Sunday, April 07, 2013

පරණ ෆිල්ම්ස්....


ෆිල්ම්ස් බැලීමේ උණ කාලෙන් කාලෙට විවිධ ස්වරූප වලින් එනවනේ.. වෛරස් උණ වගේම තමා ඉතින් බැලුවහම ...මට හිටපු ගමන් හැදෙනව පරණ ෆිල්ම්ස්, සයන්ස් ෆික්ෂන්, එකම ඩිරෙක්ටර්ගේ ෆිල්ම්ස්, ෆිල්ම්ස් සීරීස් වගේ එක එක කැටගරි වල ෆිල්ම්ස් විතරක් බැලීමේ උණක්... කාලේකට කලින් මට ඔය පරණ ෆිල්ම්ස් ඒ කියන්නේ 1950-1980 ව දශක වල වගේ හැදිච්ච ඉංග්‍රීසි ෆිල්ම්ස් බැලීමේ ආසාවක් ආවා.. ඒක තාමත් තියෙනවා.. 

පරණ ෆිල්ම්ස් වල සෑහෙන්න ගන්න දේවල් තියෙනවා.. ගොඩක් වෙලාවට අලුත් ෆිල්ම්ස් වල තියෙන්නේ එකම මොඩල් එකේ කතා සහ මීට දශක 3-4-5කට කලින් මේ ෆිල්ම්ස් කොහොමද හැදුනේ කියන එක ගැන අදහසක් ගන්න සහ අපි නොහිතන විදියේ අමුතුම කතා තේමා වලින් හැදිච්ච ෆිල්ම්ස් එහෙම හම්බ වෙනවා ඔහොම පරණ ෆිල්ම්ස් බලද්දි..

මේ වෙනකොට බලපු පරණම ෆිල්ම් එක විදියට මතක තියෙන්නේ ලෝක පූජිත සිනමාකරුවෙකු වන අකිරා කුරසෝවා මහතාගේ රෂෝමොන් මේක 1950 දි තමා තිරගත වෙලා තියෙන්නේ.. මේ කතාව අපේ සුප්‍රසිද්ධ මනමේ කතාවට ටිකක් සමානයි.. මට මතක විදියට මේ ෆිල්ම් එකේ තමයි කෙලින්ම සූර්‍යයා දෙසට කැමරාව එල්ල කරල ඉර එළිය කැලෑව අතරට පෙරිල එන සීන් එකක් මුලින්ම සිනමා කලාවේ රූගත කරල තියෙන්නේ.. ෆිල්ම් එක කළු සුදු.. හැබැයි ඒක තිබ්බ සමහර දර්ශන පුදුම විදියට මගේ හිතට කා වැදුණා..

මීට මාස 2-3කට කලින් ටීවී එකේ The Ten Commandments (1956) පෙන්නුවා. ඒකෙන් ඒකත් බලා ගත්තා. මම බලපු පරණම අතින් දෙවැනි තැන තියෙන්නෙ මේක. මේ ෆිල්ම් එකත් බලන්න වටින එකක්.. අපේ සිංහල බෞද්ධ අයට විශේෂයෙන් බලන්න වටිනවා කොහොමද මාස්ටර් පීස් එකක් විදියට තමන්ගේ ජාතිය ආගම ගැන කියවෙන ෆිල්ම්ස් හදන්නේ කියන එක මේ වගේ ෆිල්ම්ස් වලින් ඉගෙන ගන්න පුළුවන්. 

ඊට පස්සේ බලපු පරණම එක The Bridge on the River Kwai (1957) මේක ගැනත් ගොඩක් කට්ටිය දන්නවනේ.. කිතුල්ගල හදපු පාළම පුපුරවන සීන් එක තියෙන්නේ මේකේ. ඒ සීන් එකත් සෑහෙන්න තාත්වික විදියට කරල තිබ්බා. 

ඊළගට බලපු පරණම එක තවත් මගේ ප්‍රියතම සිනමාකරුවෙකු වෙච්ච ස්ටැන්ලි කියුබ්‍රික් මහතාගේ ලොලීටා. මේක 1962දී තිරගත වෙච්ච එකක්.. මේක නම් සෑහෙන්න කතාබහට ලක් වෙච්ච ෆිල්ම් එකක්.. එවගේම කතාව සෑහෙන්න 18+ ගතියේ එකක්.. මේකේ තියෙන්නේ ටීන් වයසේ ඒ කියන්නේ ටීන් කාලේ පටන් ගන්න වයසේ වගේ ගෑනූ ළමයෙක් සහ මැදිවයසේ පුද්ගලයෙකු අතර ඇතිවන ටිකක අසම්මත සම්බන්ධතාවක්.. හැබැයි ඒක හෙන අපූරුවට ගලාගෙන යන කතාවක්.. 


