Monday, May 18, 2015

දෙකක් නැත.

ඔවුන් විරයෝය.
එහි දෙකක් නැත.
නමුත්
පරාජිතයෝද මනුෂ්‍යයෝය.
එහිද දෙකක් නැත.

සිංහල දුක
දමිල දුක
කියා ද
දෙකක් නැත



සිංහල දුක තුනී වන්නේ යම් සේද
දමිල දුක තුනී වන්නේ ද එසේමය
එහිද දෙකක් නැත.

48 comments:

  1. සිංහල දුකට පත්තු කරන පහනින් දෙමල සිත් ගිණි ගන්නා බවට දෙකක් නැත

    එයම අනික් පැත්තට සිදුවන බවටද දෙකක් නැත

    ReplyDelete
  2. මනුෂ්‍යත්වයේ දෙකක් නැත.

    ReplyDelete
    Replies
    1. දෙකක් තියෙනවා කියල හිතන අයත් ඉන්න එක නේ මේ අවුල

      Delete
  3. ඔවුන් වීරයෝය, එහි දෙකක් නැත.
    නමුත් පරාජිතයෝ අමනුෂ්‍යයෝය,
    මක්නිසාද යත් පරාජිතයෝ වනාහී ත්‍රස්තයන් මිස දමිළයන් නොවන බැවිනි.

    නිදහසේ හුස්ම උරුම කරදුන් ඔවුනට පින්සිදු වන්නට
    එය තවමත් එකකි. දෙකක් නැත.
    එහෙත් නුදුරේම එය දෙකකි.
    එදිනට ඔවුන් අපහට ශාප කරණු ඇත.

    ReplyDelete
    Replies
    1. 1971 හා 1989/90 ජෙප්පෝද ත්‍රස්තයෝය. එහෙත් සිංහල නිසා ඔවුන් මලවුන් සැමරීම අපිට හොඳය. ත්‍රස්තයෝද දෙමාපියන්ගේ දරුවෝය.අඹුවන්ගේ සැමියෝය දරුවන්ගෙ මව් පියවරුය. ඔවුන් සමරන්නට මානුෂික අයිතියක් ඇති බව අපිට අමතක වෙන්නේ ඇයි සෙන්නා ?

      Delete
    2. සරත් ලංකාප්‍රිය
      පිස්සුද? දෙමළ ගෑනුත් ත්‍රස්තයො! ළමයිත් ත්‍රස්තයො! උන්ට මොන හිමිකම්ද?

      Delete
    3. අපට අවශ්‍ය මියගිය එකා ගේ කැරැට්ටුව ම නොවෙයි. ඔහු අපේ ජන වර්ගයේ ද නැති ද කියන එකයි. උතුරේ මියගිය අය සැමරීම වැරදි ඒ දෙමලු නිසයි. උන්ගේ සොහොන් කොත් ද, ඩෝසර් කර දැමිය යුතුයි.

      ජෙප්පෝ මොනවා කළත් ඒ අපේ උන් ය.

      Delete
    4. සෙන්නා,
      මම ත්‍රස්තවාදියෝ ද මනුෂ්‍යයෝය කියල නොලිය ඔය විදියට ලිව්වේ ඔය වගේ හිතෙන නිසා .

      ඇත්තටම කනගාටුයි අපිට තාම මිනිසුන් ගැන තියෙන සංවේදී කම මේ තරම් අඩු වීම ගැන.

      Delete
    5. සරත් අයියේ මට මතු කරන්න ඕනේ වෙච්ච අදහස තමයි මේක

      [ත්‍රස්තයෝද දෙමාපියන්ගේ දරුවෝය.අඹුවන්ගේ සැමියෝය දරුවන්ගෙ මව් පියවරුය. ඔවුන් සමරන්නට මානුෂික අයිතියක් ඇති බව]

      Delete
    6. රසික,

      මට ජෙප්පන් ව නම් මතක් වුනේම නෑ මේක ලියද්දි.
      මට මතක් වුනේ කවද හරි අපි ඒලියන්ස්ල එක්ක යුද්ධයක් කරලා දිනුවානම් මේ සැමරීම සාධාරනිකර්ණය කරන්න තිබ්බා කියන එක.

