Tuesday, February 06, 2018

සෝර්බා ද බුද්ධ



සෝර්බා ගැන සම්භාව්‍ය විදියට කියන්න මගේ සාහිත්‍ය දැනුම මදි. හැබැයි සරල කියවන්නෙක් විදියට සෝර්බා ගැන මට දැනුනේ මෙහෙමයි.

අපි සෝර්බා වෙන්න ආසයි! ඒත් බයයි

මම මේ සැරේ පොත් ප්‍රදර්ශනෙන් ගත්ත පොත් කිහිපයෙන් එකක් තමා සෝර්බා නම් ග්‍රීකයා පොත. පොත ගත්තේ තරුරසී ගේ කඩෙන්. පොත කියවල ඉවර වෙලා අන්තිම පිටුව බලද්දී තමා දැක්කේ පොතේ දෙවෙනි මුද්‍රණය වෙනුවෙන් තරුරසී ගේ දායකත්වය ගැන. මෙවැනි පොතක් අප වෙත සිංහලෙන් ගෙන ඒමට දායකත්වය දක්වපු හැමෝටම ස්තුතිවන්ත වෙන්න ඕනේ.  මේ පොත ගන්න ප්‍රදර්ශනේ තිබුණු කුටියට ගිය වෙලාවේ මේ වසරේ තරුරසී එලි දක්වපු දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය කියන නවකතා පොත කඩේ තිබුනේ නෑ... පස්සේ මම ඒ පොත දැක්කත් මට ගන්න හිතුනේ නෑ... ඒ මොකද මට හිතුනු විදියට මම ඒ පොත ලියවිලා තියෙන කරුණු සහ ඒ සම්බන්ද කතා කියවන්න අකමැති නිසා. මම ඒක තරු රසිට කිව්වා. හැබැයි ඉතින් කවද හරි මම ඒ පොත ගනියි... කියවන්නත් ඉඩ තියෙනවා. මම වැඩිය කැමති ෆැන්ටසි කතා කියවන්න. ඩේලි දකින රියලටි එක ගැන කතා ආයෙත් පොත් වලිනුත් කියවන්න මම කැමති නෑ... ෆැන්ටසි කතා වල තියෙන විකාර අදහස් අපි හිතන පතන විදිය වෙනස් කරන්න පොළඹවනවා. අනේ මන්ද මට නම් එහෙමයි.


සෝර්බා නම් ග්‍රීකයා පොතේ පින්තුරයක්

සෝර්බා නම් ග්‍රීකයා පොත සද්ධාතිස්ස වඩිගමංගාව මහත්මයා විසින් සිංහලයට පර්වර්තනය කරලා තියෙන්නේ. මට පරිවර්තනය ගැන නම් කියන්න වරදක් තිබුනේ නෑ. නිදහසේ කියවගෙන යන්න පුළුවන්. 

සෝර්බා පොත ගැන මම එහෙන් මෙහෙන් කියවල තිබුනට කතාව දැනගෙන හිටියේ නෑ. දැන් ටික දවසකට කලින් පොත කියවන්න අරගෙන, සැරෙන් සැරේ ටික ටික කියවල තිබුනා.  මේ පහුගිය ඉරිදා එක හුස්මට කියවල ඉවර කළා. එක හුස්මට පිටු 250ක් විතර කියෙව්වා. 


සෝර්බා චරිතය අපුරුයි. ඒ චරිතය ගොඩ නගපු නිකොස් කසන්සාකිස් ගේ ජීවිතය ඊට වඩා අපුරු ඇති. මේ පොත The Life and Times of Alexis Zorba නම් කෘතියේ සිංහල පරිවර්තනය.



 නිකොස් කසන්සාකිස් ගේ පින්තුරයක්. විකිපීඩියාවෙන්


ඔරිජිනල් පොත කවද හරි කියවන්න ඕනේ. මට හිතෙනවා මේ පොතේ තියෙන අදහස් වල හැටියට මේ පරිවර්තනය සුමට වැඩියි කියල.