ස්ටැන්ලි කියුබ්‍රික් මගෙ ප්‍රියතම සිනමා කරුවා වුණේ මගේ කවදාවත් හොඳ නොවන සයන්ස් ෆික්ෂන් උණට සම්බන්ධව මාස්ටර් පීස් එකක් විදියට මම සලකන 2001: අභ්‍යවකාශ වීර චාරිකාව බැලුවට පස්සේ... මේකේ කතාව පොඩි කාලේ කියවල හිතේ මවාගෙන හිටපු දේවල් ෆිල්ම් එකෙන් බලනකොට දැනුනේ පුදුමාකාර හැඟීමක්... (ඒක තෙරෙන්න මේ සයන්ස් ෆික්ෂන් උණ තියෙන්න ඕනේ.. හික් හික්..) 2001: අභ්‍යවකාශ වීර චාරිකාව තිරගත වෙලා තියෙන්නේ 1968දී.. මීට අවුරුදු 45කට විතර ඉස්සරත් ඒ වගේ තාක්ෂණික සංකල්ප තියෙන කතා නිර්මාණය කිරීම ඇත්තටම මාර විදියට අගය කලයුතු දෙයක්.. මොකද කොම්පියුටර් ජිල්මාට් දාන්න දැන් කාලේ වගේ පුළුවන් කාලයක් නෙවෙයි නේ.. නමුත් දැන් හැදෙන ගොඩක් ෆිල්ම්ස් වලට කරට කර තරඟයක් දෙන්න ඒ ෆිල්ම්ස් සමත් කියලයි මගෙ නම් හැඟීම. (අතීත කාමෙම නෙවෙයි.. ඇත්තටම ඒ මිනිස්සු අගය කළ යුතු තරමේ දේවල් කරල තියෙනවා.)


ඊළගට මේ ඊයේ පෙරේදා 1968 දි හදපු Franklin J. Schaffner කියන සිනමාකරුවා හදපු Planet of the Apes සීරීස් එක බලන්න පටන් ගත්තා. මේකේ ෆිල්ම්ස් 5ක් තියෙනවා. 1970 දි Beneath the Planet of the Apes, 1971 දි Escape from the Planet of the Apes (1971) , 1972දි Conquest of the Planet of the Apes (1972) සහ 1973 දි Battle for the Planet of the Apes (1973) කියල ෆිල්ම්ස් පහ තිරගතවෙලා තියෙනවා. මේ සෙට් එකම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මෙතනින්. මේවයේ ඉන්න වානරයින්ගේ මේකප් මේ ඊයේ පෙරේදා ලංකාවේ තිරගත වෙච්ච ෆිල්ම් වල මේකප් වලට වඩා තාත්විකයි කියල මට හිතුණා. මේ කතා මාලාව නම් සෑහෙන්න ජනප්‍රිය වෙලා තව ගොඩක් ෆිල්ම්ස් හැදුන පහු කාලීනව.. මට මතකයි මම 5වසර ශිෂ්‍යත්වේ කරන කාලේ වගේ මේ සීරීස් එකේ මුල් කතාවද කොහෙද ටීවී එකේ ගියා.. පන්ති කට් කර කර කලුසුදු ටීවී එකේ ඕක බැලුව.. 

හරි ඊළඟට බලපු පරණම එක ආයෙත් ස්ටැන්ලි කියුබ්‍රික්ගෙ A Clockwork Orange මේක 1971 තිරගත වෙච්ච එකක්. මේකේ කතාව නම් 18+. මේකේ තියෙන්නේ අපරාධ කරුවෙක්ව අපාරාධ වලින් ම හෙම්බත් කරල පුනරුත්ථාපනය කරනව වගේ සීන් එකක්.. මට තේරුණ විදියට එහෙම එකක්.. ස්ටැන්ලි කියුබ්‍රික්ගෙ කතාවල තියෙන්නේ හෙන අමුතු අසම්මත සිද්දි.. හැබැයි මාර ගති.. ඒ කියන්නේ අපිව සම්පූර්ණයෙන් ම වෙනස් විදියට බලන්න පොළඹවනවා. මම සෑහෙන්න කාලෙක්ට කලින් Eyes Wide Shut ගැනත් පෝස්ට් එකක් ලිව්වා. මෙතනින් ඒකත් බලන්න පුළුවන්

හරි මේ ෆිල්ම්ස් බලපු දවස් වල මට ස්ටැන්ලි කියුබ්‍රික් උණ හැදිල හිටියේ.. ඉතින් මේවත් එක්කම Barry Lyndon මේක 1975 දි සහ Full Metal Jacket (මේක නම් 1987 දි තිරගත වෙච්ච එකක්) බැලුවා. ස්ටැන්ලි කියුබ්‍රික් උණ කොච්චර දරුණුද කිව්වොත් මේ ෆිල්ම්ස් සෙට් එක මම ඩීවීඩි එකකටත් කොපි කරල තියාගෙන ඉන්නවා ලොකු උනහම ආයෙත් බලන්න කියල.. 

හරි ඊට පස්සේ මීට සති 2කට විතර කලින් බැලුවා හර්මන් හෙස ගේ සිද්ධාර්ත . මේක 1972 දි හදපු එකක්. හර්මන් හෙස ගැන සහ මේ ෆිල්ම් එක ගැන මම වෙනම එකක් ලියන්නම්.. ඒ තරම් වටින කතාවක්.

