Thursday, July 17, 2014

නැන්දම්මාගේ රෙකමදාරුව

නැන්දම්මල ගැන කතා ඉතින් බලංගොඩ මානවයාගේ නැන්දම්මාගේ කාලේ දක්වා දිව යනවා මම හිතන්නේ.. හැබෑට ඒ කාලේ මේ කාලේ කියල වෙනසක් නෑනේ... මම මේ කියන්නේ.. නෑ නෑ එක්කෝ ඕනේ නෑ...

මේක මේ පොඩි කතාවක්.. කතාවක් කිව්වට කතාවක්ම නෙවෙයි.. පොඩි සිද්දියක්.. 

මෙන්න මේ කතන්දරේ විදියට අපි දෙන්නගේ කතාව පටන් ගත්තට පස්සේ ඉතින් කාලයක් ගෙවිලා ගෙවල් දොරවල් වලින් කතා බහ කරගෙන දැන් වෙඩිම ගන්නත් සුදානම් වෙන කාලේ... වෙඩින් කියන්නේ මහා තේරුමක් නැති දෙයක් කියල මොන පොර ටෝක් අනිත් උන්ට  දැම්මත් තමුන්ගේ මගුල ආවම ඉතින් අපිටත් ඉතින් මෙලෝ සිහි නෑ... සිහිය තිබුනත් ඉතින් කරන්න දෙයක් නෑ. ඉදිරි කාලේ  කනක් ඇහිලා ජිවත් වෙන්න ඕනේ නිසා සිහි නෑ වගේ දුවන එක තමයි කරන්නේ... 

ඔන්න ඔහොම ඉතින් එක එක දේවල් සුජානම් කරගෙන යන අතරේ ඉතින් අපි දෙන්න තීරණය කරලා තිබ්බේ බැන්දට පස්සේ වෙනම පදිංචි වෙන්න.. ඒකට අපේ පවුල් වල කාගේවත් කිසි අවුලක් තිබුනේ නෑ.. හැමෝගෙම අදහස වුනේ ඒක හොඳයි කියන එක. අපි දෙන්න වෙඩිමට මාස 2ක-3කට කලින් ම පත්තරේ බලල ගෙයක් එහෙම හොයාගෙන ඒ ගෙදරට අත්තිකාරම් එහෙම දීල තිබ්බේ..  ඒ ගෙදර ඇන්ටියි අංකලුයි අම්ම තාත්තට වඩා අපි දෙන්නට ආදරෙයි... ගේ කිව්වට උඩ තට්ටුවක්.. හැබැයි සිරා ප්ලේස් එකක්.. හොඳට ප්ලෑන් කරලා හදපු අලුත් ගෙදරක්... ඉතින් අපි සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව දැක්ක දවසෙම ඒක ගත්ත. 

ඉතින් දැන් ඔහොම ටික ටික ලැස්ති වේවි ඉන්නකොට ඉතින් ගෙදරට ඕනේ කරන බඩු මුට්ටු ගන්නත් ටික ටික පටන් ගත්ත.  ටීවී, ෆ්‍රිජ් අපේ කැමැත්තට ගත්තට ඔය ලී බඩු අපි ගන්න ගියොත් ඉතින් අපි නානවනෙ..  මොකද අපි කොච්චර බලල අරන් ආවත් ඉතින් අඩුපාඩුවක් නෑ බැනුම් ගොඩයි. එක්කෝ මොකක් හරි ජරා ලීයක්.. නැත්නම් හදපු කොලිටිය හරි නෑ.. අනිත් එක ඔය වයිරම එහෙමත් බලනවනේ.. හෙහ් හෙහ්..

