Monday, December 08, 2014

වෘකයාගේ ආගමනය !!!

මොකුත් ලියන්න දෙයක් ඔළුවට එන්නේ නැතුව ඔපිස් එකේ වැඩට හිර වෙලා ඉන්න අතරේ එකපාරටම මෙන්න ආයෙත් වෘකයා එනවා කියල නිවුස් එකක් දැක්ක. ඕ ... මයි ..වෘකයා !!!!!! ..

මේ වෘකයා ගැන ඉතින්  අලුතින් කියන්න දෙයක් නෑනේ .. දන්නේ නැති අය  මෙතනට ගිහින් විස්තරේ බලා ගන්න ..

ගිය සැරේ ගත්ත පොත් සෙට් එක කන්දක් වගේ ගොඩ ගහගෙන ඉන්න අතරේ මෙන්න මේකා ආයේ අපේ පළාතේ එනවා කියල යාලුවෙක් බුකියේ දාල තිබුනා .... 

"තාම අර ගත්ත පොත් කියෙව්වේත්  නෑ නේ .. මොකට තව පොත් ගොඩ ගහගන්නවද .. ඕව තියන්න ඉඩත් නෑ ..."  

"ඇහ් .. මොකද කියෙව්වේ නැත්තේ පොත් දෙකක් එහෙම් පිටින් ම කියවල ඉවර කළා ..  මෙන්න සයිස් එක පොතක් ... මේවා මේ ගන්නේ ඉන්වෙස්ට්මන්ට් විදියට .. අනාගතේට  පැන්සන් ගත්ත කාලෙට කියවන්න  .. දැන් කියවන්න නෙවෙයි .. "

"ඕනේ එකක් කරගන්න. අපරාදේ සල්ලි .. ඇඳුම් කෑලි කියක් ගන්න පුළුවන් සල්ලි ද ඔය ..."

"ඔයාට ඕව තේරෙන්නේ නෑ .. මේවා හෙන සම්භාව්‍ය කෘතීන් .. ඔය ඇඳුම් කෑලි වගේද "

"ඕනේ එකක් කරගන්න !!"

ඔන්න ඔය විදියට මණ්ඩලේ අපෘවල් එක ලැබුණ ..

ඊයෙ උදේම යෙදුනු නැකතින් නැගිටලා කා බී  සියලු වැඩ අත් හැර, පැය  2ක් විතර ට්‍රයි කරලා ටැක්සියක් හොයාගෙන රවුමක් ගිහින්  මණ්ඩලේ කටයුතු අහවර කරලා  මණ්ඩලේ නැවත ටැක්සියෙන් ගෙදර එවලා මම ගියා වෘක හාමිගේ සාදයට .. වෘක හාමිගේ සාදය කියන්නේ ඉස්සර මම ආසාවෙන් කියවපු පොඩි කතන්දර පොතක් .. හෙන ලස්සන චිත්‍ර තිබුණු පොඩි කතා පොතක් ..

මේ තියෙන්නේ  සූ ගාල පොත් ..


මේ සැරේ කලින් සැරේ වගේ පෙට්ටිය පුරවලා පොත් දෙන සීන්  එක තිබුනේ නෑ ... පොත් වල ගාන ටිකක් වැඩියි .. ලකුණු කරපු මිලට සාමාන්‍ය විදියට පොත් ගැනීමක් තමයි තිබුනේ ..

මුලින් ම ඉතින් වටේම ඇහැ දාගෙන රවුමක් ඇවිද්ද ... අපරාදේ කියන්න බෑ  සිරා පොත් තියෙනවා ..

ඊට පස්සේ අපේ රිසි මල්ලි ට (ඒ කියන්නේ අක්කාගේ පුතා) ඕනෙයි කියපු මේ 


පොත් සෙට් එක හොයාගෙන ගියා .. චීන නංගිලා කීප දෙනෙක් ගෙන් ම ඇහුවට ඒ ළමයි පෙන්නපු කිසිම තැනක පොත තිබ්බේ නෑ .. පස්සේ ඉතින් පොඩි එකාට  පොත් හෙවිල්ල පැත්තක තියල මම වැඩේ පටන් ගත්තා ..

