Thursday, May 16, 2013

2 වෙනි ඇනිවසරි ට්‍රිපය - 2

1 කොටස බලල එනව නම් මෙතන කොටන්න...

1 කොටස මෙලෝ රහක් නෑ 2 කොටසවත් බලමු නම් පහළ බලන්න...

එදා ප්‍රවෘත්ති වලට නතර කළාට පස්සේ කතාව ලියන්න අමතක වුණා නේ (පස්ට බුසී).. ගොඩක් වෙලාවට මට ටීවී එකේ යන ෆිල්ම් බලන්න අමතක වෙනව ඔය ප්‍රවෘත්ති වලට නවත්තපුවහම.. නැත්නම් නින්ද යනවා..

හරි එහෙනම් එදා අර ටී පැක්ටරිය දැකල නේ සීන් එක අවසන් වුණේ.. ඕනේ එකක් වෙන්න කියල අපි ඉතින් ඔය පාර දිගේ ගියා... ගිහින් ගිහින් ගිහින් ගිහින් කොහොම හරි මෙන්න ආවා ටී පැක්ටරිය ලඟට

මේ තියෙන්නේ ක්ලෝස් අප් එකක්
වමෙන් බැලුවම මෙහෙම

දකුණ මෙහෙම

ළඟට ගිහින් බැලින්නම් මෙන්න වැඩක්..
ෂල්ලී බර ගානක් ක්‍රෙඩිට් කාඩ් එකෙන් කපාගෙන අපි ඇවිල්ල තියෙන හෝටලේ පරණ ටේ පැක්ටරියක් නේ බොලේ...

මේක සිරාවටම පරණ තේ ෆැක්ටරියක් හෝටලයක් බවට පත්කරපු තැනක්.. යන්න කැමති කෙනෙක් ඉන්නවනම් මෙන්න ලිංකුව

ඇතුළ සුපිරි ලෙස හදල තියෙනවා හැබැයි ෆැක්ටරි ගතිය එහෙම මම ඉතිරි වෙන විදියට..
යට ඉඳන් උඩ බැලුවම පේන්නේ මෙහෙම

උඩ ඉඳන් යට බැලුවම පේන්නේ මෙහෙම
අම්මට හුඩු මේ මොකක් ද?

මෙන්න ක්ලෝස් අප් එකක්

විස්තරේ තියෙනව මෙතන සිංහලෙන් ම

සයිඩ් 2කේ තියෙනව මෙන්න මේ වගේ තඩීඊඊඊඊඊඊ ෆෑන් 2ක්
කාමර තියෙන්නේ මෙන්න මේ ආකාරයට
මෙන්න අපේ කාමරේ ජනේලෙන් පේන විව් එක

ජනේලේ ඇරියම පේන්නේ මෙහෙම
ඔන්න ඔහොමයි හෝටලේ ඇතුළේ තත්තේ.. බලන්න වටින තැනක්.. ඔය මම ඉහළ දාල තියෙන මැෂිම මේ ෆැක්ටරිය වැඩ කරන දවස් වල පාවිච්චි කරපු ජෙනරේටර් එක.. අදටත් ඒක වැඩ. 1930 ගනන් වල තමා ඔතන හයි කරල තියෙන්නේ.. රාත්‍රී කෑම වෙලාවට කලින් ඔය ජෙනරේටරේ ඔන් කරල ඔය තඩීඊඊඊඊඊ ෆෑන් 2ක කරවල පොඩි ෂෝ එකක් එහෙම පෙන්නනවා..

ඔය පරණ යකඩ බඩු සහ බිල්ඩිම ඇරුනම අනිත් සියළු දේ තරු 4,5,6,7 ක හෝටලයක් වගේ (හරි තරු ගාන දන්නේ නෑ). සේවකයෝ හරිම සුහද ශීලීයි.. කොට කලිසම්, සරම් ඇඳගත්ත පරණ කංකානිල තමා හැම දේම කරන්න ඉන්නේ.. කොටින් ම මුලින් ම අපිට හම්බ වෙච්ච රූම් එකේ විව් එක පොඩ්ඩක් කචල් කිව්වම අපිට ඉහළම තට්ටුවෙන් හොඳ රූම් එකක් නොමිලේම දෙන්න එයාල එකඟ වුණා.. නිකන් කිව්ව විතරයි..

කෑමත් නරකම නෑ.. එකම් දේ ඉන්න කට්ටිය අඩු උනාම ඒ ගොල්ලෝ දෙන්නේ සෙට් මෙනු ක්‍රමයට කෑම.. අපි ඉතින් මෙනුවේ තියෙන ඉංග්‍රීසී පට්ට විදියට දන්න අය නිසා යාන්තම් බඩ ගින්නේ නොයි ද නිදාගත්තා.. උදේ නම් බුෆෙට් (ටී සයිලන්ට් ඈ) එකක් තිබ්බා.. දවාලෙත් සෙට් මෙනු සීන් එක්ක තිබ්බ නිසා අපි සුපුරුදු ලෙස දන්න කියන බතුයි හොදියි කෑවා (රයිස් ඇන් කරී කියන්නේ)..

තව විශේෂ දේවල් විදියට පුංචි තේ ෆැක්ටරියක් තියෙනවා.. ඔන්නම් අපිට වත්තෙන් තේ දලු ටිකක් කඩාගෙන ඒ ෆැක්ටරියට දාල කුඩු කරල පැකට් කරල ගන්නත් පුළුවන් පොඩි ගානක් ගෙවල.. තව ලස්සන මල් වත්තක් තියෙනවා.. ඊට අමතරව කෝච්චි පෙට්ටියකුත් තියෙනවා ඔන්නම් අපිට ඒකේ ඉඳන් කන්නත් පුළුවන්..

මේකේ තියෙන වැදගත් ම දේ තමයි ඔවුන් අපට දෙන හැම දේ සමඟම පුංචි තේ දල්ලක් දෙනව..  (අර සෙට් මෙනු කනකොට තේ දළුත් කැවෙන්න ඉඩ තියෙනවා හික් හික් හික්...)

හරි ඔන්න ඕක තමා අපි දෙන්නගේ සෙකන්ඩ් ඇනිවසරි ට්‍රිප් එක.. මේ වැඩේ එක දවසෙන් ක්ලෝස් කරන්න සිද්ද වුණා මට පහුවදා ආයෙත් එන්න ඕනේ කමක් තිබ්බ නිසා.. මේ සැරේ ඉතින් වන් ඩේ ට්‍රිප්..

ඇනිවසරි වලට යන්න, හනිමූන් යන්න, ඉඳල හිටල යන්න අවංකවම හොඳ ප්ලේස් එකක්.. ලොකු ගානක් නෑ.. ගිහින් බලල ලබන්න හොඳ අත්දැකීමක්..

ඊළඟ ඇනිවසරි ට්‍රිපයෙන් නැවත හමුවෙමු..

3 comments:

  1. හම්ම් .. පිටින් දැක්කට ගිහින් නැ. වෙලාව කියන්නෙ ඕකට නොමිලෙ යන්න වවුචරයක් ලෑබිලත් යන්න බැරි උන එකයි බොහොම ඉස්සර පටන් ගත්ත කාලෙ.

    ReplyDelete
  2. අදයි දෙකම බැලුවෙ. යන්න ට්‍රයි එකක් දෙන්න ඕන.

    ReplyDelete
  3. හපොයි මේ දෙකම මට මග ඇරිලනේ පැතුම්...ඉන්න ඉන්න පිටිපස්සේ ඉඳන් එන්න...

    ReplyDelete