තරුණ කාලේ පටන් ගනිද්දී සෝර්බා කියන්නේ තනිකර විකාරයක්. මෙහෙම දේවල් නම් වෙන්න අමාරුයි. මිනිස්සු ඔහොම ඉඳල හරි යන්නේ නෑ. සමාජයට ක්‍රමයක් තියෙනවා. ඔන්න ඔහොම හිතෙයි.

දශක තුනක් විතර ගෙවෙන්න කිට්ටු වෙනකොට සෝර්බා වගේ වෙලා බෑ. හැමදේම පිළිවෙලක් තියෙන්න ඕනේ කියල හිතෙයි.

නෝටි ෆෝර්ටි කිට්ටු වෙනකොට සෝර්බා කියන්නේ ඇත්ත. හැබැයි සෝර්බා වෙන්න බයයි. සෝර්බා ගැන ඉරිසියයි.

ගිය සිකුරාදා හවස බාලසුරිය මහත්තය අපේ ගෙදර ආවා. සෑහෙන්න වෙලාවක් කතා කර කර හිටියා. බාලසුරිය මහත්තය ගැන මම කලින් ලියල තියෙනවා. අපි ගොඩක් දේවල් කතා කළා. ඒ දේවල් සැරෙන් සැරේ මම මේකේ ලියන්නම්. බාලසුරිය මහත්තයා ඉස්සර කියපු සමහර කරුණු තේරුම් ගන්න මට අවුරුදු 4-5ක් ගියා. අපේ ජිවිත දැක්ම වෙනස් කර ගන්න, හිතන පතන සාම්ප්‍රදායික ක්‍රමය වෙනස් කර ගන්න සහ ඒ වෙනස තුලින් සැබෑව අත්දකින්න හැකියාව ලැබුණා. 

ඔය කතා කර කර ඉද්දි මේ පොත ගැන මම කිව්වා. නමුත් බාලසුරිය මහත්තය පොත කියවල තිබුනේ නෑ. මගෙන් ඇහුවා කියෙව්වා ද කියල... මමත් ඒ වෙද්දී සම්පුර්ණයෙන් කියවල තිබුනේ නෑනේ. ඉරිදා තකහනියේ පොත කියවල ඉවර කරන්න ඒ කතා බහ හේතු වුණා.

සෝර්බා ගේ ජීවිතය පිස්සුවක්. හැබැයි ඒක ඇතුලේ නිදහස තියෙනවා. ඔහුට රාමු නෑ. හිර වෙලා නෑ. ඔහුගේ ජීවිතය සැපවත් නෑ එහෙම වෙන්නේ සැප කියන්නේ භෞතික සැප නම්... හැබැයි දුකකුත් නෑ...  දුක කියන එක භෞතික හෝ අභෞතික වෙන්නේ නැති නිසා ඔහු තුල දුක නෑ. දුකක් නැති වීමේ සැප හැම වෙලේම සෝර්බා තුල තියෙන්න ඇති.

මම ඕෂෝ ගේ පොත් කියවල නෑ. මට කවදාවත් කියවන්න හිතිලත් නෑ... ඕෂෝ ගේ දර්ශනය මට තේරුම් ගන්න පුළුවන් ද කියලත් මම දන්නේ නෑ. ඕෂෝ රාජිනිෂ් සෝර්බා ගැන කියල තියෙන්නේ දේ පොතේ පිටකවරේ තියෙන්නේ මෙහෙම

"සොර්බාත් බුද්ධත් එකට එකතු වෙනවා දකින්න මට අවශ්‍ය යි. සෝර්බා තනිකර ගත්තම ඔහුගේ නැටුමේ සදාකාලික විශේෂත්වයක් නෑ. එය මොහොතක සැපත විතරයි. ඔහු ඉන් වෙහෙසට පත් වෙනවා. ඒ නිසා සෝර්බා සහ බුද්ධ එකතු වුනොත් විතරයි පරිපුර්ණ මිනිසා ගොඩනැගෙන්නේ. 'සෝර්බා ද බුද්ධ' තමයි පිළිතුර. සෝර්බා ද බුද්ධ තමයි උසස් ම බලවේගය. සරල ව කිව්වොත් සෝර්බා ද බුද්ධ කියන්නේ

