Friday, January 31, 2014

නිර්මාණාත්මක චින්තනයක් උදෙසා (විද්‍යා) ප්‍රබන්ධ...

විද්‍යා ප්‍රබන්ධ කියවන්න , බලන්න , හීන දකින්න ආස නිසා ලියන සටහනකි. 

එක එක අය රසවිඳින දේ වෙනස්.. ඒ රස විඳින දේ නිසා ලබන තෘප්තියත් වෙනස්... ඒ දේවල් අනිත් අය සමග බෙදා හදාගන්න නිසා අපි අතර හුවමාරු වන දැනුමත් වෙනස්..  සමහර දේවල් ප්‍රයෝජනවත් සමහර දේවල් නිකන් හුදු ආශ්වාදයක් විතරයි.. 

විද්‍යා ප්‍රබන්ධ වල තියෙන්නේ මොනවාද? තනිකර බොරු... මනස්ගාත... විකාර... ඔය එක නිර්වචනයක්.
වර්තමාන සමාජයේ සිදුවන තාක්ෂණික හෝ සමාජීය ක්‍රියාකාරකම් නිසා  අනාගතයේ සිදුවිය හැකි දේ පිළිබඳව සිදුකරන සුභවාදී හරි අසුභවාදී හරි පරිකල්පනයක්.. ඒ තව නිර්වචනයක්..
එහෙම නැත්නම් යම් දෙයක් මෙසේ සිදු නොවී වෙනස් විදියකට සිදු වුවා නම් කුමක් වේද යන්න පරිකල්පනය කර ලියන යම්කිසි ප්‍රබන්දයක් විදියටත් නිර්වචනයක් දෙන්න පුළුවන්... 

සරල උදාහරණයක් විදියට මම මිට අවුරදු 10කට විතර කලින් පරිගණක සඟරාවට එකක් ලිව්වා  සත්තු වෙනුවට ගස් මාරු උනොත් කොහොමට තියෙයි ද කියල.. 

(පොර ටෝක් එකක් : ඒ කතාව පරිගණක සඟරාවේ තිබ්බ විද්‍යා ප්‍රබන්ධ තරගෙකින් දිනලා මට පරිගණක සඟරාවට ලියන්න එන්න කියල ආරාධනාවක් ලැබුණ.. මම ඉතින් කෘතීම බුද්ධිය ගැන පොඩි ලිපයක් ලියාගෙන කර්තෘ තුමා හම්බවෙන්න ගියා. මට ඔය දවස් වල ඔය සබ්ජෙක්ට් එක ගැන හෙන උණ.  කොටින්ම ඕක මම ඉගෙන ගත්ත මගේ ඩිගිරි කටුවට .. හැබැයි ලකුණු අහන්න එපා.. :D

කර්තෘ තුමා ඒක බලල කිව්වා මේ වගේ දේවල් ලියල වැඩක් නෑ.. ඔයා කෘතීම බුද්ධිය ගැන ඒවා පිළිබඳ විසේසන්නයෝ ලියපු ලිපි වාර්තා විදියට ලියන්න කියල...  මට ඒ වැඩේ හිතට හරි  ගියේ නෑ.. මම පරිගණක සඟරාවට ලියන වැඩේ එතැනින්ම අල්ලලා දැම්ම.. )


ගොඩක් වෙලාවට අපිට කියවන්න ලැබෙන්නේ තාක්ෂණික කරුණු මත පදනම් වෙච්ච විද්‍යා ප්‍රබන්ධ නමුත් මට හිතෙන විදියට විද්‍යාව කියන්නේ තාක්ෂනයම නොවන නිසා හැම විද්‍යා ප්‍රබන්දයක් ම ඒ විදියට ලඝු කොට සළකන එක සුදුසු නෑ. උදාහරණයක් විදියට අනාගත ලෝකයේ මිනිස්සුන්ගේ සිතුම් පැතුම් මොනවිදියට තියෙයි ද කියන දේ කවුරු හරි පරිකල්පනය කරලා ලියන ප්‍රබන්දයක් ඇතුලේ කිසිම තාක්ෂණික දෙයක් අඩංගු නොවිය හැකියි... 

මම පහුගිය මාසයක් විතර තිස්සේ කරපු දෙයක් තමයි ලෝකයේ මහත් ජනාදරය පත්වෙච්ච ලෝකප්‍රකට Star Wars සහ Star Trek සම්පුර්ණ චිත්‍රපටි ටික බලපු එක.. ඒ කියන්නේ Star Wars එකේ ෆිල්ම්ස් 6යි Star Trek  එකේ ෆිල්ම්ස් 12යි. ඔක්කොම ෆිල්ම් 18යි... (සිං සිං ගාල ඕනේ ෆිල්ම් එකක් බාන්න පුළුවන් කනෙක්ෂන් එකක් තිබීමේ වාසි තමයි ඉතින්)

සැරෙන් සැරේ එහෙන් මෙහෙන් මේවා සමහරක් කලින් බලල තිබ්බට ඔක්කොම පිළිවෙලකට බැලුවට පස්සේ තමයි ඒ කතා නියම විදියට තේරුම් යන්නේ.. 

මේ ෆිල්ම්ස් සීරිස් හදන්න පටන් අරන් තියෙන්නේ 1960-1970 දශක වල.. ඒ කියන්නේ මේ අපි අද දකින තාක්ෂණයේ ළදරු අවදියේදී ..  ඔය ෆිල්ම්ස් ඒ කාලේ කොහොමද හැදුවේ කියල මම වෙනම පෝස්ට් එකක් දාන්නම්.. 

ඔය ෆිල්ම් සීරිස් නිර්මාණය කරපු මිනිසුන්ගේ පරිකල්පන ශක්තිය නිසා අද අපිට ලැබිල තියෙන දේ ගැන හිතා ගන්න හොඳම උදාහරණයක් තමයි මේ තියෙන්නේ

මේ තියෙන්නේ කතාවේ තිබ්බ ගැජට් එක.. ඒ කාලේ මේක තනි බොරුවක් ...

Father of the handheld
The first handheld mobile phone was demonstrated by Dr. Martin Cooper (Born 1928) of Motorola in 1973, using a handset weighing 4.4 lbs. Cooper, then general manager of Motorola’s Communications Systems Division carried the hefty cell phone through New York City and placed a call to his rival, Joel Engels at Bell Labs via a connection to Engels’ land line. Dr. Cooper later revealed that watching Captain Kirk talking into his communicator on the tv show Star Trek inspired him to research the mobile phone.


