Saturday, September 14, 2013

සොෆ්ට්වෙයාර් මැජික් සමඟ අධික වැඩ ...

මෙහෙ ආවට පස්සේ මාස 2ක විතර ෆ්‍රී ටයිම් එකක් තිබ්බට දැන් සති තුන හතරක් විතර එක  දිගට මැරී ගෙන වැඩ. අපි දෙන්නම එක විදියට වැඩ ... ලංකාවේ අයිස් ගහපු ඔක්කොටම හරියන්න දැන්  හෝ ගාල වැඩ ...   උදේ 10ට වැඩට ගිහින් හවස 5ට මාරු වෙලා සැපසේ හිටපු අවුරුදු 3කින් පස්සේ එක දිගට මෙහෙම වැඩ කරන්න හිතයි,ඔළුවයි,කඳයි ,බඩයි  හදාගන්න සැහෙන්න අමාරුයි.  දැන් ඉතින් වට්ටුඩු  කියල බෙරේ ගහනවා ... පොඩි මොකක් හරි වැඩක් කරගෙන ඉන්න හිතාගෙන ආපු බට්ටි නංගිට මටත් වඩා වැඩ ... මොනවා කරන්නද .. දෙන්න හස්බන්ඩ් වයිෆ් කියල නෑ  ... වැඩ කරද්දී ප්‍රොජෙක්ට් එකේ තව කෙනෙක් විතරයි ..දෙන වැඩේ කරන්න වෙනවා..   සෙනසුරාදා ඉරිදාත් රෑ 12-1 වෙනකම් දෙන්නත් එක්ක වැඩ කළා .... කවද කාපු ටකරන් ද කිව්වලු ...


මම දැන් අවුරුදු 10ක් විතර මේ සොෆ්ට්වෙයාර් කොටන වැඩේ කරනව ...  ඕකෙන් මුල් අවුරුදු 2කේ  හෙනම කට්ටක් කෑව.  පොඩි එකා නිසා ඕනේ කුණු ගොඩක් කරනවනේ ...  එක දිගට පැය 30-35 ක් ඔෆිස් එකේ වැඩ කරපු දවස් තිබුනා .. එහෙම ඉඳලත් සුද්දගෙන් පර්මිෂන් නැතුව ගෙදර යන්න විදියක තිබුනේ නෑ .. රස්සාව තිත්ත වෙලා හිටියේ ..  හැබැයි අමාරුවෙන් ඇදගෙන ගියා . පස්සේ පස්සේ කොම්පැනි වල සිස්ටම් එක  තේරුම් යනකොට මැරී ගෙන වැඩ කරන එක මම අතැරලා  දැම්ම ... ඇත්තටම අවශ්‍ය  දවස් වල නිදිමරන් කලත් අනිත් දවස් වල වෙලාවට මාරු වෙන්න ඉගෙන ගත්තා ... මුල්ම රස්සාව කරන දවස් වල  නයිට් වැඩ කරන එක ෆන් එකක් වුණාට දැන් නම් 6-7 වෙනකොට ඉන්න අමාරුයි ..  එකක් එහෙම හිටියට ඒ හැටි වැඩක් වෙන්නේ නැති නිසා ... වැඩ අතින් වත් අපේ ජිවිතේ අතින්වත් මහා ලොකු සෙතක් වෙන්නේ නෑ  අපි ගොඩක් රෑ වෙනකම් වැඩ කලාට  (මේක අදාළ නොවන රස්සාවල් තියෙනවා )

සොෆ්ට්වෙයා ජොබ් කරන අය දන්නවා ඇති නිතර සිද්ද වෙන මෙන්න මේ වැඩේ ගැන ...

හික් ...  ඔය කතාව නොකියපු සොෆ්ට්වෙයාර් කාරයෙක් නම් හොයා ගන්න බෑ ඕනේ ඔට්ටුවක් ... මම කරපු මුල්ම ජොබ් එකේදී දවසක් මම කරපු මොකක් හරි සිස්ටම් එකක් ගැන කතා කරන්න ලොක්කා ළඟට ආවා .. ඇවිල්ල ඇහුවා අන්න අර ක්ලයන්ට් කියනවා අරක වැඩ කරන්නේ නෑලූ  මොකද වෙලා තියෙන්නේ කියල බලන්න කියල... මට ඉතින් 100% ෂුවර් ඒක වැඩ කියල ... මම ඉතින් පොර වගේ කිව්වා නෑ එහෙම වෙන්න බෑ මගේ මැෂින් එකේ ඒක වැඩ කියල.. පොර මා දිහා කින්ඩි හිනාවක් දාල පල් එකට වගේ "පුතා මේ සොෆ්ට්වෙයාර් වල මැජික් නෑ ...ඕකේ වැඩ කලාට එකේ වැඩ කරන්නේ නෑ ... ඉක්මනට හොයලා මට කියන්න කියල "..  ඊට පස්සේ ඉතින් කොම්පුටරේ පරම්පරාව මතක් කර කර අවුල හොයන එක තමා කරන්නේ .. 