අලුත් නමක් - අලුත් මිනිසෙකුට,
අලුත් නමක් - අලුත් යුගයකට,
අලුත් නමක් - අලුත් ඇරඹුමකට,

සෝර්බා සහ බුද්ධ ගේ හමුවීම තමයි ඉතිරි ව තිබෙන එක ම ප්‍රාර්ථනාව"

සෝර්බා නම් ග්‍රීකයා පොතේ පෙර වදනට පසුව මෙන්න මෙහෙම තියෙනවා

"මං රටෙනුත්, පුජකයන්ගේනුත්, සල්ලිවලිනුත් බේරුණා.
මං තවත් හුඟක් දේවල්වලින් බේරී බේරී ආවා...
ඒ විදියට තමයි මගේ බර සැහැල්ලු කරගත්තේ.
මම - කොහොමද ඒක තේරුම් කරන්නේ?-
මගේ විමුක්තිය මම ම හොයා ගත්තා...
මං මිනිහෙක් වුණා!"


බුද්ධ ගේ ජිවිතය (සමාවෙන්න බුදුහාමුදුරුවන්ගේ ජීවිතය) ගැන අපිට පුජකයෝ (සමාවෙන්න ගරුතර සංඝ රත්නය) කියන දෙයට අමතරව හිතල බලන්න නිදහස තියෙනවා නේද?  සමහර විට ඕෂෝ(ල) ට අපිට වඩා නිදහසේ ඕවා ගැන හිතන්න පුළුවන් ඇති.  නිකොස් කසන්සාකිස් බුදු දහම හදාරපු කෙනෙක්. ඔහු ගේ අතින් සෝර්බා බිහිවෙන්න හේතුව සමහර විට ගරුතර පුජක රත්නය ග්‍රීසියේ බණ නොකියන නිසා වෙන්න ඇති.

සෝර්බා ගේ ජීවිතය සරලයි. ඇති සැටියෙන්ම ඔහු ජිවත් වෙනවා. ලොක්කා සහ සෝර්බා අතර වෙනස කතාව පුරාම තියෙනවා. අපි කැමති ලොක්කා වෙන්න. අපිට උගන්නල තියෙන්නේ ලොක්කා විදියට හැදෙන එක තමයි හරි කියල. විමුක්ති මාර්ගය තියෙන්නේ ලොක්කාගේ ක්‍රමය තුල කියන එක තමයි අපේ ඔලුවේ ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ (ප්‍රෝග්‍රෑම් කිව්වම මතක් වුණේ, ඔය ප්‍රෝග්‍රෑම් කියන්නේ තනිකර බග්ස්  Program Bugs) ගොඩවල්. අපි වගේ අයි.ටි කාරයින් ජිවත් වෙන්නේ ඔය බග්ස් වලට පිං සිද්ද වෙන්න). හිතල බලන්නකෝ ඉතින් රටක මිනිස්සුන්ගේ ඔලුව එක විදියකට ප්‍රෝග්‍රෑම් කරලා, ඒ ප්‍රෝග්‍රෑම් වල අවුල් නිරවුල් කරන්න ඉදිරිපත් වීමෙන් කොච්චර සේවයක් කරන්න පුළුවන් ද කියල...

කලාතුරකින් සෝර්බා වගේ මිනිස්සු හමු වෙනවා. හැබැයි අපි ඒ මිනිස්සුන්ව නොසලකා හරිනවා. අර ප්‍රෝග්‍රෑම් එක ඔවුන් තුල රන් වෙන්නේ නැති නිසා. අපිට ඔවුන් සමග සංහිඳියාවට පත් වෙන්න අමාරුයි... සිංහලෙන් කිව්වොත් ඒ vibes එක්ක sync වෙන්න අපිට බෑ... 

