Thursday, May 16, 2013

2 වෙනි ඇනිවසරි ට්‍රිපය - 2

1 කොටස බලල එනව නම් මෙතන කොටන්න...

1 කොටස මෙලෝ රහක් නෑ 2 කොටසවත් බලමු නම් පහළ බලන්න...

එදා ප්‍රවෘත්ති වලට නතර කළාට පස්සේ කතාව ලියන්න අමතක වුණා නේ (පස්ට බුසී).. ගොඩක් වෙලාවට මට ටීවී එකේ යන ෆිල්ම් බලන්න අමතක වෙනව ඔය ප්‍රවෘත්ති වලට නවත්තපුවහම.. නැත්නම් නින්ද යනවා..

හරි එහෙනම් එදා අර ටී පැක්ටරිය දැකල නේ සීන් එක අවසන් වුණේ.. ඕනේ එකක් වෙන්න කියල අපි ඉතින් ඔය පාර දිගේ ගියා... ගිහින් ගිහින් ගිහින් ගිහින් කොහොම හරි මෙන්න ආවා ටී පැක්ටරිය ලඟට

මේ තියෙන්නේ ක්ලෝස් අප් එකක්
වමෙන් බැලුවම මෙහෙම

දකුණ මෙහෙම

ළඟට ගිහින් බැලින්නම් මෙන්න වැඩක්..
ෂල්ලී බර ගානක් ක්‍රෙඩිට් කාඩ් එකෙන් කපාගෙන අපි ඇවිල්ල තියෙන හෝටලේ පරණ ටේ පැක්ටරියක් නේ බොලේ...

මේක සිරාවටම පරණ තේ ෆැක්ටරියක් හෝටලයක් බවට පත්කරපු තැනක්.. යන්න කැමති කෙනෙක් ඉන්නවනම් මෙන්න ලිංකුව

ඇතුළ සුපිරි ලෙස හදල තියෙනවා හැබැයි ෆැක්ටරි ගතිය එහෙම මම ඉතිරි වෙන විදියට..
යට ඉඳන් උඩ බැලුවම පේන්නේ මෙහෙම

උඩ ඉඳන් යට බැලුවම පේන්නේ මෙහෙම
අම්මට හුඩු මේ මොකක් ද?

මෙන්න ක්ලෝස් අප් එකක්

විස්තරේ තියෙනව මෙතන සිංහලෙන් ම

සයිඩ් 2කේ තියෙනව මෙන්න මේ වගේ තඩීඊඊඊඊඊඊ ෆෑන් 2ක්
කාමර තියෙන්නේ මෙන්න මේ ආකාරයට
මෙන්න අපේ කාමරේ ජනේලෙන් පේන විව් එක

ජනේලේ ඇරියම පේන්නේ මෙහෙම
ඔන්න ඔහොමයි හෝටලේ ඇතුළේ තත්තේ.. බලන්න වටින තැනක්.. ඔය මම ඉහළ දාල තියෙන මැෂිම මේ ෆැක්ටරිය වැඩ කරන දවස් වල පාවිච්චි කරපු ජෙනරේටර් එක.. අදටත් ඒක වැඩ. 1930 ගනන් වල තමා ඔතන හයි කරල තියෙන්නේ.. රාත්‍රී කෑම වෙලාවට කලින් ඔය ජෙනරේටරේ ඔන් කරල ඔය තඩීඊඊඊඊඊ ෆෑන් 2ක කරවල පොඩි ෂෝ එකක් එහෙම පෙන්නනවා..

ඔය පරණ යකඩ බඩු සහ බිල්ඩිම ඇරුනම අනිත් සියළු දේ තරු 4,5,6,7 ක හෝටලයක් වගේ (හරි තරු ගාන දන්නේ නෑ). සේවකයෝ හරිම සුහද ශීලීයි.. කොට කලිසම්, සරම් ඇඳගත්ත පරණ කංකානිල තමා හැම දේම කරන්න ඉන්නේ.. කොටින් ම මුලින් ම අපිට හම්බ වෙච්ච රූම් එකේ විව් එක පොඩ්ඩක් කචල් කිව්වම අපිට ඉහළම තට්ටුවෙන් හොඳ රූම් එකක් නොමිලේම දෙන්න එයාල එකඟ වුණා.. නිකන් කිව්ව විතරයි..

