Monday, February 24, 2014

නිකන් ඉන්නවට ඉලෙක්ට්‍රොනික් - Control LED with Arduino and Processing

පොඩි කාලේ ෆෝමිකා බෝඩ් කවකට්ටෙන් හිල් කර කර අම්ම වැඩට යනකොට ලියල දීල ගෙන්න ගන්න ට්‍රාන්සිස්ටර් ,රෙසිස්ටර් ,කන්ඩෙන්සර් LED,IC ලී මිට තියෙන බවුත් එක යාන්තමට නහය කිට්ටුවට අරන්  හොඳට රත් වෙලාද කියල බලල ඊයම් යාරේ වැඩිය උණු වෙන්න නොදී පරිස්සමට කැලිටික පාස්සගෙන  LED ටික පත්තු වෙනකොට තිබ්බ ආතල් එක... ගෙදර කට්ටියම එනකම් ඉඳල කාමරේ ලයිට් නිවල නිවී නිවී පත්තුවෙන බල්බ් ටික පෙන්නනකොට තිබ්බ ආතල් එක... හප්පා ඉතින් දන්නෝ දනිති...

අවුරදු 15කට විතර පස්සේ පොඩි සර්කිට් වැඩක් කළා...  

Arduino එක ගත්තා. USB කේබල් එකෙන් කනෙක්ට් කළා.  ස්කෙච් එක ලිව්වා(කොපි පේස්ට් කළා ). මවුස් එක ක්ලික් කළා... වැඩේ ඉවරයි..LED ටික පත්තු වෙනවා... ආතල් එක ක්‍ෂණිකයි.. හෙහ් හෙහ්

අතීතය සුන්දරයි හැබැයි දැන් වැඩ ඊට වඩා බොහොම පහසුයි. පොඩි දෙයක් කරගන්න ගිය වේලාවෙන් අලුත් දේවල් ගොඩක් හිතන්න පුළුවන්...ගොඩක් දේවල් කරන්න පුළුවන්.  ඉතින් වඩා හොඳ ඒකද මේකද කියල හිතන එක වැඩක් නැති දෙයක්

හරි මේ පහු ගිය සුමානෙක ගෙදර ඉන්න ගමන් කරලා බලපු පොඩි වැඩක්.. මම මේ ඉලෙක්ට්‍රොනික් අන්සේ වැඩ එච්චර දන්නේ නෑ.. පොඩි කාලේ ආසාවට කළා..  කොම්පුටරයක් ගෙදෙට්ට ගෙනාවත් හරි සර්කිට් වැඩ එහෙමම නතර වුණා.. පස්සේ ටිකක් ප්‍රෝග්‍රෑමින් ඉගෙන ගන්නකොට Assembly වලින් port ප්‍රෝග්‍රෑම් කරලා LED පත්තු කරන්න ආස වුනත් පණවගේ තිබ්බ මැසිමට කෙල වෙයි කියල ඒවා ට්‍රයි කලේ නෑ..

දැන් ටික කාලෙකට කලින් ටෙක් කතා එකෙන් ඔය Arduino ගැන කරපු වැඩසටහනක් දැකල Arduino එකක් අරන් මොනවා හරි කරන්න හිතුවත් ඒක හැමදාම කල් ගියා..

මෙහෙ ආවට පස්සේ සෙට් වෙච්ච අලුත් යාලුවන්ගෙන් කෙනෙක් මේ අන්සෙන් සැහෙන වැඩ කරනවා.. එයාගේ බ්ලොග් එක දැකල තමයි මට ආයේ වැඩේ කරන්න හිතුනේ.. මේ තියෙන්නේ ගිහින් බලන්නකෝ

ඉතාලියේ නිෂ්පාදිත ඔර්ජිනල් Arduino එකක් ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් මේ තියෙන්නේ ශසින් ගේ පුංචි බිස්නස් එක. මමත් එයාට කියල ලංකාවෙන්ම තමයි Arduino එක ගෙන්න ගත්තේ..

