Monday, February 05, 2018

සියුම්


සියුම් තැන්
ගැන සියුම් සිතුවිලි
වසාලන සඳ දුවන සිත
දුරස් වී යයි
සහන හැඟුමන්

සිහිය මගහැර
සිතට මුල්තැන
එකක් පසු පස තව එකක් ලෙස
ගැටළු පැන එයි
දිවිය රළු කොට

ගැඹුරු දේ ගැන
වෙහෙස වන විට
පුංචි සිතුවිලි පසෙකලා
උදම් වී එයි
මාන හැඟුමන්

පිටට පෙන්වන
මවාගත් බව
දකින්නට හැකි වන
දිනක මතු යම්
නිසල වී යයි සැලෙන සිත

හොඳයි නම් මම
දනට පිනට ලැදි නම් සිත
බණත් දහමත්
පරතෙරට දැන
නිවන් මග ඒවි විවරව

සැබෑ සත්‍යය
දකින්නට නම්
ඔබත් ලොවත් යනු
එකක් මිස දෙකක්
නොවන වග

දනට පිනට ලැදි
බණෙන් පිරුණු
හරිම හොඳ ඔබේ සිත
කඩතුරා හැර
දැකිය යුතු මය එය

සොබා දහම ද
ජිවය ද
ඔබ සහ අනෙකා ද යනු
සත්‍යයේ පැවතුමයි
විශ්වයේ ඇති සැබෑවයි

කෙළවරක ඇති
නිවන පිළිබඳ
සිහින දකිමින්
පිං කරන සඳ
වැසී යන්නේ ඒ සැබෑවයි

සියුම් සිතිවිලි
මග හැරී යන
සිහින නිවනෙන්
මෙපිට ඇවිදින්
දකින්නට හැකිනම්

නිවන ඇත්තේ
මෙතැන මේ මොහොතේම බව



6 comments:

  1. සියුම් ප්‍රහාරයක්.. ඒ උනාට අලි ප්‍රහාරයකට වඩා දැනෙනවා.. ;)

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් අලි ප්‍රහාර වලින් පරිස්සම් වෙන්න කාලේ ඇවිල්ල

      Delete
  2. අපිට එව්වා මෙව්වා කියා කියා සමහරු දැන් කවිත් ලියනවා. අනේ වාසනාවන්!

    කතාවක් ලියමු. ඔය පින් ඇති කවි මොකෝ අපිට! ( හිනාවීම තහනම්!)

    ReplyDelete
    Replies
    1. අපි ඉඳල හිටලා කවි (වගේ) එකක් ලියනවා වගේද ලිඛිත ගේ නන්ස්ටොප් කවි ලිවිල්ල..

      කතාවක් ලියල ඉවර වුනා විතරයි නේ...

      Delete
  3. සියුම් ලියුම්

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. අනේ මන්ද..

      Delete