Thursday, June 11, 2015

නිකන් ඉන්න ගමන් කරන්න වැඩක් - The quick brown fox jumps over the lazy dog

මේ විස්තරේ මම සම්බන්ධ වෙලා ඉන්න සිංහල යුනිකෝඩ් ගෘප් එකට ලැබුණු පණිවිඩයක්. අපි අතරේ ඉන්න නිර්මාණශීලි, සිංහල දැනුමැති බ්ලොග් කරුවන්ගේ දැන ගැනීම උදෙසා මේ සටහනක් විදියට දාන්නේ. 
මේ තියෙන්නේ සමුහයට ආපු ඊමේල් එකේ තියෙන විස්තරේ.

ඔන්න නිකන් ඉන්න ගමන් වැඩක්... Google Fonts වලට මේ අවුරුද්දේ සිංහල එකතු වෙනවා. එතකොට ඒ ෆොන්ට්ස් පෙන්නන්න අපිට sample text එකක් ඕනේ. English වලට 'Quick Brown Fox, Grumpy wizards make...' වගේ ඒවා තියෙනවා.. සිංහල වලටත් එකක් හදන්න ඕනේ.. වචන 25කට අඩුවෙන් සිංහල වල විවිධ අකුරු හැකිතරම් පෙන්නන එකක් වෙන්න ඕනේ.

- රේපය / රකාරංශය / යංසය තිබය යුතුයි.
- ණ,ෂ, ම, ඩ , ඪ වලින් කිහිපයක්
- හැකිතරම් පිල්ලම්
- හැකිතරම් අකුරු
- දීර්ඝ කොම්බු (කෝ )
- කියවිය හැකි වචන විය යුතුයි
- යම්කිසි තේරුමක් තිබිය යුතුයි.
- ශ්‍රී ලංකාවේ සංස්කෘතියට(පරණ වෙන්න ඕන නැහැ ) සම්බන්ධ යමක් වීම හොඳයි..

මෙතන comment කරන්න,  නැත්නම් මෙතන පොස්ට් කරන්න  :

මේක Google එකට කිසිම සම්බන්ධයක් නැහැ.. නමුත් හොඳම එක Google එකේ use කරාවි. ඔබේ දායකත්වය වෙනුවෙන් කිසිම ගෙවීමක් නැහැ :) නමුත් මේ ෆොන්ට්ස් එලියට දානකොට අපි mooniak හරහා ඔබට ස්තුතිය පලකරන පිටුවේ නම් publish කරනවා.

ඔය නිකන් ඉන්න වෙලාවට මේ තියෙන කොන්දේසි වලට අනුව ගැලපෙන වාක්‍යයක් හිතල බලල ඔය උඩින් කියල තියෙන ලින්ක් වලට ගිහින් පෝස්ට් කරන්න.

වැඩි විස්තර ඕනේ අයට ඔය ඉහත ලින්ක් වලින් ගිහින් දැන ගන්න පුළුවන් වෙයි. මම ඉතින් පොඩි දැනුවත් කිරීමක් උදෙසා මේක දාන්නේ. මිට වඩා දෙයක් මම දන්නෙත් නෑ.

හැබැයි ඉතින් ආතල් ජනක වැඩක් නේද තමන් හදපු  වැකියක් කාලයක් ගියාම  ඔය "The quick brown fox jumps over the lazy dog" වගේ සිංහල ෆොන්ට්ස් ඉන්ස්ටෝල් කරද්දී පේන්න තියෙන එක.

එහෙනම් සිංහල  බ්ලොග්කරුවන් වශයෙන් අපි සිංහල ෆොන්ට් ප්‍රදර්ශන වාක්‍යයක් හදමු ද?