Monday, April 20, 2015

දවල් හීන

නිකන් ඉන්න වෙලාවක බලාගෙන කුරුටු ගාපු චිත්‍රයක් 


වෙලාව යනවා දැනෙන්නේ නෑ ..
ඉන්නේ කොහෙද කියල මතක නෑ ..
කෑවද බිව්වද කියල ගානක් නෑ ..
 වටේ පිටේ ඉන්න මිනිස්සු ගැන නිනව්වක් නෑ ..
පටන් ගන්න තැනක් නෑ 
ඉවර වෙන තැනක් නෑ ..

මුළු සක්වලේම ඇවිදින්නත්  පුළුවන් 
නැත්නම් 
අල්ලපු ගෙදර කෙල්ල ගැන හිතන්නත් පුළුවන් 
එත් නැත්නම් 
රට හදන්න පුළුවන් 
හොරු අල්ලන්න පුළුවන් 
රට දියුණු කරන්න පුළුවන් 

ඒවා කම්මැලි නම් 
සුපර් හීරෝ කෙනෙක් 
ඔය ඉන්න හැම එකාටම තියෙන පවර් ඔක්කොම තියෙන තව එකෙක් 
මොනවගේ ඇඳුමක් හොඳයි ද ?
ඌ ට ඉන්න දුෂ්ටයෝ මොන වගේ ද ?
වාහනේට ලැම්බෝගිනියක් හොඳයි ද ?
නැත්නම් හෙලිකොප්ටරයක් !
බකින්හැම් අශ්වයෙක් !!!!

අල්ලපු ගෙදර කෙල්ල එච්චර සිරා නෑ ..
ඒ වගේ ද ඊට එහා ගෙදරට එහා ගෙදර ඉන්න නංගි ..
එයාගෙත් ඒ හැටි ගත යුත්තක් නෑ වගේ ..
ඔය ඔක්කොටම වඩා හොඳ හඳ වගේ ලස්සන 
හරීම අහිංසක 
අනේ හරි ෂෝයි 

එදා අරූ කරපු වැඩේ චාටර් 
ඌ ට එහෙම නොකර ඒක මෙහෙම කරන්න තිබුනනේ 
අනිත් එක අර මනුස්සය මොනවා හිතන්න ඇද්ද 
අනේ ඌ මොනවා හිතුවහම මට පාන් ද 
මොනවා උනත් අරූ කරපු වැඩේ වැරදි 

දැන් ඔය ඉන්දන ඉවර වුනාම 
මොනවා වෙයි ද දන්නේ නෑ 
ඉවර වෙන්න කලින් මොකක් හරි එකක් හොයා ගනියි 
මම නම් හිතන්නේ න්‍යෂ්ටික ශක්තියෙන් හරි හයිඩ්‍රජන් හරි එයි 
ඔය කිව්වට කරන්ට් එකෙන් දුවන්න කරන්ට් එක තියෙන්න එපැයි

 ආයේ අශ්ව කරත්ත ආවොත් මරු 
බ්‍රිස්කෝ කවුන්ට් ජුනියර් වගේ ඉන්න පුළුවන් 
මම හිතන්නේ 
කාර්මික යුගයේ ආරම්භය මිට වඩා රසවත් ව තියෙන්න ඇති
කව් බෝයිස් ල 
දුම් කෝච්චි 
කොහොමද බ්‍රිස්කෝ ගේ අස්වයා බයික් එකත් එක්ක දුවන රේස් එක 

සමාජවාදේ නම් අනේ මන්ද 
පශ්චාත් නුතනවාදී සන්ධර්භයක් ඇතුලේ 
ප්‍රජාතාන්ත්‍රිකව ඉන්න තියෙන එකම මදැයි 
මුන්ට ලුස් ද කොහෙද මොන මගුලක්වත් තේරෙන්නේ නෑ 

මොනවා උනත් සල්ලි තියෙන්න ඕනේ 
එක නැත්නම් ඔය මොකක් වත් වැඩක් නෑ 
ඒ වුණාට සල්ලි නෙවෙයි නේ ජිවිතේ 
අනේ බම්බුව 

