Sunday, August 18, 2013

මගේ සිංහල බ්ලොග් ලිවිම...

මේක මේ ඊයේ හදිසියට ලියල දාපු පෝස්ට් එකේ ලියන්න කියල හිතන් හිටපු පොඩි පොර ටෝක් එකක් .. ඊයෙ ගෙදර එනකොට පොඩ්ඩක් රෑ වුණා .. රස්තියාදුවට සීමාවක් නෑනේ ... :) 

මම හිතන්නේ මම මේ බ්ලොග් එක පටන් ගත්ත කතන්දරේ එහෙම මිට කලින් ඇනිවසරි පොස්ට් වල දාල තියෙනවා .. ඉතින් පරණ තැටි ආයේ කරකවන්න ඕනේ නෑනේ..  කොහොම හරි මේ බ්ලොග් ලිවිල්ල මම අවුරුදු 7ක් කළා .. ලොකු සීන් එකක් නෙවෙයි .. මොකද ලියන්න හිතුනම ලියනවා නැත්නම් නෑ ..ඇත්තටම අවුරුදු 7ක් ලිව්වට මම පොස්ට් 200ක් වත් ලියල නෑ .. ඉතින් පරණ උනාට පොරක් නෙවෙයි ..  අනිත් එක මම මේක ලියන්න පටන් ගත්ත කාලේ ඉඳලම ලියන තවත් පරණ බ්ලොග් තියෙනවා .. ඔවුන් තාමත් ලියනවා ඕනනම් පොඩි වෙනසක් ඇති පටන් ගත්ත දිනයේ..එච්චරයි ..

උදාහරනෙකට මෙන්න මේ බ්ලොග් එක..  


මේ 2005 ඉඳන් බ්ලොග් ලියන කෙනෙක්.. පලවෙනි සිංහල යුනිකෝඩ් පොස්ට් එක මට වඩා පොඩ්ඩක් පරක්කු වෙලා දාල තියෙන්නේ හි හි.. ඔන්න ඔහොමයි ඉතින් පරණම එකා වෙලා තියෙන්නේ..  

කොහොම හරි මම මේ බ්ලොග් එකේ මොනවා හරි ලියන්නේ මට හිතුනම තමා. වෙන කිසිම බාහිර සාධකයක් නිසා කවදාවත් ලියල නැ.. කොටින්ම හැමදාම උදේ පාන්දර වැඩට ගිහින් ඉස්සෙල්ලාම මේක බලල වැඩ පටන් ගන්න බට්ටි නංගිගේ හිතසුව පිණිසවත් මම මේකේ මොකුත් ලියල නැ.. අනේ අරකෙ මොනවා හරි ලියන්නකෝ කියල කිව්වට ඉතින් මට එහෙම මොකුත් ලියන්න හිතෙන්නේ නෑ.. බ්ලොග් අංසෙන් නම් ඔන්න පොඩ්ඩක් ස්වාධින කමක් යාන්තමට වගේ තියෙනවා .. J

අනිත් එක තමා ලියන්න දේවල් නැති කම ...ගොඩක් වෙලාවට මට හිතෙන දෙයක් තමා  අනිත් බ්ලොග් ලියන අය හැම පැත්තම කවර් වෙන විදියට ලියල දානවනේ මම තව මොනවා ලියන්නද කියන එක ..සහ ඔය එක එක අංශ ගැන තියෙන මගේ තියෙන බොහෝම අඩු දැනුම.. උදාහරනෙකට දේශපාලනය සහ ලංකාවේ තියෙන ප්‍රශ්න.. ලංකාවේ තියෙන ප්‍රශ්න සහ දේශපාලනය කියන්නේ 2ක් නෙවෙයි එකක්.  මම දේශපාලන සබ්ජෙක්ට් එක  මොකුත් දන්නේ නැති කම  සහ ඒවා ගැන දන්නා බොහෝ අය ඉන්න නිසා ඕක ගැන ලියල වැඩක් නැ..  

