Monday, August 28, 2017

The Eternal Torment of Unexpressed Love


මාතෘකාව ඉස්සුවේ රවී තුමාගේ පෝස්ට් එකකින්

නොහැඟවූ ආදරය 

නොහඟවන ආදරය අපුරුයි, කලාත්මකයි, වින්දනියයි. නමුත් ඒ ආදරයම  Eternal Torment වීම ඛේදනීයයි. සැඟවුනු, ඒක පාර්ශවික සහ හොරෙන් බලා අහිමි වී යන ආදරය සදාතනිකයි. හිමි වී, විඳ, එපා වී, දියවී යන ටිපිකල් ආදරේ පරදවා  අහිමි වී, සැඟවී ගිය ආදරය අපේ හිත් වල රැඳෙනවා.

ආදරය ප්‍රකාශයෙන් පමණක් හැඟවිය නොහැකි නිසා ප්‍රකාශනය කෙතරම් වැදගත් ද?

බටහිර සංකල්ප ප්‍රේමය සහ ඒ හා බැඳුනු දේ සැඟවීම අනුමත කරන්නේ නෑ. නමුත් ඔවුන්ගේ ප්‍රේමයන් Eternal ද? නිතර ප්‍රකාශ කරන ප්‍රේමය සමගම නිතර ප්‍රකාශ කරන අනෙකුත් හැඟීම් නිසා ඔවුන්ගේ පෙම් කතා තාවකාලිකව නිමා වෙනවා. නමුත් ප්‍රකාශිත හැඟීම් නිසා ඔවුන් තුල Torment නෑ. ඔවුන් එය විඳ අවසන් නිසා. 

පෙරදිග අපි ප්‍රේමය ක්‍රියාවෙන් පෙන්වීමට උනන්දු නමුත් වචනයෙන් ප්‍රකාශ කිරීමට එතරම් උනන්දු වන්නේ නෑ. බොහොමයක් දෙනා සිය ජිවිත කාලයම ඒ ප්‍රේමය වෙනුවෙන්, වරක් ප්‍රකාශ කළ ආදරය වෙනුවෙන් බැඳී ඉන්නවා. ඒ ජිචිත තුල Eternal නොවුනTorment නැතුවා නොවුනත් සමහර ඛේදාන්තයන් දක්වාම ඒ කැපවීම කරන මිනිසුන් බහුතරයක් පෙරදිග ඉන්නවා. පෙරදිග අපිට අනුව විඳීම වරදක් මිසක්  විඳ නිම කිරීම තවම නොතේරීම හේතුව විය හැකියි.

වඩා වටින්නේ කුමක් ද යන්න සාපේක්ෂ නමුත් ප්‍රේමය Torment එකක් කර ගත යුතු ද කියල තමුන්ම සිතා බැලිය යුතුයි.  

රවියාගෙන්ම  උස්සපු මෙන්න මේ ටිකට අනුව

Who was I to question a love that was whispering as a winnowing wind?
Who was I to question a love that was shooting up sprouts as when the spring comes? 
Who was I to question a love that was as gentle as a floating snowflake that heralds the winter? 
Who was I to question a love that would inside me every day for the rest of my life and even beyond? - Nicholas Sparks - The Notebook

ඉබේ හටගෙන සදා රැදෙන හැඟීම් වල සුන්දරත්වය දකින්න අප ඉගැනිය යුතුයි. හැඟීම් තෙරපීමට උගන්වා ඇති අපට හැඟීම් විඳීමට, විඳ අවසන් කිරීම ඉගෙනීමට කාලය එළඹ ඇත. 

හැඟීම් විදීම වරදක් ලෙස කාවැදී ඇති අපේ සිත් එයින් මුදවා ගත යුතු වන්නේ විඳීමේ සිමා මායිම් හරි හැටි තේරුම් ගැනීමෙනි. පෙරදිග අපට ලැබී ඇති වාසිය මේ සිමා මායිම් නිර්ණය කර ගැනීමේ පහසුවයි. 

ප්‍රේමය ප්‍රකාශ කිරීමේ සහ නොකිරීමේ අයිතිය හැමටම ඇති බැවින් අප්‍රකාශිත ප්‍රේමයන් යනු ජිවිත කාලයක් විඳවන Torment කර ගැනීම නිෂ්ඵලය.  විඳිය යුත්තේ අප්‍රකාශිත ප්‍රේමයේ සුන්දරත්වයයි. අප්‍රකාශිත ප්‍රේමයේ ඇති මමත්වය ඉවත් වූ විට එහි ඇති විඳවීම හීන වී යයි. 

