Saturday, January 04, 2014

වීදී චිත්‍ර - Street Arts

වීදී චිත්‍ර කියන්නේ හරි අපුරු කලාවක් ... ලෝකේ පුරා අතිශය ජනප්‍රිය මේ කලාව විවිද රටවල විවිද විදියට නිර්මාණය කරලා තියෙනවා ... බොහෝවිට පාරවල් වල ඇඳපු ත්‍රිමාණ චිත්‍ර අපි හැමෝම වගේ දැකල ඇති ඔය එක එක වෙබ් සයිට් වලින් එහෙම ... ලංකාවේ දියවන්නා උද්‍යානයේ ඒ වගේ ත්‍රිමාණ දිය ඇල්ලක් ඇඳලා තියෙනවා..  ගොඩක් අය දැකල ඇති ඒක නම්...  මේ විදී වල එක එක නිර්මාණ කරන එක මම හිතන්නේ ටිකක් පරණ  කලාවක්...විකිපීඩියා එකේ තියෙන්නේ මෙහෙම   .  මග තොටේ යන එන මිනිස්සුගේ හිතට අපුරු හැගීම් එකතු කරන්න මේ විදී නිර්මාණ උදව් වෙනවා කියල මට හිතෙනවා... 

ලංකාවේදී අපි මේ විදී කලාව බොහෝ විට දකින්නේ චන්දෙ කාලෙට තාප්ප වල තමා.. හෙහ් හෙහ් ... පහුගිය සතියේ අපි පොඩි ට්‍රිප් එකක් ගියා ... මැලේසියාවට අයිති එක දුපතක් වෙන Penang වලට... ... විදේශ ආක්‍රමණ වල ප්‍රතිඵල විදියට ලැබුණු පෞරාණික බවක් තියෙන කුඩා දුපතක්... අපේ ගාල්ල නගරය වගේ පෞරාණික අතින් ..  ඒ වගේම නුවරයි ත්‍රිකුණාමලේයි එක ළඟ තිබුනානම් තියෙන කඳුකර මුහුදුබඩ ස්වභාවයකුත් තියෙනවා 

මේ දුපතේ එක නගරයක් තියෙනවා George Town කියල..  මේ නගරය මුහුදුබඩ තියෙන මේ දුපතේ ප්‍රධානම ස්ථානයක්..  මෙහි තියෙන විශේෂත්වය තමයි තනිකරම ගාල්ල වගේ ගෘහනිර්මාණ ලක්ෂණ තියෙන.. (චයිනිස් පන්සල් අරුණු විට) පෞරාණික බව සහ නගරය පුරා තියෙන කුඩා විදී වල ඇඳලා සහ නිර්මාණය කරලා තියෙන අපුරු විදී චිත්‍ර... මේ චිත්‍රවලට ගොඩක් වෙලාවට තේමාව වෙලා තියෙන්නේ කුඩා ළමයින් සහ විනෝදකාමී ස්වරූපයකින් තියෙන කාටුන් වගේ නිර්මාන..  හැම නිර්මාණයක් වගේම කරලා තියෙන්නේ පාර අයිනේ තියෙන ගොඩනැගිලි වල බිත්ති වල.. බොහෝ විට බිත්තියේ තියෙන යම් සිදුරක්, ජනේලයක්  අදාළ කරගෙන යම්කිසි තේරුමක් එන විදියට තමයි ගොඩක් ඒවා කරලා තියෙන්නේ..

මේ තියෙන්නේ මම එහෙ මෙහෙ ඇවිදිනකොට ගත්ත පින්තුර ටිකක්.. 


 මෙම නිර්මාණ කම්බි යොදා නිර්මාණය කර ඇත..

 මේ ඔන්චිල්ලාව පදින ළමයින්ගේ ඔන්චිල්ලාව යකඩින් හදල ළමයි දෙන්නව බිත්තියේ ඇඳලා තියෙන්නේ..


 බාස්කට් එකයි කණුවයි යකඩ
ජනේලෙ ඇත්ත එකක් ෆයර් ෆයර් කියල හදල තියෙන්නේ යකඩ වලින්.... (යකඩ කිව්වට යකඩම නෙවෙයි.. කලුපාට ලෝහයක්.. :D)
 යකඩින් කරපු තවත් අපුරු කාටුන් එකක්..
 මැකී ගිය චිත්‍රයක්...
වහපු ගේට්ටුවක ඇඳලා තියෙන චිත්‍ර ටිකක්...
 පිටිපස්සේ තියෙන අමුතු පුසා තමයි චිත්‍රෙ

 තවත් යකඩ නිර්මාණයක්...

 වහලෙන් බහින මීයෙක්..


 ටකරමක ඇඳපු පුසෝ ටිකක් කුඩේ ඇත්ත එකක්

 මේක තනිකරම යකඩ වලින් හදපු කණුවක්
 ඇත්තම බයිසිකලයක්  බිත්තියට හයිකරලා ළමයි දෙන්න බිත්තියේ ඇඳලා...