      අනිත් අතින් ඉතින් ඒලියන් දුක ගැනත් හිතන්න තරම් අපි සංවේදී වෙන්න ඕනේ හරි නම් :)

      Delete
    7. සරත් අයියා,

      වෙන අයට මඩ ගහන්න මඩ අතට ගන්න එකා මුලින්ම මඩ ගා ගන්නවා වගේ, නිරායුද අහිංසකයන් මරන්න/ත්‍රස්ත කරන්න අවි අතට ගන්න ත්‍රස්තවාදියා මුලින්ම නැති කරගන්නේ උගේ මානව හිමිකමයි. ඊට පස්සේ ඌ මිනිහෙක් නෙමේ. ඌට මානව හිමිකම් නෑ. හැබැයි උගේ අම්මගෙ තාත්තගෙ අයියගෙ අක්කගෙ මානව හිමිකම් ඒකෙන් නැතිවෙන්නෙත් නෑ. ඒ අයට ඌව සමරන්න තියන අයිතිය ගැන මට ප්‍රශ්ණයකුත් නෑ. ත්‍රස්තවාදියා සිංහලද, දෙමළද, ජෙප්පද, කොටියද කියා මෙතනට අදලත් නෑ. ත්‍රස්තවාදියා ත්‍රස්තවාදියාමය.. පොදු යහපත තකා ඌව දු‍ටු තැන විනාශ කරන්න ඕනා. ඒකෙත් ආයෙ දෙකක් නෑ...

      ප්ලේන් එකේ හිටපු එක මනුස්සයෙක්වත් ත්‍රස්ත නොකර ඒක හයිජැක් කරපු සේපාල ඒකනායක ත්‍රස්තවාදියෙක් කියලා එයාට දඬුවම් දෙන්න ඕනා කියපු සරත් අයියා, අහිංසක නිරායුද මිනිසුන් දස දහස් ගනනින් මරලා දාපු ලේ පිපාසිත ත්‍රස්තයන්ගේ මිනීවලවල් ගැන දුක්වීම ගැන පුදුම වෙනවා.

      සැමරීමුත් විවිධාකාරයිනේ සරත් අයියා, සමහරු ආදරයට සමරනවා, සමහරු සල්ලි වලට සමරනව...සමහරු නැති වෙච්ච ආදායම ආයේ ලබා ගන්න සමරනවා....මේ, යුද්ධෙන් පැරදුනේ ත්‍රස්තවාදීන් විතරමයි.. කැමති කැමති අයට උන්ව සමරගන්න පුළුවන්.. ඒකේ කිසි ප්‍රශ්ණයක් නෑ..

      පැතුම්,

      කණගා‍ටුයි, ත්‍රස්තවාදියෝ මනුස්සයෝ නෙමේ.. මනුස්සයන්ට කරණ නිග්‍රහයක් ඕක..

      Delete
    8. සෙන්න ටපලවාගන්න එපා. ත්‍රස්තවාදියාට දඬුවම් දීමයි මියගිය අයෙක් සැමරීම් පින් පැමිණවීමයි කලවම් කරගන්න එපා. රටකට ත්‍රස්තවාදියා වෙන මිනිහා අම්මාට පුතා බිරිඳට සැමියා දරුවන්ට තාත්තා. ඒ මිනිස්සුන්ට අම්මා තාත්තා දරුවා සැමරීමය අයිතියක් තියෙනවා. ඒක ත්‍රස්තවාදියා සැමරීමක් නෙවෙයි. එහෙම නම් ජවිපෙ ඉල් මහ සමරුව අප්‍රේල් සමරුව ත්‍රස්ත සැමරීම්. අමතක කරන්න එපා හැම යුද්දයකදිම අහිංසක මිනිස්සු ලක්ෂ ගණන් මැරෙනවා. ඒ මිනිස්සුත් මේ සැමරීම් හා සබැඳියි.සිංහල දමිල මුස්ලිම් ඈ සියළුම ජනයා එකතුවී යුද්ධය නිසා මළ අය සමරන දවසක් ආ යුතුයි.. ජාතික සමගිය එන්නෙත් යුද්ධ නැවත ඇති නොවෙන යුගය එන්නෙත් එහෙමයි..
      ත්‍රස්තවාදියෝ මනුස්සයෝ නෙවෙයි ? අංගුලිමාල මනුස්සයෙක් නේද ?
      අනික මතක තියාගන්න ත්‍රස්තවාදියෝ කියලා ඔක්කොම දු‍ටුතැන විනාශ කිරීම ශිෂ්ඨ සමාජයේ පිළිවෙතක් නෙවෙයි. ඒකයි 71 /90 විතරක් නෙවෙයි 2009 දිත් අල්ලාගත් ත්‍රස්තවාදීන් පුනරුත්ථාපනය කලේ කරන්නේ. එහෙම හිටි ත්‍රස්තවාදියෝ කී දෙනෙක් අද අපේ රටේම ප්‍රජාතන්ත්‍රවාදී වෙලා ඉන්නවාද ?
      සමහරු මහාචාර්යවරු.. ඇමතිවරු..
      යුද්දෙන් පැරදුනේ ත්‍රස්තවාදියෝ විතරද? අපි පැරදුනේ නැද්ද ? රට විනාශ උනේ නැද්ද ? ආපස්සට ගියේ නැද්ද ? යුද්දය හොඳ දෙයක්ද ? එකම රටක මිනිස්සු තමයි මලේ. සෙන්නා හිතන විදිහටම තමයි ත්‍රස්තවාදියා හිතන්නෙත්.. අනුකම්පා විරහිතව. සෙන්නා වගේ හිතන අය තමයි ත්‍රස්තවාදීන් වෙන්නෙ. ! ඔය ලියන්නෙ හැඟීම් බරව මිස බුද්ධියට ඉඩ දීල නෙවෙයි.. මම නම් බුදු දහම අනුව යන්නෙක්.. මගෙ දැක්ම බුදු දහමේ දැක්ම..