මේ ඉන්නේ අපි අද ලෝකෙම හොල්ලන්න පාවිච්චි කරන මොබයිල් ෆෝන් එකේ නිර්මාතෘ 
Dr. Martin Cooper.  මෙතුමා පසුකලෙක සඳහන් කරලා තියෙනව ඔය ස්ටාර් ට්‍රෙක් කතා මාලාවේ බාවිතා කරපු පොඩි තාක්ෂණික ගැජට් එකක සංකල්පයක් එයාව මොබයිල් ෆෝන් එකක් කියන දේ ගැන පරීක්ෂණ කරන්න යොමු කළා කියල.... කොහොමද ඒ පුංචි සිතිවිල්ල අද මුළු ලෝකයක්ම වෙනස් කරගෙන යන හැටි... 

මේ එක එහෙම පිස්සු විකාර සංකල්පයක් යතාර්ථයක් වෙලා ලෝකය වෙනස් කරපු එක උදාහරණයක් විතරයි. තව සංකල්ප දහස් ගානක් තියෙනවා අපිට තාම හිතාගන්නවත් බැරි උදාහරණ විදියට ට්‍රාන්ස්පොටර් කියන සංකල්පය  ඒ කියන්නේ යම් කිසි වස්තුවක් හෝ මිනිසෙක් (සතෙක් හෝ ඕනෙම දෙයක්)  එක තැනක ඉඳන් තව තැනකට ක්ෂණිකව ගෙන යන්න පුළුවන් විදියක්.

මේක කරන විදිය වෙන්නේ අපි තවම නොදත් තාක්ෂණයක් භාවිතා කරලා අවශ්‍ය වස්තුව හෝ ජීවියා සම්පුර්ණයෙන්ම de-materialize කරලා  (ඒ කියන්නේ ඩිමැටීරියලයිස් කරලා ... පැහැදිලියි නේ.. තව පැහැදිලි කලොත් ඒ කියන්නේ  මැටීරියලයිස් කියන වැඩේ අනිත් පැත්තට කරලා... තවත් සරල කලොත් මැටීරියලයිස් කියන වචනේ ඉස්සරහට ඩි අකුරක් දාල  )අවශ්‍ය තැන නැවත ප්‍රතිනිර්මාණය කිරීම වගේ දෙයක්...

ඊළඟට ඔය විද්‍යාව යන්තම් හරි උසස් පෙළ දක්වා ඉගෙන ගත්ත අය දන්න ආලෝකයේ වේගය ඉක්මවා යන්න බෑ කියන සංකල්පය. මේ විද්‍යා ප්‍රබන්ධ රචකයෝ ඔය සීමාවල් කඩාගෙන ගිහින් අපුරු දේවල් විශ්වයේ කරන්න පුළුවන් කියන හැඟීම අපිට දීල තියෙනවා. ස්ටාර් ට්‍රෙක් එක ෆිල්ම් එකක තියෙනව අනාගතයේ දවසක අපි මුලින්ම ආලෝකයේ වේගය ඉක්මවා ගිය මොහොතේ තමයි අපි කියල සත්තු ජාතියක් මේ විශ්වයේ ඉන්නවා කියල අනිත් බුද්ධිමත් ජීවින් දැන ගන්නේ කියල.. රේඩියෝ සිග්නලුත් සිග්නල් ද අනේ...

(ආලෝකයේ වේගය ඉක්මවන්න බෑ. නිකන් බොරු ටෝක්ස් දෙන්න එපා E=mc2 සමීකරණය අනුව ඕව වෙන්න බෑ.  මල විකාර... කියල හතර වරිගෙටම පලුයන්න බැනපු මිනිස්සුත් ඒකාලේ ඉන්න ඇති.. මේ කාලේ වගේම  )

අපි ඔක්කොමල දන්නවා පුංචි සිතිවිලි වලින් තමයි මුළු ලෝකයම වෙනස් වෙන්නේ කියන දේ. හැබැයි එවැනි නිර්මාණාත්මක සිතුවිලි කෙනෙකුට ඇති වෙන්නේ අපි අපේ අවදානය මොන මොන දේවල් වලට යෙදෙව්වමද? 

නිර්මාණාත්මක සිතුවිලි එන්න විද්‍යා ප්‍රබන්ධම බලන්න ඕනේ නෑ... මම කියන්නේ අද අපි මේ දකින ලෝකේ ගොඩ නගන්න මේ විද්‍යා ප්‍රබන්ධ කරුවන් දක්වපු  මෙහෙය අතිවිශාලයි කියන එක..

සාහිත්‍යය,කලාව,දර්ශණය  ආදී හැම විෂයක්  තුලම මේ නිර්මාණාත්මක චින්තනය තියෙනවා හැබයි ගොඩක් වෙලාවට සමස්ත මිනිසාගේ දියුණුව වෙනුවෙන් කරපු බොහෝ දේවල් වලට මුලික වෙලා තියෙන්නේ මේ විද්‍යාත්මක පරිකල්පනය කියලයි මට හිතෙන්නේ...

අපි ලොකුවට කතා කරන අපේ රටට, අපේ මිනිස්සුන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි කොච්චර දක්ෂ අය හිටියත් ඒ මිනිස්සුන්ට අත දෙන්න කෙනෙක් නෑ.. කැපිලිමයි තියෙන්නේ... දේශපාලනේට ඔක්කොම යටයි වගේ දේවල්... මේ බ්ලොග් අවකාශේ ඕනේ තරම් ඕව කතා වෙලා තියෙනවා..  හැබැයි මම හිතන්නේ නෑ මේ ලෝකේ අලුත් සංකල්ප නිර්මාණය කරපු හැමෝටම අත දෙන්න කවුරු හරි හිටිය කියන එක. ඔය හැමෝම ඒවා කරන්නේ දහසක් බාධක මැද්දේ තමයි... හැබැයි  කවුරු හරි එහෙම  දෙයක් කළාම ඒ මනුස්සයට කෙළවන ගතිය නම් සමහරවිට අපිට විතරක් තියෙන උසස් ගතියක් වෙන්න පුළුවන් ... හැබැයි එහෙව් රටෙත් මේ වගේ දේවල් කරලා ඉහලට ගිය අය ඕනේ තරම් ඉන්නවා බහුතරයක් නෑ බෑ කිය කිය හතර වටේට බැන බැන හිටියට..

මේ පහුගිය දවස් වල බ්ලොග් අවකාශේ නැගල ගිය වලි දෙකක් (සයිලන්ට් සහන්ගේ කේස් එක සහ න්‍යෂ්ටික ඉංජිනේරු රස්තියාදුකාරයාගේ එක ) කියවද්දී මට හිතුනේ කවදාහරි පොඩි එකෙකුට  කියවල  ටිකක් අමුතු විදියට හිතන්න ඉඩ ලබා දුන්න නිර්මාණශීලි දේවල් තිබ්බ (ඒවායේ  යම් යම් අඩුපාඩු සාධාරණිකරණය කරනවා නෙවෙයි ) බ්ලොග් අඩවි දෙකකට අපේ සම්ප්‍රදායික හුදී ජනතාව විසින් හරි වැරදි කියල දෙනවා නේද කියල... අන්තිමට ඉතින්  හරි දේ විතරක් කරන සර්ව සම්පුර්ණ බ්ලොග් කලාවක් උදෙසා බැති සිතින් කරපු පින්කමක් කියල කට්ටිය සැනසිල්ලේ හිත හදාගමු.. හෙහ් හෙහ් හෙහ් ..

