Saturday, April 30, 2016

උඩු යටිකුරු වී ත්‍රිමාණ වුණු ඇනිවසරිය

හොඳට හිතල බැලුවොත් හැම දවසක් ම සමරන්න ඕනේ. මොකද ආයේ කවදාවත් ඒ දවස එන්නේ නෑනේ.. ඔය උදේ හවස කන පැලෙන්න බොන මිනිස්සු ඒ අතින් හරි. මොකද ඒ ගොල්ල හැම දවසම සමරනවා. දැන් එකට අපි, ඒ කිව්වේ මේ උදේ හවස කන පැලෙන්න ඔය පොඩ්ඩක් කචල් වෙන ජාති නොබොන මිනිස්සු ඔය සැමරීම කරන්නේ අවූරුද්දකට සැරයයි නේ.. 

අනේ මන්ද කොහේ හරි අවුලක් වෙලා තියෙනවා වගේ නේද..?

හැබැයි දැන් දැන් අවුරුද්දේ දවස් 365න් 300කට කිට්ටු වෙන්න එක එක දින නම් කරලා සමරන්න පටන් අරන් තියෙනවා.. මට හිතෙන්නේ මිනිස්සු  තේරුම් අරගෙන යනවා මේ හැම දවසකම තියෙන වටිනා කම..  ඒ කියන්නේ හැමදාම ඕනනම් බොන්න පුළුවන් සාධාරණ හේතුවක් ඇතුව.. පොඩ්ඩක් නම්බුකාර විදියට.. බේබද්දෙක් නොවී..

ඔය සැමරිලි වලින් උපන්දිනේ ප්‍රධානයි නේ... අනේ මන්ද මට නම් කවදාවත් උපන්දිනේ සමරන්න ඕනේ කියල හිතිලා නෑ.. ඒ දවස් වල උපන්දිනයක් වෙනුවෙන් අපේ ගෙදර කරන වැඩිම දේ තමයි කිරිබත් හදන එක.. එක්කෝ ලුණු මිරිස් එක්ක, නැත්නම් ළුණු  ගෙඩියක් තෙල් දාල.. ඔච්චරයි උපරිම.. ඒක කෙරෙන්නේත් ඉතින් ඕක මතක් වුනොත් විතරයි හෙහ් හෙහ්

නොබැඳි ජාතීන්ගේ මණ්ඩලේ ඉන්නකම් ඔය ඕනේ විදියකට ඕවා සමරගන්න පුළුවන්.. හැබැයි ඉතින් එක්සත් ජාතීන්ගේ මණ්ඩලේට බැඳුනු ගමන් ඒවා හඳේ. පොඩ්ඩක් එහාට මෙහාට වෙච්ච ගමන් එකසත් කම ඉවරයි.. කොහොම හරි ඉතින් පිළිවෙලකට සමරන්නම වෙනවා.. ලෝක සාමය ගැන අපි හිතන්න ඕනේ නේ.. ලෝක සාමය පටන් ගන්නේ ගෙදරින් නේ..හා  නැද්ද..?

ඉතින් ඔය දෙන්නෙක් එකසත් වෙලා ලෝක සාමය වගේ ඉතා බැරෑරුම් කටයුත්තක් වෙනුවෙන්  වැඩ කරගෙන යද්දී අවුරුද්දකට සැරයක් ඉතින් පොඩි මෙව්වා එකක් කරන්න ඕනේ.. මොකද ලෝක සාමය වෙනුවෙන් නේ දෙයියනේ  මේ හැමදේම

දැන් කාට හරි ඔය ලෝක සාමය වෙනුවෙන් අපි මේ සමගියෙන් ඉන්නේ කියන අපබ්‍රන්සේ තේරුනේ නැත්නම් මෙන්න මේ විදියට උදාහරණයක් ගන්න පුළුවන්

