Thursday, June 11, 2015

නිකන් ඉන්න ගමන් කරන්න වැඩක් - The quick brown fox jumps over the lazy dog

මේ විස්තරේ මම සම්බන්ධ වෙලා ඉන්න සිංහල යුනිකෝඩ් ගෘප් එකට ලැබුණු පණිවිඩයක්. අපි අතරේ ඉන්න නිර්මාණශීලි, සිංහල දැනුමැති බ්ලොග් කරුවන්ගේ දැන ගැනීම උදෙසා මේ සටහනක් විදියට දාන්නේ. 
මේ තියෙන්නේ සමුහයට ආපු ඊමේල් එකේ තියෙන විස්තරේ.

ඔන්න නිකන් ඉන්න ගමන් වැඩක්... Google Fonts වලට මේ අවුරුද්දේ සිංහල එකතු වෙනවා. එතකොට ඒ ෆොන්ට්ස් පෙන්නන්න අපිට sample text එකක් ඕනේ. English වලට 'Quick Brown Fox, Grumpy wizards make...' වගේ ඒවා තියෙනවා.. සිංහල වලටත් එකක් හදන්න ඕනේ.. වචන 25කට අඩුවෙන් සිංහල වල විවිධ අකුරු හැකිතරම් පෙන්නන එකක් වෙන්න ඕනේ.

- රේපය / රකාරංශය / යංසය තිබය යුතුයි.
- ණ,ෂ, ම, ඩ , ඪ වලින් කිහිපයක්
- හැකිතරම් පිල්ලම්
- හැකිතරම් අකුරු
- දීර්ඝ කොම්බු (කෝ )
- කියවිය හැකි වචන විය යුතුයි
- යම්කිසි තේරුමක් තිබිය යුතුයි.
- ශ්‍රී ලංකාවේ සංස්කෘතියට(පරණ වෙන්න ඕන නැහැ ) සම්බන්ධ යමක් වීම හොඳයි..

මෙතන comment කරන්න,  නැත්නම් මෙතන පොස්ට් කරන්න  :

මේක Google එකට කිසිම සම්බන්ධයක් නැහැ.. නමුත් හොඳම එක Google එකේ use කරාවි. ඔබේ දායකත්වය වෙනුවෙන් කිසිම ගෙවීමක් නැහැ :) නමුත් මේ ෆොන්ට්ස් එලියට දානකොට අපි mooniak හරහා ඔබට ස්තුතිය පලකරන පිටුවේ නම් publish කරනවා.

ඔය නිකන් ඉන්න වෙලාවට මේ තියෙන කොන්දේසි වලට අනුව ගැලපෙන වාක්‍යයක් හිතල බලල ඔය උඩින් කියල තියෙන ලින්ක් වලට ගිහින් පෝස්ට් කරන්න.

වැඩි විස්තර ඕනේ අයට ඔය ඉහත ලින්ක් වලින් ගිහින් දැන ගන්න පුළුවන් වෙයි. මම ඉතින් පොඩි දැනුවත් කිරීමක් උදෙසා මේක දාන්නේ. මිට වඩා දෙයක් මම දන්නෙත් නෑ.

හැබැයි ඉතින් ආතල් ජනක වැඩක් නේද තමන් හදපු  වැකියක් කාලයක් ගියාම  ඔය "The quick brown fox jumps over the lazy dog" වගේ සිංහල ෆොන්ට්ස් ඉන්ස්ටෝල් කරද්දී පේන්න තියෙන එක.

එහෙනම් සිංහල  බ්ලොග්කරුවන් වශයෙන් අපි සිංහල ෆොන්ට් ප්‍රදර්ශන වාක්‍යයක් හදමු ද?


24 comments:

  1. මුල්ම ප්‍රශ්නේ: නිකන් ඉන්න ගමන් මොටද හලෝ වැඩ කරන්නේ? නිකන් ඉන්නවා මිසක්!
    දෙවැනි ප්‍රශ්නේ: පළවෙනි ප්‍රශේනෙට උත්තරේ කෝ?

    ReplyDelete
    Replies
    1. මම දැන් නිකන් ඉන්නේ. ඕවට උත්තර දෙන්න බෑ

      Delete
    2. මෙහෙමත් උන්

      Delete
  2. මේ බ්ලොග් එකේ 'යහපවැත්ම' [කාලය අනුව ප්‍රසිද්ධ වචන යොදාගනිමි] අනාදිමත් කල සිට පැවතෙන්නේ නොදුටු ඉසවු කරා අප නිති රැගෙන යන නිසාය!

    ස්තූතී මල්ලී!!

    ReplyDelete
    Replies
    1. සිංදු කෑලි ටිකක් වත් එකතු කරලා එකක් හදන්න බලමුද තිස්ස අයියේ..

      Delete
  3. ඇයි පැතුම් මල්ලි අපිටම මෙහෙම කරන්නෙ?
    අ...ආ... ඉඳල ඔ...ඕ වෙනකං කියවෙන පිල්ලම් නම් කමක් නෑ...
    රකාරාංශය.....අනෙ අම්මෙ
    රේපය.........හපොයි
    ඍ...ඉරූ...ඏ.... - හයියො
    අං...අහ්.... - අහ්
    ඥඤ ඣ ‍- මං නැතෝ

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ගුග්ල් එකේ උන්ටත් ඔලුව විකාර වෙන්න ඇති මේ අකුරු දැකල..

      Delete
  4. අපේ හෝඩිය දැකල ගූගලා මඤ්ඤං වෙලා වෙන්නැති ඕක අපිටම බාර දෙන්න හිතුවෙ.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් ම ඒක තමා වෙලා ඇත්තේ. උන් හිතනවා ඇති යකෝ සර්ච් එන්ජින් හදනවා කියන්නේ මහ වැඩ ද මේවනෙ රියල් වැඩ කියල.