ඊළඟට කියවන්න ඉන්නේ ගේබ්‍රියෙල් ගාර්ෂියා මාකේස් ගේ සියවසක හුදෙකලාව. එක කියෙව්වම තව ටිකක් කොලොප්පන් වෙයි. කොහොම වුනත් මේ දවස් වල මම ගෙවන්නේ සෝර්බගේ පැත්තට චුට්ටක් බර අඥකොරොස් ජිවිතයක්. 





30 comments:

  1. [ඊළඟට කියවන්න ඉන්නේ ගේබ්‍රියෙල් ගාර්ෂියා මාකේස් ගේ සියවසක හුදෙකලාව. ]
    ආන්න පොත... ආන්න පොත!!

    මේවා ගැන මෙහෙම ලියන එකම මදැයි නේද?

    ReplyDelete
    Replies
    1. හෙහ්.. අර මුලින්ම දාල තියෙන පින්තුරේ පේන්නේ නෑනේ පැතුම්.

      Delete
    2. මම කාලයක් ඔය හිප්නොටිසම් , ආත්මවාදය, ඉංගිරිසියෙන් ලිවවෙච්ච බුද්ධ ධර්මය ගැන පොත් එහෙම කියවන්න ගත්තා. ගොඩක්ම ඔය විමුක්තිය/සැනසීම/නිවීම කියනදේ විස්තර කරන්නේ ඔබ ඔය කියන පොතේ තියෙන ආකාරයට. මට හරියට පොත මතක නැහැ, නමුත් එක පොතක මම කියෙව්වා ඔවුන් මෝහනය කරනවා සතුටින් ජිවත් වනවා කියා පෙනෙන නොයෙක් නියැඳී. එක තැනකදී ඔවුන් පොදුවේ කියනවා දුප්පත්, කිළුටු විදියට සිටිනා මිනිසුන් සතුටින් ඉන්නවාය වගේ හැඟීමක් එන දෙයක්. එයින් පස්සේ මම ඒ පොත කියවීම නතර කළා. ඒක වෙනම කතාවක්!

      මම කියන්න උත්සහ කලේ, ඒ වගේ අදහසක් ගොඩක් වෙලාවට ඔය පොත් තුල දක්නට ලැබෙනවා. ( බුදුන් කාලේ හිටපු අර රා බීපු සෝවාන්ඵල ලාභියා වගේ - මට දැන් නම මතක නැහැ ) මම නම් ඒ අදහස් වලින් වියුක්තයි. මම ඒ ගතිය බත්තලන්ගුන්ඩුව කතාවෙත් දකිනවා. මම ඒ පොතට ආසක්ත වෙන්නත් ඒ තිබ්බ නිදහස්, බැඳීම් අඩු ගතිය හේතුවක් උනා තමයි. පුජකයින් විසින් ආගමක් විකුණන් කනවා කියන එකට මම විරුද්ධ නැහැ. නමුත් වසා නැති භාජනයක දෙස ඈත ඉඳන් බලමින් සිට ඒ ගැන නොසොයන්නා විසින් භාජනයේ ඇති/නැති දේවල් ගැන තව කෙනෙකුන් විසින් දෙන අර්ථකතන මත ඉන්නවා කියන්නේ,ඔහු මෝඩයෙක් මිසක් වෙන කවුරුන්ද? වසා ඇති භාජන ගැන නොදනිමි.

      Delete
    3. පින්තුරය හදන ලදී. දැන්නම් නම් පේන්න ඕනේ.
      සියවසක් හුදෙකලාව කියවන්න අමාරුයි.. පරිච්චේද දිග වැඩියි...අකුරුත් පොඩ්ඩක් ලොකු වුනා නම් ලේසියි වගේ.. හැබැයි පොඩි ආතල් එකක් තියෙනවා කියවනකොට.. හෙහ් හෙහ් තවත් විකාර කාරයෝ මේ ලෝකේ ඉන්නවා කියල දැනෙනවා ඒ වගේ පොත් කියවද්දී.. නැද්ද..?