ඔන්න උදේ පාන්දරම අපි දෙන්නගේ සාමය ඔය මොකක් හරි සීනි බෝල වලියක් නිසා අවුල් වෙනවා.. ඒ අවුල පිටින් ගිහින් මම අපේ ඔපීසියේ ඉන්න කට හැකර චිනාට මොකක් හරි කියනවා.චිනත් බැරි වෙලා හරි උගේ මණ්ඩලේ කචල් එකක් දාගෙන තදවෙලා හිටියොත් ඌත් නිකා ඉන්නේ නෑ.. ඔපිස් එකේ දවසම වලිය යනවා.. අන්තිමට ඒ වලිය දුර දිග ගිහින් මග රැකලා ගහ ගන්න උනත් ඉඩ තියෙනවා.. බැරි වෙලා හරි අපි හිතමු ඔහොම වලියකදී චීනා මලා කියල.. අන්න ටික දවසක් යද්දී සමස්ත චීන ප්‍රජාවම අපිට විරුද්දව නැගී සිටිනවා.. දැන් ඔයාල හිතන්නේ අපේ ශ්‍රී ලාංකික ජනතාව නිකන් ඉඳියි කියල ද... නෑ... කිසිසේත් ම නෑ නේ.. මොකද ශ්‍රී ලාංකික විදියට අපිට වලියක් නැතුවම බෑනේ.. හරි ඊට පස්සේ ලංකාවට සපෝර්ට් එකට ඉන්දියාව එනවා.. අපි හිතමු ඉතින් මැලේසියාවේ චීන්නුන්ට සපෝර්ට් එකට මුළු චිනෙම සෙට් වුණා කියල.... ඊට පස්සේ හින් සීරුවේ ඇමරිකාව රුසියාව වගේ ඔන්න එහෙන් මෙහන් අත දාන්න පටන් ගන්න ඉඩ තියෙනවා.. හරි නේ ඉතින් ඊට පස්සේ ලෝක සාමේ ඉවරයි..

දැන් පේනවනේ ඔය පවුලේ සමගිය කොච්චර වැදගත් ද කියල.. සමහර විට ඔය පවුල් අවුල් යන්න එළියේ ඉන්න පොඩි කුරුමිනියෙක් ගෙට ආවත් ඇති..අර Butterfly Effect වගේ කුරුමිණි Effect වුනත් ඇති වෙන්න පුළුවන්.. 

අන්න ඒ නිසා තනිකඩ කාලේ කොහොම වුනත් බැන්දට පස්සේ නම් පුතෝ ඇනිවසරි සමරන එක  කරන්නම ඕනේ...! ආයේ දෙකක් නෑ

මම ඉතින් කවදත් සාමකාමී මනුස්සය නිසා මේ සැරෙත් ඔන්න ඕක සමරලා දැම්ම..

අපරාදේ කියන්න බෑ 3න් වෙනි ඇනිවසරි එකට බට්ටි නගාගෙ ගෙදර අය මෙහෙ ඇවිල්ල හිටියා වගේ මේ සැරේ අපේ කස්ටිය මෙහෙ ගොඩ බැහැල හිටියේ..  (අපේ සෙට් එක නම් දැන් වැඩි හරියක් ඉන්නේ මෙහෙ තමයි හෙහ් හෙහ්)

අපේ ඇනිවසරි කතා ගැන බ්ලොග් කියවන මිනිස්සුන්ට ඇති වැදගත් කමක් නැති වුනාට, බැරි වෙලා හරි ඕවා කියවන්න කැමති අය ගැන හිතල මේ ලියන්නේ.. (මට ලියන්න වෙන මෙලෝ දෙයක් ඔළුවට එන්නේ නැති බව අපි අමතක කරමු)

රයිට් මම අර කලින් ලියපු පෝස්ට් ටිකේ කිව්වනේ අපේ ගෙදර සෙට් එක මෙහෙ ඇවිල්ල අපි ඔය ගිය ගමන් දෙක තුනක් ගැන.. ඒ ඇවිල්ල මේ පහුගිය දෙසැම්බර් මාසේ.. ඔය අතරේ අපේ අක්ක කිව්වා අන්න මාමල අප්‍රේල් මාසේ එනවා කිව්වා කියල.. මම ඉතින් මාමල පිළිගන්න සැදී පැහැදී හිටියේ.. මොකද අපේ මාම නිසා තමයි  අපි මේ යම් තැනකට ඇවිල්ල ඉන්නවනම් ඉන්නේ.. ඒ කියන්නේ නැත්තටම නැති බැරි කාලේ අතදීලා ගොඩ යන්න උදව් කලේ මාමා. ඉතින් මාමල එන එකට මම ආසාවෙන් හිටියේ. 