ඊට පස්සේ තාක්ෂණික දේවල්...  මම ඔය කොම්පුටර් අන්සේ රස්සාවක් කලාට මොකද දන්න ලබ්බක් නෑ... ඒ කියන්නේ ඔය එදිනෙදා කරන රස්සාවට අදාළ තාක්ෂණික දේවල ඇරුනාම ගැජට් බැජට් සහ අලුත්ම හෝ පරණ  හෝ ටෙක්නිකල් දේවල් ගැන දැන් එච්චර ඔලුවේ නැ... දැන් ඉන්න පොඩි උන් සිරාවටම බොහෝ දේවල් දන්නවා ඉතින් ටෙක්නිකල් දේවල් ලියල වැඩකුත් නැ... 

ඊට පස්සේ ආගම දහම ගැන... මේක ගැන කතා කරලා මෙලෝ වැඩක් නැ කියල මට දැනට අවුරුදු 5-6ක ට කලින්ම හිතුනා.. ඉතින් ඒවා ගැන දන්න අය සහ  උනන්දු අය ගේ කතා බහ එහෙන් මෙහෙන් බල බල ඉන්නවා.. මගේ මතය ලියන්න මට එච්චර හිතෙන්නේ නැ..  

කලාවටත් ඉතින් හෙන හැකියාවක් නැති නිසා ඒ අන්සේ ගැනත් ලියන්න දෙයක් නෑ... චිත්‍රපට බැලීම ,ටීවී සිරිස් බැලීම වගේ දේවල් ගැන ඉතින් ලියන්න තරම් දෙයක් නෑ... පිස්සුවෙන් වගේ බලනවා මිසක්...  මම පට්ට බිසී විදියට ඉදන් ගොඩක් වෙලාවට කරන්නේ ඒක .. හි හි...

ඊට පස්සේ ගවේෂණ , වාර්තාමය ලිපි, ආදී වෙනත් කරුණු ඇතුලත් අධ්‍යාපනික ලිපි වගේ ඒවා ලියන්න තරම් දැනුමක් හෝ හැකියාවක් නැති නිසා සහ හොයල ලියන්න තියෙන පට්ට කම්මැලි කම නිසා ඒවගේ දේවල් ලියන්නෙත් නැ...  වැඩිය එලිපහලියට යන්නේ නැති ගෙදරට වෙලා ෆැන්ටසි ආතල් ගන්න ගතිය නිසා ආතල් සිද්දීත් වැඩිය නැ.. (පරණ සින් ට්කක් වත් පස්සේ ලියල දාන්නම්).. ඊට පස්සේ ජිවිතේ ගැන, රස්සාව ගැන ,මිනිස්සු ගැන එච්චර අත්දැකීම් නැති නිසා ඒවා ගැනත් මොකුත් ලියන්න හිතෙන්නේ නැ...  හැබැයි ගොඩක් අයගේ ජිවිත අත්දැකීම් වලින් මම බොහෝ දේවල් ඉගෙන ගෙන තියෙනවා...

කොටින්ම ඉතින් එදිනෙදා කාල බිලා ඉන්නවා මිසක්, සිද්දි මොකුත් නැති නිසා (හෝ සිද්ද වෙන සිද්දි වලට මම දෙන බර අඩු නිසා ද මන්ද) එහෙමට කියල ලියන්න දෙයක් නැ.... ගොඩක් වෙලාවට  15x7 වගේ ඔන්ලයින් හිටියට මම කරන මගුලක් නැ...  බොහොම අමාරුවෙන් ඉන්ටනෙට් කනෙක්ට්  වෙලා බ්ලොග් ලියන අයව සිරාවටම අගය කරන්න ඕනේ...  

