Sunday, September 29, 2013

පුරාවෘතයේ පැවැත්ම ... "No survivors? Then where do the stories come from I wonder?"

කොහොමද මේ පුරාවෘත බිහිවෙන්නේ ..? දැන් මේ අපි ආසාවෙන් කියවන, බලන රසවිඳින අතීත කතා නිකම් කාගේ හරි මනං කල්පිත විතරද ? ඇත්තටම සිටි මිනිසුන් ,සිදුවීම් නිසා මේවා හට ගත්ත නම් ඒ මොන මොන කාල වල ද? මම කියන්නේ මේ අපි දන්නා අවුරුදු 5000ක විතර අතීතේ  ගැන නෙවෙයි ..  ඊට එහා ගිය විශ්මිත මායා කරුවන් , නිර්මාණ කරුවන් , වීරයින්,දුෂ්ටයින්, සතුන්  සිටියා ද? අපි හැමෝම දන්නා මකරා කියන්නේ සංකල්පයක් විතරද ?   අපේ සිත් ඇතුලෙන් නිර්මාණ විදියට මේ එලියට එන්නේ කවදා හෝ අපි අත්දුටු දේවල් ද? (ඔලුව කොලොප්පන් වුනාම මට මේවා හිතුනට.. හැමෝටම ඒක  එහෙම ද?)

මීට අවුරුදු 7-8 කලින් මම මඩවල උපාලි හාමුදුරුවෝ හම්බ වෙච්ච වෙලාවක ඔය වගේ අබුත ප්‍රශ්නයක් ඇහුව .. මම ඇහුවේ ඔය අපි දන්නා ජාතක කතා කොහේ සිද්ද වෙච්ච ද? මොන කාලේද කියන එක.. ඒ කියන්නේ යටගිය දවස සිටි බ්‍රහ්මදත්ත කොහෙද හිටියේ වගේ ප්‍රශ්නයක් ..  හාමුදුරුවෝ සාමාන්‍යයෙන් ඔය විද්‍යා පැත්තටම බර නිසා තමා මම එක ඇහුවේ .. මම ඒ හාමුදුරුවන් ව හම්බ වෙච්ච පලවෙනි වතාව.  අපි හාමුදුරුවන් ව කඳුබොඩ පන්සලට බස්සන්න යන ගමන් ද කොහෙද  නිකමට අහපු දෙයක් මේ .. හාමුදුරුවෝ කිව්වේ ඔය හැමදේම මේ පෘථිවිය මත සිද්ද වෙච්ච දේවල් කියල .. ඒ කියන්නේ මේක චක්කරේ වගේ මිනිස්සු ඇති වෙනවා දියුණු වෙනවා විනාශ වෙලා යනවා කියල ... කොහොම වුනත් හාමුදුරුවෝ කිව්වා සමහරවිට වෙනත් ග්‍රහලෝක වල ජිවිය තියෙන්න පුළුවන් .. නමුත් ඔය ගොඩක් අපි දන්නා ජාතක කතා නම් යම් යම් කාල වලදී මේ පෘථිවිය මතම සිද්ද වෙන්න ඇති කියල ...  (මෝඩ ප්‍රශ්නෙකට සරල උත්තරයක් )..

පස්සේ කාලෙක මම කියවපු පොතක තිබුනා බලංගොඩ ආනන්ද මෛත්‍රිය  හාමුදුරුවන්ගෙන් කවුදෝ කෙනෙක් අහපු ප්‍රශ්නෙකට උන් වහන්සේ උත්තර දීල තිබුනේ ඔය දෙවිවරු ගැන එහෙම ඉස්සර ඉඳන් මිනිස්සු විශ්වාස කරන, පැවතීගෙන එන කතාව තමා හරි ... පහුකාලීනව ගොඩ නැගෙන එක එක මත වැඩක් නෑ  කියල .. දැන් එතකොට ඔය අපේ දෙවි දේවතාවන්ගේ කතා ඇත්තටම මේ ශ්‍රී ලංකාවේ කවදා හරි වෙලා තියෙන්න ඇති ...දෙවියන් ගැන එහෙම හෙන සිරා  සීන්  තියෙනවනේ .. මම කියන්නේ හෙන වීර චරිත වෙන්න ඇති .. අහස මුහුද දෙබෑ  කරගෙන ආපු කතා එහෙම සමහරවිට ඇත්ත වෙන්න ඇති .. මොකද ඔය දෙවියන් යදින කොට කියන මන්තරද,ශ්ලෝක ද වල තියෙන දේවල් කවුරු හරි ජොලියට ලිව්වා වෙන්න බෑ නේ ...