      අපිට ඕනනම් එකක් හදල ගුග්ල් උන්ට චැලේන්ජ් කරන්න පුළුවන් දිව උළුක් කර ගන්නේ නැතුව කියන්න කියල හෙහ් හෙහ්

      Delete
    2. //යකෝ සර්ච් එන්ජින් හදනවා කියන්නේ මහ වැඩ ද මේවනෙ රියල් වැඩ //

      +++++++++++++++++++++++++++++++++++

      Delete
  5. ඒම එකක් හදන එක අමරුයි. බලමු ට්‍රයක් දාලා..

    ReplyDelete
    Replies
    1. වචන 25ක් පුළුවන් නිසා ටිකක් කල්පනා කලොත් බැරි වෙන එකකුත් නෑ.. මමත් මේ එකක් හිත හිත ඉන්නේ.

      Delete
  6. මට නම් වෙලාවක් නැහැ. දිනන එකත් කියන්න. මෙතනටත් දැම්මා.
    http://nelumyaya.com/?p=3055

    ReplyDelete
    Replies
    1. දිනන එකක් කියල නෑ අජිත් අයියේ. මොකක් හරි එකක් හදන්නයි ඕනේ..

      Delete
  7. අරගෙන තිබ්බ පොත් පෙට්ටියේ හැටියට මමනම් හිතුවේ නෑ උබ මේකේ ආයෙත් කාලයකට පොස්ට් එකක් දැයි කියලා

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ඒවා ගත්තේ පැන්ෂන් ගත්තම කියවන්න බන්.. දැන් සති දෙහෙකට කලිනුත් ගිහින් ආයේ පොත් ගත්තා. ඒක ගැනත් ආයේ පෝස්ට් එකක් ලියන්න ඕනේ.. හෙහ් හෙහ්

      Delete
  8. ගූගල් එකේ බාස් ලා ඔව්වා සේරම එකතු කරලා වාක්‍යක් හදන්න ගියානම් කුණුහරුපයක් වත් හැදෙයි කියලා බය හිතෙන්න ඇති... ඒක හිංදා වෙන්න ඇති ඔය ජොබ් එකත් අපිටම පංගරාත්තු කොරන්ට ඇත්තේ... හැක්!

    ReplyDelete
    Replies
    1. අපි හදන්න ගියත් කුණුහරුප බන් හැදෙන්නේ. ගුගල් එකේ උන් ගැන කවර කතාද.. මමත් එකක් ට්‍රයි කරලා අත් ඇරලා දැම්ම...

      Delete
  9. ඔය ඉංගිරිස් වචන මැද්දට දාල හන්ද මට වැඩේ තේරුනේ නැනේ පැතුම්

    ReplyDelete
    Replies
    1. අටමෝ මේකයි කරන්න තියෙන්නේ. ඔය ඉංග්‍රීසි ෆොන්ට්ස් අපි මැෂින් එකට ඉන්ස්ටෝල් කරනකොට පොඩි වින්ඩෝ එකක් ඕපන් වෙලා එනවා නේද මේ
      "The quick brown fox jumps over the lazy dog" හරි නැත්නම් වෙන ඔය වගේ වචන ටිකක්.

      එහෙම නැත්නම් ඉතින් ඔය ඉන්ස්ටෝල් කරන ෆොන්ට් එකට අදාළ භාෂාවේ හෝඩිය ඔය වින්ඩෝ එකේ පෙන්නනවා. එකේ අරමුණ තමයි අපි ඉන්ස්ටෝල් කරන ෆොන්ට් ඒක කොහොම ද ඒ ඒ අකුරු පෙන්නන්නේ කියන එක ඉන්ස්ටෝල් කරන්න කලින් පෙන්නුම් කරන එක.

      දැන් ඔය "The quick brown fox jumps over the lazy dog" කියන වාක්‍යය ඇතුලේ මුළු ඉංග්‍රීසි හෝඩියම තියෙනවා.

      ගුග්ල් ෆොන්ට්ස් වලට මේ අවුරුද්දේ ඉඳන් සිංහල එකතු වෙන නිසා ඒ සිංහල ෆොන්ට්ස් ඉන්ස්ටෝල් කරන කෙනෙකුට සිංහල හෝඩිය කොහොමද ඒ ඒ ෆොන්ට්ස් වලින් පෙන්නුම් කරන්නේ කියන එක පැහැදිලි වෙන්න තමයි මේ වගේ වැකියක් අපිට ඕනේ.

      සිංහලේ තියෙන ඉස්පිලි පාපිලි කොම්බු පුළුවන් තරම් දාල සරල මොකක් හරි තේරුමක් තියෙන වාක්‍යක් හදන එක තමයි මේ වැඩේ

      Delete
  10. මේක නම් ලේසි වෙන එකක් නැහැ, හැබැයි නිකන් ඉන්න වෙලාවට වැඩ කිරීම ඇඟට අගුනයි :D

    ReplyDelete
  11. අර දේශකයා ගේ පොස්ට්එකේ තියෙන සහශ්‍රයේ ගණිත ගැටලුව වගේ තමයි මේකත්...

    අනිවා මේක "සහශ්‍රයේ තොරතුරු තාක්ෂණ ගැටලුව" වෙනවා..

    ReplyDelete
  12. අයියේ මාසෙකුත් ගියා,, ලියමුකො මොනාහරි

    ReplyDelete
  13. පැතුම් අයියා.. මොකෝ සද්ද නැත්තේ?? මාත් සද්ද නැතුව ඉඳල වටේම කරක් ගහන ගමන්...

    ReplyDelete