හරි ඕක ගත්තට මොකද තව පොඩි පොඩි කෑලි බැලි ටිකක් ඕනේ ඕකත් එක්ක වැඩ කරන්න. මම මෙහෙ ඔය ටික ගන්න විදියක් නැතුව ඉන්නකොට ශසින්ම තමයි වයර් කෑලි ටිකකුයි බ්‍රෙඩ් බෝර්ඩ් එකකුයි,  LED, තව ගැජට්ස් ටිකක් දුන්නේ වැඩේ මුලින්ම පටන් ගන්න..

කොහොම හරි එහෙන් මෙහෙන් හොයල LED එක පත්තු කළා.. ඒක හෙන සිම්පල් වැඩක්.. ගුගුල් එකේ පොඩි සර්ච් එකක් දැම්ම ගමන් ඕනේ තරම් විස්තර තියෙනවා.

පස්සේ දවසක මෙහෙ තියෙන මාර්කට් විදියේ ඇවිදලා මම තව ගැජට් ටිකක් ගත්තා.. ඊට පස්සේ තමයි මේ ප්‍රොජෙක්ට් කෙරුවාව පටන් ගත්තේ..

ඔය ගෙනාපු ගැජට් එකක් තමයි මේ අල්ට්‍රා සොනික් සෙන්සර් එක.. එකෙන් කරන්නේ ඔය අධි සංඛාත ශබ්ද තරංගයක් නිකුත් කරලා එකේ පරාවර්තනය වෙලා එන්න ගතවන කාලය මැනලා ඔය එක එක වස්තු වලට තියෙන දුර මනින එක.. ඔය අපි දකින ගොඩක් රෝබෝලගේ තියෙන්නේ ඔය ගැජට් එක..

LED පත්තු කරන එක ටිකක් සීනි බෝල වගේ නිසා (අකුරක් නොදන්නවා උනත් පොර වෙන්න ඕනේ කම නිසා)  අල්ට්‍රා සොනික් සෙන්සර් එකෙන් ම එක සැරෙන්ම වැඩක් කරන්න හිතාගෙන ගුගලයාගෙන් අහල බැලුව.. අපරාදේ කියන්න බෑ.. ඕනේ තරම් කරන්න දේවල් තියෙනවා.

ඔය එක බ්ලොග් එකක තිබ්බා මම ටිකක් දන්න කියන Processing පාවිච්චි කරලා කොහොමද මේ Arduino එකත් එක්ක වැඩ කරන්නේ කියල.


මම දැන් ටික කාලෙකට කලින් අර augmented reality වැඩේ කලේ ඔය Processing පාවිච්චි කරලනේ. මේ තියෙන්නේ ඒ විස්තරේ.. මේ Processing කියන්නේ Massachusetts Institute of Technology එකේ හදපු ඕපන් සෝස් ප්‍රොජෙක්ට් එකක්. ඒ කියන්නේ සරල ප්‍රෝග්‍රෑම් සංකල්ප පාවිච්චි කරලා අපුරු දෘශ්‍ය කලා වැඩ කරන්න පුළුවන් පුංචි සොෆ්ට්වෙයාර් එකක්. ප්‍රෝග්‍රෑමින් වල මුලික සංකල්ප දන්න කෙනෙකුට හරිම ලේසියෙන් කරන්න පුළුවන් එකක්. මේකෙන් කරපු අපුරු වැඩ ගොඩක් මෙතන තියෙනවා. Arduino කියන්නෙත් මේ Processing ප්‍රොජෙක්ට් එක පාවිච්චි කරලා හදපු තවත් සොෆ්ට්වෙයාර් එකක් (හාර්ඩ්වෙයාර් එක වෙනස්).


හරි ඉතින් මගේ ළඟ තිබ්බ බඩු කෑලි ටික පාවිච්චි කරලා මම ඕකෙන් ප්‍රොජෙක්ට් 2ක් කළා. එකක් අල්ට්‍රා සොනික් සෙන්සර් එක, Arduino සහ Processing වලින් අනිත් එක Arduino සහ Processing සමඟ LED.

