Monday, April 20, 2015

දවල් හීන

නිකන් ඉන්න වෙලාවක බලාගෙන කුරුටු ගාපු චිත්‍රයක් 


වෙලාව යනවා දැනෙන්නේ නෑ ..
ඉන්නේ කොහෙද කියල මතක නෑ ..
කෑවද බිව්වද කියල ගානක් නෑ ..
 වටේ පිටේ ඉන්න මිනිස්සු ගැන නිනව්වක් නෑ ..
පටන් ගන්න තැනක් නෑ 
ඉවර වෙන තැනක් නෑ ..

මුළු සක්වලේම ඇවිදින්නත්  පුළුවන් 
නැත්නම් 
අල්ලපු ගෙදර කෙල්ල ගැන හිතන්නත් පුළුවන් 
එත් නැත්නම් 
රට හදන්න පුළුවන් 
හොරු අල්ලන්න පුළුවන් 
රට දියුණු කරන්න පුළුවන් 

ඒවා කම්මැලි නම් 
සුපර් හීරෝ කෙනෙක් 
ඔය ඉන්න හැම එකාටම තියෙන පවර් ඔක්කොම තියෙන තව එකෙක් 
මොනවගේ ඇඳුමක් හොඳයි ද ?
ඌ ට ඉන්න දුෂ්ටයෝ මොන වගේ ද ?
වාහනේට ලැම්බෝගිනියක් හොඳයි ද ?
නැත්නම් හෙලිකොප්ටරයක් !
බකින්හැම් අශ්වයෙක් !!!!

අල්ලපු ගෙදර කෙල්ල එච්චර සිරා නෑ ..
ඒ වගේ ද ඊට එහා ගෙදරට එහා ගෙදර ඉන්න නංගි ..
එයාගෙත් ඒ හැටි ගත යුත්තක් නෑ වගේ ..
ඔය ඔක්කොටම වඩා හොඳ හඳ වගේ ලස්සන 
හරීම අහිංසක 
අනේ හරි ෂෝයි 

එදා අරූ කරපු වැඩේ චාටර් 
ඌ ට එහෙම නොකර ඒක මෙහෙම කරන්න තිබුනනේ 
අනිත් එක අර මනුස්සය මොනවා හිතන්න ඇද්ද 
අනේ ඌ මොනවා හිතුවහම මට පාන් ද 
මොනවා උනත් අරූ කරපු වැඩේ වැරදි 

දැන් ඔය ඉන්දන ඉවර වුනාම 
මොනවා වෙයි ද දන්නේ නෑ 
ඉවර වෙන්න කලින් මොකක් හරි එකක් හොයා ගනියි 
මම නම් හිතන්නේ න්‍යෂ්ටික ශක්තියෙන් හරි හයිඩ්‍රජන් හරි එයි 
ඔය කිව්වට කරන්ට් එකෙන් දුවන්න කරන්ට් එක තියෙන්න එපැයි

 ආයේ අශ්ව කරත්ත ආවොත් මරු 
බ්‍රිස්කෝ කවුන්ට් ජුනියර් වගේ ඉන්න පුළුවන් 
මම හිතන්නේ 
කාර්මික යුගයේ ආරම්භය මිට වඩා රසවත් ව තියෙන්න ඇති
කව් බෝයිස් ල 
දුම් කෝච්චි 
කොහොමද බ්‍රිස්කෝ ගේ අස්වයා බයික් එකත් එක්ක දුවන රේස් එක 

සමාජවාදේ නම් අනේ මන්ද 
පශ්චාත් නුතනවාදී සන්ධර්භයක් ඇතුලේ 
ප්‍රජාතාන්ත්‍රිකව ඉන්න තියෙන එකම මදැයි 
මුන්ට ලුස් ද කොහෙද මොන මගුලක්වත් තේරෙන්නේ නෑ 

මොනවා උනත් සල්ලි තියෙන්න ඕනේ 
එක නැත්නම් ඔය මොකක් වත් වැඩක් නෑ 
ඒ වුණාට සල්ලි නෙවෙයි නේ ජිවිතේ 
අනේ බම්බුව 

නෑ ඒ වුනාට සල්ලි තියෙන්න ඕනේ නෑනේ ආතල් එකේ ඉන්න 
ආතල් ඔක්කොම තියෙන්නේ දැන් සල්ලි තිබිල ඔක්කොම කෙරෙන නිසා නේ 
ඒ වුනාට සරල ජිවිතේ සැපයි 
ඔව් ඉතින් සරල වෙන්න පුළුවන් නම් සැපයි 
බැරි වැඩ 