දැන් එතකොට කතරගම දෙවියෝ ,පත්තිනි දෙවියෝ , විෂ්ණු දෙවියෝ  සහ අනෙකුත් සෙට් එක ලංකාව ඉන්දියාව වගේ පැතිවල ඉන්න අතරේ  සියුස්,හර්කියුලිස්,ප්‍රොමිතියස් ,ඇතිනා  වගේ අය යුරෝපය හරියේ ඉන්න ඇති ...තෝර් එහෙම නොර්වේ පැත්තේ ඉන්න ඇති...   

එහෙම හිතල බැලුවම මේ අපි අද දකින හැමදේම තව අවුරදු හෙන ගානකින් පුරාවුර්ත වෙනවනේ...  හැක් අපේ බ්ලොගුත් පුරාවුර්ත වෙයි.. හරි ජොලි...

මේ විදියට කාලෙන් කාලෙට ඇතිවෙලා නැති වෙලා යන ශිෂ්ටාචාර වල බොහෝ සැඟවුණු දේ තියෙන්න පුළුවන්.. සමහර විට එක පුද්ගලයෙක් දෙන්නෙක් විතරක් දන්න දේ...  කට වචනයෙන් රැක ගෙන එන දේ වගේම මොනවා හරි විදියකට ලියවිලි වශයෙන්...   එක එක ජන කොටස් වලට ආවේනික වෙච්ච බොහෝ අමුතු දේවල් අපි දකිනවනේ.. ඒ දේවල් කවද හරි මේ ලෝකේ සිද්ද වෙලා ඒවායින් යම් යම් ප්‍රතිඵල මිනිස්සු ලබාගෙන ඇති... පරම් පරාවෙන් පරම් පරාවට එන්නේ මම හිතන්නේ අවුරුදු ලක්ෂ ගානක් පරණ දේ වෙන්න පුළුවන්..  අපි දන්නා ඉතිහාසය ඇතුලේ අවුරුදු ලක්ෂ ගානකට කලින් තිබිච්ච දේවල් දැන් දැන් ටික ටික හොයා ගන්නවා... ඒ කියන්නේ ඒ බොහෝ දේවල් ඇත්ත වීමේ සම්භාවිතාවක් තියෙනවා..  අර හනුමන්තා ඇතුළු සෙට් එක හදපු පාලම මේ ලඟදි නාසා එකේ අය ආයේ හොයා ගත්ත ලු..  ඉතින් රාමායනය ඇත්ත වීමේ සෑහෙන සම්භාවිතාවක් තියෙනවා.. (රාවණා ආයේ නැගිට්ටෝත් නම් මරේ මරු..)  වාල්මිකී බොරුවක් කරලා නෑ..

ඊළඟට ඔය නැති වෙලා ගියා කියන ඇට්ලන්ටිස් නම් වූ අති දියුණු ශිෂ්ටාචාරය...  මම හිතන්නේ  iPhone වර්ෂන් පහළොස්දාස් දෙකක් (15002ක්)  විතර වත් දියුණු වෙලා තියෙන්න ඇති...  ඇට්ලන්ටිස්  කොහෙද තිබ්බේ කාටද අයිති එකක් ද කියන එක කොහොම වුනත්  එහෙම එකක් කවදාවත් නොතිබ්බනම් කොහෙන්ද එහෙම කතාවක් අපි අතර තියෙන්නේ..

"No survivors? Then where do the stories come from I wonder?" මේක අර  කපිතාන් ජැක් ස්පැරෝව් (නොදන්නා අයට : මේක තියෙන්නේ Pirates of the Caribbean - The Black Pearl එකේ) අහන්නේ නිකන් නෙවෙයි.. පදනමක් ඇතුව..   අපි හිතමු ඇට්ලන්ටිස් කියල එකක් තිබ්බ ඒක විනාශ වුණා කියල.. හැබැයි ජන කතාවක් විදියට හරි ඒක පවතින්න හේතුවක් තියෙන්න ඕනේ.. කවුරු හරි අහපු දැකපු කෙනෙක් ගෙන් තමයි පුරා වෘතයක් පටන් ගන්න ඕනේ..