ඉතින් ඔහොම ඔය කට්ටිය ඇවිල්ල ගියානේ.. 

ජනවාරි අන්තිම හරියේ මෙන්න අපේ අක්කා කෝල් එකක් දෙනවා.. "මේ මල්ලි (අපේ අක්ක මට මල්ලි කියන්නේ හෙන කලාතුරකින් නැත්නම් ඉතින් මේ ඕයි, මේ උලමෝ, මේ බන්ඩෝ, මේ පැතුමෝ, ආදී වශයෙන් තමයි අමතන්නේ  ) ඔන්න ඔහේ අපිත් තීරණේ කළා මාමලත් එක්ක ආයේ එන්න හී හී හී..."

මම ඉතින් බට්ටි නගාට "අන්න අර සෙට් එක ආයේ එනවලු..." "කවුද ? මාමල නේ...." "මාමල විතරක් නෙවෙයි අන්න අක්කලත් ආයේ එනවලු..." හෙහ් හෙහ්...

"අයියෝ මේ ඇවිල්ල ගිහින් ගේ අස් කරලා ඉවර වුණා විතරනේ.. "... මුණ දෙක වෙයි..

ඔන්න ඔය ආකාරයට අපේ අම්මා ඇතුළු හුදී ජනතාව 9 දෙනෙක් අප්‍රේල් මාසේ මුල සතියේ ගොඩ බැස්සා...

කලින් ට්‍රිප් ගිහින් අත්දැකීම් තියෙන නිසා ඔය කට්ටිය එක්ක යන්න ට්‍රිප් අපි කලින් ම ප්ලෑන් කළා.. මේ සැරේ ගියේ මැලේසියාවට අයිති තව දුපතක් වෙච්ච Penang වලට.. ක්වාලා ලාම්පුර් ඉඳල 400km විතර දුර..

කලින් වගේ ම වාහන දෙකේ පැය 5කින් විතර ගියා..

මේ තියෙන්නේ දුපත


මේ දුපතට යන්න 13.5km දිග පාලමක් තියෙනවා. එහෙම නැත්නම් ferry එකේ යන්නත් පුළුවන්..  ප්‍රධාන භුමියේ තියෙන Butterworth නගරෙට ආවම. නැත්නම් කෙලින්ම flight එකේ එන්නත් පුළුවන් 

අපි ගියේ පාලම දිගේ.. හරි අපුරු අත්දැකීමක් ඒක.. මුහුද මැද්දෙන් යනකොට මාර ලස්සනයි..

මේ තියෙන්නේ පාලම


Penang කියන්නේ මැලේසියාවට අයත් තව එක ස්ටේට් එකක් . පිහිටලා තියෙන්නේ උතුරු පැත්තට වෙන්න. සෑහෙන්න දියුණු නගරයක් තමයි. ඒවගේම UNESCO World Heritage Site  එකක් විදියට නම් කරලා තියෙනවා මොකද 1786 දී බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වෙලා තිබිලා හරියට අපේ ගාල්ල වගේ ඉතිරි වෙච්ච නගරයක්.. හැබැයි ඉතින් ගාල්ලට වඩා සෑහෙන්න දියුණුයි..

ජනගහනය වැඩි හරියක් ඉන්නේ චීන අය. සල්ලි තියෙන චීන්නු, සංචාරක කර්මාන්තය ඉතාමත් ඉහල තත්වයක තියෙනවා.. 

මම කලින් සැරයක් ලිව්ව Street Art ගැන පෝස්ට් එකේදී මම Penang ගැන ලිව්වා.

හරි ඉතින් අපි හවස් වෙද්දී Penang වලට ඇවිල්ල. පොඩි ෂොපින් පාරක් දාල රෑ හොටෙල් එකේ නතර වුණා

හැමදේම උඩු යටිකුරු වෙන්න පටන් ගත්තේ ඊට පස්සේ.....