හැම අනිවසරි පොස්ට් එකකදීම හිතනවා තව ටිකක් වැඩිපුර ලියනවා, කමෙන්ට් කරනවා ටිකක්   මනුස්සයෙක් වගේ මේ බ්ලොග් කෙරුවාව කරනවා කියල හැබැයි ඉතින් ලියපු දාට පහුවදා ඉදන් ඉතින් ආයෙත් බැක් ටු නෝමල්.. :P කොහොම හරි මේ බ්ලොග් නිසා ඉගෙන ගෙන තියෙන දේවල් නම් හෙනට වටිනවා.. මේක නිසා අඳුර ගත්ත හිත මිත්‍රයෝ ටිකත් ගොඩක් වටිනවා...  යලට මහට ලියල ඔහේ ඉන්න නිසා වලි හෝ තරහකාරයෝ නම් කවුරුත් නැ... ඉස්සරහටත් ඉතින් එහෙමම ඉමු.. බ්ලොග් එකක් නිසා තමන්ටත් අනුන්ටත් ඇන වෙන්න ඕනේ නැනේ... අනිත් එක අපිට තියෙන එක එක විදියේ ප්‍රශ්න එලෝ කෝටියක් එක්ක මේ බ්ලොග් කට්ටක් නිසා තව අලුත් ප්‍රශ්න ඔලුවේ දාගන්නේ මොකටද..


ඉතින් ඔන්න ඔහොමයි මම අවුරුදු 7ක් තිස්සේ මේක ලිව්වේ... ඉස්සරහටත් වැඩි වෙනසක් නම් වෙන එකක් නැ... කලින් පොස්ට් එකේ සුබ පතපු කස්ටිය ආයේ සුබ පතන්න මහන්සි වෙන්න එපා.. හි හි..  ඒ සුබ පැතුම් වලට බොහොම ස්තුතියි... මේක මේ තවත් එක පොස්ට් එකක් විතරයි.. ලියන්න මෙලෝ දෙයක් නැතුව හිටිය මට පොඩි පොයින්ට් එකක් හම්බ වුණා මොනවා හරි කුරුටු ගාන්න..  කවදා හරි ලියන තව පොස්ට් එකකින් නැවත හමුවෙමු.. 

22 comments:

  1. සුබ පැතුම්, පැතුම්..! :)

    ReplyDelete
  2. පැතුම්ට තියෙන්නේ මාගේ ලෙඩේම තමයි...
    //තව ටිකක් වැඩිපුර ලියනවා, කමෙන්ට් කරනවා ටිකක් මනුස්සයෙක් වගේ මේ බ්ලොග් කෙරුවාව කරනවා //
    ....මාත් හැමතිස්සෙම එහෙම හිතනවා...එත් ඉතිං අන්තිමට බැලුවාම යලට මහට තමයි ලියලා තියියෙන්නේ......

    ReplyDelete
    Replies
    1. අපි වගේ උනුත් ඉන්න එපෑ කියල හිත හදා ගමු.. :)

      Delete
  3. //බ්ලොග් එකක් නිසා තමන්ටත් අනුන්ටත් ඇන වෙන්න ඕනේ නැනේ...
    මේකේ වැදගත්ම කොටහ මං දකින විදිහට..
    ගොඩක් සිංහල බ්ලොග් කරුවන්ටත් මං හිතන්නේ මේකනං වැදගත් වෙයි...

    ReplyDelete
    Replies
    1. මරා ගන්න හේතු මදිවටද මන්ද මේ බ්ලොග් වල තියෙන ඒවටත් මරා ගන්නේ .. ජොලියට බ්ලොග් එක ඇතුලේ ඕනේ එකක්.. එලියට ගිහින් පවුල් අවුල් කරන් මිනිස්සු අමාරුවේ දාන වැඩ කරන එක නම් සිරාවටම පිස්සුවක්..

      Delete
  4. Replies
    1. හික් හික් මහ රජාට ද?

      Delete
  5. හ්ම්ම් හ්ම්ම්. මේක නං එහෙම ලේසියෙන් බේරෙන්න අපුළුවන් ඇනිවසරියක් නෙවෙයි.. අඩුම ගනනේ ආනන්ද භවාන් එකේ මසාල‍තෝසෙ පාටියක්වත් දාන්නම වෙනවා.