මේ විද්‍යා ප්‍රබන්ධ අස්සට මම ඕක ඇදල ගන්න එක හේතුවක් තමයි අපි පිළිගන්න  අධ්‍යාපනික සුදුසුකම් තියෙන ඒ ඒ අදාළ  අංශවල රැකියාවල් කරන,  උගත් වැදගත් මහත්තුරු නෙවෙයි ගොඩක් වෙලාවට මේ නව සංකල්ප ලෝකෙට දෙන්නේ.. එහෙම මිනිස්සු කරන්නේ තමන්ගේ වැඩේ කරලා කියක් හරි හොයාගෙන සැපට කාල බීල ඉන්න එක..

ඉහත බ්ලොග් දෙකම ලිව්වේ කව්ද කින්ද මන්ද මම කිසි දෙයක් දන්නේ නෑ.. මේක ලියන්නේ ඒ සම්බන්දව මගේ අදහස් කියන්න නෙවෙයි.. රස්තියාදුකාර න්‍යෂ්ටික ඉන්ජිනේරුවාගේ කොලිෆිකේෂන් අහල ඕනනම් දැනුම චෙක් කරලා බලන්නත් ලැස්ති වෙලා හිටපු අය හිටිය කියල මම සමහර කොමෙන්ට් වල දැක්ක.. හැබැයි ඉතින් ඌ මවපු හයිටෙක් රස්තියාදුකාර ප්‍රබන්ධය එතැනින්ම ඉවර වුණා... අනාගතේ ඕක කියවන අපේ පොඩි එකෙක් (විදුර ඒක මකල නොදැම්මොත් ) සමහරවිට කවදාහරි  අම්මටහුඩු මමත්  මේ වගේ වෙලා රස්තියාදු ගගහ  ලැප්ටොප් එකෙන් න්‍යෂ්ටික බලාගාර කොන්ට්‍රෝල් කරන ජාතියේ  පොරක් වෙනවා කියල හීනයක් දකින්න ඉඩ තියෙනවා.. ඒ හීනෙ හැබෑ කරගන්නත් ඉඩ තියෙනවා..

සහන් කියන්නේ කවුද කියන එක මම අදටත් දන්නේ නෑ.. මට එක කවදාවත් වැදගත් වෙන්නෙත් නෑ... නමුත් සහන් ලියපු දේවල් වල ලොකු දැනුමක් තිබ්බා. ඒ දැනුම 100% නිවැරදි නොවෙන්න පුළුවන් හැබැයි දැනුම හොයන කෙනෙකුට හොඳ ආරම්භයක් විදියට ගන්න බොහෝ දේ එකේ තිබ්බා.. සහන් ඒවා ලිව්වේ මෙහෙමයි.. මේකයි මෙයා මෙච්චර කල් කලේ වගේ ජාතක කතා හොයන්නේ නැතුව කෙනෙක් ඒවායින් යමක් අරගෙන මොනවහරි අලුතින් හිතන්න ඉඩ තිබුන කියල මම නම් හැමදාම විශ්වාස කරනවා..

මට හිතෙන්නේ අපි තාම දේවල් තේරුම් ගන්නේ දත්ත ලෙවල් එකෙන්  ඒ කියන්නේ 2+2=4 යි කියන මට්ටමේ ඉඳන්. කවුරුහරි එකෙක් දෙකයි දෙකයි එකට එකතු කළාම පහයි කියල කිව්ව ගමන් ඌට කෙලවන්න බලාගෙන ඉන්න මට්ටම. යම් දෙයක තියෙන සංකල්පය තේරුම් අරන් එකෙන් තව දෙයක් අලුත් විදියට හිතන්න අපි තාම පුරුදු වෙලා නෑ....සහන් සහ විදුර ලියපු දේවල් වල සංකල්ප විදියට ගන්න බොහෝ දේ තිබුනා කියල මම හිතනවා...  අර හරි වැරැද්ද පෙන්නපු ගොඩක් අය ලියන කුණුහරුප ආතල් වලට වඩා..

උඹල දෙන්නම ආයේ ලියනවට මම නම් බොහොම කැමතියි...

අපි වගේ අයට තියෙන ලොකුම සහ එකම හීනෙ තමයි සල්ලි ටිකක් හොයාගෙන ,ගෙයක් දොරක් හදාගෙන වාහනයක් අරගෙන ඔහේ ඉන්නවා කියන එක..  ( මමත් ඇතුළුව ) ඔය හීනෙ අපිට ඉෂ්ට කරගන්න පුළුවන් විදී ගොඩක් තියෙනවා.. එකක් කොහෙන් හරි ඉගෙන ගත්ත දෙයක් රස්සාවක් විදියට ඔහේ කර කර ඉඳල මැරිලා යන එක.. අනිත් එක තමන් විසිනුත් අලුතින් මොකක් හරි කරලා එකෙන් තමනුත් හැදිලා තව මිනිස්සුන්ට හැදෙන්න මාර්ගයක් සලස්සල දීල මැරිලා යන එක...

හරි ඉතින් ඕව කරන්න විද්‍යා ප්‍රබන්ධම බලන්නම ඕනේ නෑ තමයි. හැබැයි පොඩ්ඩක් ඔය ඔළුවල පුස්කකා තියෙන යල්පැනගිය අදහස් ටිකට පොඩි ඔයිල්පාරක් දාගන්න පුළුවන් මේ වගේ කතාවක් දෙකක් බැලුවම... මොකද යටගිය දවස හිටපු බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ කාලේ සිද්ද වෙච්ච දේවල් වලට වඩා වෙනස් දේවල් දැන් දැන් ලෝකේ සිද්ද වෙන නිසා.. 