දෙපසට වෙන්වී යන යුවලකගේ සෙවනැලි සිප ගන්නා ග්‍රැෆික් නිර්මාණයක් පින්තුරයේ ඇත

--------------------------------------------------------------------------

බොරු කියන්න ඕනේ නෑ. මම නම් කොල්ල කාලේ ඔය මගේ හිත ඇදිල ගිය ගෑනු ළමයින්ට මට හිතුනු දේවල් කියල දැම්ම. සමහර ඒවා නිකන් පොල්ලෙන් ගැහුවා වගේ හෙහ් හෙහ්. සමහර සිද්දි මතක් වෙද්දීත් ලැජ්ජයි. හැබැයි ඉතින් මට ඔය Torment ඉතිරි වෙලා නෑ. 

බැරි වෙලා හරි ඒ ඒ ළමයින්ට සහ තව වෙනත් අයට එහෙම ඒවා ඉතිරි වෙලා තියෙනවනම් නැට්ට පිටින් අලි මැරෙන එකේ ඕක මොකක් ද කියල ආතල් එකේ ඉන්නයි තියෙන්නේ. 

රවියා තරම් නාකි වුනාට පස්සේ විස්තර එක්ක ඒ කතා ලියන්න බැරියැ.


4 comments:

  1. තනි අන්ඩේ ලව් සම්බන්ධව මාත් ලිපි දෙක තුනක්ම ලියා ඇත.. හැක්

    ReplyDelete
    Replies
    1. තනි අන්ඩේ ලව් හෙහ් හෙහ් මේක පට්ට...

      Delete
  2. මේකේ මොකද්දෝ අභ්‍යන්තරයක් මට පෙනේ...... මේ දවස්වල ලංකාවේ එකල-මෙකල වෙමින් ඉන්නවා කිව්වා නේ.... එක්කෝ.....

    නැහ්.. ඕනේ නෑ

    ReplyDelete
    Replies
    1. ලිඛිතා,

      මෙන්න මේකයි උනේ. අර රවියා වෙරි මර ගාතේ ද මන්ද ඔය පට්ට පෝස්ට් ලියනවනේ. දැන් ඕව කියෙව්වහම අපිටත් හිතෙනවා යකඩෝ මෙව්වනේ පෝස්ට් අපි මොනවාද ලියන්නේ කියල ... අල්ලපු ගෙදර එකා කරපු වැඩේ මොන විදියෙන් හරි කරන අපේ ආර්ය සිංහල ගතිය වහා ඉස්මතු වෙලා හිටපන්කෝ මමත් එකක් ලියන්න කියල ඔන්න පටන් ගන්නවා. ටිකක් වෙලා යද්දී තේරෙනවා උතුර දකුණ මාරු වෙනවා වගේ ගතියක්.. අරූ කොහොම මේවා ලියනවද මන්ද මගේ ඔලුව නම් කරවෙලානේ කියල දැනෙන්න ගන්නවා. ඒත් කමක් නෑ කොහොම හරි ලියනවා කියල හිතාගෙන ලියනවා.. ටික වෙලාවකින් බැලුවහම මේ මොන හරුපයක් ද මේ කියල හිතෙනවා.. ඒ වෙනකොට යක්කු ගස් වලින් බහින් වෙලාවත් ඇවිල්ල. අන්තිමට ඉතින් ඔන්න ඔහේ කමක් නෑ උත්සාහය වැදගත් නේද..? සිංහල බ්ලොග් රැක ගැනීම වෙනුවෙන් එක සිංහල අකුරක් ලියන එකත් වටිනවා . මේ සිංහල දේශය අපි රැක ගන්න ඕනේ වගේ දේවල් ටිකක් හිතල නිදි මත පොඩ්ඩක් එහෙ මෙහෙ කරලා මොකක් හරි පින්තුරයක් එල්ලලා පබිලිස් කරලා දානවා...

      කොටින්ම පස්සේ බැලුවහම මටත් කොයිල් වගේ. මම හිතන්නේ අවුල තියෙන්නේ හවසට ෂොට් එකක් නොදාන එකේ...

      ඕක තමා ඔකේ අභ්‍යන්තරේ.. අයේ පරීක්ෂණ තියල හොයන්න දෙයක් නෑ අපේ හාමුදුරුවනේ...

      වැදගත් ම දේ තමා කියන්න දෙයක් තියෙනවනම් හිතේ තියාගෙන ඉන්නේ නැතුව කියල දාන්න.. පස්සේ අර Eternal Torment of Unexpressed Thought වගේ දරුණු ලෙඩ හදාගන්නේ නැතුව..

      අපි ඔය රට්ටු කියන කතා වලට සැලෙන්නේ නෑ අපේ හාමුදුරුවනේ... !

      Delete