ගිය සැරේට වැඩ හොඳ තත්වයේ පොත් තිබුනා .. ඒ වගේම පොත් ප්‍රමාණයත් වැඩියි .. මේ සැරේ පෙට්ටිය පුරවල ගන්න බැරි නිසා මම ටිකක් හිතල මතල කියවයි කියල හිතෙන ලෙවල් එකේ පොත් විතරක් ගත්තා .. ගිය සැරේ නම් ඇත්තටම ආසාවටනේ ගත්තේ ...

හරි මේ තියෙන්නේ ගත්ත ටික .. වැඩිය නෑ  පොත් 6යි ..


ඔය වම් පැත්තේ උඩින් ම තියෙන්නේ කුකරි පොත් නැති වුනත් පට්ට රසට කෑම උයන්න පුළුවන් බස්ටි නගා වෙනුවෙන්  මේ සැරේ ගත්ත පොත ..  කෑම  වර්ග 400ක විතර වට්ටෝරු සහ පින්තුර තියෙන පොතක්.  දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ .. 

ඊට පස්සේ තියෙන්නේ මගේ ඔල්ටයිම් ෆෙවරිට් වෙච්ච ආතර් සී  ක්ලාක් මහත්මයාගේ පොතක් ..3 වෙනියට තියෙන එක  නම් සයි - ෆයි  කෙටි කතා පොතක් ...  ලේඛකයෝ ගැන අදහසක් නෑ .. 

යට පේලියේ වම් පැත්තේ කොනේ තියෙන්නේ මේ දවස් වල හිට්  වෙලා තියෙන Game of Thrones සිරිස් එක ලියපු  George R. R. Martin ගේ  පොතක්  මට Game of Thrones කතාව එච්චර අල්ලලා ගියේ නැති වුනාට පොර සිරා නිසා මේ පොත ගත්තා ... 

ඊට පස්සේ ඉතින් මේ දවස් වල මගේ වීරයා වෙලා ඉන්න Michael Crichton (මේ නම කියන්නේ මයිකල් ක්‍රයිටන් කියල - ස්තුතිය ඩුඩේ (Dude ට )) විසින් රචිත අවසන් නවකතාව .. මයිකල් ක්‍රයිටන් 2008 දී මිය ගියා .. ඔහු මිය ගිය පසු ඔහුගේ පරිගණකයේ තිබුනු  අවසන් නොකළ  පිටපත් (manuscript) එකතු කරලා Richard Preston කියන ලේඛකයා විසින් තමයි මේ පොත සකස් කරලා තියෙන්නේ ... පොත ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ 2011 දී .. මේ තියෙන්නේ විස්තරේ 

කලින් සැරේ දී මම ගත්තා Pirate Latitudes. ඒක  නම් පට්ට කතාවක් .. මාර අපුරුවට ගලාගෙන යන සරල ඉංගිරිසියෙන් ලියවෙච්ච මුහුදු හොරුන් ගේ කතාවක්. Thriller එකක්  ..  පුළුවන් නම් හොයාගෙන කියවන්න ... මේ පොත 2009 දී ප්‍රකාශයට පත් කරපු එකක්.

තව ඉතින් වටේ පිටේ කැරකි කැරකි ඉන්නකොට මෙන්න මේකත් හම්බ වුනා ... Inferno. මතබේදයට තුඩුදුන් The Da Vinci Code , Angels & Demons සහ  The Lost Symbol කෘති වල රචකයා වෙච්ච  Dan Brown ගේ අලුත් ම පොත මේක ... 2013 දී තමයි නිකුත් වුනේ ..

මම මෙහෙ පොත් කඩවල් වල රස්තියාදු ගහද්දි ගම්දෝ නොගම්දෝ කියල හිත හිත හිටපු පොතක් මේක ...  දැක්ක ගමන් ඉතින් සුටුස් ගාල ගත්තා ...

මේ පොත් 6ටම මට ගියේ රුපියක් 2500ක් විතර  ...  ඔය පොත් වල ලකුණු කරපු ඔර්ජිනල් මිල වගේ 5-6 ගුණයක් අඩුවෙන් තමයි මේ පොත් ටික මම ගත්තේ .. බ්‍රෑන්ඩ් නිව් තත්වයෙන් ම තියෙනවා ... සිරාවට පට්ට ලාබයි ..