ඒ  මීට අවුරුදු 8-9කට කලින් . වැඩේ කියන්නේ  මේ දැන් සැහෙන්න දියුණු වෙලා තියෙන පරිගණක සහ මෘදුකාංග වලත් ඔය ලෙඩේ ඔහොමම එනවා .. මෙහෙ දැන් අපේ වැඩ බලන රෝබෝටික්කෙක් වගේ ඉන්න චීන කොලුවා කෑ ගහනවා මම අහගෙන හව් කම් ඊට් වර්ක්ස් ඉන් යුවර් මැෂින් නොට් ඉන් මයි මැෂින් කියල. සොෆ්ට්වෙයාර් වල මැජික් තියෙනවද කියල හිතෙනවා වෙලාවකට ... 

ඔහොම වෙන්නේ අපි වැඩ කරනකොට අවධානය තියෙන්නේ ගොඩක් වෙලාවට කරන වැඩේ හරි ලොජික් එක හරි ගැන විතරයි.. වැඩ කරන මැෂින් වල කොන්ෆිගරේෂන්, කරන පොඩි පොඩි සෙට්න්ග්ස්  වල වෙනස් කම් , නැත්නම් ඩේට බේස් වල මොකක් හරි, නැත්නම් කරපු වෙන මොකක් හරි වෙනසක් අපිට අමතක වෙනවා නැත්නම්  අනිත් කෙනාගේ එකේ තියෙන ඔය වගේ අවුලක් තමා ... හරියට ටෙස්ට් නොකර සුද්දන්ට එහෙම යැව්වම සුද්දා ඉතින් අනාතයි .. හික් ... 

ඊට පස්සේ තියෙන අනිත් ලොකුම අවුල තමා මේක 


මේක බැලුවම මම හිතන්නේ ඕනේ කෙනකුට තේරෙයි ... ඔය ප්‍රශ්නේ සොෆ්ට්වෙයාර් නෙවෙයි ලංකාවේ නම් හැම ප්‍රොජෙක්ට් එකකම වගේ තියෙනවා .. ඒ කියන්නේ කරන්න ඕනේ මොකක් ද කියල හරියට කතා බහ නොකිරිම .. ගොඩක් සොෆ්ට්වෙයා ප්‍රොජෙක්ට් ෆේල් වෙන්න ලොකුම හේතුව තමා මේක ...

මෙහෙ වැඩ වල තාක්ෂණික පැත්ත නම් ලංකාවේ ගොඩක් කොම්පැනි වලට වඩා සෑහෙන්න  දියුණුයි  අපි වගේ උඩින් පල්ලෙන් තියරි එක බලල කොහොම හරි වැඩේ කරලා දාන්න ට්‍රයි නොකර කරන්න තියෙන උපරිම හොඳට වැඩේ කරන එක තමා මෙයාලගේ හොඳම ගතිය .. මෙහෙ වැඩ කරන්නේ චීන අය  තමා.. මැලේ අය අයිස් ... හැබැයි  ඕනෙම තැනක ඉහලම පුටුවේ ඉන්නේ මැලේ ජාතිකයෙක්...  ජාතිවාදය හීන් නුලෙන් තියෙන ලක්ෂණ තියෙනවා... චයිනිස් අය තනිකරම රොබෝලා වගේ තමා.. ඔලුව වැඩ කරන්නේ නියම කොම්පියුටර් වගේ.. අපිට හැරෙන්නවත් අමාරුයි... මේ මාසෙට සැහෙන්න දේවල් ඉගෙන ගත්ත තාක්ෂණික සහ ටෙක්නිකල් ප්‍රොජෙක්ට් වල නියම විදියට වැඩ කරන හැටි ගැන... 

