Thursday, March 06, 2014

කොම් පැණියට බ්ලොග් එකක්

මේ වැඩේ මම කලින් වැඩ කරපු තැනකදී අත්හදා බලපු පොඩි දෙයක්. බ්ලොග් කියවන්න ලියන්න කැමති අය ඉන්න තැනකදී ගොඩක් සාර්ථක වෙන්න පුළුවන්.  මේක ඇත්තටම වැඩ කරපු ආයතනයේ නිල වශයෙන් කරපු දෙයක් නෙවෙයි. එක ප්‍රොජෙක්ට් එකක වැඩ කරපු අපි සෙට් එකක් කරන්න පටන් ගත්ත වැඩක්..

වැඩ කරන කණ්ඩායමේ කණ්ඩායම් හැඟීම ටිකක් දියුණු කරන්න හොඳ විදියක් කණ්ඩායමේ ඉන්න අයගේ විවිධ දක්ෂතා ඒ කියන්නේ කවි,කතා,නිසදැස් වගේ එලියට ගන්න පුලුවන් ඒ වගේම දැනුම බෙදා ගන්න,පොඩි මඩක් ගහන්න, ඔය ලොකු තැන් වලට කියා ගන්න බැරි දේවල් හීනියට වගේ කියා ගන්න පුළුවන් සරල ක්‍රමයක්..

මම මේ වැඩේ කලේ  10-15ක් විතර ඉන්න ගෘප් එකක.. ඊට වැඩිය උනත් අවුලක් නෑ.. ටිකක් ඇක්ටිව් විදියට ලියන  කීප දෙනෙක් හිටියනම් මුළු ආයතනයටම වුනත් පාවිච්චි කරන්න පුළුවන්.

මේ ප්‍රොජෙක්ට් එකට සම්බන්ධ අය දැන් ඔක්කොම විසිරිලා.. ඉතින් තව දුරටත් මේක ඇක්ටිව් නෑ... කාටවත් අපහසුතාවයක් සිදු වන දේවල් මේකේ නැති නිසා මේ විදියට පොඩි ප්‍රචාරයක් දෙන්න හිතුවා.. බැරි වෙලා හරි කාට හරි එහෙම එකක් දැනුනානම් අනේ මචං සොරි.. මම මේ පොඩි අයිඩියා එකක් දෙන්න කරපු වැඩක්.. හෙහ් හෙහ්  

අපි මේක පබ්ලික් සර්විස් එකක කලාට ඕනේ නම් කෙනෙකුට පුළුවන් තමන්ගේ ආයතනයේ පෞද්ගලික ජාලය තුල වුනත් මේ වගේ පොදු බ්ලොග් එකක් කරගෙන යන්න... 

හොඳට නරකට දෙකටම පාවිච්චි කරන්න පුළුවන් නිසා ටිකක් වගකීමෙන් කරන්න ඕනේ...

හරි එහෙනම් ඔච්චරයි කතාව



28 comments:

  1. Replies
    1. හෙහ් හෙහ් මොකුත් නෑ... මොනවා හරි කරන්න හිතාගෙන හැදුවේ.. එච්චර හරි ගියේ නෑ..

      Delete
  2. හි හි මකබාස් :)

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ... සුර පප්ප ගෙන් කොපි කලේ..

      Delete
  3. කාටවත් අපහසුතාවයක් වෙන්න එකේ ඇති ලබ්බක් නැහැනේ බං. වැඩකරන තැනක ඔයවගේ වැඩ සාමාන්‍යයෙන් අසාර්ථකයි. ඔහොම එකක් සාර්ථක වෙන්න nerds ල කීප දෙනෙක් ඕන වෙනවා. ඒත් බුදු සාදු කියල තියෙන්නේ "දුල්ලභෝ හෝති නර්ඩ්ස්" කියල

    ReplyDelete
    Replies
    1. අපහසුතා කතාව දැම්මේ මම විතරක් කරපු වැඩක් නොවන නිසා.. හෙහ් හෙහ්..
      උනන්දුව තියෙන උන් හොයා ගන්න අමාරුයි තමයි. ඕක බලල වාචිකව කොමෙන්ට්ස් දුන්න අය හිටිය.. ලියන්න ගොඩක් අය අදිමදි කරනවා යුනිකේත ගැන හරියට නොදන්නා නිසා..

      හැබැයි සිංහලෙන් ලියන කීප දෙනෙක් ඉන්න තැනකදී යමක් කරන්න පුළුවන් කියල හිතෙන නිසා පොඩි අදහසක් දෙන්නයි දැම්මේ..

      Delete
  4. මොනව හරි ඉදල හිටල ලියපන්කො කොල්ලො ...

    ReplyDelete
    Replies
    1. මේවා තමයි ඉතින් ඔළුවට එන්නේ සතියක් විතර ලියන්නේ මොනවාද කියල හිතනකොට.. හෙහ් හෙහ් හෙහ්... ඔලුව නිකන් කර වෙලා වගේ කිසිම දෙයක් ඔලුවේ නෑ..

      Delete
  5. කරන්න බැරි වැඩක් නං නෙමෙයි අර කිව්ව වගේ ඇම්ම තියෙන කීප දෙනෙක් ඉන්නම ඕන. නැත්නං අනිත් උන් පස්ස ගහනවා

    ReplyDelete
    Replies
    1. ඔව් ඇදගෙන යන්න කීප දෙනෙක් ඉන්න ඕනේ.. ඔෆිස් වල ඉතින් එක එක විදියේ අය ඉන්නවනේ..

