Thursday, July 28, 2016

‘මම’ සිටියි ද? නොසිටියි ද?

ආදී කල්පික මිනිසා:
‘සිටින්නේ අපේ ගෝත්‍රයයි
‘මා’ කියා කෙනෙක් මෙහි නැත.’

පශ්චාත් ආදී කල්පික මිනිසා:
            ‘මා’ යනුවෙන් මෙහි පුද්ගලයෙකු
            සිටින බව වරින් වර දැනේ.
            එහෙත් වැදගත් වන්නේ ගෝත්‍රයයි.
            ගෝත්‍රයට එරෙහි වීම,
            පුද්ගලයකුට
            කිසි සේත් කළ නොහැකිය.’

මධ්‍යකාලීන මිනිසා:
            ‘මම සිටිමි.
            මම සංස්කෘතිය අනුව
            ක්‍රියා කළ යුතු වෙමි.
            සංස්කෘතිය ඇති සැටියෙන්
            පිළිගත යුතු ය.’

නවීන මිනිසා:
            ‘මම සිටිමි.
            මා ජිවත්විය යුත්තේ
            මට ඕනෑ හැටියට ය.’

සත්‍ය ගවේෂක මිනිසා:
            ‘මම’ යනු කවරෙක් ද?’

ප්‍රබුද්ධ මිනිසා:
            ‘මම’ යනුවෙන් ගත හැකි

            පුද්ගලයෙක් මෙහි නැත.’ 

උපුටා ගැනීමකි
විමුක්ත සිතේ ප්‍රීති උදාන - කර්තෘ ඒ.එස් බාලසුරිය

11 comments:

  1. නිගමනය : ආදිකල්පික මිනිසා ප්‍රබුද්ධ වේ..

    ReplyDelete
    Replies
    1. එහෙමත් හිතන්න පුළුවන්... හැබැයි මේකේ අදහස ඒක නෙවෙයි.. ආදී කල්පික මිනිසා සහ ප්‍රබුද්ධ මිනිසා දෙවිදියකට ඕක තේරුම් ගන්නේ.. ඒකයි වෙනස.. හෙහ් හෙහ්..

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. (ඩුඩ් ට දාපු කමෙන්ට් එක මෙතන පේස්ට් වුනා )

      මොකක්ද දෙවිදිහ ?

      Delete
    4. ආදී කල්පික මිනිසාට 'මම' කියන සංකල්පය ගැන එච්චර සිහි කල්පනාවක් නෑ.. හුදෙක් එදිනෙදා ජිවත් වීම පිළිබඳව පොඩි හැඟීමක් විතරයි තියෙන්නේ... හරියට සතුන් වගේ.. සතුන්ට ජිවත් වීමට අවශ්‍යය මුලික දේවල් ටික වෙනුවෙන් විතරක් 'මම' කියන හැඟීම ඇති..එතනින් එහා ගිය පුද්ගල ස්වරුපයක් පවත්වා ගැනීම ගැන හැඟීමක් තියෙන්න බෑ නේද? ආදී කල්පික මානවයා ගේ ස්වභාවය ඒ වගේ... ඔවුන් 'මම' කියන සංකල්පයට වඩා සංවේදී වෙන්නේ තමුන්ගේ ගෝත්‍රය සහ ඒ ගෝත්‍රය තුල දිවි රැකගැනීම ගැන...ඒක හුදෙක් පැවැත්ම ගැන හැඟීමක්..


      මෙතන ප්‍රබුද්ධ මිනිසා 'මම' කියන සංකල්පය දකින්නේ සිහි කල්පනාවෙන් යුක්තව.. එහෙම දැකල 'මම' කියල පවත්වා ගැනීමට තරම් කිසිවක් නැති බව සිහියෙන් දැකීමක්.. ඒ දැකීමයි.. ආදී කල්පික මානවයා 'මම' නොදැකීමයි අතර වෙනස තියෙන්නේ සිහිය නිසා..

      අවසාන ප්‍රතිපලය එකයි වගේ කියල හිතෙනවා තමයි.. හැබැයි අපි හිතමු ආදී කල්පික මානවයාට යම් අනතුරක් වෙලා මැරෙන්න යන මොහොතකදී ඔහු තමන් තුල තියෙන 'මම' රැක ගැනීම වෙනුවෙන් සටන් කරයි.. නමුත් ප්‍රබුද්ධ මිනිසා මෙහි තව දුරටත් රැක ගැනීමට කිසිවක් නෑ කියල සම්පුරණයෙන් ම අත ඇරල දානවා..

      එහෙම අත හරින්න පුළුවන් වෙන්නේ.. සිහියෙන් අවබෝධයට පත්වුනාම විතරයි..


      ඔන්න ඔහොමයි මට ඕක තේරෙන්නේ.. හෙහ් හෙහ්


      Delete
    5. හරි හරි දැන් තේරුණා.... මගේ නිගමනය සම්පූර්ණයෙන්ම වැරදියි....

      Delete
  2. ආදි මිනිසා හොදයි වගේ බලාගෙන යද්දී.

    ReplyDelete
    Replies
    1. ආදී මිනිසාට අපිට තරම් ප්‍රශ්න තියෙන්න නැතුව ඇති.. :)

      Delete
  3. ///නිගමනය : ආදිකල්පික මිනිසා ප්‍රබුද්ධ වේ..///

    ReplyDelete
    Replies
    1. සෙන්නට දුන්න උත්තරේම බලන්න.. :)

      Delete
  4. නවීන මිනිසා = ආත්මාර්ථකාමී මිනිසා.

    ReplyDelete