      Delete
    9. සෙන්නා ත්‍රස්තවාදියාගේ මව,පියා,බිරිඳ,සොහොයුරන්,දරුවන් මනුස්සයෝ විදියට සලකන එකට එක බාධාවක් වෙන්නේ නෑනේ.

      ත්‍රස්තවාදියාට දඬුවම දැන් ලැබිල ඉවරයි

      Delete
  4. කාසියක් උඩ දාල වාසනාව උරගාල බලන කොට හැමෝම කතා කරන්නේ දිනපු පැත්ත ගැන.. පරාජිතයටත් පැත්තක් තියෙනව කියල හිතෙන්නේ එහෙමත් කෙනෙකුට..

    ReplyDelete
    Replies
    1. දිනුව කෙනාට තරම්ම වටිනාකමක් තියෙනවා හරි නම්.
      හැබැයි යුද්දෙක ආරම්භයක් සහ අවසානයක් මිසක් ජයග්‍රහණයක් හෝ පරාජයක් නෑ කියල කවුදෝ ලියපු එකක් මම දැක්කා

      Delete
  5. මේ බව අමතක කරන එකාටත් "දෙකක්" නැත. ආයෙ ඒකෙ දෙකක් නැත.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ගොඩක් උන්ට හැබැයි ඕක අමතක වෙනවා

      Delete
  6. සියල්ල පොට පැටලීමේ දේසපාලන කලාව නිසා සිදුවන්නක් බව මගේ හැගීමයි...
    අප යුද්ධ කලේ ත්‍රස්තයන් සමගයි නමුත් ගැටළුව වර්තමානයේ සිටින බහුතරයක් රැඩිකල් වාදී පොරවල්ද යම් යම් කුප්පහි දේසපාලුවන්ද ත්‍රස්තයන් යන වදන වෙනුවට දමිළ ජනයා යන පර්යාය පදය භාවිතා කිරීමයි...

    ReplyDelete
    Replies
    1. අන්තිමට මැරිලා තියෙන්නේ අපි වගේම කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක් බන්. අන්තිමට ඉතුරු වෙලා තියෙන්නේ එච්චරයි

      Delete
  7. දැන්වත් අපි නැවත යුද්ධ අැති නොකර ගැනීමට සිතාගත යුතුයි.... සිංහල දෙමළ කියා දෙකක් නැත... මැරෙන තුවාල වෙන හැමෝම මිනිස්සු.....

    ReplyDelete
  8. රටක එකම ජාතියක් දෙකට බෙදී අවිගත් කල එය සදාකල් සැමරිය යුත්තේ නැවත එවැන්නක් ඇති නොවේවා යයි පතමින්.. එයට සියළු ජනයා එකතුවියයුතුයි.

    ReplyDelete
    Replies
    1. දැන් හරි ඒක පටන් ගන්න හිතන්න ඕනේ.

      Delete
  9. සංහිදියාව හිදී ඇත පත්ලටම...

    ReplyDelete
    Replies
    1. සංහිදියාව උනන්න තව කල් යයි මගේ හිතේ

      Delete
  10. කෙනෙකු පත්තු කරන පහනකින් තවත් හිතක් ගිනිගන්නා බව ඇසීමත් පුදුමයි. එහි ඇත්තේ පහනේ වරදක් නොවේ, හිතේ වරදකි. දමිල ජනතාවට 'ප්‍රභාකරන්' යනු වීරයෙකි. විමුක්තිකමියෙකි. එහි ඇති වරද කුමක්ද? ඔවුන් එසේ සිතන්නට හේතු මොනවාද? ඊටත් වඩා පෙරේතයන්ටත් ගොටු තියන රටක... එහෙම සමරුමක ඇති අමුත්ත ?