හරි අපි මෙහෙම හිතමු.. ඔය සේරම මිනිස්සු හිතින් මවා ගත්ත සුරංගනා කතා..  (තනිකරම දේශපාලන කුමන්ත්‍රණ මේ වංචා දුෂණ යට ගහන්න ) ඒත් කොහොමද ඕක මුලින්ම හිතන මිනිස්සුන්ට ඔය වගේ අමුතු අදහස් ඔළුවට එන්නේ....  කොච්චර නිර්මාණශීලි වෙන්න ඕනෙද.. ? මිත්‍යා කතා වල සමාජය අවුරදු ලක්ෂ ගානකට එහා තියෙන්නේ.. දැන් ඉන්න (අවුරදු 1000ක් ඇතුලත )  කෙනෙක්ට ඒ දේ මවන්න මුලික වෙන්නේ මොකක් ද?   මිනිස් සිත පුදුමාකාරයි.. මොළය සෑහෙන්න දියුණුයි ඒක ඇත්ත..  හැබැයි මොළයට ප්‍රොසෙස් කරන්නත් හිතට හිතන්න පටන් ගන්නත් කොහෙන් හරි වස්තු බීජයක් ඔළුවට එන්න ඕනේ..  එකක් ඔළුවට ආවට පස්සේ ඒක වටා කතාවක් ගොඩනගන්න හරි ලේසියි.. අපි කතාවක් ලියන්නේ අපි කොහෙන් හරි අහපු දැකපු සිද්දියක් මුල් කරගෙන.. මම විද්‍යා ප්‍රබන්ද පොතක් ලිව්වේ මම කියවපු විද්‍යා ප්‍රබන්ද වලින් මගේ ඔලුවේ ඉතිරි වෙලා තිබ්බ සංකල්ප පාවිච්චි කරලා.. මම හිතන්නේ අනිත් අයත් එහෙම තමා.. හැබැයි එක තැනකින් මේ සියල්ල පටන් ගන්න ඕනේ.. කොහෙද ඒ තැන..?


හරි ලෝකය තුල ජිවය ඇති වෙලා නැති වෙලා යනවා.. මේ ඇති වීමේ නැති වීමේ සයිකල් එක මෙට්‍රික් ක්‍රමයට අවුරදු බිලියන්ස් වලින් හරි බෞද්ධ ක්‍රමයට කල්ප වලින් හරි වෙන්න පුළුවන් ..  ඔය තරම් කාලයක් තිස්සේ වෙච්ච හෝ වුණා යයි සලකන දේවල් අද දක්වා පවතින්න මුලික වෙච්ච සිස්ටම් එක මොකක් ද?

ඕක ගැන බොහොම අපුරු මතයක් මම දන්නා කෙනෙක් ගෙන් ඇහුව..  අපිට වඩා සිත දියුණු කල කෙනෙක් කියල කියමුකෝ..  අපි මොකක් හරි නිර්මාණයක් කරනකොට (සංගීත තනුවක්, කතාවක්, නව නිපැයුමක් වගේ ඕනෙම එකක ඔරිජිනල් වර්ෂන් එක) ඒ පුද්ගලයාගේ සිත ඒ අරමුණ වෙතටම නාභිගත වෙනවා.. ඒ කියන්නේ සිත සියුම් වෙලා ඒ අරමුණෙන් ඉන්නකොට විශ්වයේ තියෙන ඒ සබ්ජෙට්ක් එකට අදාළ දැනුම එයාට විවෘත වෙනවා...  දැනුම කියන්නේ හැමවෙලේම විශ්වය තුල ගලා යන දෙයක්.. කාලෙන් කාලෙට ඔය විදියට ඕක විවෘත කරන්න පුළුවන් අය බිහිවෙනවා...