      Delete
    4. මෙහෙමයි ඉතින් සිහිනයකින් අවදි වෙනකම් අපි දකින්නේ සිහිනයක් කියල අපිට තේරෙන්නේ නෑ... ඒ සිහිනය ඇතුලේ බොහෝ දේවල් තියෙනවා අපි දකින සිහිනය ඇත්ත කියල අපිට දැනෙන. නමුත් ඇත්තටම අවදි වුනාම තේරුම් යනවා අපි සැබෑ කියල අල්ලගෙන හිටපු හැමදේම තනිකර මායාවක් කියල.

      සිහිනයෙන් මිදෙන විදිය එකිනෙකාට වෙනස්. සමහර අයට පියවරෙන් පියවර ක්‍රමානුකුලව ඇහැරවන්න ඕනේ. හැබැයි සමහර අය ටක් ගාල අවදි වෙනවා.

      ලෝකේ පුරා එහෙම අවදි වෙච්ච මිනිස්සු ඉන්නවා. අවදි වෙන්න එකම ක්‍රමයකට යන්න ඕනේ කියල කියන එක ගැන මට හැමදාම ගැටලුවක් තිබුනා.

      කෙනෙක් හරියට අවදි වුනා නම් එයා ඉන්න ඕනේ මෙන්න මෙහෙමයි කියලත් අපි හිතාගෙන ඉන්නවා.

      අපිට එහෙම හිතෙන්නේ අපි තාම ඉන්නේ සිහිනය ඇතුලේ හින්ද...

      සෝර්බා කියන්නේ එහෙම අවදි වෙච්ච චරිතයක් ද නැද්ද කියල මට තේරෙන්නේ නෑ... හැබැයි අවදි වෙන්න කියල හිතාගෙන සිස්ටම් එකක් පස්සෙන් දුවනවට වඩා මම සොර්බට කැමතියි. අර රා බීපු ඩයල් එකටත් මම කැමතියි.. හෙහ් හෙහ්..

      Delete
    5. මොකටද ඉතින් මේවා කියන කට! අකුරු හරි ලොකුයිනේ මේ බ්ලොග් එකෙත්!
      අනිත් එක තමයි පෝස්ටුවක් දාල ඉවර වෙලා පබ්ලිෂ් කරපු ගමන්ම එකපාරක්වත් බලනවද වෙන එකෙක්ගේ බ්ලොග් එකේද තැපැල් උනේ කියලවත්? ( ඔය කිව්වට මම බලන්නත් නැහැ අනේ... ඒ උනාට කොන් වෙයිනෙ අවවාදයක් නොදුන්නොත් එහෙම)
      අවදිවෙන්න එකම ක්‍රමයකට යන්න ඕනේ කියලා මමත් විස්වාස කරන්නේ නැහැ. නමුත් ගැඹුරු නින්දෙන් පියවරෙන් පියවර නොගැඹුරු නින්දට එන්න පඩිපෙලක් බැහැගෙන යනවා වගේ වෙන්නත් ඕනෙනේ ( ලොජිකලි ) ඇහැරිච්චි කීපදෙනයි නම් කියන්නේ තමුන් ඉන්නේ ඇහැරිලා කියල, නින්දේ ඉන්න අයගෙන් කිහිපදෙනෙක් උනත් හිතන්න ඉඩ තියෙනවා තමනුත් ඇහැරිලාම තමයි කියල. හා නැද්ද?

      Delete
    6. මේ බ්ලොග් එකේ අකුරු පොඩි ද? පොඩ්ඩක් ඉන්ඩ බලන්න.. දැන් හරි ද? වෑසක අයනේ..