 බයික් එක බිත්තියට හයිකරලා.. පොඩි එකා බයික් එක පදිනවා.. ගෑනු ළමයා එතන ඉඳන් ෆොටෝ එකක් ගන්නවා :D


 ජනේලෙන් පහලට බැහැපු කඹයක්... කඹේ කම්බි වලින් හදල තියෙන්නේ ජනේලේ ඇත්ත එකක්
 මේකත් යකඩ වලින්  කරපු මුර්තියක්
 මේකෙත් පුටුව බිත්තියට හයි කරලා බිත්තියේ තියෙන කවුළුවක් අල්ලන්න ට්‍රයි කරන විදියට තමයි ඇඳලා තියෙන්නේ
මැකීගිය චිත්‍රයක්...


මේ චිත්‍ර ගොඩක් ඒවා ඇඳලා තියෙන්නේ Ernest Zacharevic කියන ලිතුවේනියානු ජාතික චිත්‍ර ශිල්පියා... ඔහු ගැන විස්තර මෙතන තියෙනවා.  බුකියේත් ඔහු ඉන්නවා

මෙහි තියෙන තවත් අපුරූ දෙයක් තමයි මේ චිත්‍ර ඇඳලා තියෙන ගෙවල් වල හිමිකරුවන් මේවා නරඹන්න එන සංචාරකයින්ට බයිසිකල් කුලියට දෙන වැඩේ... රිංගිට් 10ක් දීල ඕනේ කෙනෙකුට බයිසිකලයක් අරන් ටවුම පුරා ඇවිදින්න පුළුවන්... 

මේ තියෙන්නේ එහෙම බයිසිකල් පදින ලස්සන සුදු නංගිලා සෙට් එකක් මගේ කැමරාවට හසු වූ හැටි...


ඕක දැකපු අපි තුන්දෙනා බයිසිකල් පැද්දේ මෙන්න මෙහෙම


අපි බයිසිකල් පැද්දේ ටිකක් රෑ වෙලා... වහල තියෙන අර ජාතියේ එකක් හොයා ගන්න බැරි වුණා...

මම කලින් කිව්වා වගේ ජෝර්ජ් ටවුම හරියටම ගාල්ල වගේ තමයි... අපේ ගාලු කොටුව ඇතුලේ තියෙන විදියේ ගෙවල් වල බිත්ති වල තමයි මේ නිර්මාණ ඔක්කොම කරලා තියෙන්නේ...  මට හිතුනා බැරි වෙලා හරි මම ගාල්ලේ කොල්ලෙක් වුණා නම් මම ගිහින් අපේ බිත්තියේ මේ වගේ එකක් අඳිනවා කියල.. මොකද මම බියගම තියෙන අපේ ගෙදරයි අපේ අක්කලාගේ ගෙදරයි බිත්තිවල ඕවගේ කුරුටු චිත්‍ර නිතර අඳිනවා.. (අක්කගේ පොඩි උන් දෙන්න දැන් ලොකු නිසා එහෙ බිත්ති කුරුටු ගෑම දැන් තහනම්.. හෙහ් හෙහ්)

ඔන්න ඉතින් ගාල්ල පැත්තේ ඉන්න චිත්‍ර කාරයින්ට කරනවා නම් වැඩක්.... 

27 comments:

  1. මට මේ වෙලාවේ උපුටනයක් මතක් වෙනවා. කාගේද කියලා නම් කියන්නේ නෑ.
    //බිත්ති වල නරක දේවල් ලියන්න එපා කියල මම කියන්නෙ නැහැ..එහෙම ලිව්වහම කැතයි කියල විතරක් කියන්නම්//
    මේ වගේ හොඳ දේවල් බිත්තිවල සටහන් කලා නම් ඇත්තටම ලස්සනයි නේ.

    ReplyDelete
    Replies
    1. බිත්තිවල මේ වගේ දේවල් අඳින්න එකෙන් ඔය ජරා පෝස්ටර් ගහන එකයි කුණු හරුප ලියන එකයි ටිකක් හරි අඩු වෙලා යයි..

      Delete
  2. අපේ එවුන්ගෙන් ඔය වගේ නිර්මාණශීලී හැකියාවන් තියෙන අය බොහොම අඩුයි. උං බිත්තිවල ලිව්වොත් ලියන්නෙ කුණුහරුපනෙ.

    ගොඩක් රටවල්වල බොහොම භයානක මිනිස්සු ඉන්න පැතිවල පවා බිත්තිවල කුණුහරුප ලියන්නෙ නැතුව ලස්සන නිර්මාන කරල තියෙනව ඔය රූපවාහිනියෙන් එහෙම දැකල තියෙනව.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි... සරල දේවල් කරලා මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න පුළුවන්... කවුරු හරි පටන් ගන්න තමයි ඕනේ..

      Delete
  3. මාර චිත්තර ටිකක් තමා.. ගාල්ලේ හාදයොන්ට ඕවා කරන්න පුළුවන්යැ. නමේ හැටියට උන්ට වැඩ බැහැ නෙව.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. ගාල්ලේම වෙන්න ඕනේ නෑ.. ඉන්න ටවුන් එකක වැඩේ පටන් ගත්ත නම් හරි.. ඔය පෝස්ටර් ගහල විනාස කරලා තියෙන කඩ කාමර වල බිත්ති වල මේ වගේ 2-3ක් ඇන්ද නම් .. බලන්න එන මිනිස්සු නිසා බිස්නස් වැඩි කරගන්න පුළුවන්..