පරිගණකය මගින් පාලනය කරන්න පුළුවන් ගැජට් හදන එක හෙන ජොලි වැඩක්. හෙන හයිටෙක් ගතියක් තියෙනවා එහෙම කරනකොට(මට හිතෙන හයිටෙක්). ඉස්සර නම් එහෙම ගැජට් හදන එක හීනයක් වගේ.. දැන් හැබැයි විනාඩි 10න් ඕනේ කෙනෙකුට ඒවගේ එකක් හදල පොඩි කික් එකක් ගන්න පුළුවන්..

වැල් බයිලා හැටක් විතර කිව්වට කරපු වැඩේ ගැන කිව්වේ නෑනේ..

මෙන්න මේක බලලම ඉන්ටකො..



එක පාරට තේරුනේ නැති කෙනෙක් ඉන්නවනම් මම කොම්පුටරේ මවුසා එහෙ මෙහෙ කරන විදියට තමයි අර සයිඩ් එකේ තියෙන LED ටික පත්තු වෙන්නේ..

අපේ අක්කගේ පුතාට මම ඕක පෙන්නුවා.. "ඉතින් ඕක මහ දෙයක් ද නිකන් ලයිට් ටිකක් පත්තු වෙනවා විතරනේ" අවුරුදු 10යෙ එකා ඔන්න දුන්න උත්තරේ..

පස්සේ මම ලැජ්ජාව වහ ගන්නත් එක්ක කිව්වා මට ඕන නම් කාර් එකක් එලවන්න පුළුවන් මේ මවුස් එකෙන් කියල (රිමෝට් කන්ට්‍රෝල්) අන්න එතකොට තමයි පොර පොඩ්ඩක් සැරෙන්ඩර් වුනේ.. හෙහ් හෙහ් හෙහ්..

අර අල්ට්‍රා සොනික් වැඩේ කරපු එක වීඩියෝ කරගන්න බැරි වුණා.. ඒක විස්තර කරන්න දැන් කම්මැලියි පස්සේ කාලෙක එකෙන් වීඩියෝ එකක් හදල දාන්නම්..

කරලා බලන්න කැමති කෙනෙකුට මෙන්න තියෙනව විස්තර
http://www.instructables.com/id/RGBs-with-Arduino-and-Processing/
http://arduinobasics.blogspot.com/search/label/Processing



26 comments:

  1. මලයෝ කිව්වට මොකද 1984 විතර කාලේ මාත් සර්කිට් පිස්සෙක්. ඔය එල්. ඊ. ඩි බල්බ දෙක තුනක් නිවි නිවි පත්කු කරන්න කැ කට්ට දන්නේ උඹ වගේම එකෙක් තමා.ඒ කාලේ සර්කිට් තිබ්බේ ආනන්දේ ඉස්සරහ පාරේ ගියාම තියන තැනයි රොබට් ඒජන්සියෙයි විතරයි. ඒ කොහෙන් හෝ අරගන අටවගන්න බල්බයක් දෙකක් නිවි නිවි පත්තුවෙනකොට හිතට දැනෙන සතුට දැන් මට මේ පෝස්ට් එකෙනුත් ලැබුණා. ඒ වගේද පරණ ඔර්ලෝසු මැසිමක් අරන් අර පොඩ් රැස්වලල්ල කරකන මෝටමෙන් ෆැලැෂර හදන් වෙසක් එකකට ටෝචි බල්බ් වලින් හදන තොරණ

    ReplyDelete
    Replies
    1. ආපෝ මේකත් මං වගේ එකෙක් නෙව.. හැක්

      Delete
    2. ඔරලෝසු මැසිම තමා මැසිම.. දැන්නම් ඒවා හොයා ගන්නත් නෑ නේද? මට තව සීන් එකක් මතක් වුණා ඔය ඔරලෝසු මැසිමෙන් මම කරපු. එකත් ලියල දාන්නම්..

      Delete
    3. බලාගන යනකොට ඔක්කොම එක බෝට්ටුවේ

      Delete
  2. පැතුමෝ.. අපිත් ඒ කාලේ ඕවට මාර ආසයි එක එක පොඩි පොඩි වැඩ කෑලි වලට. මං ඉස්කෝලෙත් කළේ තාක්ෂණය ට ගුවන්විදුලි ශිල්පය.