ලබන සතියේ පුළුවන් වුනොත් ආයෙත් රවුමක් දාල බලනවා .. සේල්  එක 16 වෙනිදා වෙනකම් තියෙනවා .

කලින් සැරේ ගත්ත පොත් ගොඩක් ඒවා තාම කියෙව්වේ නෑ .. කලින් කියෙව්වා වගේ  Pirate Latitudes එකයි . 




මෙන්න මේ පොතයි තමයි කියවල ඉවර කලේ .. ගත්ත ගොඩක් ඒවා මම අපේ රිසි මල්ලිට යැව්වා .. අනිත් ටික ඉතින් ඔය පස්සේ කාලෙක කියවනවා ..

මේ Goliath පොතත් මරු කතාවක්.  පිටු 600ක් විතර තියෙන තඩි පොතක්.  හැබැයි කතාව හෙන අමුතු එකක් . අපි කවුරුත් දන්නා නිකොලා ටෙස්ලා කියන නිපැයුම් කරුවා ගැන ලියවෙච්ච පලවෙනි ලෝක සංග්‍රාමය ට අදාළ කාලය හා සම්බන්ද  කතාවක් ...  යාන්ත්‍රික යන්ත්‍ර  ඒ  කියන්නේ ඉලෙක්ට්‍රොනික නොවන යන්ත්‍ර වගේ ඒවා  සහ අමුතු විදියට පරිණාමය වෙච්ච සත්තු ඉන්න කතාවක් ...ඒ කියන්නේ කතා කරන, බුද්ධිමත්  උනහපුලුවන් (loris) , ඒවගෙම  පණිවිඩ හුවමාරු කරන කටුස්සන් (lizards )වගේ අමුතු සත්තු ඉන්න ටිකක් විකාර ගනයේ කතාවක් ... හෙහ් හෙහ් නිකොලා ටෙස්ලා කතාවේ දුෂ්ටයා වගේ වෙන සීන්  එකක් තියෙන්නේ ...  මේ කතාවේ ඕඩියෝ පොත් එහෙමත් තියෙනවා ...

අමාරුවෙන් හිත හදාගෙන පොත් 6ක් අරන් ආවේ ලබන අවුරුද්දේ ආයෙත් අර පෙට්ටිය පුරවල පොත් දෙන සීන්  එක තියෙයි නේ කියල හිතාගෙන .. හැබැයි එලියට ඇවිල්ල අදාළ ආයතනේ චීන ඇන්ටි කෙනෙක් ගේ ඇහුවට පස්සේ තමයි දන ගත්තේ ඒ පෙට්ටි සීන්  එක තියෙන්නේ අවුරුදු 3කට සැරයක් ලු ... හත්හිලව්වට ගහපු කලාබරේ කියල මම ආව ඉතින් ... 

ඔය කිව්වට වෘක හාමි ලබන අවුරුද්දෙත් එන්නේ නැතැයි ..

වෘක හාමි ලබන අවුරුද්දේ ආවට ඔපීසියේ ඉන්න චීන්නු ටික ටටා බායි දැන් වැඩ ඉවරයි උඹල පලයල්ලා කියල අපිව එලවයි ද දන්නේ නෑ ... චීනා විස්වාස නෑ .. විල් සී කෝ ...


15 comments:

  1. Michael Crichton ge පොත් සෙට් එකක්ම මන් ළඟ තියනවා. හරි කැමති ලේඛකයෙක්

    ReplyDelete
    Replies
    1. මමත් මුලින් ම කියෙව්වේ Pirate Latitudes . නියමෙට ලියල තියෙනවා .. ඊට පස්සේ ඉඳන් දැක්ක තැන ගන්නවා .

      Delete
  2. ඉංගිරිස් පොත් එක්ක වැඩි ගණු දෙනුවක් නැතත් පහුගිය දවසක ඩයිවර්ජන්ට් ඕඩිෝ බුක් තුන ඇහැව්ව ඒත් නරක නෑ පොඩි ලල් එකක් තියේ

    ReplyDelete
    Replies
    1. මමත් ඉංග්‍රීසි පොත් බලපු කෙනෙක් නෙවෙයි කොහෙන් හරි පරිවර්තනේ හොයාගෙන බලන්න පුරුදු වෙලා හිටියේ .. හැබැයි ඉංගිරිස් පොත් කියවන්න පුරුදු වෙන එක හෙන වටිනවා .. මම නම් කරන්නේ ෆෝන් එකෙන් ගුග්ල් සර්ච් කරලා අමාරු වචන බලනවා ...ඒක ලේසියි ..