බට්ටි නගාට මුල ඉඳන්ම ඕනේ උනේ ඔය තනි සුදු පාට ලි බඩු. ඒ කියන්නේ තේක්ක බුරුත නැදුන් කළුවර ලෑලි වැඩක් නෑ.. ෆෝමිකා ගහල හරි කමක් නෑ සුදු පාට තිබුනානම් හරි. මුල්ම කාලේ ඉතින් ඔය විදිහේ ලි බඩු හොයා හොය ගියා..  කොහේ හොයන්නද එහෙම ඒවා ඉතින් හොයා ගන්න නෑනේ.. එහෙමත් තැනක තිබුනත් එක්කෝ පට්ට ගණන් නැත්නම් මෙලෝ රහක් නැති විදියේ ඒවා. ඒ කිව්වේ ඔය ලාබෙට හදන බාල බඩු.. ඉතින් කොහොම හරි එහෙම බඩු නෑ කියල ඔප්පු උනාට පස්සේ බස්ටි නගා කැමති වුණා  ලී පාට ලී බඩු ගන්න..

දැන් ඉතින් ලි බඩු ගන්නවනම් අපි ඕනේ කෙනෙක් යන්නේ ගහට ගහක් හම්බවෙන මොරටුවටනේ.. මොරටු ගිහින් බඩු ගන්න අම්මලවත් එක්කන් යමු කියල දැන් අපි දිනයක් දාගෙන යන්න සෙට් වුණා. අපේ නංගිත් ඔක්කොම බඩු හැදුවේ මොරටුවෙ අහවල් කඩෙන්  තමයි  ඒ කඩේට යන්න එතන ෂෝක්.. එහෙම කියල අවවාද එහෙම දුන්න... එතකොට තව තව අයගෙනුත් එක එක විදියේ උපදෙස්  ආවා..  ඕව ඔක්කොම හිතේ තියාගෙන දැන් අපි හතර දෙනා ඒ කිව්වේ අම්මල දෙන්නයි අපි දෙන්නයි මගේ කාර් එකේ යනවා.

යන ගමන් ඉතින් ඔය එක එක ආගිය කතා.. ඔප දුප තමයි ඉතින්..

දැන් ඔහොම ගිහින් මොරටුවේ කඩවල් දෙක 3ක ඇවිද්දා.. එහෙන් මෙහෙන් බැලුවට ඉතින් හිතට හරි යන්නේ නෑ..  ආයේ ඉතින් කාර් එකේ නැගල තව තව ඇතුලේ තියෙන කඩවල් වලට යනවා.. බලනවා. එනවා.. ඔහොම ගිහින් ගිහින් එක්තරා කඩේක තිබුණු පුටු සෙටියක් ගැන ඔන්න කට්ටියගේ හිත ගියා.. ඒ කියන්නේ අපි හිතපු ගානට හිතපු විදියේ වගේ එකක්.. අපි කිව්වේ බට්ටි නගා හිතපු විදියේ එකක් ඒ කියන්නේ සුදුපාට ලෙදර් එකක් දාපු එකක්.



ඉතින් දැන් ඒ පුටු සෙටියත් බලන අතරේ ඉතින් කතා බහ මෙහෙම යනවා. 

"සුදු පාට නිසා ටිකක් කිලිටු වෙන්න බලනවා නේද? ඒ අපේ අම්ම. 

"මෙයා නම් ඉතින් පොඩි කාලේ ඉඳල හරි පිළිවෙලයි. හැමදේම පිරිසිදුව තියාගෙන ඉන්නවා. සුදුපාට වුණා කියල ගානක් නෑ.. හොඳට පිහදාල තියා ගන්න පුළුවන්" එහෙම කිව්වේ බට්ටි නගාගෙ අම්ම.

බට්ටි නගා මෙහෙම හිටියට ජනාධිපති සම්මාන ලාභී බාලදක්ෂිකාවක්. ඉතින් පිළිවෙල පිරිසිදු කම කියන්නේ කන්න නැති වුනත් කමක් නෑ ක්ලින් එකට ඉන්න ඕනේ.... සෙනසුරාදා උදේ කියන්නේ මුළු ගේම මුල ඉඳන් අනිත් පැත්ත හරවන දවස.. මම හිතන්නේ අපි දෙන්න වැඩිපුරම වලි දාගන්නේ සෙනසුරාද උදේට...

ඉතින් බට්ටි නගාගෙ අම්ම එහෙම කියන එක හරි.. 