කෑමත් නරකම නෑ.. එකම් දේ ඉන්න කට්ටිය අඩු උනාම ඒ ගොල්ලෝ දෙන්නේ සෙට් මෙනු ක්‍රමයට කෑම.. අපි ඉතින් මෙනුවේ තියෙන ඉංග්‍රීසී පට්ට විදියට දන්න අය නිසා යාන්තම් බඩ ගින්නේ නොයි ද නිදාගත්තා.. උදේ නම් බුෆෙට් (ටී සයිලන්ට් ඈ) එකක් තිබ්බා.. දවාලෙත් සෙට් මෙනු සීන් එක්ක තිබ්බ නිසා අපි සුපුරුදු ලෙස දන්න කියන බතුයි හොදියි කෑවා (රයිස් ඇන් කරී කියන්නේ)..

තව විශේෂ දේවල් විදියට පුංචි තේ ෆැක්ටරියක් තියෙනවා.. ඔන්නම් අපිට වත්තෙන් තේ දලු ටිකක් කඩාගෙන ඒ ෆැක්ටරියට දාල කුඩු කරල පැකට් කරල ගන්නත් පුළුවන් පොඩි ගානක් ගෙවල.. තව ලස්සන මල් වත්තක් තියෙනවා.. ඊට අමතරව කෝච්චි පෙට්ටියකුත් තියෙනවා ඔන්නම් අපිට ඒකේ ඉඳන් කන්නත් පුළුවන්..

මේකේ තියෙන වැදගත් ම දේ තමයි ඔවුන් අපට දෙන හැම දේ සමඟම පුංචි තේ දල්ලක් දෙනව..  (අර සෙට් මෙනු කනකොට තේ දළුත් කැවෙන්න ඉඩ තියෙනවා හික් හික් හික්...)

හරි ඔන්න ඕක තමා අපි දෙන්නගේ සෙකන්ඩ් ඇනිවසරි ට්‍රිප් එක.. මේ වැඩේ එක දවසෙන් ක්ලෝස් කරන්න සිද්ද වුණා මට පහුවදා ආයෙත් එන්න ඕනේ කමක් තිබ්බ නිසා.. මේ සැරේ ඉතින් වන් ඩේ ට්‍රිප්..

ඇනිවසරි වලට යන්න, හනිමූන් යන්න, ඉඳල හිටල යන්න අවංකවම හොඳ ප්ලේස් එකක්.. ලොකු ගානක් නෑ.. ගිහින් බලල ලබන්න හොඳ අත්දැකීමක්..

ඊළඟ ඇනිවසරි ට්‍රිපයෙන් නැවත හමුවෙමු..

Wednesday, May 01, 2013

ට්‍රිපය... 2+ ඉයර්ස් මෑන්..ඕ.ම.ගෝ

ජයග්‍රාහී දෙවැනි ඇනිවසරිය සමරනු වස් අපි දෙදෙනා විසින් යන්නට යෙදුණු ට්‍රිපයේ විස්තර.

මෙ සැරේ ඇනිවසරිය යන්න අපි සෑහෙන්න කාලයක් ප්ලෑන් කලා.. යන තැන් ගැන.. ලංකාවේ යන්න තැන් ඕනේ තරම් තිබුණට මේ වගේ දවස් වල එහෙම ආවට ගියාට යන්න බෑනේ.. සෙල්ලං ද අවුරුදු 2ක් ඇද්ද කියන්නේ.. :)

ගිය සැරේ කන්ඩලමේ ගිය නිසා මේ සැරේ රජරට පැත්ත අතෑරියා... දකුණු පළාතේ මුහුද අද්දර ඒවත් ඉතින් බෑ බෑ වගේ හිතුනා.. නිතර ගාලු යන නිසා.. නැගෙනහිර පැත්තට යන එකත් ටිකක් අදිමදි වුණා මාබල් බීච් සවාරිය හින්ද.. ඊට පස්සේ ඉතිරි වුණේ බස්නාහිරයි උතුරයි.. ‍ බස්නාහිර පළාතේ ට්‍රිප් යන්න පුළුවන් ද .. ගෙදර හිටිය වගේ නේ.. උතුරේ කොහෙද තරු පන්තියෙ හෝටල්.. කාල වරෙන්කො මේ සැරේ ගෙදර ඉන්න සෙට් වීමක් තව පොඩ්ඩෙන්...