32 comments:

  1. ඇත්තම කිව්වොත් අයියගේ "පරිණාමයේ වේදනාව සහ වෙනත් කතා" පොත තමයි මම දැනට සම්පූර්ණයෙන්ම කියවලා ඉවර කරපු එකම විද්‍යා ප්‍රබන්ධ පොත. ඒ ඇරෙන්න විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට නම් සෑහෙන්න බලල තියෙනවා. Star Wars වල නම් මම එකක් මේ ළගදී බැලුවා. කතාවේ ඉතුරුටික තේරෙන්න අනිත් කොටස් ටිකත් බලන්න වෙනවා. තව Matrix සීරියස් එකත් මගේ හිත ගිය කතාවක්. ඒ කාලේ ඒකේ කතාව තේරුම් ගන්න මට දෙතුන් වතාවකට වඩා බලන්න සිද්ධ වුණා.
    කොහොමත් ඉස්සරහට මීට වඩා පොත් ටිකක් හොයාගෙන කියවන්න ඕනේ. කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියන්නේ නිකම්ම නෙවෙයිනේ. ස්තූතියි මේ වගේ දෙයකට දිරිගන්වනවට. ඔබේ පොතේ පිටපතටත් ස්තූතියි!.

    ReplyDelete
    Replies
    1. මටත් උසස් පෙළ කරන කාලේ තමයි මේ ආසාව ගොඩක් ම තිබුනේ.. කොහොම හරි ඉතින් දැන් කරන රැකියාව පවා තාක්ෂණික අංශෙන් කරන්න මට ඔය ඉස්සර තිබ්බ ආසාව හේතු වුණා කියල මම හිතනවා.. ෆිල්ම්ස් බලන එකෙන් මම නම් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා... ඒ කියන්නේ අපි හිතන දේවල් තව කොච්චර දුරට ගෙනියන්න පුලුවන්ද කියන එක ගැන අපිටම හිතන්න හොඳ අවස්තාවක් ඔය විද්‍යා ප්‍රබන්ද ෆිල්ම්ස්... මට එනම් එහෙමයි..

      Delete
  2. රේමන්ඩ් කර්ස්වේල් (Raymond Kurzweil) කියලා පොරක් අමුතුම පොතක් ලියනවා 2005 දී. පොතේ නම සිංහලට පෙරලුවොත් එන්නේ 'අනීර්ණය ලගයි' වගේ අදහසක්. පොතේ ඉංග්‍රීසි නම The Singularity Is Near

    පරිගනක විද්‍යාඥයෙක් වෙච්චි ඒ මහත්තයා, ඒ පොතේදී ලස්සන තර්කයක් ගොඩ නගනවා. ඔහුපෙන්නන විදිහට පහුගිය වසර 50 ගත්තම, පරිගණක වල හැකියාව සෑම අවූරුදු 18 ට පාරක්ම දෙගුණ වෙලා තියෙනවා. මේ වේගයෙන්ම ගියොත් පරිගනක 2020 වෙද්දී එය මිනිස් මොලයේ ක්‍රියාකාරිත්වය හා සමාන වෙන්න පුලුවන්.


    මේ කථා පිලිගන්න සමහර අය කියන විදිහට මිනිස් මොලය, පරිගණක වලට ඩවුන්ලෝඩ් කරලා, මිනිස් මොලයටයි, පරිගණකයටයි එකට වැඩ කරන්නත් පුළුවන් දවසකුත් ඒවීලු. (මේ වැඩේ හරි ගියොත් නම් මිනිස්සු අමරණීය වේවී. සරීරයක් නැති උනත් මොලේ තියෙන හින්දා මිනිස්සුන්ගේ මරණය කියන එක තේරුමක් නැතිව යාවී... අතාත්වික පරිගණක ලෝකයේදී මිනිස්සු තමන් කැමති දේවල් ඒ ආකාරයේන් ලබා ගනිවී..)

    මේ කියන විදිහට මිනිස් මොලයයි, පරිගණකයයි එකට වැඩ කරන්න ගත්තොත්, කලින්අවුරුදු දහ අටක් ගිය වැඩේ, ඒ කියන්නේ අර පරිගනක ක්‍රියාකාරිත්වය දෙගුණ වෙන්න ගිය කාලේ තවත් අඩු වේවි..ඔහොම අඩු වෙලා... අඩු වෙලා... කවදා හරි දවසක, ඒ කාලේ බින්දුවට අවෝත් , අර කිව්ව පරිණාමය නිර්ණය කරන්න බැරි අනන්තයකට යාවි..ඒ කියන්නේ තත්පරයක් ගත්වෙන්නත් කලින් අපි (පරිගණක් -මිනිස් විඥාණය) හිටියට වඩා දෙගුණයක් ප්‍රබල වැඩි දියුණු පොරවල් වේවි..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් ඔය දේවල් ඇත්ත වෙන්න තව වැඩි කාලයක් යන්නේ නෑ... තව අවුරුදු 200ක් විතර යනකොට අද අපි ඉන්න කාලේ නිකන් ගල් යුගේ වගේ තියෙයි... මිට වසර 100කට කලින් ලෝකේ දැන් අපිට නිකන් ගල් යුගේ වගේ වෙලානේ තියෙන්නේ..

      අපි දන්නා ගොඩක් දේවල් බොරු වෙන්න තව මහා කාලයක් යන්නේ නෑ. මම හිතන්නේ දැනටමත් මියගිය ශ්‍රේෂ්ට මිනිසුන්ගේ මොළ සුරැකිව තබා ගන්න වැඩපිළිවෙලක් තියෙනවා අනාගතේ දවසක ඒවා නැවත සක්‍රිය කරවන්න පුළුවන් ක්‍රම හොයා ගන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුව නිසා...

      ඔය බොහෝ දේවල් මිට අවුරදු 50-60කට කලින් විද්‍යා ප්‍රබන්ධ තමයි. ස්තුතියි කමෙන්ට් එකට

      Delete
    2. අවුරුදු 18ක් නෙවේ මයියා.. මාස 18ක් ...

      Delete
  3. //හැබැයි කවුරු හරි එහෙම දෙයක් කළාම ඒ මනුස්සයට කෙළවන ගතිය නම් සමහරවිට අපිට විතරක් තියෙන උසස් ගතියක් වෙන්න පුළුවන්// ඒකනං මම හිතන්නෙ එහෙම තමයි.

    අර උඩ කියල තියෙන බ්ලොග් දෙකත් ඒවයෙ ඇත්ත නැත්ත හොයන්න යන්නෙ නැතුව ප්‍රබන්ධයක් කියල හිතාගෙන බැලුවනං ඔච්චර ප්‍රශන ඇතිවෙන්නෙ නෑ. හැබැයි වැඩේ තියෙන්නෙ ඔය පොත් ලියන චිත්‍රපටි කරන කට්ටියට කොමෙන්ට් දාල රිප්ලයි ගන්න පුළුවං උනානං ඒ මිනිස්සුත් ඔය විද්‍යා ප්‍රබන්ධ කරන එක නවත්තනව. මොකද එතකොට අපේ කට්ටිය ඒ මිනිස්සුංගෙනුත් අහයි මේ වගේ දෙයක් ලියන්න ඔයාට තියෙන සුදුසුකම් මොනවද කියල.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් අනිවාර්යයෙන් ඒක සිද්ද වෙනවා.වෙලාවට ලංකාවේ ඔය වගේ දේවල් ලියන මිනිස්සු එච්චර නෑ... ඉඳල හිටලා කවුරු හරි ලිව්වත් පහුවදාට ඌට ඌවම එපා වෙන විදියට හරි වැරදි කියල දෙන්න ඕනේ තරම් කට්ටිය ඉඳියි..