      Delete
    7. [නමුත් ගැඹුරු නින්දෙන් පියවරෙන් පියවර නොගැඹුරු නින්දට එන්න පඩිපෙලක් බැහැගෙන යනවා වගේ වෙන්නත් ඕනෙනේ ( ලොජිකලි ) ]

      ලොජිකලි තේරුම් ගන්න පුළුවන් දෙයක් කියල මම හිතන්නේ නෑ. මේ දැන් මෙතැන ඇත. දකින්න.

      අර ප්‍රා.ජේ දාපු කොමෙන්ට් එකේ තියෙන්නේ
      Be — don't try to become කියල. ඒ ක්‍රමේට හිතල බලන්න.

      Delete
    8. හර්මන් හෙසගෙ ‘සිද්ධාර්ථ‘ ත් කියෙව්ව නම් හොඳයි. මම 2017 සෝර්බාගෙන් අවසන් කරල 2018 සිද්ධාර්ථගෙන් පටන්ගත්තා. කීවෙනි වතාවටද මන්දා...

      Delete
    9. මම සිද්ධාර්ථ ෆිල්ම් එක බැලුවා. මේ කියන දේම තමයි එකෙත් තියෙන්නේ... වෙනස්

      Delete
    10. සිද්ධාර්ථ ෆිල්ම් එක මං බැලුවෙ පෙරේදා. ඒකෙ සින්දුව ඕ නොදි රේ ලස්සනයි නේද?

      O River..I’ve only one question to ask..
      Where do you come from ?
      Don’t you ever stop flowing..

      You have no ties..
      Is it because you have no abode..
      One minute you are at ebb..
      And next you are at full flow..

      ෆිල්ම් එකට වඩා පොත විස්තරාත්මකයි... පොතත් කියවල බලන්න.

      http://philosophy.lander.edu/oriental/siddhartha.pdf

      Delete
  2. මහරගම අහස / අගසස් කඩේ ඔය පොත දැක්කා. ලොකු වැඩි නිසාත් පරිවර්තනයක් නිසාත් ගත්තේ නෑ. ගත්තත් තාම 2014, 2015, 2016 ගත්තු පොත්වත් කියවලා ඉවර නැති කොට.......!!!

    මහරගම අහස / අගසස් කඩේ ඔය පොත දැක්කා. ලොකු වැඩි නිසා එවර ගත්තේ නෑ. ගත්තත් තාම 2014, 2015, 2016 ගත්තු පොත්වත් කියවලා ඉවර නැති කොට.......!!!

    තරුරසී එලි දක්වපු දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය කියන නවකතා පොත නම් කට්ටක් කාලා හොයා ගත්තා.

    ReplyDelete
    Replies
    1. මගේ ළඟත් එහෙම කියවපු නැති පොත් මහා ගොඩක් තියෙනවා. එකක් දෙකක් හරි කියවන එක යුතුකමක් හින්දා තමයි මේ සැරේ ඔය ගත්ත පොතක් කියවල දැම්මේ... ආයේ පොත් ගන්නකොට සාධාරණීකරණය කරන්න පුළුවන් නේ එතකොට.. හෙහ් හෙහ්

      දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය කියන නම දකිද්දීම කියවන්න හිතෙන්නේ නැති ගතියක් දැනෙන එක තමා මට තියෙන අවුල... අනේ මන්ද..

      Delete
    2. ඔයා කියවන්න එපා අනේ... මං ඒකට කමක් නෑ කියල ඒ දවස්වලම කිව්වනේ...

      Delete
    3. දැන් දැන් කියවන්න ඕනේ කියලත් හිතෙනවා... හෙහ් හෙහ්.. අපේ ඔළුවල තියෙන පොඩි පොඩි අවුල් හදා ගන්න ඕනේ.. ගොඩක් වටින දේවල් මිස් වෙලා යනවත් ඇති ඒ හින්ද..

