Friday, April 04, 2014

හැඩ වැඩ අකුරින් සිංහලෙන් යුනිකේත ලියන්න

හැඩ වැඩ අකුරින් සිංහලෙන් යුනිකේත ලියන්න තිබ්බ නම් හොඳයි කියන එක මට මතක විදියට බොහෝ කාලයක් තිස්සේ සිංහලෙන් ලියන අය අතරේ තිබ්බ ආසාවක් ඉතින් දැන් ඒ වැඩේ බොහොම සරලව කරන්න පුළුවන් කියල පණිවිඩයක් මේ සිංහල යුනිකේත සමුහයට කෙනෙක් එවල තිබ්බ . ඒ කියන්නේ විවිද හැඩයේ යුනිකේත ෆොන්ට්ස් වගයක් දැන් තියෙනවා.
මම අප්ඩේට් වෙන්නේ ටියුබ් ලයිට් ක්‍රමයට නිසා මේවා මිට කලින් දන්නා සහ දැනටමත් පාවිච්චි කරන අයත් ඇති..

අපි බලමු අභය ෆොන්ට් එක කොහොමද කියල.. ඉස්සර හෝඩි පොතේ තිබ්බ වගේ රවුම් ලොකු අකුරු

කෝ බලන්න අර්ජුන කොහොමද කියල .. මට නම් ටිකක් විතර නුවර යුගේ ගතියක් මතක් වෙනවා හැබැයි ලස්සනයි නැළවිලා තියෙනවා

බාසුරු ලිව්වම බෝල්ඩ් කරන්න ඕනේ නෑ වගේ.. හෙඩින් දාන්න හොඳයි..  මම හිතන්නේ ඩිසයිනින් කරන අයට සැහෙන ප්‍රයෝජනයි

බින්දුමති දැක්කම නිකං බිංදුමති මතක් වෙනවා රවුම් අකුරු

මේ තියෙන්නේ මගේ ෆේරිවට් එක. මට ඉස්සර මගේ සිංහල අත් අකුරුත් මේ වගේ ඇදට ලියන්න ඕනේ වුණා.. ඉතින් අවුලක් නැතුව ඇදට ලියල දැම්ම.. යාන්තම් මට කියව ගන්න පුළුවන්. මේකේ නම දෙරණ

ඉමානි කියල එකකුත් තියෙනවා ඉමානිත් ඉතින් නරකම නෑ... විවිද රස සඳහා කදිමයි..

මේ අපේ ගංගානි නේ.. දන්නවනේ ගංගා.. පොඩි ලතාවක් නැත්තෙමත් නෑ..

කෝ බලන්න ගැමුණු.. සිත්තර පත්තරේ හෙඩිම මතක් වුණා... නමට හරියන කෙලින් අකුරු

මලිති නගා නම් කාලයක් තිස්සේ හිටියනේ... පරණ වුණාට තාම හැඩයි..

රජන්ත දැක්කම මතක් වෙන්නේ මොකක් ද කියල මතක් වෙන්නේ නෑ.. පොඩි කාටුන් ගතියක් තියෙනවා

මේ ඉන්නේ සමන්ත රජන්තගේ ලොකු අයියා වගේ මට හිතෙන්නේ මේ අයියලා මල්ලිලා අක්කල නංගිලා ටිකෙන් අපිට (ඒ කිව්වේ වැඩක් ගන්න අයට) සැහෙන්න ලොකු දේවල් ටිකක් කරන්න පුලුවන්

ඔය අයියල කවුරු හිටියත් මයික්රෝසොට් එකේ බිල් මාමා අතින්ම හදල එවපු ඉස්කෝල පොත එහෙම අමතක කරන්න බෑ..

දැන් ඉතින් අපිට ලස්සන ලස්සන අකුරින් එක එක විච්චුරණ සිංහල යුනිකේත වලින් ම බලා ගන්න පුළුවන් වෙයි.

මේක වර්ඩ් වල නම් ගින්දර වගේ වැඩ.. ගුග්ල් ඉන්පුට් ටුල්ස් වලත් වැඩ කළා හැබැයි කෙලින්ම බ්ලොග් එකේ ලියනකොට ටිකක් අවුල් ගියා. ෆොන්ට් එකේ සයිස් එක 12 වගේ ටිකක් ලොකු එකක් දාගත්තම හරි ගියා.