එහෙම කියල කට ගන්න හම්බ වුනේ නෑ.. "අපෝ ඒකට මෙයා. වනේ වන සතා වගේ ගෙදර ඉන්නේ" අපේ අම්මා මං ගැනත් දුන්න සිරා රෙකමදාරුවක්...!!!!

ටික වෙලාවකින් "අපි එහෙනම් මේ කළු පාට සෙටි එක ගම්මු නේද පුතා" කියල බට්ටි නගාගෙ අම්ම බොහොම ආදරයෙන් මට කිව්වා..

ඊට පස්සේ සියල්ලෝම සතුටින් ගෙදර ආවා.

49 comments:

  1. යකාට බය නොවී ඇහැක.. කෝම උනත් බට්ටි නගාගේ අම්මත් ඔල්මොරොන්දං වෙන්න ඇති අම්ම දීපු උත්තරීතර රෙකමදාරුවට..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් කියල වැඩක් නෑ.. ජිවිත කාලෙටම ඇති ඒ රෙකමදාරුව..

      Delete
  2. සෝෆා හොයන්න ගිහින් ගිය මාසෙ මටත් ඔය වගේ වැඩක්ම උනා... අපේ නැන්දම්මටත් මං මොන බඩුව ගෙනාවත් එයා දන්නව ඊට වඩා රැපියල් 10ක් හරි අඩුවට තියෙන තැනක්... හි හි... මං පොලේ ගිහින් ආවම එහෙම අපේ මහත්තයට සද්ද බද්ද වහලා ඉන්න කියල හැම ජාතියකම බඩුවෙ ගානෙං රැපියල් 10ක් වතර අඩු කරල අම්මට කියන්නෙ.. සෝෆා ගන්න ගිහින් ඔය කේස් එක උනේ කට්ටියම කියනව මොරටුවෙන් ගන්නලු.. මට ඔය ලී ගොඩවල් හරියන්‌ෙන නෑ.. අතපය කඩා ගන්න එකමයි වැඩේ ඕවයෙ වැදිල... පස්සෙ බොහොම අමාරුවෙන් රැපියල් 10000ක් අඩුවෙන් ගාන අම්මට කියල දම්රෝ එකෙන් සෝෆා එකක් උස්සන් ආවා... හැබැයි මං ගෙනාවෙ දූවිලි පාටම එකක්.. මොකද මගෙ කම්මැලිකම ආයිත් ඉතිං කාටවත් හංගන්න දෙයක් නෑ... හැමෝම දන්නවා... හි හි

    ReplyDelete
    Replies
    1. මගේ කම්මැලි කුණු ආතල් ගැනීම අපේ අම්මට අවුරුදු 25ක් 30ක් ගිහිනුත් හදන්න බැරි වෙච්ච එක අනේ මේ අසරණ කෙල්ලට මොකට බොරු කියනවද කියල හිතල වෙන්න ඇති අපේ අම්ම එහෙම කියන්න ඇත්තේ..

      කොහොම වුනත් ඉතින් කම්මැලි ජිවිතේ ආතල් එක දන්නෝ දනිති.. හෙහ් හෙහ්

      Delete
  3. මොනවා උනත් බොලාට වඩා බොලාගේ අම්මයි නැන්දයි නුවණක්කාරයි.. (අහලා බලහං බොන්නේ රත්තිද කියලා..? :D )
    අම්මා මෙතනදී නොකියා කියලා තියෙන්නේ මේ දුව මේවා පරිස්සං කරං කුණු ගාවගන්නේ නැතිව පාවිච්චි කලාට අපේ ඌරා මේක වනසයි කියලනේ... අර බුද්ධිමත් නැන්දම්මත් පටස් ගාලා වැඩේ තේරුං ගත්තා.. හුහ් මලක් වගේ හදපු කෙල්ලට මේ ඌරා ජරාකරන ඒවත් අස් කරන්න උනොත් මොන දුකක්ද..? කියලා හිතුවා.. පාට ඕන එකක් කෙල්ලට වැඩ වැඩි වෙන්න හොඳ නැහැ කියලා හිතලා අනුමැතිය දුන්නා කලු එකට.. :D

    ReplyDelete
    Replies
    1. කිරි ගහට කව කටුවෙන් ඇන්න වගේ ඒක තමයි වුනේ.. අම්මල දෙන්නම කල් ඇතුව දැක්ක වැඩේ ජෝන් බාස් ට යන්නයි හදන්නේ කියල... ගානට බැලන්ස් කළා..