      ගොඩක් පොත් වල තියෙන්නේ සරල ඉංගිරිසි .. ඒවා බැලුව නම් හරි ..

      මම ඩයිවර්ජන්ට් ෆිල්ම් එක බැලුව .. මට එච්චර අල්ලලා ගියේ නෑ ..

      Delete
  3. හේ හේ.. මොනා කලත් සුද්දගෙ බාසාවෙන් ලියපුව කියවන්න හරිම කම්මැලියි අප්පා..

    ReplyDelete
    Replies
    1. ඔය කම්මැලි කම මටත් තිබ්බා ... මේ අවුරුද්දේ මාර්තු වෙනකම් .... කලින් සැරේ ගිහින් ගත්ත පොත් කියවන්න පටන් ගත්තට පස්සේ තමයි මට නම් ඉංගිරිසි කියවන්න ආසා හිතුනේ ... නිකමට ඔය Michael Crichton ගේ Pirate Latitudes වගේ පොතක් කියවල බලන්න .. හොඳ ඇක්ෂන් ෆිල්ම් එකක් බැලුව වගේ තමයි .. ඉංගිරිසි අමාරු නෑ .. අමාරු වචන මග ඇරලා මම නම් කියවල දානවා .. මොකද අදහස ගන්න පුළුවන් වචනයක් දෙකක් දන්නේ නැති වුනාට ...

      සිංහල හොඳයි තමයි හැබැයි අපිට තව ගොඩක් දේවල් මිස් වෙනවා අපි ඉංගිරිසි පොත් නොබලන එකෙන් ...

      Delete
  4. මගෙත් ප්‍රියතම ලේඛකයා ආතර් සී. ක්ලාක් වුණත් The Ghost from the Grand Banks නම් එච්චර හිතට වැදුණෙ නෑ එතුමගේ අනිත් කතා වගේ. ඒක ඉතින් සාපේක්‍ෂයී වෙන කෙනෙකුට ඒක හොඳම කතාව වෙන්නත් පුළුවන්..

    Pirate Latitudes ගැන කිව්වට ස්තූතියි, හොයාගන්න ඕන කොහොමහරි. මම මයිකල් ක්‍රයිටන්ගෙ ජුරාසික් පාක් සීරීස් එකයි, කොන්ගෝයි විතරයි කියවල තියෙන්නෙ. :)

    ReplyDelete
    Replies
    1. Pirate Latitudes කියවන්න පාඩු නෑ . මම දැන් බලන්නේ Micro එකත් මරු කතාවක් ..

      ආතර් සී. ක්ලාක් ගේ Time's Eye සහ Childhood's End කියල පොත් 2ක් ගැන දැන් ගත්ත අපේ වාන්පතුල් රවී අයගේ මෙන්න මේ පෝස්ට් එකෙන්
      http://ranrandil.blogspot.com/2014/12/293-24.html#comment-form

      එකත් හොයාගෙන බලන්න ඕනේ ..The Ghost from the Grand Banks කියවලම අදහස කියන්නම්කො

      Delete
  5. මාත් පොත් ගන්නේ මෙහෙම හිතාගෙනමයි

    "මේවා මේ ගන්නේ ඉන්වෙස්ට්මන්ට් විදියට .. අනාගතේට පැන්සන් ගත්ත කාලෙට කියවන්න .. දැන් කියවන්න නෙවෙයි .. "

    කියවපු නැති පොත් ගොඩක් තිබ්බට තව අළුතෙන් පොත් ගන්නවා
    මේ එක පොතක්වත් මන් කියවලා නැහැ. ඉංග්‍රීසි පොත් කියවන්නේ හරිම කලාතුරකින් තමා

    ReplyDelete
    Replies
    1. මරණේ මමත් ඉංග්‍රීසි පොත් කලාතුරකින් තමයි බල බල හිටියේ .. හැබැයි ඔය මයිකල් ක්‍රයිටන් ගේ වගේ පොත් කියවද්දී භාෂාව කිසිම ප්‍රශ්නයක් නැතුව කියවන්න පුළුවන් . අපි දන්න ඉංග්‍රීසි ටික හොඳටම ඇති ඒ වගේ පොත් කියවන්න ..