අනිත් සොෆ්ට්වෙයාර් වලට කොහොම සපෝර්ට් කරනවද නම් දන්නේ නෑ.. කට්ටිය පාවිච්චි කරලා බලන්නකෝ


මේ තියෙන්නේ බාගන්න ලිංකුව


මේ තියෙන්නේ ඒ ඊමේල් එකේ තිබ්බ එක ඒ විදියටම. සිංහල යුනිකෝඩ් ගෘප් එකේ නැති අය වෙනුවෙන් තමයි මේ ටික දැම්මේ.


ඔබ ඉස්කෝල පොත ෆොන්ට් එක පාවිච්චි කරන අයෙක් නම් ඒ වෙනුවට විකල්පයක් ලෙස භාවිතා කල හැකි FM ෆොන්ට්ස් වලට සමාන ෆොන්ට්ස් දොළහක් පහතින් ඇත

මෙතනින් බාගත කරගන්න.




zip file එක හරි වෙන වෙනම files හරි බාගත කර ගෙන install කර ගන්න. වෙනත් ඕනෑම ෆොන්ට් එකක් වගේ මේකත් ස්ථාපනය කල හැකියි. ඉස්කෝල පොත වෙනුවට මෙම ෆොන්ට්ස් ඔබ භාවිතා කරන මෘදුකාංගයේ select කල හැකියි.

FM ෆොන්ට්ස් ටික unicode ෆොන්ට්ස් වලට convert කිරීමෙන් මේවා සාදා ඇත.
මේ ෆොන්ට්ස්
1) web site development සඳහා
2) google input tools පාවිච්චි කරන අයට
හා
3) iskoola pota ෆොන්ට් එක පාවිච්චි කරන අයට යොදා ගත හැකියි.

දශකයකට අධික කාලයක් තිස්සේ unicode ෆොන්ට්ස් වල තිබුණු අඩුවක් මෙමගින් නැති වෙනවා.

දැනට සිංහල website හැම එකක්ම එක්කෝ ඉස්කෝල පොත, නැතිනම් malithiweb. මේ අලුත් ෆොන්ට්ස් ටික නිසා අඩුගානේ ඒවායේවත් විවිධත්වයක් ඇතිවෙයි යයි සිතනවා



මේක online forum එකක තිබුණු පොස්ට් එකක්. එයින් copy කර මෙසේ පල කළෙමි


උපුටා ගැනීම මෙතනින් අවසානයි...

තාම මේ ෆොන්ට්ස් දාගත්තේ නැති අයට අකුරු කොහොමද කියල බලා ගන්න පොඩි පින්තුරයක් දාන්නම්

මේකත් අර ඊමේල් එකෙන්ම තමයි උපුටල ගත්තේ




34 comments:

  1. බොහොම ස්තූතියි අයියේ. මම මේවා හොය හොයා හිටියේ. siyabas.lk තිබිලාත් ලස්සන ටිකක් (Puskola potha, SS-Sulkkana, Dinamina, Winnie,....) හම්බුණා ගිහිල්ලා බලන්න.

    වින්ඩොස්වල Default සිංහල ෆොන්ට් එක මාරු කරන හැටි එහෙම දන්නවද?

    ReplyDelete
    Replies
    1. මේ ටිකත් සියබස් එකටම දැම්ම නම් හරි.. හැමෝටම එක තැනකින් ගන්න පුළුවන් වෙන්න. සිංහල ෆොන්ට් එක මාරු කරන විදිය නම් දන්නේ නෑ මල්ලි..

      Delete
  2. කෝ බාගත වෙන්නෑනෙ ?

    ReplyDelete
    Replies
    1. සෙන්නා ගූග්ල් ඩ්‍රයිව් එකේ ෂෙයාර් කරලා තියෙන්නේ . බාන්න ලින්ක් එකක් තියෙනවා වම් පැත්තේ කෙලවරේ කළු පාටින්..

      Delete
  3. බ්ලොගර් වලට දාන්න බෑ නේ ද...?

    ReplyDelete
    Replies
    1. බ්ලොගර් වල කෙලින්ම ටයිප් කරනකොට වැඩ කරන්නේ නෑ මට පෙන්නේ.. මම ගුග්ල් ඉන්පුට් ටුල්ස් වලින් මේ ලියන්නේ.. ෆොන්ට් එක මාරු කලාට ලියවෙන්නේ ඉස්කෝල පොතෙන්ම තමයි..

      Delete
    2. Blogger-->Dashboard-->Template-->Customise-->Advanced-->Add Custom CSS--> Type this code & Click Appy to blog

      .home { font-family:FONT NAME; }

      Delete
    3. { font-family:FONT NAME; }

      FONT NAME කියලා තියෙන තැනට ෆොන්ට් ඔක්කොම ටික දාන්නෝන ද..?