ඉතින් මට හිතෙනවා විද්‍යාවේදී උගන්නනවනේ ශක්තිය මැවීම හෝ විනාශ කිරීම කරන්න බෑ කියල..ඔය අවුරුදු බිලියන් කල්ප ගානක් තිස්සේ සිද්ද වෙච්ච දේවල් විශ්වය තුල යම්කිසි ශක්ති ප්‍රභවයක් විදියට ඇති කියල..

මම අහල තියෙනවා බුදුහාමුදුරුවන්ගේ කට හඬත් ඒ විදියට තැන්පත් වෙලා තියෙනවා කියල.. . (මම අහපු ඔය සංකල්පේ දාල මම ඒ දවස් වල  විද්‍යා ප්‍රබන්ධයක් ලිව්වා දේවදත්ත මේ අපි ඉන්න කාලේදී සයන්ටිස්ට් කෙනෙක් වෙලා ඒ විදියට තැන්පත් වෙලා තියෙන  බුදු බණ අහල නිවන් දකින සීන්  එකක් තියෙන එකක්... පොඩි ලව් කේස් එකකුත් එක්කම.. :D)

ඔන්න ඉතින් කරනවනම් පරීක්සන...


කාලෙකින් ඔලුව කරකුට්ටන් වෙච්ච විදියේ එකක් ලිව්වා... මේ දවස් ටිකේ පිස්සුවෙන් වගේ වැඩ කරලා ඊයේ පෙරේදා ලෙජන්ඩ් ඔෆ් ද සිකර් බලන්න ගත්තා (අද බලල ඉවර කළා J) .. ඔය සිකරයාගේ පුරාවෘත්තේ බල බල ඉන්න කොට හිතිච්ච දේවල් ටිකක් තමා මේ ලියල දැම්මේ.. වැඩිය සීරියස් ගන්න එපා.. 


12 comments:

  1. හිතන්න ගොඩක් දේවල් තියෙන පෝස්ට් එකක් පැතුම්..මිනිස්සුන්ගේ සිතීම ගැන මට කියන්න තියෙන්නේ මෙහෙම අදහසක්... මම උදහරනෙකින් පැහැදිළි කරන්නම්කො..

    උදා : - ඔන්න පැතුම්ට මේ පෝස්ට් එකට අදාළ සංකල්පය එක පාරට බරාස් ගාලා ඔලුවට එනවා.. එක්කෝ ඔපිස් එකේ ඉද්දි , නැත්නම් කෑම කද්දී , නැත්නම් බිරිඳ සමග ඉද්දි , එක්කෝ අනියම් ඇසුරක් පවත්වන ගණිකාව එක්ක ඉද්දි , නැත්නම් හීනෙන් , නැත්නම් හැමදාම හොරෙන් බොන ගංජා සුරුට්ටුව බිබී ඉද්දි..

    ඊට පස්සේ තව තව දේවල් සංකල්පයට එකතු කරනවා.. ඔයාම තර්ක කරමින් තව දේවල් ඇතුළත් කිරීමත් ඉවත් කිරීමත් වෙන්න පුළුවන්..

    අන්තිමට මේක ලියන්න ඕනේ කියලා හිතනවා.. ලියමින් ඉද්දිත් තවත් දේවල් add කරනවා...

    අන්තිමට " පුරාවෘතයේ පැවැත්ම " කියල පෝස්ට් එකක් වැටෙනවා...

    __________________________________


    ඔන්න ඔහොමයි හැම දේම , සංකල්පයම බිහි වෙන්නේ.. ඔයාගේ ඔලුවට එන එක මට එන්නේ නැහැ ,, මට එන එක ඔයාට එන්නේ නැහැ..

    තවත් විටකදී මට ආව එක ඔයා විසින් වැඩි දියුණු කරනවා.. වර්ෂ ගාණක් අවසානයේ තඩි මුචලින්ද කෙනෙක් උනත් බිහි වෙන්න පුළුවන්....ඒ වගේම ටෙස්ලා කෙනෙක් බිහි වෙන්නත් පුළුවන්..

    _________________________________


    අට්ලාන්ටා වැනි දේවලුත් එහෙමයි පැතුම්..කිසිම කෙනෙක් දන්නේ නැහැ ඒවා ඇත්තම ඇත්තද කියලා.. අපිට කියන්නත් බැහැ බොරුයි කියලා..