      Delete
  4. හුගක් නව තාක්ෂණ උපකරණ මිනිසාගේ පරිකල්පනය මතින් ජය ගත් දේවල්. ඔබ බලන්න ඇවටාර් එකේ තියෙනවා ත්‍රිමාණ පරිගණක තිර. ඒවා ඒ තරං සුලබයි දැං. නමුත් 1990 තරම් ඈතදි නිර්මාණය වූ මැට්රික්ස් එකෙත් ඒවා තිබුනා. ඉතිං කාටද කියන්න පුළුවන් මේවායින් බලපෑමක් උනේ නෑ කියලා.. හොද විද්‍යාත්මක ප්‍රභන්ධ ගොතන්නේ මිනිසා නිසා ඒ වගේ දේවල් නිර්මාණය කරන එක අරුමකයක් නෙමෙයි...

    ReplyDelete
    Replies
    1. ඔබට හැකියාවක් තියෙනවනම් ස්ටාර් ට්‍රෙක් හරි ස්ටාර් වෝර්ස් හරි මුල්ම කතා බලන්න (බලලා තියෙනවනම් දන්නවා ඇති) කොච්චර අඩු පහසුකම් යටතේද ඔවුන් මේ සංකල්ප සිනමාවට නැගුවේ කියල.. හැබැයි අද හැදෙන ගොඩක් ෆිල්ම්ස් එක්ක කරට කර ඉන්න ඒ ෆිල්ම්ස් වලට තාමත් පුළුවන්...

      අපේ පොඩි කාලේ එල්ලේ ගගහ බට්ටෝ පැන පැන ගෙවිලා ගියාට (ඒක වැරදි දෙයක් නෙවෙයි.. ඒ අපි දැක්ක ලෝකය) අද ප්‍ලෝකයේ ඉන්න ප්‍රමුඛ පෙලේ නිර්මාපකයින්ගේ ළමා කාලය පෝෂණය වෙලා තියෙනවා මේවගේ ෆිල්ම්ස් වල තිබ්බ සංකල්ප වලින්. ඉතින් ඔවුන් යමක් කරන්න හිතනකොට අර ඉස්සර පොඩි කාලේ දැක්ක හීන වල තිබ්බ දේවල් වලින් බොහෝ දේ ගන්න පුළුවන්..

      ස්තුතියි අදහසට

      Delete
    2. ස්ටර් ට්‍රෙක් ගැන ඔබ කතා කළ නිසයි මං කතා නොකලේ. ඒවායෙදි තමා මුලින්ම මෙවැනි අදහස් ඇති උනේ. පසුව තමා අනිත් අය ඒවා වැඩිදියුණු කරේ පසුව යථාර්ථයක් බවටත් පත් උනේ.. දැං අපි ස්නෝඩන් කියන ඒවා විස්වාස කරනවා ඒත් Bourne Trilogy එකේ චිත්තරපටිවල ඔය දුරකතන ඇමතුම් වලට කන් දෙන එක පැහැදිලිව පෙන්නුවා. ඉතිං ඒවා ගැන අපට දල අදහසක් තිබුනා නෙව. මොකද ඒ අය සීඅයිඒ එකට ගිහිල්ල ඕවා රූගත කරේ නෑ නේ. ඒවා පරිකල්පනය.

      Delete
    3. හරියට හරි. හොඳ පරිකල්පනයක් තියෙන කෙනෙකුට බොහෝ දේ කරන්න පුළුවන්. සමහරවිට ඒවායේ ප්‍රතිපල අපි නොහිතන විදියේ දේවල් ලබා දෙන්න පුළුවන්.. ඔබ කිව්වා වගේ ඔය ක්‍රියාදාම චිත්‍රපට වලින් පෙන්නපු බොහෝ දේ අද මිනිස්සු කරලා බලනවා... වැඩක් කරගන්න කොහේ හරි තැනකට ගියාම අපේ ඔළුවට එනවා අර ෆිල්ම් වල වගේ මේ කන්තෝරු වලත් මොන මොන දේවල් සිද්ද වෙනවා ඇතිද කියල...

      මම මෙහෙ වැඩ කරන තැන ඔය පරිකල්පනය දියුණු කරන්න පොඩි දේවල් කරලා තියෙනවා.. ඔෆිස් එක ඇතුලට යනකොටම පෙන්නේ හෙන හයිටෙක් විදියට හදපු අමුතු විදියේ ගැජට් කීපයක්.. වටේම තියෙන්නේ හෙනම සිරා ෆොටෝස් ඒ කියන්නේ තාක්ෂණික දියුණුවෙන් ලබා ගන්න පුළුවන් දේවල් ගැන හැඟීමක් එන විදියේ දේවල්... හැමදාම උදේට වැඩට යනකොට අපේ ඔලුවේ ඒවා වැඩ කරනවා.. ඒ කියන්නේ නිකන්ම අපි කරන වැඩේ ගැන අපේ ආසාව උනන්දුව වැඩි වෙනවා... (අපේ කම්මැලි කම ඔක්කොටම වඩා වැඩි වීම වෙනම කතාවක්.. :D).

      a

      Delete
  5. ලංකාවෙ විද්‍යා ප්‍රබන්ධ එක තැන කැරකෙනව වගේ..
    පරිවර්ථන වල රසය නැහැ..

    මම කිව්වෙ බහුතරය ගැන..

    ReplyDelete
    Replies
    1. ඔව් එක ඇත්ත ලංකාවේ ලියන බොහෝ ඒවා වල කවුරු හරි ලියපු කතාවක තියෙන සංකල්පයක්ම පොඩ්ඩක් වෙනස් කිරිමක් තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ..

      ලඟදි පරිවර්තනය වෙච්ච හොඳ පොතක් නම් මමත් දැක්කේ නෑ... ගොඩක් අය විද්‍යා ප්‍රබන්ධ පරිවර්තනයට යොමු වෙලා නෑ..