    ස්තුතියි විස්තරේට..

    ReplyDelete
    Replies
    1. ඔය වගේ පොඩි වැඩක් කරන එක හෙන මැජික් නේ ඉතින්.. ඉස්සර ඉස්කෝලේ කොල්ලොත් එක්ක තරගෙට සර්කිට් එහෙම හැදුවා.. දැන් කොල්ලෝ තරගෙට ගේම් ගහනවා වගේ..

      Delete
  3. මාත් පොඩිකාලෙ ඔය ක්‍රිස්ටල් වලින් රේඩියෝ හදන, LED අටවන ඒව කරල තියෙනව. පස්සෙ මම කුමරසිංහ රෙඩියෝ එකෙන් තැපෑලෙන්ම රේඩියෝ හදන්න ඉගෙන ගත්ත කෑලිත් එක්කම.

    ඔය Arduino වැඩේ ගැන මටත් ආසාවක් තියෙනව. ඒත් කරන්න වෙලාවක් නැති එක තමයි අවුල.

    ReplyDelete
    Replies
    1. මම ගොඩක් ම බැලුවේ සෙනිත් සිප් නැණ සඟරා සහ විදුසරෙත් ගියා පොඩි පොඩි සර්කිට්.. Arduino වලින් වැඩ කරන්න වෙලාවක් ඕනේ නෑ.. ඔය මම කරපු එක කරන්න විනාඩි 15ක් යයි උපරිම.. දැන් ඔක්කොම රෙඩිමේඩ් තියෙනවනේ.. ප්ලග් ඇන්ඩ් ප්ලේ තමයි අපිට කරන්න තියෙන්නේ..

      Delete
  4. ලයිට් පත්තු කිරිල්ලට අමතරව පොඩි මෝටර් වලින් බුදුරැස් මාලා කරකවලා නැද්ද ?? ආහ්.. ඇයි තිස්සවයි මුවාවයි එකම මෝටරෙන් කරකවලා නැද්ද ?

    ReplyDelete
    Replies
    1. ඒවා නං කරල නෑ. අර පාට පාට බුදු රුස් වලල්ල කරකවන්න මෝටර් දැම්මා අමාරුවෙන් කරන්ට් එක දාගෙන.. හැබෑටම මතක් කරන්නත් බෑ දැං ඒවා

      Delete
    2. බුදු රැස් කරකවන එක ටික කාලයක් යනකොට සීනිබෝල කොල්ලන්ට කරන්න ඇරල අපි ඇඩ්වාන්ස් වැඩ විදියට හැම පොසොන් එකටම වගේ මුවාවයි තිස්සවයි කැරකෙව්වා.. තිස්ස මුවා පසුපස දුවනවා.. මුවා තිස්ස පසු පස දුවනවා... හෙහ් හෙහ්

      Delete
    3. ඒකනේ.. එකම මෝටරෙන් තමා දිවෙව්වේ... :)

      Delete
  5. ඉස්සර මමත් ඔය ඉලෙක්ට්‍රොනික් වැඩ කලා.ඒත් දැන් රස්සාව හින්ද නෑනෙ වෙලාවක්.පුලුවන් වෙලාවට ට්‍රයි කරල බලමු.

    ReplyDelete
    Replies
    1. දැන් මේවා කරන්න එච්චර වෙලාවක් යන්නේ නෑ.. බඩු ටික අරන් ට්‍රයි එකක් දෙන්න.. :)

      Delete
  6. මතකද Night Rider සර්කිට් එක. හදලා ලෝකෙම ඉන්න වැඩ්ඩො වගේ ඉස්කෝලෙ ඉන්නෙ. ඔන්න ඔය ආසාව හින්දමයි 1991 Junior Inventor of The Year සමස්ථ ලංකා තරඟයෙන් තුන්වන ස්ථානය ලැබුවේ. ( ඔන්න නයා....)