      අම්මල දෙන්නම රත්ති නෙමෙයි බන් බොන්නේ.. හෙහ් හෙහ් ඒකයි ඔය යමක් කමක් හරියට තේරුම් ගන්න තාම හැකියාව තියෙන්නේ.. :D

      Delete
    2. ආ මාරයියා ..ඔහ්මම දකුණට හරවලා මාරයාගේ හෝරාව පැත්තට යමු

      Delete
    3. මාරයියව හරවල යවන්න නම් කරන්න ඕනේ උඹ බුකියේ මාරයාගේ යකා අවුස්සන එක... බුකියේ මොකක් හරි වුනොත් විතරයි උගේ බ්ලොග් අන්සේ ෆයර් වෙන්නේ.. මෙහෙම කියල හරි යන්නේ නෑ..

      Delete
  4. නුවනක්කරා දෙ නෑනලා.. තම පුතාත් ලේලියත්, තම දුවත් බෑනෑත් හොඳින් තේරුම්ගත් අම්මලා.. ඉදිරිය පැහැදිලියි ගැටුම් නෑ, ගල් නෑ මල් විතරයි....

    ජ ය වේ වා !!!!

    ReplyDelete
  5. "වෙඩින් කියන්නේ මහා තේරුමක් නැති දෙයක් කියල මොන පොර ටෝක් අනිත් උන්ට දැම්මත් තමුන්ගේ මගුල ආවම ඉතින් අපිටත් ඉතින් මෙලෝ සිහි නෑ..." - කියමන!!!!

    ReplyDelete
    Replies
    1. වෙඩිම විතරක් නෙවෙයි කොයි එකත් ඔහොම තමයි තිස්ස අයියේ.. :D

      Delete
  6. ඔන්න ඔය ඇත්ත හංගලා කොලේ ගහන්න යනවයින්නේ හුඟක් මගුල් හුචස් වෙන්නෙ.. බොරු කිව්වට බැන්දට පස්සෙ ඒවා ඇස් පනා පිට එළිවෙනවනේ කියලා හිතෙන්නැති හැටි නේහ්.. ?

    ReplyDelete
    Replies
    1. සිරාවට ඒක ඇත්ත සෙන්නා.. මුලදීම ඔය බොරු සෝබන නැතුව ඇත්ත ඇති සැටියෙන් කතා බහ කරගත්තම කාටත් හොඳයි.. හැම දේම එහෙම තමයි බන්..

      Delete
  7. නුවණක්කාර නැන්දම්මලා...හැබැයි 99 යි සත 99 ට අහුවෙනව

    ReplyDelete
    Replies
    1. 99.99 ට නැන්දම්මල විතරක් නෙවෙයි බන් අපිත් අහුවෙනවනේ... නැද්ද? 100ක් ගියානේ කියල තේරෙන්නේ මාසේ අන්තිමට.. :D

      Delete
  8. හොදි ඕනේ නෑ නේ කෙලින්ම දිය කරලා දීලා වගේ.

    දැන් ඔය සෝෆා එක යහමින් තියෙනවැයි ?

    ReplyDelete
    Replies
    1. මෙහෙට එන්න බඩු අස් කරන දවස වෙනකම් යහතින් තිබුනා බුරු බබෝ.. දැන් නම් මියෝ කාලද දන්නේ නෑ.. මාමලාගේ ගෙදර කාමරයක් අස්සේ දාල ආවේ.. ගිහිල්ල බලන්න ඕනේ.. :D

      Delete
  9. දෙන්න දෙවිදියක් වුනත් සුදු සැටිය නොගෙන කළු එක ගන්න තීරණය කරපු එකනං හොඳම නුවණක්කාර වැඩක්.