      Delete
  3. //ඩේලි දකින රියලටි එක ගැන කතා ආයෙත් පොත් වලිනුත් කියවන්න මම කැමති නෑ... //
    මාත් සම්පූර්ණයෙන්ම එහෙමයි.
    ටෙලිඩ්‍රාමා නොබලන්නෙත් ඒකයි. හුඟක් පරණ ඒවාගේ නැවත විකාශන බලනවා. ඒවා මං මුලින් බලල නෑ. ඒවායේත් බලන්නේ පරණ විලාසිතා, පාරවල්, බිල්ඩින් ආදිය නිසා


    “Be — don't try to become”
    ― Osho

    ReplyDelete
    Replies
    1. Be — don't try to become

      ප්‍රා.ජේ මුළු බුදු දහමම පොතෙන් ඉගෙන ගෙන ඉවර වුනාම තේරුම් යන්නෙත් ඔන්න ඕක තමා.

      Be- වුනාම තමා ඉතිරි ටික තේරෙන්නේ...
      (ලිඛිතා සමග පැටලීමට තවත් පොටක්... හෙහ් හෙහ්)

      Delete
  4. බුදාම්මෝ ඒක මගෙ පොත් කඩයක් නෙවෙයි. මම තියෙන පොත් පිස්සුවට උදව් කරනවා විතරයි.

    ඉතුරු ටිකත් කියවල ඇවිත් ආයෙම ලියන්නම්.

    ReplyDelete
    Replies
    1. මට ඒ කඩේ නම මතක නැති වුණා.. ඒකයි එහෙම දැම්මේ.. හෙහ් හෙහ්..

      Delete
    2. සෝර්බා කියන්නෙ මගේ ජීවිතේ කඩඉමක්. මං මුලින්ම පිටු සැකසුම් කළ පොත තමයි ‘සෝර්බා‘ ඒක මට ලොකු අභියෝගයක් වුණා මුලදි. දැන්නම් ඉතින් පොතක් හදනව කියන එක කජු කනවා වගේ වැඩක්. ( ඔන්න ඒ වුණාට කවුරුත් පොත් හදල දෙන්න කියන්න එපා. ඇස් කඩාගෙන කරන්න සිද්දවෙන කම්මැලි වැඩක්. වෙලාවත් අඩු නිසා මම බොහෝ විට පොත් හදන වැඩේ මගාරිනවා. )

      සෝර්බා කියන්නෙ මං ආදරය කරන චරිතයක්. මගේ චරිත ලක්ෂණත් බොහෝ වෙලාවට සමාන වෙන්නෙ ලොක්කට. ඒත් අපි හැමෝම ඇතුළෙ සෝර්බා කෙනෙක් හැංගිලා ඉන්නවා. දන්නෙම නැතිව සමහර වෙලාවට එළියට එනවා. සෝර්බා වගේ නිදහස් වෙන්න පුළුවන් නම් හොඳයි. ඒත් ඉතින් අමාරුයි. ඒ තැනට එන්න සෝර්බා කොච්චර ලොකු කට්ටක් කාල තියෙනවද? පෙම් සටන්, සිවිල් යුද්ද, ආර්ථික යුද්ද, ආගමික අර්බුද මේව සෑහෙන්න පහුකරල තියෙනවා. සෝර්බා ගැහැනිය ගැන මොන මොන දේවල් කිව්ව වුණත් එයා ගැහැනියට ගරු කරන, ආදරය කරන චරිතයක්. මං ඒ ගතියටත් හරි කැමතියි. ඒක ගැහැනියට විතරක්ම නෙවෙයි සමස්ත පීඩිත මිනිස්සු ගැන තියෙන මානව දයාවක් කියලයි මට හිතෙන්නෙ. ඒ වගේම තමයි ඔහු ලොකු ආත්ම විශ්වාසයක් තියෙන දෙවියන්ට වුණත් අභියෝග කරන මනුස්සයෙක්. මං හිතන්නෙ සාහිත්‍ය ලෝකෙ ඒ වගේ චරිත හරි දුර්ලභයි...