      Delete
    2. ලංකාවෙ විද්‍යා ප්‍රබන්ධ ප්‍රකාශන ගැන කිව්වොත් ඔය කථාව හරි. ඒත් මචන් ඉස්සර විදුසර පත්තරේ ගියා පට්ට විද්‍යා ප්‍රබන්ධ එකතුවක්. ඕලෙවල් කරන කාලෙ විදුසර පත්තරේ හරියට බයිබලේ වගේනෙ. පට්ට පජාත ගොබ්බ කථාත් තිබුණා. ඒත් බොහොමයක් ආධුනික ලේඛකයෝ අති විශිෂ්ට නිර්මාණ ඉදිරිපත් කරලා තිබුණා.
      මට හිතෙන්නේ ලංකාවෙ ගොඩක් වෙලා තියෙන්නේ සුරංගනා කථා සහ විද්‍යා ප්‍රබන්ධ පටලවා ගැනීම කියලා. විද්‍යා ප්‍රබන්ධයක තියෙන්න පුළුවන් පොසිබිලිටීස් සීමාවක් නෑ තමයි. ඒත් ශෛලියක් විදියට ඒකෙ සීමාවන් තේරුම් නොගැනීම තමයි ඔතන අවුල මට හිතෙන්නේ.
      අනිත් එක ලංකාවෙ විද්‍යා ප්‍රබන්ධ කියනකොට මතක් වෙන තව එකක්. ඉස්සර මම මහජන පුස්තකාලෙන් ගෙනැත් කියෙව්වා 'සිසිXXXXXXXX' කියල පොතක්. ඔතන හිස් තැන් වලට එන්නේ අංක ටිකක්. මට මතක නෑ. ඒක පරිවර්තනයක් නෙවෙයි මට මතක විදියට. ඒකෙ කථාව කීමේ විලාසය පොඩ්ඩක් බෝරින් වුනත් කථාව මාර ප්‍රබලයි. හැඟීම් දැනවීමේ ගුණයෙන් අනූනයි. ඊට පස්සේ ඔය පොත මට හොයාගන්න බැරි වුනා.

      Delete
    3. විදුසර කියන්නේ අවංකවම ලංකාවේ තියෙන පත්තර වලින් යමක් ඉගෙන ගන්න තියෙන පත්තරයක්.. තාමත් ඒක එහෙම ද කියල නම් ෂුවර් නෑ..

      විදුසරේ ගිය විද්‍යා ප්‍රබන්ධ කියවල තමයි මටත් මුලින්ම විද්‍යා ප්‍රබන්ධ ලියන්න හිතුනේ.. තාමත් මගේ ඔලුවේ තියෙනවා ඒ කාලේ ගිය කතා.. කොටින්ම මම ගෙදර එකතු කරලත් තියෙනවා..

      මම ලියපු දවස් වල විද්‍යා ප්‍රබන්ධ කරුවන්ගේ සංගමය කියල එකක් පටන් ගත්තා.. මම හිතන්නේ එස්.එම් බන්දුසිල මහත්තය සහ ඔය විදුසරට ලියපු කට්ටිය මුල් වෙලා තමයි වැඩේ පටන් ගත්තේ... මමත් සාමාජිකත්වය නම් ලබා ගත්ත ඒ දවස් වල.. හැබැයි ඊට පස්සේ මොනවා උනාද කියල දන්නේ නෑ..

      අයිසැක් ඇසිමෝව් ගේ ෆවුන්ඩේෂන් සීරිස් එක විදුසරේ ටික දවසක් ගියා.. හැබැයි ඒක නතර වුණා පස්සේ.. පොත ගන්න ලංකාවේ හෙව්වත් හම්බ වුනේ නෑ... කොමෙන්ට්ස් වලට ගොඩක් ස්තුතියි මචං

      Delete
  6. මමත් සෑහෙන්න ආසයි විද්‍යා ප්‍රබන්ධ කියවන්න, බලන්න.
    මායා බන්ධන තමා මම බලපු මුල්ම විද්‍ය ප්‍රබන්ධ කතා මාලාව.

    ReplyDelete
    Replies
    1. මායා බන්ධනත් සිරා කතාව... ඒවගේ කතා වල අලුත් අදහස් කොච්චර තියෙනවද.. නිකන් ඉන්න වෙලාවට අපිටත් අත් වලින් කරන්ට් එක විදිනන පුළුවන් විදී ගැන හිතල බලන්න හිතෙනවා නේද? මම නම් කරන්න ට්‍රයි කරලත් තියෙනවා වෝල්ට් 9 යේ බැටරි කෑලි ටිකක් එකතු කරලා... හෙහ් හෙහ්..

      Delete
    2. අපි නං කලේ අත් වල වැලි අහුරු අහුරු තියාගෙන කරන්ට් එක ආවයි කියලා හිතාගෙන අත් දෙක එකට ගාවලා වැලි අහුර විසික්කා කරපු එක.. කොච්චර ප්‍රාථමිකයිද මං... :)

      Delete
    3. හෙහ් හෙහ් මම කලෙත් 9v බැට්රි 2-3ක් ඉන වටේ බැඳ ගෙන වයර් ස්පාර්ක් කරපු එක තමා..

      Delete
  7. විද්‍යා ප්‍රබන්ද වල පියා හැටියට සලකන්න පුළුවන් කෙනා තමයි මම හිතන්නේ ආතර් සි ක්ලාක් මහතා .... මුලින්ම ඔහු ලියු ප්‍රබන්දයක අදහස අනුව තමයි අදටත් අභ්‍යවකාශය තුල චන්ද්‍රිකා තුනකින් මුළු ලොවම ආවරණය කරන්නේ

    ReplyDelete
    Replies
    1. විද්‍යා ප්‍රබන්ධවල පියා වශයෙන් සැලකෙන්නෙ ජූල්ස් වර්න් කියන ලේඛකයා මචෝ. උන්නැහැ අවරුදු දෙසීයකට විතර කලින් ලියපු දේවල් අදත් ගොඩක් නිර්මාණවලට පාවිච්චි කරනව :-)

      Delete
    2. ජුල්ස් වර්න් ගැන වෙනම පෝස්ට් එකක් ලියන්න පුළුවන්.. ආතර් සී. ක්ලාක් මෑත කාලින විද්‍යාවේ සිදුවන දියුණුව නිසා අනාගතය කෙසේවේවිද කියල විද්‍යාත්මක විදියට හිතල ඒ ඇසුරින් ප්‍රබන්ධ ගොඩ නගපු කෙනෙක්.. හැබැයි ජුල්ස් වර්න් 19 වන ශතවර්ෂය තරම් ඈත කාලේදී විද්‍යාව නිසා ලෝකය කෙසේ වේවිද යන්න පරිකල්පනය කරලා අපුරු කතා නිර්මාණය කරපු කෙනෙක්.. ඔවුන් දෙදෙනාම විශිෂ්ටයෝ... අයිසැක් ඇසිමෝව් මගේ අනිත් ප්‍රියතම ප්‍රබන්ධ රචකයා..