      අපි සිංහල පොත් වලට විතරක් සිමා වෙලා ඉන්න එක හෙන පාඩුවක් මේ සාහිත්‍යය ගැන උනන්දු අය විදියට .. නිකන් ඉන්න එකේ ට්‍රයි කරලා බලන්න පස්සේ නතර කරන්න හිතෙන එකක් නෑ .. හෙහ් හෙහ්

      Delete
  6. මමත් ඉංග්‍රීස් පොත් කියවන්න එච්චර කැමැත්තක් දක්වන්නෙ නෑ. ඒත් තමන්ට උවමනාවක් උනොත් ඔය මොන වචනෙ තිබ්බත් ඔය පොත් කොහොම හරි කියවනව. මාත් එහෙම තමයි පරිගණක ගැන තියෙන පොත් කියවන්න පුරුදු උනේ.
    කොහොම හරි ලබන අවුරුද්දට ඉස්සෙල්ල ඔය පොත් හය කියවල ඉවර කරන්න ලැබේවා කියල පතනව. :D

    ReplyDelete
  7. සාමන්යෙන් ඉංග්‍රීසි පොත් කියවනවා අඩුයි. හැබැයි මේවා බලපුවහම කියවන්න හිතෙනවා :)

    ReplyDelete
  8. අක්කාගේ පුතා කොහොමද බන් උඹේ මල්ලි වෙන්නෙ? ඌට මල්ලි කිව්ව කියල උඹ නාකියි කියන එක වහගන්න බෑ.. හෙහ් හෙහ්

    ReplyDelete
  9. ඇයි දැනගෙන හිටියෙ නැද්ද මයින්ස් සිටි මෝල් එකේ මාස දෙක තුනකට කලින් තිබුනු සේල් එක ගැන? මමත් ගියා අපෙ පොඩි ඈයො තුන් දෙනත් එක්ක. වෙනදාට එයාලට පොත් තෝරන්නේ මම..ඒත් එදා එයා ලට අවස්ථාව දුන්නා කැමති පොත් තෝරන්න. රින්ගිට් 99.90 කට පෙට්ටියක් ගත්තා.. ඒකත් අරන් මම දීල මම පැත්තකට වෙලා හිටියා. එයාල පොත් තෝරගෙන මට ගෙනැත් දුන්නා.. දන්නවනේ අපේ හැටි.. ආයෙ කූඹියෙකුටවත් යන්න වත් ඉඩක් නැති තරමට පොත් වලින් පෙට්ටිය පිරෙව්වා. මම ගත්තේ එක පොතයි.. අනික් සේරම එයාලගෙ. පෙට්ටිය උස්සගන්න බැරි තරමට බරයි. ගෙදර ඇවිත් බැලුවා ..පොත් 72 ක් තිබුනා.. වෙන තැනකින් ගත්තනම් රුපියල් 25000 ක් විතර වෙනවා ගත්තු පොත්වල මිල. පොඩි අය තාමත් පොත් ටික කියවල ඉවර කලේ නැහැ.

    ReplyDelete
    Replies
    1. හලෝ සංජිව අයියා, දැනුයි ෆ්‍රී උනේ කොමෙන්ට් එකක් දාන්න.

      මයින්ස් එකේ තිබුණු එකට මම ගියා.ඒකෙනුත් තව පොත් 20ක් විතර ගත්තා හැබැයි එකට පෝස්ට් එකක් ලිව්වේ නෑ හෙහ් හෙහ් ගන්නවා විතරයි කියවන්නේ නෑනේ.
      මමත් එහෙම තමයි දාගන්න පුළුවන් උපරිම පටවනවා. මෙහෙ ආවට පස්සේ ගත්ත පොත් ටික කන්දක් වගේ මමත් ගොඩ ගහගෙන ඉන්නවා. නිකන් ඉන්න ගමන් ටික ටික කියවනවා.

      විනෝදාංශයක් විදියට පොත් එකතු කරන එක තමයි මම කරන්නේ පැන්ෂන් ගත්ත කාලෙක කියවන්න හෙහ් හෙහ්

      Delete