කොහොම හරි පළාත් හතර අත ඇරල අන්තිමට මැද තෝර ගත්තා.. ආයේ හුනස් ෆෝල්ස් යමුද (නැලවිලි ස්වරයෙන්..)? සික් අවුරුදු 2කට කලින් නේ ගියේ.. ආයේ යන්න දැන්ම බෑ.. නුවර වෙන හෝටල් නැද්ද? නෑනේ සිරා ඒව නෑ..  නුවර වැඩක් නෑ.. එහෙනම් ඕනෙ එකක් කරගන්න (ගැස්සිලි ස්වරයෙන්)..

අන්තිමට ලෙඩට දුකට සැපට ඕනේ එහෙකට අපි කාටත් පිහිටට එන නුවර එලිය තමා අපේ 2වෙනි ඇනිවසරියට නිල වශයෙන් ආලෝකය සැපයුවෙ..

නුවර එළියෙත් ඉතින් එක එක ජාතියේ හෝටල් නේ.. මේ දවස් වල සීසන් නිසා සෙනඟත් වැඩියි.. මේ ලඟදිත් අම්මල එක්ක ගිහින් ආව නේද? අනේ මන් ද.. සික් ලංකාව නම්...

ලොකු ලොකු හෝටල් අයිතිකාර මහතුන්ලගේ වෙබ් සයිට් පීරමින් (මැදින් දෙකට බෙදා) ඔහොම හොයනකොට සෙට් වුණා පස්ට තැනක්...

ටක්කර ටාංංංංංංංංංංංංංංංංංංංං

නෝනාවරුනි,මහත්වරුනි,නෝනාවරු නැති මහත්වරුනි,මහත්වරු නැති නෝනාවරුනි,දරුවනි,දැරියනි... 

බැඳලා අවුරුදු 2ක් පිරීමේ සතුට (සතුට ඈ) සැමරීම වස් මෙවර අපට පිහිට වූ හෝටල් රාජයා...

උතුරු කරෙන් එන්න....ආආආආආඅ
දකුණු දෙසින් එන්න....ආආආආආඅ
නැගෙනහිරින් එන්න....ආආආආආඅ
බස්නාහිරිනුත් එන්ඩෝඕඕඕඕඕඕ..
ලයිට් නිමල එන්න......ආආආආආආ
(මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි. ඇයි මීට කලින් මුදල් ගෙවපු ඇඩ් දැකල නැද්ද.. නිකන් යනව මනුස්සයෝ යන්න)

මේකට යන්න මම තෝරගත්තේ ලංකාවේ මේ කාලේ යනවනම් යන්න තියෙන හොඳම පාර.. ඒ කියන්නේ  කිලෝමීටර් 30-40 විතර සුපිරි ගමනක ආශ්වාදය ඔබට ලබා දෙන අපූරූ මාර්ගයක්... 

අවිස්සාවේල්ල නුවර එළිය මහා මාර්ගය.. 

ඔය පාරේ යනකොට හම්බවෙනවනේ කිතුල් ගල.. ඔය කිතුල්ගල හරියේ යනකොට මම කනාවට වගේ දැක්කා මේං මේ බෝඩ් ලෑල්ල



මම හිතාගෙන හිටියේ කිතුල්ගල හරියෙන් ගලන්නෙත් කැළණි ගඟ කියල මෙච්චර කල්.. හික් හික් (මගේ තවත් මෝඩ ආතල් එකක්)

මේක දැක්කම ගොඩක් අය දන්නවනේ මොකක් ද සීන් එක කියල.. ගොඩක් අය දැන ගත්තට බස්ටි නංඟි වගේ අය ඕක දන්නේ නෑ.. බෝඩ් එක පහු කරන් ගිහින් සෑහෙන දුරක් ගිහින් වැදගත් කම පැහැදිලි කරල දීල ආපහු හරෝගෙන ආයේ බෝඩ් එක පහු කරන් ගිහින් මුල ඉඳන් ආයෙත් බලන් ඇවිත් යාන්තම් ගියා අර බ්‍රිජ් ඔන ද රිවර් ක්වායි කියන ෆිල්ම් එකේ ලොකේෂන් එක බලන්න.. ෆිල්ම් එකේ ලෝකේෂන් එක කිව්වේ පාළම හදපු තැන බලන්න