      Delete
    4. එකක් හෝ කීපයක් දාන්න පුළුවන්. එක සිංහල ෆොන්ට් එකක් දාන ඒක හොදයි කියලා මටනම් හිතෙන්නේ. හැබැයි ඔය මොක දැම්මත් බලන කෙනාගේ මැෂිමේ අඳාළ ෆොන්ට් එක install වෙලා තියෙන්න ඕනේ. එහෙම නැතිනම් දැනට තියෙන iskola potaම තමා ගන්නේ.
      අලුත් HTML5 වලදීනම් බලන කෙනාගෙ ෆොන්ට් install ගැන වද නොවී කරන ක්‍රමයක් තියෙනවා. පොඩ්ඩක් ගූගල් කරලා හොයලා බලන්න.

      Delete
    5. ස්තුතියි මල්ලි.. මෙහෙම කරන විදියත් එක්කම දැම්මම තමයි හැමෝටම ප්‍රයෝජනවත්..

      Delete
  4. {ශිරෝෂන් + පැතුම්} --> ස්තූතියි

    ReplyDelete
    Replies
    1. අම්මෝ තිස්ස අයියගෙන් කොමෙන්ට් එකක්... කන්න ඕනෙත් නෑ වගේ... :D

      Delete
  5. යුනිකෝඩ් වලට ඔය කියන ෆොන්ට් සපොට් වෙන්නෙ නෑනෙ... අභය හරි මලිති නැත්තං අර්ජුන ගෙන් ලියල කොපි පේස්ට් පාරක් දැම්මොත් ඉංග්‍රීසි අකුරු විකාරයක් නෙ එන්නෙ

    ReplyDelete
    Replies
    1. මහේෂ් , මේ ෆොන්ට් සපෝර්ට් කරනවා. අර ශිරෝෂන් කිව්වා වගේ ඔයාගේ මැෂින් එකේ ඉන්ස්ටෝල් කරලා බලන්න

      Delete
  6. කියල වැඩක් නැහැ බං. උම්මා.. සපෝට් කරොත් නං ගොඩ..

    ReplyDelete
    Replies
    1. ඉන්ස්ටෝල් කරගත්තම වැඩ කරනවා බන්...මට මේ ලස්සනට මම ලියපු අකුරු පේනවා..උඹලට පෙන්නේ නැද්ද.. :D

      Delete
  7. මේවා බොහෝම පින් අත් වෙන වැඩ. මේ ආත්මෙම පලදෙනවා.

    ReplyDelete
    Replies
    1. අන්න එකනේ මම මේ මොඩර්න් පින් ගැන පෝස්ට් එකක් ලියන්න හිතාගෙන ඉන්නේ.. හෙහ් හෙහ්..

      Delete
  8. ගොඩක් ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ඉන්ස්ටෝල් කරලා බලන්න.. :)

      Delete
  9. නියමයිනේ මලයා මේ තොරතුරට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඔයාලට වැඩ ගන්න පුළුවන් නේද මේ වගේ ෆොන්ට්ස් වලින්.. පත්තරේ දැනට පාවිච්චි කරන්නේ යුනිකේත නෙවෙයි ද?

      Delete
  10. නියමයිනේ.. බලමු ට්‍රයි එකක් දීලා..

    ReplyDelete
    Replies
    1. දිනේෂ් ,ඉස්සරහට හැඩවැඩ දාල බ්ලොග් පෝස්ට් දාන්න

      Delete
  11. මාත් දවසක් ඔය වාගේ එකක් දාගන ට්‍රයි කොලා බං හරි ගියේ නැ

    ReplyDelete
    Replies
    1. අටම් අයියේ මේක හරියනවා.. දාල බලන්න

      Delete
  12. මමත් මේක බාගෙනමට්‍රයි එකක් දීලා බලන්නම්... ටැංකියු !

    ReplyDelete
    Replies
    1. මධුරංග ඊලඟ පොස්ට් එක වෙන අකුරකින් ලියන්න අපිටත් බලන්න..

      Delete
  13. අපිටත් පඩි ගෙවනවා නම් ඔව්ව හොය හොය ඉන්න අපිත් හොයලා ලියනවා. හ්ම්ම්..

    ReplyDelete
    Replies
    1. මේක නම් පැහැදිලි ඉරිසියාව.. හෙහ් හෙහ්... ඉඳල හිටලා පොඩි අයිස් පාරක් ගහන්න චාන්ස් එකක් සෙට් වෙන්නේ..

      Delete
  14. බොහොම ස්තුතියි අයියා :D

    ReplyDelete
  15. ඉතා හොඳින් වැඩ

    ReplyDelete