Penang කියන්නේ ටිකක් පෞරාණික පැත්තක් නේ.. ඉතින් ඔය පැරණි ගොඩ නැගිලි එහෙම ගොඩක් තියෙනවා. අපේ හොටෙල් එක තිබුනේ ඔය ජෝර්ජ් ටවුන් කියන පැරණි නගරේ..හොටෙල් එකේ අපේ මාමල ගත්ත රුම් එකෙන් එළියේ තිබුනේ කනත්තක්!....

නගරයක් මැද්දේ කනත්තක් තියෙන එක ටිකක් අමුතු වුනාට මේක UNESCO World Heritage Site එකක් නිසා පැරණි ඒවා ඒ විදියටම තියෙන්න ඇරලා .. කනත්තත් මම හිතන්නේ කෞතුක වටිනාකමක් තියෙන තැනක්.. 

අපි රෑට කන්න එලියට යද්දී ඔය කනත්ත ගාවින් ගියා.. ඒ වෙලාවේදී නැන්ද කිව්වා අපේ රූම් එකට පේන්නේ මෙන්න මේ කනත්ත තමයි කියල.. අපි ඉතින් විහිළු කර කර ගියා අද රෑට චීන්නු ඇවිත් හොල්මන් කරයි කියල.. කවුද ඉතින් ඕවා ගණන් ගන්නේ...

හරි ඉතින් ඊට පස්සේ රෑට කාල ඇවිත් අපි කාමර වලට ගිහින් නිදා ගත්තා...

හැමදේම හොඳින් සිද්ද වුණා..

මොකුත් අමුත්තක් තිබුනේ නෑ...

රෑ අපිට නම් හොඳට නින්දත් ගියා...
 .
.
.
.
.
.
.
.
.
.
.
.
ඊට පස්සේ උදේ පාන්දර නැගිටලා ලැස්ති වෙලා අපි මාමලාගේ රුම් එකට තට්ටුවක් දැම්ම...
.
.
.
.
.
.
.
.
.
.
.
.
අවුලක් නෑ ඉතින් කට්ටිය ලැස්ති වෙලා දොර ඇරියා..ඊට පස්සේ අපි ඔක්කොම හොටෙල් එකෙන් කෑම ගන්න පහලට බැස්ස..

අපේ නැන්ද කන අතරෙදි කියනවා අනේ මට ඊයේ මුළු රෑම නින්ද ගියේ නෑ.. මේ බෙල්ල හරියෙන් මුළු රෑ තිස්සෙම කවුරු හරි මොකකින් හරි අනිනවා අනිනවා වගේ දැනුනා අන්තිමට පාන්දර මාමත් නැගිටලා පොඩ්ඩක් අතගාල ඉන්නකොට තමයි හරි ගියේ කියල....

හෙහ් හෙහ්... අපි ඉතින් ඕක එච්චර ගණන් ගත්තේ නෑ... මාමත් ඔය විහිළුවක් කරලා නිකන් හිටියා..

කාල ඉවර වෙලා අපි එලියට බැහැල පොඩ්ඩක් ඇවිදින්න ගියා..

මේ තියෙන්නේ ගිහින් වෙච්ච දේ... නිකමට විශ්වාස කරන්න පුළුවන් ද








හැමදේම උඩු යටිකුරු වෙලා... කිව්වට විස්වාස කරන්න ගුරුත්වාකර්ශනේ වැඩ කරන්නේ අනිත් පැත්තට..  බොහොම අමාරුවෙන් ඔය තියෙන එකක් අල්ලන් බේරිලා හිටියේ...
මයිකල් ජැක්සන් වගේ බොරු ජිල්මාට් දැම්මේ නෑ අපි... පේනවනේ අංශක 45ක් විතර ඇලවෙලා ගිය හැටි..
අපිට ඉතින් උලත් එකයි පිලත් එකයි හින්ද හොඳයි .. තව පොඩ්ඩෙන් හොම්බ කට රිවට් වෙනවා...

හරි ඉතින් අපි ඒ හරියේ වැඩි වෙලා ඉන්නේ නැතුව ආපහු ආව.. ඇවිල්ල බලද්දී නේ දැක්කේ මේක






යාන්තම් ඕකෙන් බේරිලා එලියට ඇවිල්ල දවල්ට කෑව.. අපරාදේ කියන්න බෑ හොඳ බුරියානි පාරක් දැම්ම.. 

