෙහෙ එන්නකෝ...කොහෙ යනවද මන්ද..කොයි වෙලේවත් ගෙදර නැහැ...ටිටි මල්ලියෝ...

ඩිං ඩොං ඩිං ඩොං...ලල්ල ලලා..ඩිං ඩිං..ටිටී ටිටී....ආව්...ෂික්..මේ මොන ජරාවක් ද..මගෙ කකුලත් වැදුනා...මල වදේ..කෝ මේ ටිටියා...
අයියෝ අමතක වුණා නෙ...දැන් වත් යන්න ඕනේ...ඉවරද දන්නෙත් නැහැ....ටිටි මල්ලී ඔයා ඉන්න තැනකින් එනවද නැද්ද...මට බැහැ මුළු දවසම ඔයාව හොය හොය ඉන්න...ටිටීඊඊඊ......
මම යනව යන්න...එනවකො අද ගෙදර....මෝඩ ටිටියා....
අම්මා..ටිටියා ආවොත් අල්ලලා ගෙදර තියා ගන්න කොහෙවත් යන්න නොදී..මම යනවා...නීෂා බලාගෙනත් ඇති...

දෙතුන් වතාවක් ගැස්සුනු මයින්ඩ්ජෙට් යානය ඉහලට නැඟුනේය...එහි වූ නොඟිනිය හැකි තරම් වූ සීරීම් ලකුණු...අසරණ ටිටී ගේ සහෝදරිය ගැන අවට ලෝකයා දැනුවත් කළේය..

..ඔයා ආවද ? මම මේ බලාගෙන හිටියෙ...රිදී පැහැති නවීන මයින්ඩ්ජෙට් යානයෙන් බිමට බට සිය පෙම්වතා වෙත වූ ආදරණීය බැල්මකින් යුතුව නීෂා ඇසුවාය...කොහොමද කුමාරියෙ ඉතින්...සිය ප්‍රියාවියගේ දෑස දෙස ආදරයෙන් බැලූ ඔහු පැවසුවේය...එකිනෙකාගේ දෑසින් ආදර වදන් තෙපලමින් ඔහු හා ඇය මාළිඟාව වෙත පිය නැගුවෝය...

මාළිඟාව තුල සිටි නෙමින්දේර් රජු සිය බෑනාව සෙනෙහසින් යුතුව පිළිගත්තේය...

අනේ මම පරක්කු නැහැ නේද..? මම හිතුවෙ ඉවරත් ඇති කියලා...අසළ තිබූ මල් බදුනක් පෙරලමින් පැමිණි ටිටීගේ සොයුරිය ඇසුවාය.....මේ එන්නෙ අනිත් එක්කෙනත්..කොහොමද දුවේ ඉතින්...රජු සිනා සෙමින් විත් ඇසුවේය..හ්ම් හ්ම්..හොඳා හොඳා...මම හොඳින්..මාමණ්ඩිට කොහොමද..? මම පරක්කු නැහැ නේද..? මම හිතුව ඔක්කොම ටික ඉවර වෙලා ඇති කියලා...

පිස්සු කෙල්ල...කෝ අද ඔයාගෙ මල්ලි ආවෙ නැද්ද..?
අනේ මම දන්නෑ ඒ මෝඩය කොහෙ ගිහිල්ලද කියල..හොයල හොයල බැරිම තැන මම ආව...

ඇති යන්තම් දැන්වත් ආව..මම හිතුව අමතක වෙලා ඇති කියල...නීෂා සිනා සෙමින් සිය මිතුරිය පිළි ගත්තාය..

...කොහොමද..ටිටීගෙ අක්කේ...මොකද මේ හති දා ගෙන...ගෙදර ඉඳන් ම දුවගෙනද ආවේ..?
අනේ යනව මෝඩය යන්න...මම මොකටද දුවන්නෙ මට තියෙනවා නියම වාහනයක්...ඔහේගෙ කබල වගේ නෙවෙයි...
ඔව් ඔව් මම දන්නව අර හැඩේ ඇද වෙච්ච එකනේද...පුදුමයි ඒක තාම වැඩ කරනවද..?
ඊඊඊ....යනව යන්න...
නීෂා කෝ අනේ ඔයා හදපු කෑම..මට බඩගිනියි...


ඉතිරි ටික තාම හිතනවා....






Tuesday, August 29, 2006

Tuesday, August 22, 2006

ඉතිහාසයෙන් අළුත් දෙයක් ඉගෙන ගත්තා..

ගෞරම්භා ගෙරෙයිමාන්.......

අහල තියෙනවද මේ වචන මීට කලින්.....

මෙකෙ තේරුම- ගෙරිමස් කන වාල්ලුනි..!! පලයව්

1818 වෙල්ලස්ස කැරැල්ලෙදි අපේ සිංහල සෙබලු සුද්දන්ව පන්නල තියෙන්නෙ ගෞරම්භා ගෙරෙයිමාන කියලලු..

මම මේක දැන ගත්තෙ ගිය ඉරිදා සිළුමිණ පත්තරෙන්...

ඒ වචන අමුතු නිසා ලියන්න හිතුනා..


Friday, August 18, 2006

කථාවක්................

ඔන්න එකමත් එක රටක හිටියලු විස්රාම(Pension) යන්න ඔන්න මෙන්න කියල හිටපු මහත්තයෙක්, දවසක් ෙ ම් මහත්තය ගියාලු........................

කොහෙද මහත්තය ගියෙ, මොකද උනේ කියල කථාවක් ගොතමුද කට්ටිය එකතු වෙලා.....

අපේ රාජ්ජේ.......

කවුරුත් එන්නැති..
කවුරුත් දන්නැති..
ජාලය තුල තනිවුණු අපේ බිත්තියේ..
පාළු මකනු මැන..
සිතට නැගෙන ඔබෙ සිතුවිල්ලෙන්...

කළු ලෑල්ලයි චෝක් කැටෙයි තියෙනවා..
ට්චර් පන්තියෙ නැහැ...
හික් හික් හික්......අපේ රාජ්ජේ...