ඊට පස්සේ තියෙන්නේ ගොඩක්ම 1980 දශකෙදි හදපු ඒව තමා.Tarzan, the Ape Man 1981 දි. මේක නම් එච්චර සිරා නෑ.. හැබැයි බෝ ඩෙරෙක් සිරා..හික් හික් :) ඊට පස්සේ ආයේත් සුප්‍රකට ඉන්දියානා ජෝන්ස් සෙට් එක. Raiders of the Lost Ark (1981), Indiana Jones and the Temple of Doom (1984),Indiana Jones and the Last Crusade (1989) මේව ගැන නම් ඉතින් මම අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.. මේව බලන්නෙ නැතුව ෆිල්ම්ස් බලල වැඩක් නෑ කියල තමා මම නම් හිතන්නේ

අසූ ගනන වෙද්දි ලෝක සිනමාව සෑහෙන්න දියුණු තත්වෙක තියෙනවා කියල කියන්න පුළුවන්.. අසූ ගනන් වල හැදුනු ගොඩක් කතා අපි හැමෝම වගේ බලල ඇති. අහ්හ් අසූ ගනන් වලට එන්න කලින් එකක් තියෙනව අමතක වෙච්ච එකක්. ඒක ඉතින් තවත් මගේ ෆේ - රිවට් සයි ෆයි එකක් තමා.

 1977 දී තිර ගත වෙච්ච  Star Wars A New Hope ෆිල්ම් එක. ස්ටාර් වෝර්ස් ගැනත් ඉතින් මම පොර ටෝක් දෙන්න ඕනෙ නෑනේ.. ලුක් ස්කයිවෝකර්,R2D2,C3PO, ඩාත් වේඩාර් සහ ජෙඩායි නයිට්වරු අපේ හීන ලෝකෙට ගෙනාවේ මෙන්න මේ කාලෙදි ජෝර්ජ් ලූකස් මහත්තය විසින්. ස්ටාර් වෝර්ස් කතාමාලාවේ 4වෙනි කොටස තමයි 1977දි මුලින් ම හැදුවේ. ඒ මොකද ඒකාලේ තිබුණ තාක්ෂණේ ඒ කතාවේ ඉතිරි කොටස් අධ්‍යක්ෂක වරයාට ඕනේ විදියට හදාගන්න මදි නිසා කතාව අනුපිළිවෙලින් නෙවෙයි තිරගත වුණේ. 2005 දි තමයි 3න් වෙනි කොටස 2002දි 2වෙනි කොටස. ඔය වගේ. මෙතනින් ගිහින් කතාමාලාව අනුපිළිවෙලට බාගන්න පුළුවන්.

තව අමතක වෙච්ච එකක්. ඔය 80 ගනන් වල භීෂණ කාලෙදි ලංකාව මිනී කන්නන්ගේ දේශයක් විදියට හඳුන්වපු සීන් කෝන් එකක් පත්තර වලද කොහෙද ගියා. ඒකට හේතු වෙච්ච ෆිල්ම් එකත් මම මේ ළඟදි බාගෙන බැලුවා. මේ ෆිල්ම් එක ගොඩක් ලංකාවේ රූගත කරල තියෙන්නේ. ෆිල්ම් එකේ නම The Mountain of of the Cannibal God. මේක තිරගත් වෙලා තියෙන්නේ නම් 1978දි නමුත් මට මේ ෆිල්ම් එක සහ භීෂණ කාලේ අතර සම්බන්ධයක් තිබුණ වගේ යාන්තමට මතකයි. හරියටම දන්න කෙනෙක් විස්තරේ කියන්න. මේකේ මේ මිලේච්ඡයින්ගේ කන්ද විදියට පෙන්නන්නේ ශ්‍රීපාද කන්ද නිසාද මන්ද මේක කොහොමහරි කතා බහට ලක් වුණා. අනිත් එක මේකත් ඉතින් 18+ තමා.. දැන් කාලෙට වඩා ඒ කාලේ 18+ ඒවා හැදිල තියෙනවා. මම නම් ඔක්කොම බැලුවේ 25+ වගේ උනාට පස්සේ.. හික් හික්.. 

ඊට පස්සේ බලපු ඊළඟ පරණ එක තමයි 1985දි තිරගත්අ වෙච්ච Back to the Future ෆිල්ම් එක. මේකත් සයි-ෆයි ගනයේ එකක්. හරි ජොලි ෆිල්ම් එකක්. මේක්ත් ෆිල්ම්ස් 3ක් ආවා 1989 දි සහ 1990 දි. මටත් ඒ දෙක තාම බලාගන්න බැරි වුණා. ඔන්න ඔහොමයි දැනට මතක් වෙන විදියට මම බලපු පරණ ෆිල්ම්ස්.. 1990 කියන්නේ එච්චර පරණ නැති නිසා ඒව ගැන ලියන්නේ නෑ.. තේරුමක් නෑනේ.. 

කට්ටිය බලපු මේ කාල සීමාවට අයත් හෝ මීටත් කලින් හදපු සිරා ෆිල්ම්ස් ගැන කොමෙන්ට් ටිකක් දාල යන්න.