මේ ආගම් මහා බොරුවක් 
බොරුවක් නේන්නම් 
මිනිස්සුන්ගේ හිතේ තියෙන බය
බොරු බයක් ඇති කරලා එකට සැනසීම දෙනවා 

එහෙම ආගම් වලට බනින්න බෑ හැබැයි 
මොකද උපතින් ම දුෂ්ට ගති තියෙන මිනිස්සු ටිකක් හරි හොඳ වෙනවා 
ආගම් වෙනුවෙන් මරා ගන්න උන් ට නම් පිස්සු 
කවුද කියන්නේ මිනිස්සු උපතින්ම දුෂ්ටයි කියල 
දන්න බම්බුව 

හරි හරි උඹ තමයි ඔක්කොම දන්නේ උඹ පොර 

ඊයෙ රෑ කාපු කොත්තුව නම් පට්ට 
අදත් යන්න ඕනේ 
කෙහෙල් මල මේ බඩත් එක්ක බෑනේ 
බඩ නිකන් කලේ වගේ 

හැබැයි මේ යන විදියට ඉස්සරහට ඔය දියවැඩියාවට කොලෙස්ටරෝල් වලට 
ඔය තියෙන ඔක්කොම පොෂ් ලෙඩ වලට 
නිට්ටාවට හොඳ වෙන බෙහෙත් එයි 
දැන් ඔන්න ඔහේ කාල ඉන්නවා 

දැන් ඉස්සරට වඩා මිනිස්සුන් ගේ ආයු කාලෙත් වැඩි වෙලානේ 
ඉස්සරහට තව වැඩි වෙයි 
ඒ හැටි බය වෙන්න දෙයක් නෑ .

අපරාදේ තාත්ත හිටියනම් 
ඒ කාලේ ඔය ලෙඩ ගැන බෙහෙත් ගැන හරියට දන්නේ නෑනේ 
දැන් උනානම් පිටරටක හරි එක්කන් ගිහින් බේර ගන්න තිබුන.
මොනවා කරන්නද ඉතින් 
හොඳ තැනක ඇති 

ඇත්තටම ඉතින් මේ සංසාරෙ දුකයි තමයි 
ඉපදෙනවා මැරෙනවා 
දුක ම තමයි 
එහෙම කියල ඉතින් ඉන්න කාලේ මල පෙරේතයෝ වගේ ඉන්න බෑනේ 
සතුටින් ඉන්න ඕනේ .

ඔය පෙර ආත්ම වල තියෙන පුරුදු මේ ආත්මෙදිත් තියෙනවා කියන්නේ 
ඒ කියන්නේ මේ ජිවිතේ සතුටින් සැහැල්ලුවෙන් ඉන්න ඕනේ 
සසර කලකිරිලා වගේ ජිවත් වෙන්න පුරුදු වෙන්න හොඳ නෑ 
බැරි වෙලා හරි ආයේ ඉපදුනොත් 

මේකයි ඉතින් 
ඔය සංසාරෙ uncertain නේ 
ඔය uncertain දේ ගැන නෙගටිව් විදියට හිතන්නේ මොකෝ 
සුබවාදීව බලන්න පුළුවන් නේ 

රෙද්ද තමයි පොසිටිව් තින්කින් 
තනි බිස්නස් එකක් 

හැබැයි ඉතින් නන්නත්තාර වෙලා ඉන්න මිනිස්සුන්ට 
ගැම්මක් ගන්න උදව් වෙනවා 

ගැම්මක් කිව්වට ඇඟට කිසි ෆිට් එකක් නෑ 
ජිම් එකටවත් යන්න ඕනේ 
ජිම් ගියා කියල ඉතින් තෙල බහින්නේ නෑ 
අඩේ ඔය ෆැට් බර්නින් වලටත් පෙත්තක් හොයා ගනියි ද දන්නේ නෑ 
සිරා නේ 

දැන් ඒ කාලේ මිනිස්සු මහන්සි වෙලා වැඩ කලාට 
අපි මොනවට මහන්සි වෙන්නද 
මේ හැමදේම කරන්නේ මහන්සි නොවී නිකන් ඉන්න නේ 
දැන් මහන්සි වෙනවා පස්සේ නිකන් ඉන්න 
පිස්සු ද මන්ද අපිට 
දැනුත් නිකන් ඉන්න පුළුවන් නේ 

අර කොමට් එකට බැහැපු යානෙට මොකක් වුනාද දන්නේ නෑ 
නසා එකේ උන් මොකක් හරි කරන්න ඇති 
මට මොකෝ 
නාසා නෙවෙයි ඊසා නේද 

හැම එකාම නිකන් හිටියනම් 
කොහොමට තියෙයි ද මේ ලෝකේ 
හෙහ් හෙහ් 

අම්මට හුඩු හෙට වැඩ !!!!!