    ReplyDelete
    Replies
    1. එලස් ය ... දිනයක් වෙලාවක් සෙට් කරන් වෙලාවක කමු පැලෙන්න ...

      Delete
  6. බ්ලොග් එකක් කාටවත් ඇණයක් නෙමෙයි. නමුත් සමහර ඇණ බලෙන් ඇනෙන්න එනකොටනං මළ ලෙඩක් තමයි.

    ReplyDelete
    Replies
    1. එකනේ බ්ලොග් එක ඇන කරගන්න එකයි බ්ලොග් නිසා අනුන්ට ඇන වෙන එකයි නම් මහා පිස්සු විකාරයක්

      Delete
  7. ඉතිං අනේ මාත් ඔය ජාතියෙ නේ.. මටත් ලියන්න කියලා දෙයක් නෑ.. පට්ට බිසී වගේ ගෙදට්ට වෙලා ඉඳන් කරන්නේ ෆිල්ම්, ටීවී සීරීස් බලන එක, දේශපාලනේ ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ.. වැඩිය නෙවෙයි කොහොමවත් ගෙදරින් එළියට බහින්නේ නෑ... මෙලෝ ටෙක්නිකල් දැනුමක් නෑ... කවි කතන්දර ලියන්නත් බෑ...

    ///කොටින්ම ඉතින් එදිනෙදා කාල බිලා ඉන්නවා මිසක්, සිද්දි මොකුත් නැති නිසා (හෝ සිද්ද වෙන සිද්දි වලට මම දෙන බර අඩු නිසා ද මන්ද) එහෙමට කියල ලියන්න දෙයක් නැ.... ///

    ඔච්චරම තමයි සන්තෑසිය...

    ඒක නෙවෙයි.. ඉදිරියටත් හත් අවුරුද්දකටත් වඩා ලියන්න සුබ පැතුම්... හි හි

    ReplyDelete
    Replies
    1. හික් හික් තවත් අඹ ගස් තිබේ එහෙනම්..

      Delete
  8. මේං මේ සරල විනෝදකාමී චරිතයට (හැබෑ ජීවිතයේ ගායකයෙක්ගේ වාගේ පට්ට ෂාප් වොයිස් එකටයි) මම බොහොම මනාපයි! ලොකු තියරි නෑ, කකුල් පොලවේ, මැක්ස් ඉමැජිනේෂන්. අඳුනාගන්න ලැබුණෙ බ්ලොග් හින්ද! ඒකට සතුටුයි!

    ReplyDelete
  9. අපේ පවුලේ උන් ඕකට කියන්නේ ටකරං වොයිස් එක කියල .. නව පරපුරේ ගායක ලක්ෂණ :) මම මේ ඇනිවසරියෙන් පස්සේ හිතුවේ මහප්‍රාණ දේවල් ටිකක් ලියනවා කියල ... හිහ් ... මේ ගිය සෙනසුරාදා අර රස්තියාදුව ගහන අස්සේ ඔයාගේ ලොකු අයියා වගේ ෆේස් කට් එකක් තියෙන කෙනෙක් ව දැකල මටත් අපි හම්බවෙච්ච හැටි මතක් වුනා ... බ්ලොග් කියන්නේ අපුරූ දෙයක්..

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලියල දැන කියාගත්තු අය නොසෑහෙන්න ඉන්නව. මේ දැනුත් මේ පෝස්ට් එක මට පෙන්නුවෙ අපේ කොම්පැනියෙම වැඩ කරන සිතූ නගා. තිස්ස අයියත් හැබැහින් දැකල ඇත්තෙ වරක් දෙවරක් විතරයි. ඒත් අන්තර්නෙට් එකේ හැමදාම වගේ කොහෙදි හරි දකිනව. තාමත් බුකියෙන් හරි කතාබහ කරන කීදෙනෙක් ඉන්නවද මේ බ්ලොග් කෙරුවාව නිසා අඳුනගත්තු.