      Delete
  4. සිරා වැඩක්!

    අපේ බිත්තිවලත් බුලත්කෙළ ඩිසයින් තිබ්බ ඉස්සර නම්.

    ReplyDelete
    Replies
    1. බුලත් කෙල හරි කමක් නෑ.. පොඩි කලාත්මක විදියට ගහල අමුතු ඩිසයින් එකක් හදල පොඩි පබ්ලිසිටි එකක් දුන්න නම් හරි...

      Delete
  5. අපේ ඉන්නෙ පොඩි එකෙක්ටවත් බිත්තියක කුරුටු ගාන්න දෙන්නෙ නැති ජාතියක්නෙ ඉතිං.. මෙහෙම දෙයක් කරන්න හැදුවොත් චිත්‍ර ශිල්පියව හිරේ යවලා තමයි නතර වෙන්නෙ... හි හි

    ReplyDelete
    Replies
    1. මම නම් බිත්ති කුරුටු ගානවා... හෙහ් හෙහ්.. ඒ කියන්නේ ගෙදර මගේ කාමරේ බිත්ති... පොදු බිත්ති නෙවෙයි.. මට හිතෙන්නේ තව ඉස්සරහට ලංකාවෙත් මේවා බිහිවෙයි..

      Delete
  6. නියමයි අයියේ... ඒ ෆොටෝ හරිම සජීවී ... අපේ ගොඩක් අය දන්නේ ස්ප්‍රේ වලින් තාප්ප ,බිත්ති කැත කරන්නනේ ,,

    ReplyDelete
    Replies
    1. ඔව් මේ චිත්‍ර හරි ලස්සනයි.. පොඩි ළමයි ගේ තියෙන ළමා ගතිය හොඳට පේන විදියට ඇඳලා තියෙනවා... කිසිම කලාවකට කොටු නොවිච්ච නිදහස් මනසකින් ඇඳපු චිත්‍ර ටිකක්...

      Delete
  7. හුඟක් බටහිර රටවල වීදි සිතුවම් කියන්නේ කළාවක.. ලංකාවේ වගේ කාටවත් බැනපුවා බිත්තිවල නැහැනේ.. මාත් හුඟක් ඒවා දැකලා තියෙනවා ඔහොම..

    ReplyDelete
    Replies
    1. ඔව් මට නම් හිතෙන්නේ කොළඹ ලස්සන කරගෙන යන විදියට මේ වගේ දේවලුත් තව ඉස්සරහට තියෙයි.. ලංකාවෙත්..

      Delete
  8. ඒකත් ලස්සණ කලාවක් නේද? අපේ ඇස නොගැසුණු මේ වගේ කලාවන් තව කොච්චර ඇති ද?

    ReplyDelete
    Replies
    1. ඒ වගේ ඒවා ගොඩක් තියෙනවා... අපි තාම ලෝකේ දැකල නෑ හරියට... අපි දන්නා ටික තමයි ඔක්කොම කියල නේ අපි හිතන් ඉන්නේ...

      Delete
  9. මරු! ලංකාවෙ ආසාවකටවත් දකින්න නැති දෙයක්.

    ReplyDelete
    Replies
    1. අපි හරි අඳින්න පටන් ගමු බන්...

      Delete
  10. බ්ලොග් එකට ගැලපෙනම පෝස්ට් එකක් :)
    මීට කලින් නොදැකපු නිර්මාණ වර්ගයක්.. ස්තූතියි :)

    ReplyDelete
    Replies
    1. මේවා දකින කොට ඔක්කොම නවත්තල චිත්‍ර අඳින්න ඉගෙන ගන්න හිතෙනවා...

      Delete
  11. ශා මරු සිත්තර ටික !!!

    ReplyDelete
  12. ඔය තියෙන්නෙ දෙසැම්බරේ කල එව්ව.. .. බයිසිකලෙ නම් පදින පාටක් පේන්න නෑ. පදිනවා වගේ ඉඳන් ඉන්නවා කියල නම් පේනවා !!හූ හූ...

    ReplyDelete
    Replies
    1. මොකෝ වැඩිය පේන්න නැත්තෙ?

      Delete
    2. බයිසිකල් පැද්දා.. ෆොටෝ ගත්තේ ආධුනික ශිල්පින් දෙන්නෙක්... නවත්තගෙන හිටියේ හෙල්ලෙන්නේ නැතුව පොටෝ එක ගන්න.. හෙහ් හෙහ්..

      Delete
    3. සරත් අයියා සියරට ගිහින් හිටියේ.... ළඟදීම වැඩට බහියි ආයෙත්...

      Delete
  13. ටොප් පීන්තූර ටිකක්. අමුතු වෙනසක් පෙනෙනවා. මට Banksy මතක් වුනා. පැතුම් දන්නවා ඇතිනේ.

    ReplyDelete