ලංකාවේ ගොඩක් කොම්පැනි වල අරමුණ සුද්දෙකුට මොකක් හරි අටවල දීල සල්ලි ටිකක් හොයා  එක නිසා වැඩ කරන අයට ඕනේ උනත් වෙලාව අරගෙන හොඳට වැඩ කරන්න බෑ... ගොඩක් කොම්පැනි වල ඉහළ පුටු වල අවශ්‍යතාවය නිසා සිරා විදියේ ප්‍රොඩක්ට්ස් හදන්න අමාරුයි...  අනිත් එක අපි ගොඩක් වෙලාවට මේ ජොබ් එක කරන්නේ තවත් රස්සාවක් විදියට විතරයි.. හැබැයි ලෝකේ ගන්න ගොඩක් රටවල ඉන්න සොෆ්ට්වෙයාර් ඉංජිනේරුවන්ගේ ජීවිතේම මේ තාක්ෂණික දේවල් තමා.. දැන් අපේ ලීඩ් වගේ ඉන්න චීන කොලු ගැටයත් එහෙම එකෙක්.. සිගරට්  බොනවා කෝඩ් ලියනවා..හතර වටේට කෑගහනවා...  වෙන ලයිෆ් එකක් නම් නැ වගේ.. මරු පොර...

වැඩ කරන වටපිටාව ගැනත් නොකියම බැ.. දැනට තාවකාලිකව අපි වැඩ කරන්නේ මෙහෙ ආණ්ඩුවේ ඔෆිස් එකක.. මොකද අපි කරන ප්‍රොජෙක්ට් එක තනිකරම රජයේ සහ මෙහෙ අගමැති  යටතේ තියෙන්නේ ... මේක හරි ගියොත් තව අවුරුදු 5-10කින් ලංකාවෙන් මේ සිස්ටම් එක සල්ලි දීල ගනියි... හෙහ් හෙහ්...

කොහොම හරි කට්ටිය වැඩ කරන්නේ ලොකු රවුම් මේසයක් වටේ ඉඳන්.. 

මෙන්න මේ වගේ

අපි කස්ටිය එක පැත්තක්,චීන්නු ටික එක පැත්තක් අපිට ඉස්සරහින් ඉන්න මැලේ කෙල්ලෝ ටික වෙනම ලෝකයක්... උන්ගේ වැඩේ කන එක.. කනවා කියන්නේ උදේ 10 විතර ඉඳන් හවස 3-4 වෙනකම් එක එක ජාති කනවා.. තලු මර මර.. දන්නවනේ මුස්ලිම් අය  සද්දෙට කන විදිය.. ඊට පස්සේ සද්දෙට ගුඩුස් යවනවා.. හික්.. වටේ ඉන්න උන් ගැන කිසිම ගානක් නැ.. ඉඳල හිටලා මොනවා හරි මුරුක්කු බිස්කට් බෝතලයක් අපිටත් දෙනවා..  ඒ ටික නියම අයිස් ලෝකයක්.. එයාලට කරන්න හරි හමන් වැඩක් නෑ තාම..


ආතල් ම සින් එක තම ඉන්න කට්ටිය භාෂා 4ක් කතා කරන එක..(මැලේ,චීන,ඉංග්‍රීසි,සිංහල) සමහර වෙලාවට දෙමළත් ඇහෙනවා.. හික්.. කවුරු කාට මොනවා කිව්වත් තේරෙන්නේ නැ... ඉංග්‍රීසියෙන් කතා කරන කොට වැදගත් උනාම ඇති...  උන් අපිට මොනවා කියනවද අපි උන්ට මොනවා කියනවද දෙයියෝ තමා දන්නේ..  මුණ බලාගෙන හිනා වෙලා ඕනේ කුනුහරුපයක් කියන්න පුළුවන්.. අර මචං ෆිල්ම් එකේ මහේන්ද්‍ර පෙරේරා එයාර් පෝට් එකේ සුද්දට හිනා වෙලා කතා කළා වගේ... හෙහ් හෙහ් හෙහ්..