      සෝර්බා ෆිල්ම් එකේ මියුසික්වලටත් මං හරි ආසයි.

      https://www.youtube.com/watch?v=dzlcxN0lxSo

      Delete
    3. කඩේ නම ‘සම‘... ‘සම‘ පබ්ලිෂර් සංජීව වඩිගමංගාව කියන්නෙ සෝර්බා පරිවර්තනය කළ සද්ධාතිස්ස වඩිගමංගාව මහත්තයගෙ පුතෙක්.

      Delete
    4. සෝර්බා වගේ පොතක පිටු සැකසුම් කියන්නේ අමාරු වැඩක් තමා. සෝදුපත් බැලීම වගේ දේවල් එපා වෙනවා නේද? හෙහ් හෙහ්.. මම ඔය අත්දැකීම විඳලා තියෙනවා. පිටු සැකසුම් නම් කරලා නෑ හැබැයි..

      සෝර්බා වගේ චරිතයක් බිහි කරන්න රචකයාගේ චින්තනය කොහොම නිදහස් එකක් වෙන්න ඕනෙද? ලොක්කා සහ සෝර්බා අතර තියෙන සියුම් වෙනස ලස්සනට පෙන්නලා තියෙනවා.

      ෆිල්ම් එක බලන්න ඕනේ. ෆිල්ම් එකත් බලලම මේක ලියන්න හිතුවත් ඔන්න ඔහේ කියල ලියල දැම්ම... හෙහ් හෙහ්

      Delete
  5. පෝස්ට් එකයි කමෙන්ට් ටිකයි කියෝගෙන එද්දී නිකම් මටම ලැජ්ජාවක් වගේ එකක් ආවා.. සෝර්බා නම් ග්‍රීකයා 'තරු ගේ කඩෙන්' ම අරන් දැන් අවුරුදු දෙකක් වගේ.. දේශද්‍රෝහියා නම් ලඟදි 'තරු ගේ අතින්'ම ගත්ත.. එක පොතක්වත් තාම කියවන්න බැරි උනා.. මේ වගේ පිස්සු හදන පෝස්ට් දානකොට දිග නිවාඩුවක් එහෙම ඉස්සරහට තියෙනවද කියල බලලා දාපම් පීස්.. :))

    ReplyDelete
    Replies
    1. මම උඹලට ආදර්ශයක් දෙන්න මේක කියෙව්වේ.. හෙහ් හෙහ්.. දැන් උඹලත් හැදියල්ලා.. පොතක් ගත්ත නම් කියවන්න හෙහ් හෙහ්

      වරුවක් ඇති බන් කියවල දාන්න. ලොකු සීන් එකක් නෑ.. මේ දවස් වල මට නිවාඩු එකයි මේ ඔක්කොම සෙල්ලං හෙහ් හෙහ්....

      Delete
  6. සෝර්බා ... වෙන විදියක ෆැන්ටසියක් ..
    සෝර්බා කියන්නේ කොච්චියාට තමුන්ව ෆීල් වෙච්ච තැනක්...

    ReplyDelete
    Replies
    1. සෝර්බා වගේ ෆැන්ටසි වලට මමත් හරි කැමතියි...

      Delete
  7. _/|\_ පූජාර්හ අග්‍රගණ්‍ය තථාගත සද්ධර්මය වෙත ගෞරව සම්ප්‍රයුක්තව මම ඔබ පමුණුවන්නෙමි. _/|\_

    ReplyDelete
  8. ලොක්කා ඔයත් දැන් මෙහේ ඉන්න එකේ වෙලාවක යමුද බාලසුරිය මහත්මය හම්බවෙන්න

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් මම ඔහේ නෑ... හැබැයි බාලසුරිය මහත්තයා හම්බවෙන්න ඕනේ නම් සෙට් කරන්න පුළුවන්

      Delete