නෑ ඒ වුනාට සල්ලි තියෙන්න ඕනේ නෑනේ ආතල් එකේ ඉන්න 
ආතල් ඔක්කොම තියෙන්නේ දැන් සල්ලි තිබිල ඔක්කොම කෙරෙන නිසා නේ 
ඒ වුනාට සරල ජිවිතේ සැපයි 
ඔව් ඉතින් සරල වෙන්න පුළුවන් නම් සැපයි 
බැරි වැඩ 

මේ ආගම් මහා බොරුවක් 
බොරුවක් නේන්නම් 
මිනිස්සුන්ගේ හිතේ තියෙන බය
බොරු බයක් ඇති කරලා එකට සැනසීම දෙනවා 

එහෙම ආගම් වලට බනින්න බෑ හැබැයි 
මොකද උපතින් ම දුෂ්ට ගති තියෙන මිනිස්සු ටිකක් හරි හොඳ වෙනවා 
ආගම් වෙනුවෙන් මරා ගන්න උන් ට නම් පිස්සු 
කවුද කියන්නේ මිනිස්සු උපතින්ම දුෂ්ටයි කියල 
දන්න බම්බුව 

හරි හරි උඹ තමයි ඔක්කොම දන්නේ උඹ පොර 

ඊයෙ රෑ කාපු කොත්තුව නම් පට්ට 
අදත් යන්න ඕනේ 
කෙහෙල් මල මේ බඩත් එක්ක බෑනේ 
බඩ නිකන් කලේ වගේ 

හැබැයි මේ යන විදියට ඉස්සරහට ඔය දියවැඩියාවට කොලෙස්ටරෝල් වලට 
ඔය තියෙන ඔක්කොම පොෂ් ලෙඩ වලට 
නිට්ටාවට හොඳ වෙන බෙහෙත් එයි 
දැන් ඔන්න ඔහේ කාල ඉන්නවා 

දැන් ඉස්සරට වඩා මිනිස්සුන් ගේ ආයු කාලෙත් වැඩි වෙලානේ 
ඉස්සරහට තව වැඩි වෙයි 
ඒ හැටි බය වෙන්න දෙයක් නෑ .

අපරාදේ තාත්ත හිටියනම් 
ඒ කාලේ ඔය ලෙඩ ගැන බෙහෙත් ගැන හරියට දන්නේ නෑනේ 
දැන් උනානම් පිටරටක හරි එක්කන් ගිහින් බේර ගන්න තිබුන.
මොනවා කරන්නද ඉතින් 
හොඳ තැනක ඇති 

ඇත්තටම ඉතින් මේ සංසාරෙ දුකයි තමයි 
ඉපදෙනවා මැරෙනවා 
දුක ම තමයි 
එහෙම කියල ඉතින් ඉන්න කාලේ මල පෙරේතයෝ වගේ ඉන්න බෑනේ 
සතුටින් ඉන්න ඕනේ .

ඔය පෙර ආත්ම වල තියෙන පුරුදු මේ ආත්මෙදිත් තියෙනවා කියන්නේ 
ඒ කියන්නේ මේ ජිවිතේ සතුටින් සැහැල්ලුවෙන් ඉන්න ඕනේ 
සසර කලකිරිලා වගේ ජිවත් වෙන්න පුරුදු වෙන්න හොඳ නෑ 
බැරි වෙලා හරි ආයේ ඉපදුනොත් 

මේකයි ඉතින් 
ඔය සංසාරෙ uncertain නේ 
ඔය uncertain දේ ගැන නෙගටිව් විදියට හිතන්නේ මොකෝ 
සුබවාදීව බලන්න පුළුවන් නේ 

රෙද්ද තමයි පොසිටිව් තින්කින් 
තනි බිස්නස් එකක් 

හැබැයි ඉතින් නන්නත්තාර වෙලා ඉන්න මිනිස්සුන්ට 
ගැම්මක් ගන්න උදව් වෙනවා 

ගැම්මක් කිව්වට ඇඟට කිසි ෆිට් එකක් නෑ 
ජිම් එකටවත් යන්න ඕනේ 
ජිම් ගියා කියල ඉතින් තෙල බහින්නේ නෑ 
අඩේ ඔය ෆැට් බර්නින් වලටත් පෙත්තක් හොයා ගනියි ද දන්නේ නෑ 
සිරා නේ 