පෞද්ගලිකව මට මෙහෙ ආපු නිසා ටෙක්නිකල් අතින් හොඳක් සහ නරකක් වුණා වගේ.. මොකද මම ගොඩක් කාලයක් කෝඩ් ලියන එකෙන් අයින් වෙලා පොඩ්ඩක් විතර සිස්ටම් ඩිසයින් සහ ආකිටෙක්ට් වැඩ කර කර ඉඳල එක පාරටම මෙහෙ ඇවිල්ල තනිකරම කෝඩ් වලට ආයෙත් බහින්න වෙච්ච එක ටිකක් අමාරුයි.. අනිත් එක රස්සාව පටන් ගත්ත කාලේ ඉඳල ඕනෙම විදියේ ප්‍රෝග්‍රෑමින්  ලැන්ග්වේජ් එකක් ඉගෙන ගෙන වැඩ කර කර හිටිය නිසා මම පහුගිය කාලේ තීරණේ කළා ප්‍රධාන වශයෙන් Android මුලික වෙච්ච මොබයිල් ඇප්ලිකෙශන් විතරක් ඉදිරියට කරන්න.... හැබැයි දැන් ආයෙත් Java වෙබ් developmant තමා කරන්නේ..  ඉතින්  ගොඩක් දේවල් මට අලුතින් මතක් කරගෙන/ඉගෙන ගෙන තමා කරන්න තියෙන්නේ... එක්ස්පිරියන්ස් වලින් ගොඩ දාන්න පුළුවන් හැකියාව ටිකක් අඩුයි... මොනවා කරන්නද කියල දැන් ඉතින් මුල ඉඳන් මේක කරනවා..  ළුණු බිකත් බඩටනේ කියල... හැබැයි තාක්ශනේ මොකක් වුනත් නියම විදියට ප්‍රොජෙක්ට් එකක් කරන සිස්ටම් එක ඉගෙන ගන්න පුළුවන් මෙහෙන්.. (මැනේජ්මන්ට් කොහොම උනත් )

කොහොමත් ඉදිරි මාස 6ක් විතර යන කම් මේ කට්ට මේ විදියට තියෙයි... ඊට පස්සේ මොනවා වෙයි ද දන්නේ නැ.. දැනට ඉතින් උදේ යනවා හවස එනවා.. වික් එන්ඩ් එකේ රස්තියාදු හරි නිදා ගන්න එක හරි තමා.. නැත්නම් ෆිල්ම්ස් ... ජිවිතේ එකා කාරී වෙලා... අද උදේ නම් ලංකාවට ගිහින් පොත් ප්‍රදර්ශනේ බලන්න යන්න තරම් හිතුනා..  අපේ අක්කයි අම්මයි මාව අවුස්සන්නම කෝල් කරලත් කියනවා අද දවසම අපි පොත් ප්‍රදර්ශනේ බලන්න යනවා ජෙලස් නේද කියල....  සෝ සෑඩ්..

    

12 comments:

  1. කොහොමෙන් හරි කමක් නෑ මලේ රටේ නම ඉදිරියට තියලා තමන්ගේ කාරියත් කරලා නම්බුකාර කොල්ලෙක් විදියට ජීවිතේ ගොඩනගපන්. චීන්නු පුකේ තියන් කරන්න හැකි මට්ටමට ළඟා වෙයන්. එය ඔබට හැකියි.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් මට නම් දැනටම ඇති වගේ ... බලමු ඉතින් එන විදියට

      Delete
  2. කැම්පස් යන කාලේදී නම් මට ඔය සොෆ්ට්වර් ජොබ් එකකට අසාවෙන් හිටිය,එක ඉතින් කර ගන්න බැරි උනා.එකට මම මේ මෑතක් වෙන කල් දුක් උනා වගේම අපහු ඒ ෆීල්ඩ් එකට යන්න ප්ලෑන් කරලා කට්ටියගෙන් විස්තර අහපුවහම තම දන ගත්තේ... ඉතින් මම ඔය රැකියාව නොලැබුන එකට දැන් නම් සතුටු වෙනවා තමයි,
    අනික මමත් ලංකාවේ වැඩ කරනකොට ඕන උනේ රැකියාව කරන කලේ ඒ තැන ඉන්න එක තමා ප්‍රදානම.:) මෙහෙ ආවේ ලංකාවේ කල රැකියාවට වෙනස් රැකියාවකට.මමත් ලොකු කට්ටක් කාව ආපු මස කීපයේ .
    පුරුදු වෙනකොට හරි යනවා සුබ පැතුම් ඔබට ...

    ReplyDelete
    Replies
    1. මටත් දැන් මේ සොෆ්ට්වෙයාර් රස්සාව ඇති වගේ ... සම්පුර්ණයෙන්ම වෙනස් වෙච්ච වෙන මොකක් හරි රස්සාවක් කරන්න හිතිලා තියෙන්නේ .. හැබැයි මොනවා කරන්නද කියල හිතා ගන්න බෑ ... දන්නේ මේක විතරනේ ..