    වර්තමානයේ හොඳම උදාහරණය තමයි " හැරී පොර්ටර් " ඒකත් කවදා හෝ ඇති විශාල පුරාවෘතයක් වේවි...

    තව දේවල් නම් කියන්න තියේ..ඒත් මෙහෙම බැහැ.. නැවත හම්බුණ දාකම කතා කරමු අපි...ඔයා ගියත් හරි කතා කරන්න ලැබුණේ නැහැ නේද ..?

    ReplyDelete
    Replies
    1. හොඳ උත්තරයක් සහන්... මට තියෙන්න ප්‍රශ්නේ තමයි.. එකපාරටම ඔය සංකල්පයක් ඔළුවට එන්න අපිව මෙහෙයවන දේ මොකක් ද කියන එක..

      මම මේ පොස්ට් එක ලිව්ව විදිය සහ අලුත්ම සංකල්පයක් කෙනෙක්ට හිතෙන එක වෙනස් කියලයි මට හිතෙන්නේ..

      අපි මිනිස්සු කියවන්න ලියන්න පටන් ගත්ත දා ඉඳල හිතල මුලින්ම මකරා කියන සතා ගැන කවුරු හරි ලියපු සටහන සලකමු...

      ඔහු ළඟ හිටපු බල්ලෙක් දිහා බලල මේ බල්ලට පිහාටු දෙකක් ඇවිල්ල බෙල්ලයි වලිගෙයි දික් වෙලා හිටියනම් කොහොමද කියල හිතනවා.. ඊට පස්සේ පෙනුම තව ටිකක් හොඳ වෙන්න පොඩි කළු පාටකුත් දාල ඇඟට කොරපොතු ටිකක් තිබ්බ නම් හොඳයි කියල හිතනවා.. මේ ඔක්කොම අමුතු දේවල් නෙවෙයි.. ඔහු දන්නා දේවල්.. ඊට පස්සේ ඇස් දෙක රතු කරලා කටින් ගින්දර පොඩ්ඩකුත් ආව නම් පට්ට නේද කියල හිතල එහෙම සතෙක්ව හදන්න ඇතිද ? නැත්නම්... ඔහු කවදාක හෝ ඇසුණු.. දැකපු.. එහෙම නැත්නම් ඔහු ජිවත් වූ කාලයේම ඇත්තටම සිටි සතෙක් ගැන ලිව්වා වෙන්න බැරිද.. මකර කියන්නේ සරල උදාහරණයක්...

      හැරී පොටර් කියන්නේ ඔර්ජිනල් නිර්මාණයක් නෙවෙයි.. අපි දන්න රසවත් සංකල්ප නියම විදියට මික්ස් කරලා හදපු නිර්මාණයක්.. නිර්මාණයක් කරන්න මිනිස්සුන්ට අමාරු නැ.. හැබැයි.. මැජික් , මන්තර, මායාකාරයෝ කියන සංකල්ප අපේ සමාජයට ඇතුළු වුනේ කොහෙන්ද කියන එක තමා මට තියෙන ප්‍රශ්නේ.. (මටත් වෙන වැඩක් ඇත්තෙම නැති වෙලාවට තියෙන ප්‍රශ්නයක් විතරයි හරිද.. :))

      Delete
  2. වෙලාව තියන වෙලාවක ටිකක් කල්පනා කරලම කමෙන්ට් එකක් දාන්නං :D

    ReplyDelete
    Replies
    1. මට කොලොප්පන් උනාට උඹලට මට තරම් කොල්ලොප්පන් නෑ කියල මම දන්නවා.. හෙ හෙ .. ආයේ ආපු වෙලාවක මොනවා හරි මතක් උනොත් ලියල පලයන් අවුලක් නෑ..

      Delete
  3. පැතුම්.......සමහර වෙලාවට විද්‍යාත්මක සංකල්පයක් නිර්මාණය කරන්න පුලුවන් ඒ හා බැඳුණු සාධක, තොරතුරු වගේ දේවල් අධ්‍යයණය කිරීමෙන්. ඒ හැම දෙයක්ම පැත්තකට දාලා අපි සරළ විහිලුවක් ගමු ඇම්ඩන්ගේ ජෝක් එකක් වගේ. මේවා හැදෙන්නේ කොහොමද....මුලින්ම මේ ජෝක් එක හදන එකා , කතාවේ පටන් ගැන්ම කොහොම හිතාගන්න ඇද්ද වගේ ප්‍රශ්ණ කිහිපයක් ඔලුවට එනවා රස වින්දට පස්සේ. මම ඔබේ ලිපිය උනන්දුවෙන් කියෙව්වා. මට මගේ ගොන් අදහස ලියලා දාන්න හිතුනා.