මෙන්න මේ පඩිපෙලෙන් බැහැල
 මෙන්න මේ වගේ තේවතු..
 කඳු පල්ලම්
 වලින් බැහැල ගියාම මෙන්න මේක බලා ගන්න පුළුවන්.. 
මේ තියෙන්නේ එහා ඉවුර

මේ තියෙන්නෙ ගඟේ දෙපැත්ත

මේ ක්වායි ගං කොමළිය

මේ තියෙන්නේ ඔය හැදුවයි කියන පාළම..  (ෆිල්ම් එක බලල නැති අයට)
මේක උඩින් කෝච්චියක් යනව ඉතින් ෆිල්ම් එකේ නම්.. (1957 දි කොම්පියුටර් ජිල්මාට් තිබ්බද?)

ඕක බලල ඉතින් ආපහු අපේ ගමනට අපි සෙට් වුණා.. කිතුල්ගලින් නාල යමු,වයිට් වෝටර් රාෆ්ටින් කරල යමු, මේ හරිය හෙන සිරා නාන්න.. ඊ.ටී.සී වගේ කතා ගොඩකින් පස්සේ අපි සුපුරුදු විදියට ගමන ගියා..

ඔන්න පාරේ තියෙන සිරාම ටිකට ආවා.. හැටන් හන්දියෙන් හරෝල නුවර එළිය පැත්තට යන්න ගත්ත විතරයි කිලෝමීටර් 3ක් විතර යනකම් පට්ට පාර.. සැහ්.. අන්න පාරවල්.. ඊට පස්සේ.....

දෙයිහාමුදුරුවනේ මගෙ කාර් එක.. මේක ඕෆ් රෝඩ් යන්න හදල නෑ යකෝව්ව්ව්...

අපරාදේ කියන්න බෑ හැටන් ඉඳන් රදැල්ල හරහා නුවර එළිය ටවුමේ ටී හන්දියට එනකම්.. තව අවුරුදු 2-3කට ආයේනම් යන්නේ නැති තරමට පාර හොඳයි.. අපි යන්න කලින් දවසේ ත්‍රීවීල් එකක් පෙරළිලා කෙනෙක් මැරිලත් තිබ්බා.. කොටින්ම අපි යනකොටත් මිනිස්සු එබි එබි බල බල හිටිය අපි දැක්ක..

ඇත්තටම කිව්වොත් පාර හදනවා.. තව ටික කාලෙකින් නියමෙට තියෙයි.. දැන්නම් තනිකරම පස්,මඩ,ගල් ගොඩක් විතරයි.. සෙන්ට් ක්ලේයාර් හරිය එහෙම ගන්න දෙයක් නෑ.. හැබැයි පාර හැදෙන්නෙ වටපිටාව හොඳට බලන්න පුළුවන් නැරඹුම් ස්තාන එහෙමත් එක්ක.. තව ටිකක් ඉවසල ඉමු.. ලයිටි බිල් වැඩි වෙනව වගේ ඒව කමක් නෑ කියල හිතෙනවා ඒ වගේ දියුනු වෙනව දැක්කම..

ඔන්න ඔහොම පට්ට පාරක පැය 3-4ක් (මුලු ගමනට පැය 7.5ක් විතර) ෆුල්ම ෂපාන් එකේ බඩේ ගින්දරේ බැරුව නුවර එළියට ආවා.. නුවර එළියෙන් කාලා උඩුපුස්සැල්ලාව පාර දිගේ කඳ පොළ පැත්තට ආවා..

කඳපොළ හන්දියෙන් හැරිල පාරක යනකොට හාවෝ මාරු වෙන තැන්,මුවෝ පාර පනින තැං,ඌරෝ පාර පනින තැං,වල් ඌරෝ පාර පනින තැං (පේනවනේ රට පිළිවෙලකට යන හැටි), තව මොකුන් ද මන් ද පාර පනින තැං හැටහුටහමාරක් පාස් කරගෙන යනකොට මෙන්න තියෙනවා....

ටක්කර ටාංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංං


පරණ තේ පැක්ටරියක්... 

පස්ට පරණ තේ පැක්ටරියක් කියන්නේ පස්ටම පරණ එකක්.. 

මේ තියෙන්නේ පොටෝ කෑල්ලක්



ගමනේ ඉතිරි කොටස ප්‍රවෘත්ති විකාශයෙන් පසුව බලාපොරොත්තු වන්න....