ඔලුවෙන් හිටගෙන ඉඳල හොඳ ගණන් නේ..

ඊට පස්සේ අනේ අම්මෝ මේ ටවුම නම් එපා කියල යද්දී 

මෙන්න මේ වගේ බස් එකක් ආවා

බස් එකෙන් බැහැල ටික දුරක් යද්දී  අපේ ඇලඩින් අයියා කාපට් එකේ නැගල උඩින් ඇවිල්ල ඇහුව නේ "හලෝ පැතුම් මල්ලි මොකෝ මේ පයින් එන්න මම ගිහින් බස්සනනම් කියල... " කාලෙකින් හම්බවෙච්ච නිසා මිනිහත් එක්ක ගියා..ඕනේ එකක් වෙන්න කියල..
 

ඔය ඔක්කොම උනාට පස්සේ ඉතින් පේනවනේ... .. ගෘහස්ත ප්‍රචණ්ඩත්වය හමුවේ පිරිමි අපි කොච්චර පොඩි ද කියල... පේනවනේ..
 ඒ මදිවට පොඩි උන්ටත් වැඳගෙන ඉන්න වෙනවා.. කාලයක් යද්දී..
 පොඩි වුන් කරන නොසන්ඩාල වැඩ වලින් බේරෙන්න ලේසි නෑ...පේනවනේ මෝර ගේ සයිස් එක..

ඒ මදිවට දැන් හැදෙන උන් දුවන්නේ ලඳු කැලෑ වල නෙවෙයි නේ.. කෙලින් ම ජුරාසික් පාර්ක් වල..

 ඔක්කොමත් හරි බටේ ඇතුලේ හිටපු මේ පිඹුරත් හරි...
 අනුනමයෙන් බේරුනේ...


යාන්තම් ඔය වගේ මහ ජන්ජාල ගොඩකින් බේරිලා අපි දෙවෙනි දවසට බුක් කරගත්ත හෝටලේට ගියා... අනේ අම්මේ එහෙමත් බේරිල්ලක්

ඊට පස්සේ පහුවදා  Penang හිල් කියන කන්ද නැග්ග...මම මෙච්චර වෙලා කිව්වේ බොරු කියල කාට හරි හිතෙනවනම් පොඩ්ඩක් බලන්න මේ කෝච්චිය දිහා

ඇදවෙලා නේද... හෙහ් හෙහ්


අංශක 50-60 ආනත වෙච්ච මේ කන්ද නගින්න ඇද වෙච්ච කොච්චි නැතුව බෑ



උඩට ගියාම පෙන්නේ මෙන්න මෙහෙම




ඔන්න ඔහොමයි ඉතින් සිද්ද වුනේ..

යාන්තම් ඒ ගමන ඉවර කරලා පන බේරගෙන ආපහු ආවා... අක්කල මාමල ආපහු ගියා.. අම්ම නම් අවුරුදු කන්නත් අපි එක්ක ඉඳලම ගියා...

අපි දෙන්නගේ 5වෙනි ඇනිවසරිය ඔන්න ඔය විදියටයි ගෙවිලා ගියේ...


31 comments:

  1. ලස්සන කතාව. කොහොම උනත් උඹ බේරිලා ආපු විදිය නං මාරම මාරයි බං...

    ReplyDelete
    Replies
    1. වැව් ඉස්මත්ත, කියල වැඩක් නෑ.. අපි ඉතින් වැඩ දන්නා නිසා බේරිලා ආවා හෙහ් හෙහ්... මරු ගමන ඒක..

      Delete
  2. කන්දත් ඇද වුනේ කොහොමද ? එහෙත් ගුරුත්වාකර්ශනේ අඩුද ?

    එතකොට නැන්දගෙ බෙල්ලට ඇන්නේ හොල්මන් ද ?

    පීනෑන් නම් ලස්සනයි තමා..... එහෙ හොඳ පෝර්ට් එකක් තියනවා කියලා මම දන්නවා........

    ReplyDelete
    Replies
    1. සෙන්නා, කන්ද උඩට නගින්න තියෙන්නේ හෙන තියුණු බෑවුමක් තියෙන තැනකින්.. ඔය කෝච්චිය වගේ එක කේබල් එකකින් උඩට අදිනවා..