    ReplyDelete
    Replies
    1. ජය ලබන්න හදපු ගැජට් එක ගැනත් ලියල දාන්න.. Night Rider එක හදන්න පුළුවන් එක සිරා පොරක් විදියට තමයි ඒ දවස් වල සැලකුවේ.. හෙහ් හෙහ් මම එහෙම හදපු එකක් ඉස්කෝලේ ප්‍රදර්ශනෙක හයිකලා.. ප්‍රදර්ශනේ ඉවර වෙනකොට බඩු මිසින්.. හෙහ් හෙහ්..

      Delete
  7. මගෙත් ගහකොළ ඇරුනම ආසකරන අනිත් ෆීල්ඩ් එක තමයි ඉලෙක්ට්‍රොනික්.. ට්‍රආන්ස්ෆොර්මර් ගැන ප්රෝජෙක්ට් එකකුත් කළා.. පොඩිකාලේ මගේ පර්ස් එකක් තිබ්බා ස්රකිට් කෑලි දාගන්න.. මෝටර් කෑලි...වයර් ,,බල්බ් ..,රෙසිස්ටර්ස් ,,,මේක කියෙවුවට පස්සේ මතක් උනේ , මන් පලවෙනියටම හදපු මොටරේ හයිකරපු කාර් එකක් දැකලා අපේ මාමා හිනා වෙච්ච හැටි .

    ReplyDelete
    Replies
    1. කෙල්ලෝ වැඩිය මේ වගේ වැඩ වලට කැමති නෑ නේ... මම හිතන්නේ ඔයාට ඒ දවස් වල ඉඳලම පොඩ්ඩක් කචල් තියෙන්න ඇති.. (හෙහ් හෙහ් හෙහ්) කොල්ලන්ගෙත් සමහරුන්ට මේ වැඩ අල්ලන්නේ නෑ.. හැබැයි ඉතින් මම හිතන්නේ ජිවිතේ ගැන උනත් පොඩ්ඩක් තාර්කිකව හිතන්න පුරුදු වෙනවා මේවගේ වැඩ පොඩි කාලේ කලහම.. නිකන් කවුරු හරි කියන දෙයක් එකපාරට පිළිගන්නේ නැතුව..

      Delete
  8. මාත් හදුවනේහ් බල්බ් ඒ කලේ අදටත් මම සින්දු අහන්නේ මම අටෝගත්ත amp එකකින්

    ReplyDelete
    Replies
    1. කාටද ආඩම්බර ..තමන් හදපු ඈම්ප් එකකින් සිංදු අහන එක.. මම නම් ඔය එහෙන් මෙහෙන් පොඩි පොඩි දේවල් හැදුව විතරයි වැඩක් ගන්න පුළුවන් දෙයක් හදල නෑ.. හෙහ් හෙහ්

      Delete
  9. මටනම් මෙලෝ දෙයක් තේරුනේ නැ නේ .. මේ සිතල කාලේ දාඩියත් දැම්ම මේක කියවන්න ගිහින් .. මටත් කියන්න තියන්නේ අර කොලු පැටිය කියපු දේ තමා ..හි ..හි..
    එත් ඉතින් උත්සාහය ගැන සන්තෝසයි ..

    ReplyDelete
    Replies
    1. මේවගේ ඒවා තේරෙන්න පොඩ්ඩක් විතර මොලේ කචල් තියෙන්න ඕනේ.. හෙහ් හෙහ්..

      Delete
  10. අපි නං දන්නෙ බලුප් එක පිච්චුනාම ඒකට අලුත් එකක් දාගන්න හැටි විතරයි ඕං..

    ReplyDelete
  11. ලොක්ක ආපහු ගොඩ බැහැල වගේ... හෙහ් හෙහ්

    ReplyDelete
  12. බලලා යන්ට ආවා...ඔය කියන එව්වා නම් කරලා බලන්ට දැන්ම අදහසක් නෑ. (බෑ නොකියා මෙහෙම කියමු. නැත්නම් ලැජ්ජයිලු ) :D

    ReplyDelete
  13. මම හිතන්නේ ඔය ආවමයි ද කොහෙද.. :)

    ReplyDelete