      Delete
    3. ඇත්තටම ආතර් සී ක්ලාක් මහත්තයා අනාගතවේදියෙක්. අර futurist කියන ජාතියේ හාදයෙක් මූලිකවම. ඔහු විද්‍යා ප්‍රබන්ධ රචකයෙක් විදියට කියවනකොට ඒකත් ඔළුවෙ තියාගන්න ඕන.
      කොහොම වුනත් විද්‍යා ප්‍රබන්ධ කලාවේ පියා විදියට සැලකෙන්නේ ජූල්ස් වර්න්. හරේ කිව්ව විදියට.

      Delete
  8. මේ සටහන මුලින්ම කියවලා දවස් කීපයක් වුණත් අදහසක් දාන්න මේ තරම් ප්‍රමාද වුණේ එක එක වැඩ හින්දා. මම මේ දවස්වල බලන්නෙ ස්ටාර්ට්‍රෙක් ඩීප් ස්පේස් 9 සහ ස්ටාර් ට්‍රෙක් වොයෙජර් කියන ටෙලි සීරීස් දෙක. බොහොම අඩු සයිස්/කොලිටියෙ ටොරන්ට් 2ක් හම්බවුණා. මම ස්ටාර් ට්‍රෙක් ටෙලි සීරීස්වලින් තාම බලල නැත්තෙ ඔරිජිනල් සීරීස් එක විතරයි. සමහර විට පස්සෙ දවසක ඒව ගැන පෝස්ටුවක් ලියයි මම.

    ඔයා කියනව වගේ ඒව හදපු අයගෙ පරිකල්පනය තියෙන්නෙ අපට හිතාගන්න බැරි තරම් ඈතින්. ඒ වගේම ටෙලි නිර්මාණ විධියට ඒ කතාවල චරිත ගොඩනැගීම සහ සිදුවීම් බොහොම නිර්මාණාත්මකයි. 1970-80 වගේ කාලෙ කරපු ඒ නිර්මාණවල මේ දවස්වල අපි පාවිච්චි කරන ඉලෙක්ට්‍රොණික උපකරණ සෑහෙන්න තියෙනවා. ඒත් ඒ උපකරණ වර්තමානයටත් අනාතග මට්ටමේ ඒව කිව්වොත් මම හරි.

    ඒත් මම හිතන්නෙ මේ කාලෙ විද්‍යා ප්‍රබන්ධ ඒ තරම් ජනප්‍රිය නෑ කියලයි. දැන් ප්‍රබන්ධ විධියට ජනප්‍රිය චිත්‍රපටිවලත් ප්‍රබන්ධමය මට්ටමකට වඩා වීර කතා මට්ටමක් තමයි තියෙන්නෙ. මම දන්නෙ නෑ මේ කාලෙ විද්‍යා ප්‍රබන්ධ මට්ටමේ සාහිත්‍ය නිර්මාණ වෙනවද කියල. හැබැයි සාමාන්‍ය සාහිත්‍ය අතරෙ විද්‍යා ප්‍රබන්ධ කියන කැටගරියට තියෙන ඉඩේ පොඩි අඩුවක් මට පේනවා.

    නමුත් පරිකල්පනය ඔස්සේ අනාගතය දිහා වඩා හොඳින් බලන්න පුළුවන් හැකියාව දියුණු කරන්න විද්‍යා ප්‍රබන්ධ අනිත් ඕනම සාහිත්‍යයකට සමාන මෙහෙවරක් කරන එකනං සම්පූර්ණ ඇත්තක්.

    ReplyDelete
    Replies
    1. පුළුවන් නම් අර ටොරන්ට් එකේ ලින්ක් එක දානවද මටත් බලන්න ඕනේ ඒ ටික..

      දැන් අපි විද්‍යා ප්‍රබන්ධ දකින්නේ පොත් විදියට නෙවෙයි ෆිල්ම් විදියටනේ.. හැබැයි ඒ හැම ෆිල්ම් එකක්ම කවුරු හරි ලියපු පොතක් පදනම් කරගෙන තමයි හදන්නේ ගොඩක් වෙලාවට... මෑත කාලේ ජනප්‍රිය වෙච්ච බොහෝ ෆිල්ම්ස් එහෙම ඒවා... ලංකාවේ මේ සාහිත්‍යය එච්චර ජනප්‍රිය නැති වුනාට මම හිතන්නේ යුරෝපා රටවල මේ කතා වලට හොඳ ඉල්ලුමක් තියෙනවා...

      මම ඊයේ රෑ බැලුව Ender's Game (http://www.imdb.com/title/tt1731141/) ෆිල්ම් එක. මහලොකු දෙයක් තියෙන කතාවක් නෙවෙයි හැබැයි එක පදනම් වෙලා තියෙන්නේ මේ කම්පියුටර් ගේම් ගහන දැන් කාලේ ඉන්න ළමයින් සිතන පතන විදිය කොහොමද ලෝකයට සෙතක් විදියට යොදා ගන්නේ කියන දේ.. අපි දකින්නේ ළමයෙක් කොම්පියුටර් ගේම් එකක් ගැහුවොත් උගේ මුළු අනාගතේම විනාසයි කියන ඇසින් නේ... හැබැයි ඒක එහෙම දකින්නේ නැතිව 1985 දී Orson Scott Card කියන ඇමරිකානු ලේඛකයා ලියපු කතාවක් තමයි මේ ෆිල්ම් එකට යොදාගෙන තියෙන්නේ..

      දැන් දැන් මේ සාහිත්‍යය ෆිල්ම් මගින් මිනිස්සුන්ට තවත් සමීප වෙනවා කියල මට හිතෙනවා..

      Delete
  9. මේ මම පොත් කියවන ෆේස්බුක් ගෲප් එකේ දාපු ස්ටේටස් එකක්. කම්මැලි කමට කොපි පේස්ට් කරනවා මචන්.