      Delete
    2. මටත් තියෙන්නේ ඔය ප්‍රශ්නෙමයි..... අවුරුදු 7ක් මමත් මේ රැකියාව කරනවා.මටත් වෙනස් වෙන්න ඕන.මට නම් දැන් අමාරුයි මොකද පවුල් වගකීම් තියන නිසා.ඔබගේ තත්වය දන්නේ නැහැ.හිතනවා තවම නිදහස් ඇති කියල :) .. ඉතින් එහෙම නම් වෙන රැකියාවක් තොර ගන්න පරක්කු කරන්න එපා.පස්සේ කරන්න වෙන්නේ නේ විශ්වාස කරන්න මම අත්දැකීමෙන් කියන්නේ ././././

      සල්ලි ටිකක් හොයාගෙන ඕකට ලඟින් යන වෙන ෆීල්ඩ් එකක් හොයාගෙන.එකේ ප්රෝෆිෂනල් කොලිෆිකශං එකක් ගත්තනං.එන්ටර් වෙන්න පුළුවන්.මමත් සල්ලි ටිකක් හොයල පවුලට දීල ජොබ් එක මාරු කරන්න ඉන්නේ ...:) :) :)

      Delete
  3. හැම චීන්නුම ඔය කියන තරං දක්ෂයෝ නෙවෙයි,, හැබැයි හරිම කඩිසරයි.. කාගෙන යනවා.. අපෙ චීන අයි ටී කාරයෝ නම් ගන්න දෙයක් නෑ. ටිකක් දන්න එකා වැඩි කලක් ඉන්නෙ නෑ.
    ජීවිතේ රස්සාවට කාලයක් කැප කල කෙනෙක් මම.ඒ මගේ රටට වැඩ කරනවා කියල හිතං හිටි කාලෙ. ‍රැයක් දවාලක් නිවාඩු දවසක් නොබලා. මෙහෙ ඔය කොම්පැණි කාරයො සූර කන්න දක්ෂයො..මුල ඉඳන්ම තමන් යන විදිහ පාලනය කරගෙන ජීවිතයට ඉඩක් හදාගන්න ඕනෙ.. මැරෙන එකා මැරෙනවා. වැඩිහරියන් චූන් එකෙ කකා ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. චීන්නු කඩිසරයි තමා .. උන්ට අපෙනුත් ඕනේ ටක් ටක් ගාල වැඩ ... මම ඉස්සර ඉඳන්ම රස්සාව එච්චර සීරියස් ගන්න ජාතිය නෙවෙයි .. ඔහේ කරනවා . එහෙම කළා කියල මේ වෙනකම් නම් ඉතින් අවුලක් වෙලා නෑ ... මෙහෙ ආව කියල ඒක වෙනස් කරන්න අමාරුයි .. හැබැයි ඉතින් මුල් ටික කොහොමත් කට්ටක් කාල තමා අපේ සිස්ටම් එකට හදා ගන්න ඕනේ ...

      Delete
  4. ලංකාවෙනං කොහොමත් මොකක් හරි කුණු ගොඩක් හදල කාගෙ හරි ඇඟේ ගහල බේරෙන්න තමයි හදන්නෙ. අන්තිමට හදපු එකාවත් දන්නෑ ඒක වැඩකරන්නෙ කොහොමද කියල.

    නියමෙට ඇති සුද්දො ඉස්සරහ ඉඳගෙන සිංහලෙන් කුණුහරුප කියනකොට. :D

    ReplyDelete
    Replies
    1. අපේ ඉන්න සෙට් එකේ උන් එච්චර අවුල් විදියට කුණුහරුප කියන්නේ නෑ ... හැබැයි ඉතින් මුණ බලාගෙන එක එක ඒවා කියනවා ... හරි ජොලි ඉතින්.. සමහර ඒවා තේරෙනවත් ඇති අපිට මොකෝ කියල අපි ඉන්නවා .. හැබැයි උනුත් අපිට එක එක ඒවා කියනවා .. හි හි

      Delete
  5. පැතුම් අර පින්තූරේ නම් නියමයි...

    +++++++++++++++++++++++++++++


    මාතෘකාව පොඩ්ඩක් හැදුවා නම් මීට වඩා දෙනෙක්ට තේරේවි පෝස්ට් එකේ වැදගත්කම..

    ReplyDelete
  6. ඔහොම තමයි මචන් ඔකතමයි ජිවිතේ....... උඩ නලියා කිව්වා වගේ කට්ට කාගෙන හිටියොත් උබ යන පාර හැටියට මෙහෙනම් වරදින්නෑ .... මොනවා හරි ඕන උනොත් මගේ බ්ලොගේ තියෙනවා මේල .... ඊතල විදින්න පසුබට වෙන්න එපා

    ReplyDelete