දැන් ඒ කාලේ මිනිස්සු මහන්සි වෙලා වැඩ කලාට 
අපි මොනවට මහන්සි වෙන්නද 
මේ හැමදේම කරන්නේ මහන්සි නොවී නිකන් ඉන්න නේ 
දැන් මහන්සි වෙනවා පස්සේ නිකන් ඉන්න 
පිස්සු ද මන්ද අපිට 
දැනුත් නිකන් ඉන්න පුළුවන් නේ 

අර කොමට් එකට බැහැපු යානෙට මොකක් වුනාද දන්නේ නෑ 
නසා එකේ උන් මොකක් හරි කරන්න ඇති 
මට මොකෝ 
නාසා නෙවෙයි ඊසා නේද 

හැම එකාම නිකන් හිටියනම් 
කොහොමට තියෙයි ද මේ ලෝකේ 
හෙහ් හෙහ් 

අම්මට හුඩු හෙට වැඩ !!!!!

33 comments:

  1. මට පිස්සු ඔව් මට පිස්සු ඔව් මට පිස්සු
    ඔව් මට පිස්සු ඔව් මට පිස්සු ඔව් මට පිස්සු

    (චිත්රේ නියමයි එච්චරයි මතක )

    ReplyDelete
    Replies
    1. ඕනෑම වෙලාවක හිත දිහා බලාගෙන හිටියනම් පේනවා අපිට කොච්චර පිස්සු ද කියල හෙහ් හෙහ්

      මෙහෙම ඉන්න එකත් ලොකු දෙයක් කියල හිතෙන්නේ නැද්ද

      Delete
  2. නැත්ද හොරෙන් ගෙනාපු
    නිත්‍යානුකුන නොවෙන එතනෝල් ටිකක්?
    එක්කෝ කොටිකාවත්තෙ බස්සපු
    ගිණි ගණන් කුඩු ටිකක්
    සූර් වෙලා කියවන්න..
    අපූරු පද ටිකක්??

    ReplyDelete
    Replies
    1. තාම මතට තිත තිබ්බේ නෑනේ යහපාලනෙන්
      හොයා ගන්න පුළුවන්
      වෙලේ සුදා ඇතුලේ හිටියට
      දුමියා එළියේ නේ

      හෙහ් හෙහ්

      එතනෝල් ගැනත් සද්දයක් නෑනේ තාම
      හොයා ගෙන සූර් වෙයන්
      ස්තුතියි සෑම්

      Delete
  3. අඩේ පැතුමෝ ... මල සේක කිව්වලු...

    මේකෙන් බාගෙට බාගයක්ම බොලේ ඒ පිළිවෙලටම ඊයෙත් මම හිතුවනේ..... පැතුමා දැක්කා වත්ද?

    කෝමත් ගෙදර ඉන්න හඳ වගේ එක්කෙනාට 2, 4 කොටස් ටික නොපෙන්නා උන්නොත් වලං කරක් නැතුව ඉන්ට ඇහැක් වෙයි ටික දවසකට.
    අර සුපර් හීරෝ කතාව නම්.... ( අනේ මන්ද මෙව්වා කියල රට්ටු මොනවා නොකියයිද කියල) මම හැමදාම එකම විදියට හිතනවනේ බොලේ..... ඇඳුම ගැන තමයි වැඩිපුරම හිතන්නේ.

    මම හිතන එව්වා කිව්වොත්... හුහ්... මෙව්වා දවල් හීන වෙන්නේ නැහැ අම්මෝ නැහැ...

    ReplyDelete
    Replies
    1. ගණන් ගන්න එපා මෙයා
      අපි ඔක්කොටොම තියෙන්නේ එකම අවුලක්
      සැරෙන් සැරේ ඕවා එලියට එනවා .. හෙහ් හෙහ්

      ගෙදර ඉන්න හඳ පර්මිෂන් දීලා තියෙන්නේ චීන නංගි කෙනෙක් හොයා ගන්න
      මගේ නොහැකියාව තමා අවුලකට තියෙන්නේ :)

      ඔය විදියේ සුපර් හීරෝ කෙනෙක් හැදුවට පස්සේ අනිත් උන්ට කෙලවෙන නිසා මම වැඩිදුර ඒ ගැන හිතන්නේ නෑ ... මොකද උනුත් ඉන්න එපෑ

      මෙතනින් මේක නතර කර ගත්තේ බොහොම අමාරුවෙන් දවල් හීන කියල වෙනම බ්ලොග් එකක් පටන් අරන් ලියන්න දේවල් තියෙනවා

      හෙහ් හෙහ්

      Delete
    2. අර කිව්වත් වගේ එහෙම කිව්වයි?