      ඉස්සර බැහැලම මේක කරන කාලෙ දැං මතක් කරද්දි නිකං ඉස්කෝලෙ කාල ගැන හිතනවවගේ හැඟීමක් ඇතිවෙන්නෙ. ගුඩ් ඕල්ඩ් ඩේස් කිව්වලු! :D

      Delete
  10. අම්මට සිරි ජය සිරි වේවා!

    අර පරණ සිංහල බ්ලොගයක් කියල දාල තියෙන එක මගෙ ඈ... කාටත් ඇහෙන්ඩ කිව්වෙ. ඒත් ඉතිං කවුරුත් දැං ගිහිං ඒක දැක බලාගත්තෙ නැතුවට කාරි නෑ. ඒක බලල මට උඹල පශ්චාත්බාගෙනුත් හිනාවෙයි. පොඩි එකා කාලෙ කරපු වැඩ නෙ. දැං ඒ ලියවිලි නෑ. දුකත් හිතෙනව.

    ඒ අතිං පැතුම් යලට මහට හරි අවුරුදු හතක් තිස්සෙ තාමත් ලියනව. මොනවහරි ලියවෙනව. ඒක ලොකු දෙයක්. අවුරුදු 14 පිරෙනදාටත් ඇවිත් කොමෙන්ටුවක් දාල යනව අම්මප!

    පැතුම්ට සුභ පැතුම්!

    ReplyDelete
  11. හැකියාවන් බැලුවම මට හිතෙන්නෙ උඹ දේශපාලනයට හොඳයි කියල. කමක් නෑ හිතුන වෙලාවට මොනව හරි ලිව්වම ඇති. ලිවිල්ල නං (ඇත්තටම කිව්වොත් කෙටිල්ල) හිතාමතා ස්පීඩ් එක වෙනස් කරන්න බෑ.
    හතට සුභපැතුම්! මේ දක්වා එහෙම සුභපැතුමක් කලාමයි.

    ReplyDelete
  12. ලංකාවට ආව හැටියෙම සමරමු ඇනිවර්සරිය

    ReplyDelete
  13. පොඩ්ඩක් සිත අතීතෙට ගියා!

    මාත් මුලින්ම බ්ලොග් එකක් පටන් ගත්තේ 2005 අප්‍රියෙල් මාසෙයි.

    නමුත් ඒ බ්ලොග් කියන දේ ගැන වැඩි වැටහීමකින් නොවෙයි - වෙබ් පිටුවකට විකල්පයක් විදියට. මොකද ඒ වෙනකොට මං 1998 දී විතර ට්‍රයිපොඩ් (tripod) එකේ හදපු වෙබ් පිටුව අහෝසි වෙලයි තිබුණේ.

    මං ලියපු කවි පලකරන්න කියලා හිතලා 2005 අප්‍රියෙල්වල බ්ලොගේ පටන් ගත්තත් සිංහල යුනිකෝඩ් ගැන නොදන්නා නිසා කෙරෙවේ කපුටා වලින් ලියලා ඒවා ඉමේජ් විදියට හදලා පිකාසා හරහා බ්ලෙග් එකට දාපු එක විතරයි.

    ඒ වැඩේ ටික කාළෙකින් නතරවෙලා ගියා!

    පසු කාලෙක 2009 ජූනිවල කතන්දර බ්ලොග් එක පටන් ගත්තේ දිගටම කරගෙන යන්න හිත හදාගෙනයි!

    කාලය ගතවෙන ඉක්මන!

    ඔබේ සංවත්සරයට මගේ සුභ පැතුම්!

    ReplyDelete
  14. දැනට සාක්ශි සහිතව තියන පරණම බ්ලොගේ මේක එතෝට.. හුරේ... මං අන්තිමේ ඒක හොයාගත්තා :D

    ReplyDelete