    සමරන්නේ කුමක්ද? එය තමයි වැදගත්.

    ReplyDelete
    Replies
    1. මෙච්චර කල් නම් සැමරුවේ "මම පොර" කියන ආතල් එක නේ.

      පෙරේත ගොටු තියන්න තියෙන උනන්දුව අහිංසක මිනිහෙකුගේ දුකක් තේරුම් ගන්න නැති අපි.

      Delete
  11. අපරාදේ නේද තිස් වසක් යුධ කලේ. මුලින්ම ඉල්ලන කොට කෑල්ලක් දුන්නානම් ඉවරනේ. අපි බවුද්දයෝ නිසා යුද අකැපයි. මිනීමරු හමුදාව විසිරුවා හරිනු කියා ඔබලා තව ටික දවාසකින් කියනු ඇත

    මෙන්න මගේ සැමරුම එන්න ඇවිත් අදහස් දක්වන්න

    ReplyDelete
    Replies
    1. එහෙම එකක් නෙවෙයි මචන්. තිස් අවුරුද්දක් යුද්ධ කරපු මෝඩ වැඩේ දැන් හරි නවත්තන්න නම් අපිට මැරෙන හැම එකාම අපි වගේම මිනිස්සු කියන දේ තේරුම් ගන්න වෙනවා.

      කෑලි ඉල්ලන්න හිතෙන විදියට මිනිස්සුන්ව බෙදන්න ඉඩ නොදෙන එක නේද කරන්න ඕනේ.


      උඹේ එක මම ගෙදර ගිහින් බලන්නම්

      Delete
  12. අපට මත්විය
    සම හරක්ට අමතක විය.. ඒකේ දෙකක් ඇත..
    .......................... අවුලක්නෑ ඕක මතක් කොරල කිරිබත් කාපු ජාතියක්නෙ අපි............

    ReplyDelete
    Replies
    1. 30 අවුරුද්දකට පස්සේ දිනීමේ සතුටට කිරිබත් කෑවා කියමුකෝ. හැබැයි හැමදාම කිරිබත් කන්න ඕනේ ද?

      Delete
    2. එතකොට අපි දිනලද?

      Delete
    3. ත්‍රස්තවාදය නැති කිරීම කියන සටනෙන් දිනුවා.

      Delete
  13. කරුණාකර ඔය දෙවෙනි පින්තුරේ තියෙන සමරුව කොහෙද තියෙන්නේ කියා කියන්න.

    ReplyDelete
    Replies
    1. රසික මම ඔය පින්තුර ටික ෆේස්බුක් එකේ තියෙනවා දැකල ගත්තේ. ඇත්තටම කොහේ තියෙන තැනක් ද කියල මම දන්නේ නෑ. පාර්ලිමන්ට් එක ගාව තියෙන ස්මාරකේ ද?

      Delete
    2. රාගම හරියේ තියෙනවා ස්මාරකයක් මියගිය නාවුක හමුදා සෙබළුන් වෙනුවෙන්. මම හිතන්නේ ඔය තියෙන්නෙ ඒක වෙන්න ඕන. ඒක විවෘත කරපු දවසෙ ඔයවගේ දසුන් බොහොම සුලභව දකින්න ලැබුනා.

      Delete
    3. මං හිතුවා හරි, ඔය ඡායාරූප වල ඉන්නා දෙතුන් දෙනෙක් දැක පුරුදු මුහුණු කියායි මට හිතුණේ.

      මැද හරියේ රැවුල වවාගෙන ඉන්නේ නන්දන මාරසිංහ ද? විශ්ව විද්‍යාල සිසුන් කීප දෙනෙකුමත් ඉන්නවා වගෙයි.

      Delete
  14. හැමෝම මිනිස්සු,කාටවත් පරණ තුවාල පාරල දාන්න තියන්න හොඳ නැහැ.

    ReplyDelete
    Replies
    1. මගේ අදහසත් ඕක තමයි. ත්‍රස්තවාදය ඉවරයි. ඒක ඉවර වුනේ සිංහල දෙමළ හැමෝටම.

      Delete
  15. අමතක නොකරන අතරම අමතක කල යුතුය. උභතෝකෝටිකයක් සේ පෙනුනද ඒ වනාහී පරම සත්‍යයයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. අමතක නොකර, අමතක කරන්න වෙනවා

      Delete
  16. පරාජිතයෝ ගැන ලෝකෙයේ කිසිම රටක කතාවෙන්නේ නැතුව ඇති..

    ReplyDelete
  17. තමුන්ගේ මතය වෙනුවෙන් සටන් කරපු හැම මනුස්සයම එක වෙන්න ඕන.

    ReplyDelete