      මේ.. පැතුමෝ...
      ලියමුකො එහෙනම් ඒ බ්ලොග් එක. මම දෙන්නම් දවසට දෙක තුන. මෙව්වා අපේ බ්ලොග් වල ලිව්වම මිනිස්සු කරන ප්‍රසංසා දරාගන්න බැරිවෙයි නැත්තම්.

      Delete
  4. කොහේ හරි තිබිල මල් පැකට් එකක්වත් හම්බ උනාද?

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් අඩෝ මල් ගැහුවහමත් මෙහෙමද ? සැහ් මම මෙච්චර කල් මල් නොගහ ඉඳල කරලා තියෙන්නේ ජාතික අපරාදයක් නේ ..

      Delete
  5. //හැම එකාම නිකන් හිටියනම්
    කොහොමට තියෙයි ද මේ ලෝකේ//
    නිකන් කිව්වේ ඇඳුම් නැතුව කියන එකද බන් ??

    ReplyDelete
    Replies
    1. මේවා උබලට තේරෙන් නැහැ අපි වගේ උසස් රසවින්දනයක් තියෙන් ටෝයියන්ට විතරයි තේරෙන්නේ

      Delete
    2. මැලයෝ අඩෝ සිරාවට එහෙම හිටියනම්කොහොමට හිටීද ඒක මතක් වුනා නම් එලි වෙනකම් මේක ලියන්න තිබ්බා හෙහ් හෙහ්


      ඕමා , කියල වැඩක් නෑ උසස් කිව්වේ උසස් එකෙත් හොඳම එක තියෙන්න ඕනේ මේක බොක්කටම වදින්න හෙහ් හෙහ්

      Delete
  6. පිස්සු පීකුදු බීස්ටේක් කිවුවලු!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ගණන් ගන්න එපා දවල් හීනනෙ

      Delete
  7. ලෝකය වටේ ම ගිහිල්ලා අැවිත් බැස්සා වගේ දැනෙනවා

    ReplyDelete
    Replies
    1. දවල් හීන කියන්නේ ඉතින් සිමා මායිම් නැති අධිවේගී ප්‍රවාහන මාධ්‍යක් නේ .. හෙහ් හෙහ්

      Delete
  8. මෙන්න පැතුම් අර එදා හොයාපු සින්දුව.. හොයාගන්ට චුට්ටක් පරක්කු වුනා..

    හේ හෙලයි හෙලයි ලෝ - හේ හෙලයි හෙලයි ලෝ
    හෙලවාලේ හේලලමා - ලේ ලකඩි ලෝ
    හේ හෙලයි හෙලයි ලෝ

    සන්තානම් පල්ලි යන්න - ලේ ලකඩි ලේ ලෝ
    ජේසුතුමන් වැඳලා එන්න - ලේ ලකඩි ලේ ලෝ
    සන්තානම් පල්ලි යන්න - ලේ ලකඩි ලේ ලෝ
    පාලවියෙන් හැරිලා එන්න - ලේ ලකඩි ලේ ලෝ

    මුල්ලදූව ගම වෙසෙනා - ලේ ලකඩි ලේ ලෝ
    මැගි අක්කගෙ දුව සොබනා - ලේ ලකඩි ලේ ලෝ
    බැඳලා මාල ගිරවි වගේ - ලේ ලකඩි ලේ ලෝ
    ගහලා කටු මොණරි වගේ - ලේ ලකඩි ලේ ලෝ

    පලි: වෙන දාන්ට තැනක් නැති නිසා ඔන්න මෙතැන දැම්මා.. කට්ටිය මට බනින්ට එපෝ! :-)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බුරා ... මම මේක අර තිස්ස අයියගේ පෝස්ට් එකටම දාන්නම් .. එතනන කතාව තියෙන්නේ

      මේ අර යේං යෙලෝ කෑල්ල නැද්ද එතකොට මේ සිංදුවේ ?