      අනේ මන්ද, ඇත්තටම නැන්ද එහෙම කිව්වා.. ඔය හිත බය උනාමත් ඔහොම ඒවා දැනෙනවනේ..

      සිරාවට හොල්මනක් ද දන්නෙත් නෑ..

      පීනෑන් සිරා තමයි, මැලේසියාවේ තියෙන දියුණුම ස්ටේට් එකක්

      Delete
  3. මට නං මේව්ව තේරෙන්නෑ පැතුමෝ.. අම්මප ඔලුව කුරවල් උනා..

    ReplyDelete
    Replies
    1. වැඩිපුර කෝක් බොන්න එපා කියන්නෙ ඕක තමයි. හැක්..

      Delete
    2. උඹට මොනවාද දේශකයෝ තේරුනේ නැත්තේ..

      උඩු යටිකුරු වෙච්ච හැටි ද?

      Delete
  4. මේ ගමනනං ‍අපෝ වෙන්නැතුව හොඳ ආතල් එකක් අරං වගේ. අවුල තියෙන්නෙ ඔක්කොම ඇලේට වෙච්ච එකයි.

    ReplyDelete
    Replies
    1. ආ අමුඩේ කාලෙකින්..

      Delete
    2. Praසන්ன අයියා, සිරාවට මේ ගමන ආතල්, මේ ගමන ගියෙත් ඔය අපෝ වෙච්ච ඉපෝ හරහා තමයි හෙහ් හෙහ් හැබැයි හයිවේ එකේ පාස් කරන් ගියා විතරයි...

      Delete
  5. අඩෝ එක මාරයි නේ. අර නොබැඳි ජාතින් එක්සත් ජාතින් කතාව එල

    ReplyDelete
    Replies
    1. ඉවාන් පවුලූශා, උඩු යටිකුරු වැඩේ නම් ආතල් ජනක දෙයක්, ඔන්න ලංකාවෙත් කරනවානම් අයිඩියාස්, මාර විදියට සෙනග එනවා.. අනිත් එක ගිනස් රෙකොර්ඩ් එකකටත් දාල තියෙන කතාවක් මම දැක්ක..

      අපි ඉතින් කොයි දේත් ලෝක මට්ටමින් නේ බන් බලන්නේ හෙහ් හෙහ්..

      Delete
  6. Happy Anniversary....

    බට්ටිගෙන් ඔලුගෙඩිය බේරන් ඉන්නවා කියන්නෙත් බඩේ බෝම්බ බැඳගෙන ඉන්නවා වගේ තමයි. අර ඉෆෙක්ට් නම් නියමයි පැතුමා/උලමෝ/ඕයි/බන්ඩෝ.

    දැන් මට පොඩි පැහැදිලිකිරීමක් ඕනේ වෙනවා, අර ගෙදර වලිය අන්තිමට රටවල් අතර යුද්ධයක් දක්වා වර්ධනය වෙන එක ගැන. එක්කෝ ඕන්නෑ... මොකටද ආයෙමත් යුද්දයකට මේ රට ඇදල දාන්නේ. ඒකත් මැලේසියාව එක්ක?

    ReplyDelete
    Replies
    1. උපේක්ෂා, බට්ටි නගා අහින්සකි, මම තමයි ඔය මොකක් හරි දහදුරා වැඩක් කලොත් ඉතින් හෙහ් හෙහ්...

      තව මරු ෆොටෝස් තියෙනවා.. ඔක්කොම දාන්න බෑනේ.. ඔය මයිකල් ජැක්සන් වගේ ඇලවෙච්ච සීන් එක නම් හෙන සරල වැඩක්, අනිත් අර Distortion effect එකත් සිම්පල් අදහසක්

      Delete
    2. 'යෝගට්' අහිංසක බව මම දන්නවා පැතුමා

      හැබැටම ඕක සරල දෙයක් නේන්නම්. වැඩේ කියන්නේ අපි ඉනොවේටිව් නැතිකම තමයි. නැත්තම් ලංකාවෙත් ඔය එකක් තියෙයි. වෙසක් වලට හොල්මන් මන්දිර හදන එකේ, මේ ජාතියෙන් එකක් හැදුවනම්?