    ReplyDelete
    Replies
    1. මෙහෙන් යනකොට සුදු ලී බඩු අරන් යන්න දැන් ඉඳලම ප්ලෑන් එක හැලපෙ.. හෙහ් හෙහ් මට ඉතින් බැනුම් අහන එක පුරුදු නිසා ඔහේ ඉන්නවා...

      Delete
  10. උඹත් අමාරුවෙ වැටෙන්නද යන්නෙ කොලුවො.....අමාරුවෙ වැටිලම කියහල්ලකො...අපිත් බදින්නද එපාද කියලා....

    ReplyDelete
    Replies
    1. අමාරුවේ වැටිල්ලක් නෙවෙයි බන්.. බඳින එක ජොලි වැඩේ.. දැන් අවුරුදු 3ක් වෙනවා මම මේ අපුරුවට ඉන්නේ.. ඔය රට්ටු කියන කතා ගණන් ගන්නේ නැතුව උඹත් බැඳපන්

      Delete
  11. නුවණක්කාර නැන්දම්මලා.. සංතෝසයි..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අපිට වඩා සැහෙන්න නුවනක්කාරයි ඒ අය.. :)

      Delete
  12. අනික බන් ඔය කිරිසුදු සැටියේ උඹ වගේ කළු තරගුලියක් වාඩි වෙලා හිටියම මොන ත‍රම් අජූතද කියලා අම්මටම හිතෙන්න ඇති හැක හැක හක් හක්

    ReplyDelete
    Replies
    1. කළු නං නෑ.. හැබැයි ඉතින් තර නං වෙමින් යනවා. ..

      Delete
    2. බඩ තර තද දුඹුරු කියල නිවැරදි උනා නම් හරි..

      Delete
  13. සුදු හරියන්නෑ බං. කොච්චර පරිස්සමට පාවිච්චි කලත් හබක් වෙනව. කළු ගත්ත එකමයි හොඳ

    ReplyDelete
    Replies
    1. ඔව් රාජ් කාලයක් පාවිච්චි කරන්න හොඳයි කළු පාට.. මම වගේ අයට වඩාත් ගැලපෙනවා..

      Delete
  14. පැතුම් හිතන් ඉන්නෙ නැන්දම්ම ඔයාට ආදරේට ඕන කලා කියලද ? අනේ අනේ.. එයා මෙන්න මෙහෙමයි හිතුවෙ..
    අපොයි මගෙ කෙලී. මේ මනුස්සයා එක්ක ඉන්නකොට සුදු පාට ලීබඩු දවසගානෙ හෝදන්න වෙයි මගෙ කෙලී ඒකම කරල කළුවෙයි.. ඔන්නොහෙ කළුමකලු එව්ව ගම්මු..

    ReplyDelete
    Replies
    1. හැබැයි ඇත්තටම නම් සුදු වුනත් කළු වුනත් හෝදන එකෙයි පිහදාන එකෙයි වෙනසක් නෑ.. ඒකට වර්ණ බේද නෑ.. :D

      Delete
  15. බලපන් ඒ නැන්දම්මට හොඳ පුටුසෙට් එකක් ගන්න දුවට රෙකමදාරු කරන්න තරම් නුවන තිබ්බට... හොඳ බෑනෙක් හොයාගන්න කියලා දුවට රෙකමන්ඩ් කරන්න බැරිවෙච්ච හැටි

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්... ඒවා ඉතින් රෙකමදාරු වලින් ගොඩ දාන්න බෑ බන්... ඒවා ඔතාගෙන එන ඒවනේ... නැන්දම්මා ඒක හොඳටම දැනගෙන හිටියේ..