    ReplyDelete
    Replies
    1. ඇම්ඩන් ගේ කතා, අන්දරේගේ කතා, ඊට එහා ගිය ලෝකප්‍රකට විහිළු හැදෙන්නේ කොහොමද කියන එක සිරා ප්‍රශ්නයක් තමා.. මට හැබැයි හිතුනේ මිනිස්සු ඔය වගේ නිර්මාණ කරන්න බලපාන සාධකය අපි නොදන්න මොකක් හරි ද කියල.. ජොලියට වගේ හිතනකොට හිතෙන දේවල්.. වැඩිය හිතන්න එපා.. :)

      Delete
  4. ඔය එක එක ජාතියේ චිත්තර පටි බලන්න හොඳ නැහැබං... පිස්සු තද වෙනවා..මටත් ඔහොම උනා එක පාරක් අර මැට්රික්ස් බලලා.. මං එහෙමම දවස් ගානක් භාවනා කරන්න ගත්තා... :D

    ReplyDelete
    Replies
    1. මේ අවුරුදු 7ටම එක ළඟ පොස්ට් දෙකක් දාන්න තරම් මට හැකියාව දයිරිය..සක්තිය ලබා දුන්න ඒවගේ චිත්තර පටි නොබලා කොහොමද යකෝ..

      මැට්‍රික්ස් කියවීම කියල එකෙක් බූන්දි යේ ආටිකල් එකක් දාල තිබ්බා.. මම මේ තාම කල්පනා කරන්නේ අපි බලපු එක ඌ කොහොමද කියෙව්වේ කියල.. උඹ හොඳයි.. පේනවනේ මිනිස්සුන්ට වෙන දේවල්..

      Delete
    2. මේ අවුරුදු 7ටම එක ළඟ පොස්ට් දෙකක් දාන්න තරම් මට හැකියාව දයිරිය..සක්තිය ලබා දුන්න ඒවගේ චිත්තර පටි නොබලා කොහොමද යකෝ..

      මැට්‍රික්ස් කියවීම කියල එකෙක් බූන්දි යේ ආටිකල් එකක් දාල තිබ්බා.. මම මේ තාම කල්පනා කරන්නේ අපි බලපු එක ඌ කොහොමද කියෙව්වේ කියල.. උඹ හොඳයි.. පේනවනේ මිනිස්සුන්ට වෙන දේවල්..

      Delete
  5. ජාතක කතා වලට සමාන ජන කතා ආසියවෙ වෙනත් රටවල තියෙනවා.මම එහෙම රුසියන් කතා කියවලා තියෙනවා. ජාතක කතා සාහිත්‍යයට එකතුවෙන්නෙ කටකතා ලේඛනගතවීමෙන්.. භ්හ්රමය වගෙ සංගායනා මගින් නෙවෙයිනෙ..
    භව කෙලකෝටිගානක් තිස්සෙ එකතුකරපු දෙනුම අපි කාගෙත් ඇතුලෙ තියෙනවා. හැබැයි ටොන් ලක්ෂගනක් කසල සිතුවිලි වලට යටින්.. හිත දියුණු කල කෙනා හරියට පෑදුනු දියේ පතුල දකිනවා වගේ ඒ දැනුම ග්‍රහනය කරනවා.

    ReplyDelete
  6. Tharunaya paththare kollage blog post ekak tibunba dakala thamai me blog ekatama awith baluwa.. ela kiri wage blog ekak.. Sure... Niyamai.. jaya wewa.. hamadama liyanna ok...

    ReplyDelete
  7. අවුරුදු නවයකට කළින් ලියවුණ සටහන් වුණත් අදටත් ෆැන්ටසිය ගැන කතා කරද්දි අදාළ වෙන අදහස්. ස්තුතියි මේ අදහස් බෙදාගත්තාට පැතුම්!

    ReplyDelete