      දැන් ඉතින් ඕව දාල හරියන්නේ නැහැ. ලියන එකයි හැමදාම මොකක් හරි, පොරොන්දු උනා නම්

      Delete
    3. චන්ද පොරොන්දු වලට නොරැවැටෙන මිනිස්සු ඉන්න රටක් කවද හැදෙයි ද කියල හිතෙන්නේ මේ වෙලාවට තමයි... හෙහ් හෙහ් හෙහ්

      Delete
  7. මේ ප්‍රදර්ශනේට තියෙන කාමරද

    ReplyDelete
    Replies
    1. වැව් ඉස්මත්ත, සම්පුර්ණ ගෙදරක් ම තියෙනවා.. ඔලුවෙන් හිටගෙන පියානෝ ගහන්නත් පුළුවන්..

      Delete
  8. නියමයි නියමයි ,,,,නොබැඳි.... එක්සත් වුනාම කැමති අකැමති ඔක්කොම කරන්න වෙනවනේ.

    පිනැන්ග්වල තාම ගොඩක් ඉංග්‍රීසි නාම භාවිතාවෙනවා වගේ.

    ReplyDelete
    Replies
    1. අරූ, එකසත් වුනාම ඉතින් හැමෝගෙම සතුට ගැන හිතන්න ඕනේ නේ.. නැද්ද?

      ඔය George town කියන පැත්ත තමයි තනිකරම UNESCO World Heritage Site එකක් විදියට සලකන්නේ.. ගාල්ල වගේම තමයි.. නම් ගමුත් ගොඩක් ඒ කාලේ ඒවම තාම තියෙනවා..

      Delete
  9. හැපී අනිවසරියක් වේවා පැතුම් . මොනා අමතක වුනත් මම ඔය දවස අමතක කරන් නෑ . පෝස්ට් එකක් හරි දානවා .
    මේ වගේ විචිත්‍ර පෝස්ට් වලට මම කැමතියි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තිලක් අයියා, අපි දෙන්න නම් ඉතින් මාස ගානක් ඉඳන් ඇනිවසරියට කරන දේ ප්ලෑන් කරන නිසා අමතක වෙන්නේ නෑ.. පහු පහු වෙද්දී කොහොම වෙයිද දන්නේ නෑ..

      Delete
  10. මොකද්ද මේ උඩුයටිකුරු සීන්එක?

    ReplyDelete
    Replies
    1. හරි සිම්පල් වැඩක් රාජ්, බඩු ඔක්කොම සිවිලිමේ හයි කරලා, පුටු මේස ඇඳන්, හැම එකම, අපිට තියෙන්නේ ගිහින් නිකන් අහසේ ඉන්නවා වගේ එක එක විදියට ඉන්න, එතන ඉන්න අය ෆොටෝ ගන්නවා.. ඊට පස්සේ ෆොටෝ එක අනිත්පැත්ත හරවන්න තියෙන්නේ හෙහ් හෙහ්..

      හැබැයි ඉතින් ඔක්කොම ටික ගානට උඩ යට මාරු කරලා හදල තියෙනවා..

      Delete
  11. සැමරිලි නං හොඳා...
    පොකට් එකටනේ කෙළවෙන්නේ ඒත්

    ReplyDelete
    Replies
    1. උඩුවා, අවුරුද්දකට සැරයක් පොඩි ගානක් වියදම් වුනත්, ඔය මතක හැමදාම තියෙනවා.. වියදම් නොකර ඉතිරි කරපු සල්ලි කියල දෙයක් අන්තිමට ඉතිරි වෙන්නේ නෑ.. හෙහ් හෙහ්

      Delete
  12. Replies
    1. Kukulage Kotuva, එල ගමනක් ඒක..

      Delete
  13. සුපිරි ට්‍රිපක්නේ!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ආතල් ගමනක්.. :)

      Delete
  14. හැපී ඇනිවසිරි එකක්ම වේවා. අර පාලමේ යන ගමන නම් මරු. දෙපත්තෙම් මුහුද බලාගෙන. සුනාමියක් හෙම ආවනම් කොහොමද?

    ReplyDelete