      Delete
    2. ඕකෙ නිව් වර්ෂන් එකක් තියේලු නන්දා මාලිනි කියන.. මටනං අහුවෙලාම නෑ.. පොඩ්ඩක් හොයලා බලන්ට, ඒකෙද දන්නෙ නෑ 'යේං යෙලෝ' කෑල්ල තියෙන්නෙ..

      Delete
    3. නෑ නෑ...
      මේකෙම එක නෙවෙයි මම හිතන්නේ.

      "අඩි යෙල වලෙයි හේවාලෙයි
      යෙල වලේ හේලෝ
      හෙලම්මා හේලවලේ
      හෙලවලයා හේලවලේ....."

      කියල ඒකෙ කියන්නේ. මට දැන් ඔක්කොම මතක් වෙන්නේ නැහැ. තිබ්බේ 'පවන' එකේ හරි ඊට සමකාලින සින්දු ටිකකුත් එක්ක.

      Delete
  9. ඔලුව යටට නවල කරකෝල අතැරිය වගේ... චිත්තරේ මරු ඈ....

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් කියල වැඩක් නෑ .. වයර් මාරු වුනාම දවල් හීන දකින්නේ මේ විදියට .. බොහොම ස්තුතියි සජ්ජා

      Delete
  10. //මොනවා උනත් අරූ කරපු වැඩේ වැරදි//
    ඔව්වොව්.. අවුල් වන්නට පෙර ලියන ටික
    ලියල ඉවර කරන්න තිබුණා අරූට..

    චීනෙක් ගෙන් අතමාරුවක් ඉල්ලන්
    යන්නෝනෙ බැරැක් ඔබාමා හම්බෙන්ට
    නිකං ඉන්නෙකේ ඉල්ලල බලනව රොකට් එකක්
    වැරදිලාවත් දුන්නොත් එහෙම..
    රොකට් එකක්නේ හඳට යන්න..
    නොදුන්නොත් උපරිම වචනයක් අහක යයි..
    අඩෙ අප්පා දැන් යහ පලනේ
    චීන ණය දෙයිද දන්නෑ
    නොදුන්නොත් මගේ රොකට් හීනේ වතුරේ..
    ඉස්සරනම් ගියා අපි හඳට
    පනහේ රොකට්ටෙකක් තුන්දෙනෙක් එක්ක ගැහුවම
    කොහෙද අප්ප දැන් නෑනෙ
    හදිස්සියකටවත් එකක් හොයාගන්න..
    වලාන දූශණ මර්ධනේ උන්ට නම්
    හොඳටෝම පිස්සු අප්ප..

    හුටා මං වැඩ නේද මේ වෙලාවේ..

    ReplyDelete
    Replies
    1. වැඩ වෙලාවේදී දවල් හීන දකින එක නම් බයානකයි පුතෝ .. සමහර වෙලාවට හෙන බුල් කෙලිනවා ඔය වගේ දවල් හීන බල බල ඉඳල පස්සේ වැඩ කරන්න ගත්තම

      බොහොම ස්තුතියි

      Delete
  11. මේවා දවල් හීන නෙවෙයි අප්පා
    අපේ පරම්පරාවේ කල දවස ගෙවෙන හැටි
    චැට් එකෙයි ලැප් එකෙයි ටැබ් එකෙයි
    රට හදන හැටි, සල්ලි හොයන හැටි
    ජාතිය බේර ගන්න හැටි, ගෑනු අඳින හැටි
    තත්පරෙන් තත්පරේ වෙනස් තිරවල
    හොයා හොයා වදවෙන
    නුතන විපරිත ජීවිතය

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ .. කාමරයක් අස්සේ හිරවෙලා ලැප්ටොප් එකෙන් ලෝකේ බලාගෙන සල්ලි පස්සේ දුව දුව ජිවත් වෙන අපේ ජිවිත

      Delete
  12. නව පරපුරේ ගායකයෙකුට අහු වුනොත් සිංදුවක් කරයි.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් සිංහල රැප් එකක් කරන්න නම් මරු මම හිතන්නේ මේවා

      Delete
  13. අවුරුදු උත්සවේ පැත්තෙ ආවද ?

    ReplyDelete
    Replies
    1. මම අවුරුදු උත්සවේට ආවේ නෑ සිරා . හවස ආවා නාට්ටිය බලන්න

      Delete
  14. කදිම සිතිවිලි සිතුවමක්

    ReplyDelete