    Ender's Game කියන්නේ මගේ පෞද්ගලික තක්සේරුවේ හැටියට එතෙක් මෙතෙක් 'මම කියවා ඇති' විශිෂ්ටතම විද්‍යා ප්‍රබන්ධය. මට කිහිප තැනකදීම එන්ඩර්ස් ගේම් අනුප්‍රාණයක් වෙලා තියෙනවා.
    එන්ඩර්ස් ගේම් ලියැවෙන්නේ 1985 දී. ඒ වෙනුවෙන් කර්තෘ ඕර්සන් ස්කොට් කාර්ඩ් හට 85 නෙබියුලා සම්මානය සහ 86 හියුගෝ සම්මානයත්, තවත් සම්මාන රැසකුත් හිමි වෙනවා. ඇත්තටම එන්ඩර්ගේ විශ්වයට නව කථා සහ, කෙටිකථා සහ කොමික් සෑහෙන්න අයිතියි. ඒත් ඒ අතුරින් සම්පූර්ණ කතන්දරේම එක තැනකට ගේන්නේ, එහෙම නැතිනම් එන්ඩර් සීරීස් එක කියවන්න පටන් ගන්න සුදුසුම තැන එන්ඩර්ස් ගේම්.
    විද්‍යා ප්‍රබන්ධයක ඉහළ දාර්ශනික කියැවීමක් දකින්න ලැබෙන්නේ අඩුවෙන් කියලා මම කොහේ හරි කියෙව්වා. ඒත් එන්ඩර්ස් ගේම් ඒ කතාව බොරු කරනවා. එන්ඩර්ස් ගේම්හි කථාන්තරය සිද්ධ වෙන්නේ කල්පිත අනාගත විශ්වයක වුනත්, දෙවෙනි ලෝක යුද්ධය, සෝවියට් රාජ්‍යය බිඳ වැටීම වගේ ඓතිහාසික සිදුවීම් එන්ඩර්ස් ගේම් කථාවේ දාර්ශනික සහ දේශපාලනික කියැවීම් හැඩගැස්වීමට භාවිතා වෙලා තියෙන බව හිතන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. මම එච්චර විස්තරයක් ඔය පොත ගැන දැනගෙන හිටියේ නෑ.. හොයල බලන්න ඕනේ.. ස්තුතියි

      Delete
  10. අනුන් ලියපු පොත් කන්දක් බලෙන් අපිට පටෝපු මනුස්සයා තමුන් ලිව්ව පොත නොදුන් එක ගැනයි මට කේන්ති හුහ් !!

    ReplyDelete
    Replies
    1. සරත් අයියා මහතාට ගැලපෙන ජාතිය නෙවෙයි ඒක.. හෙහ් හෙහ්..ඒක මේ සීනිබෝල කතා ටිකක් කොල්ලා කාලේ ලියපු.. ආයේ ආපු වෙලාවක දෙන්නම් කෝ..

      Delete
  11. මට දැනුයි පැතුම් ඔයාගේ පෝස්ට් එක කියවන්න ලැබුණේ... ඔයා දන්නවද කතාවක්.. මම මේ ගැන පෝස්ට් එකක් විදිහටම ලියන්නම් වෙලාව අරන්..

    පොඩි කාලේ චන්ද්‍රිකා ගැන කියවද්දී මට හිතුණ දෙයක් තමයි " සරුංගලයක් විදිහට සම්ප්‍රේෂණ ඇන්ටෙනාවක් උඩු ගුවනට යවන්න බැරිද " කියන දේ... හරිම සරලයි.. ගොන් පාර්ට් එකක් වගේ ...

    අපි ටික ටික සාමාන්‍ය පෙළ , උසස් පෙළ මට්ටමට එද්දී , තව තව දේවල් ඉගෙන ගද්දි මට තේරුණා සරුගල් කතාව කරන්න බැහැ, අකුණක් එහෙම ගැහුවොත් සේරම පිච්චෙනවා නේද කියලා...

    තවත් වැඩි දුර ඉගෙන ගන්න යොමු වෙද්දී ලබපු , අහපු අද්දැකීම් එක්ක තේරුණා සරුංගල් වැඩේ කරන්න ගොඩක් අමාරු බව...

    ඒත් පැතුම් මම ඒ ගොන් වැඩක් යැයි සලකපු වැඩේ කරා... ක්ෂණිකව අඩි 40ක් වැනි උසකට සම්ප්‍රේෂණ ඇන්ටෙනාවක් උසවන්න රු 1000 ක් යද්දී පුළුවන් බව මන් කරලා පෙන්නුවා සහ එයින් ප්‍රයෝජනත් ගත්තා ගොඩාක්... ( අඩි දෙක හමාරේ විෂ්කම්භය තියෙන පොලිතීන් බටයක් ගන්න අඩි 10ක් විතර දිගට.. එක කෙළවරක් ගැට ගහන්න... අනික් කෙළවරින් හයිඩ්‍රජන් පුරවන්න.. ලේසියෙන් හයිඩ්‍රජන් හදන හැටි ගැන මතකනේ ඔයාට..? පැයක් දෙකක් විතර යද්දී පොලිතීන් බටය පිරෙනවා විතරක් නෙවේ , කිලෝ 4ක විතර බරක් උස්සන් අඩි 50ක් විතර උඩට පියාඹන්න සූදානම් එයා. ඒ හොඳටම ඇති සම්ප්‍රේෂණ ඇන්ටෙනාවකට )

    වෙන එකක් තියා ගූගල් සමාගමෙනුත් එයට සමාන දෙයක් කරනවා අන්තර්ජාල පහසුකම් දීමට රූරල් පැති වලට .... පැතුම් දකින්න ඇතිනේ ඒ සම්බන්ද නිව්ස් ...


    __________________________________



    මම දැකපු එකම දේ තමයි ගොන් විදිහට හිතද්දී සීමා මායිම් නැහැ... ඉගෙන ගන්න ගන්න සීමා මායිම් ඇති වෙනවා.. චින්තනය පටු වෙනවා...



    නමුත් සිදු විය යුත්තේ ඉගෙන ගත්ත දේ ගයිඩ් ලයින් එකක් කරගෙන ඉදිරියටම හිතන එක...එහෙම නැතුව ලෝක සම්මතයෙන් ඉගෙන ගත්ත දෙයින් හිර වෙන්න හොඳ නැහැ...

    විශ්ව විද්‍යාල තුළින් ලබන ඉගෙනුම ගයිඩ් ලයින් එකක් බවට පත් කර ගැනීමක් මිසක් , සිර කුටියක් බවට පත් කරගෙන එහි සිරකරයෙකු නොවිය යුතුයි.... ස්තූතියි මා ගැනත් මතක් කරලා පෝස්ට් එක ලිව්ව් එකට පැතුම්....



    සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාට ......


    ReplyDelete
    Replies
    1. සුබ අලුත් අවුරුද්දක් වේවා සහන් ඇතුළු පවුලේ සැමට

      Delete
  12. සහන් ගොඩක් කාලෙකින් ...
    ඔය ගුගුල් ප්‍රොජෙක්ට් එක ගැන මමත් කියෙව්වා සාර්ථක වුනොත් මරු වැඩේ

    හයිඩ්‍රජන් බැලුන් කිව්වම මතක් වුනේ අපි ඔය විදියේ පොලිතින් වලට හයිඩ්‍රජන් පුරවල උඩ යැව්වා මරු ආතල් වැඩේ.

    වෙලාවක පෝස්ට් එකක් ලියන්න ඕනේ

    සහන් ආයේ ලියන්න අදහසක් නැද්ද ?


    ReplyDelete