      Delete
  16. හෆොයි ඔව් අපි කොච්චර කලත් වැඩක් නෑ මං කිව්වේ පිරිමි පාර්ෂවය මොකක් හරි ඇදයක් කියනවා බං ඔය කාන්තාවෝ සෙට් එක

    ReplyDelete
    Replies
    1. අපේ අම්ම නම් මගේ ඇදයක් නෙවෙයි බන් කිව්වේ.. ඔරිජිනල් විදිය.. හෙහ් හෙහ්

      Delete
  17. අපේ අම්මත් මගේ නැන්දම්මට වෝනින් එකක් දීලා තියෙනවා. මේ පෝරිසාදයා බැඳගෙන පස්සේ අපිට හෙම දොස් කියන්න එපාය කියලා. ඒ උනාට මේ ඉන්නේ ආතල් එකේ. නැන්දම්මා එක්ක පොඩි පොඩි කේස් තිබුනත්. ඒවත් ඒ තරම් ගත යුතු දේවල් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. //නැන්දම්මා එක්ක පොඩි පොඩි කේස් තිබුනත්. ඒවත් ඒ තරම් ගත යුතු දේවල් නෙමෙයි//
      +++++++++++++++++++++++++++++

      Delete
    2. හෙහ් හෙහ්.. බලංගොඩ මානවයටත් පොඩි පොඩි කේස් තිබ්බලු ඒ දවස් වල..

      Delete
  18. කම්මැලිකම ගැන කියද්දි මතක් උනේ, මම කසාද බදින්න කලිං මගෙ කාමරේ ඇද ලගට යන්න දොර ලග ඉදල අඩිපාරක් තිබුන දෙපැත්තෙ කුනු, දූවිලිගොඩවලට මැදින්

    ReplyDelete
    Replies
    1. අපේ අක්ක මගේ කාමරේට එන්නේ අම්මෝ මේකේ ගඳ කියාගෙන.. ගෙදරින් එනකම්ම මට ඒ ගඳ දැනුනේ නෑ නේ බන්... :D

      Delete
  19. පැතුම්ගේ අම්මා නියමයිනේ. වනේ වන සතා...ඇත්තනේ නේද...

    ගෙවල් අස් කරන දවසට මම කොහොම හරි වැඩක් දාගන්නවා එලියට යන්න. හිටියත් වැඩක් නැති නිසා වයිෆුයි, දුවයි මාව එලියට ඇදලා දානවා...මම සතුටින් රවුමක් ගහලා එනවා..ඒ ක්‍රමය මම එහෙම හදාගෙන තියෙන්නේ. ඒ ගොල්ලොත් ඒකට ආසයි. මම හිටියොත් කරදරයි නිසා. ඉස්සර වයිෆ්ගේ අම්මා කියනවා මට පුතා හන්දියට ගිහින් රවුමක් ගහලා පත්තරයකුත් අරන් එන්න කියලා, ඔය අස්කරන වෙලාවට. ඒ නම් ඔය ලට්ට ලොට්ට විසිකරයි කියලා බයට.

    ReplyDelete
    Replies
    1. අපේ අම්ම ඉතින් තැනක් නොතැනක් නෑ ඇත්ත තත්වේ මේකයි කියල කෙලින් කියන ජාතිය..බටර් නෑ... හෙහ් හෙහ්

      වනේ වන සතුන්ගේ ආතල් එක දන්නේ වනේ වන සතෙක් ම තමයි අරූ.. නැද්ද??

      Delete
  20. කම්මැළි ජීවිතේ නේද ජොලි ගුඩ් අයි සේ...!!!

    ReplyDelete
    Replies
    1. දන්නෝ දනිති ඩ්‍රැකී.. ඕව විස්තර කරලා තේරුම් කරන්න බෑ.. විඳලම බලන්න ඕනේ.. :D

      Delete
  21. දෙයියෝ සාක්කි!! මගේ අනාගතේ ගැන දෙයියොම බලාගනිල්ලා.

    ReplyDelete
  22. කමෙන්ට් එකට මොකක්ද වුනාවගේ.

    මම කිව්වෙ මම මුලින්ම ආවේ අදද කොහෙද.

    සුදු පාට එකක් ගත්තත් අවුලක් නෑ. දීල තියෙන රෙකමදාරුවේ හැටියට මේ වෙනකොට එක්කෝ කලු නැතිනම් දුඹුරු.

    ReplyDelete
  23. අලංකාරවත් ලෙස ලියා තිබෙනවා. ඔබට ජය...ඔබේ දක්ෂතාවය අගයමින් මෙහි එක්කරනු ලැබුවා https://www.facebook.com/groups/ScoutingBloggers/

    ReplyDelete