      ඔය සොෆ්ට්වෙයාර් කොම්පැනි වල වගේ එක විදියේ කොල්ලේ කෙල්ලෝ ඉන්න තැනක මේක කරන්න පුළුවන්.. අපේ එකෙත් මමයි තව එකෙකුයි තමයි වැඩේ ඇදගෙන ආවේ..

      ගොඩක් උන් බලල ආතල් ගත්ත එක තමයි කලේ.. ටික කාලෙකින් ප්‍රොජෙක්ට් එකේ කට්ටිය එහෙ මෙහෙ ගිය නිසා වැඩේ මග හිටිය..

      Delete
  6. අපි එකම රෑනේ කුරුල්ලෝ ...... මේ පරා...දිසේ...

    ReplyDelete
    Replies
    1. මට හරියටම තේරුනේ නම් නෑ..

      Delete
    2. නැහැ අර කට්ටියක් එකතුවෙලා කරන වැඩක් කිව්වම මට පොඩි සින්දු කැල්ලක් මතක් උනා එක තමයි ඔය දැන්මේ

      Delete
  7. යකෝ ඒපාර බිත්තිය කියල දාගත්තද ඉස්කොලේ පැත්තේ විපරමක් දාල බැලුවද

    ReplyDelete
    Replies
    1. ඉස්කෝලේ ගැන හෙව්වේ නෑ බන්.. කොහොමත් අවුරුදු 5-6කට සැරයක් අපේ ඉස්කෝලේ උන් ඕවගේ ආතල් එකක් ගන්නවනේ.. එතකොටනේ ඉස්කෝලේ නම රැකෙන්නේ.. :D

      උඹට මතකද අපි 6-7 වසරේ ඉන්නකොටත් ඕවගේ සීන් එකක් ගියා...

      Delete
    2. ඇයි යකෝ ඒලෙවල් කරද්දිනේ අන්තිම එක ගියේ

      Delete
    3. එකනේ ඉතින් අවුරුදු 5-6කට සැරයක් ඕවගේ සීන් එකක් දා ගන්න ඕනේ එල කොල්ලන්ගේ ඉස්ල්කොලයක් වුනාම.. හෙහ් හෙහ් හෙහ්

      උඹ දන්නවද මම මුලින්ම ඉස්කෝලෙට ඇතුලත් වෙන්න ආපු දවසේ කල්‍යාණි පාරෙන් හැරෙනකොට කනට ඇහිච්ච දේ..

      "ඉස්කෝලේ විනය නම් අන්තිමයි කියල.." තව කවුද ඉස්කෝලෙට ආපු ඇන්ටි කෙනෙක් කාත් එක්ක ද හෙන කයියක් ගගහ යනවා මටයි අම්මටයි ඇහුනා..

      එත් ඉතින් අපි දැන් මේ හොඳට ඉන්නේ.. :D

      Delete
    4. හෙක්..තොපි දෙන්න එක පාසැලේ ... එල... :)

      Delete
  8. මොකද්ද ඒ බ්ලොග් එකේ නමේ තේරුම "ඊ-කුර්ව්" කියන්නේ මොක ?
    අපරාදේ ටික කාලයක් ලියල අතෑරලා දාලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ekurve කිව්වේ learning curve කියන අදහස e-learning curve කියල වෙනස් කරලා curve එකේ c වෙනුවට k දැම්ම. අපි බලාපොරොත්තු වුනේ ටෙක්නිකල් දේවල් එහෙම ගොඩක් ලියන්න.. හැබැයි ඉතින් කෙරුනේ නෑ.. ටික කාලෙකින් අපි හැමෝම වෙන වෙන කොම්පැනි වලට , ප්‍රොජෙක්ට් වලට මාරු වෙච්ච නිසා වැඩේ නතර වුණා.. දැන් ඉතින් ලියල වැඩක් නෑ.. ඒ ගතිය තියෙන්නේ අදාළ කට්ටිය ලියනකොට තමයි..

      Delete
  9. හැක්... වැඩේ වැහෙන තැනටම ගිහිල්ල තියෙන්නෙ ලස්සනට.
    මටත් හිතෙන්නෙ ඔෆිස් එකකනං ඔය වගේ වැඩක් දීර්ඝකාලීනව කරගෙන යන්න අමාරුයි කියලයි.

    ReplyDelete
    Replies
    1. ඔපිස් එකේ ලියන්න උණ තියෙන උන් කීප දෙනෙක් ඉන්නවනම් කරන්න බැරි වැඩකුත් නෙවෙයි..

      Delete
  10. උවමනාව තියෙනවා නම්, කැපවීම තියෙනවනම් ඔනාම් දෙයක් කරන්න පුවන්.

    ReplyDelete
    Replies
    1. එක්කෙනෙකුට තිබිල මදි හැබැයි.. මේ වගේ වැඩක් කරන්න එහෙම අය දෙතුන් දෙනෙක් වත් ඕනේ..

      Delete

  11. කෙන්ජි උඹ දන්න්වද අර රජා ඌත් අපේ එකෙක් බං හික්ස් // තහනම් අඩවිය //

    ReplyDelete
    Replies
    1. එල කොල්ලෙක් නම් ඉතින් බණ්ඩාරනායකේ තමයි.. නැද්ද බන්..

      Delete
  12. ආරම්භ කරන්න වීර්යය තිබුණට පවත්වා ගෙන යන්න වීර්යය නැති වෙලා වගේනේ

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ඒක හරි . ගොඩක් අයට අමාරුම ඒ වැඩේ නේ..

      Delete