Friday, December 28, 2012

ලයිෆ් බැලන්ස් ...

අපි බැලන්ස් ද? අපේ ජීවිත බැලන්ස් ද? කොහොමද ජීවිතේ බැලන්ස් කරන්නේ.. ?

අපි බැලන්ස් එකේ ඉන්නව කියල හිතාගෙන හිටියට ඇත්තටම එහෙම ද...? බැලන්ස් එකේ ඉන්නෙ කොහොමද?

හොඳ පවුලක ඉපදිලා හොඳට ඉගෙන ගෙන හොඳ රස්සාවක් කරල හොඳ කසාදයක් බැඳල පවුලට හොඳට සලකල හොඳට පින් දහම් කරල  මැරිල යන එක ද බැලන්ස් ලයිෆ් එක?

ඔය ඉස්සෙල්ල වාක්‍යයෙන් හොඳ කියන ටික අයින් කරල ගත්තොත් පවුලක ඉපදිලා ඉගෙන ගෙන රස්සාවක් කරල කසාදයක් බැඳල පවුලට සලකල පින් දහම් කරල මැරිල යන එක එතකොට බැලන්ස් නැද්ද?

ඉපදීම බැලන්ස් කරන්න බැරි නිසා ඒක ලැබෙන විදියට භාර ගන්නව. ඉගෙන ගන්න කාලෙදි ඉගෙනීමත් එක්ක ක්‍රීඩාව හරි වෙනත් විෂය බාහිර දේවල් කරනව ඉගෙනීම බැලන්ස් එකේ කරගන්න. රස්සාව බැලන්ස් කරන එකත් එක එක මිනිස්සුන්ගෙ උවමනා එපාකම් වලට අනුව කොහොම හරි දන්න සෙල්ලම් වලින් ගොඩදාගෙන යන්න ඕනේ. ඊට පස්සේ කසාද බැඳල පවුලක් උනාම ඒක බැලන්ස් කරන්න එක එක ගැට හැට හුට හමාරක් ගහනව. ඔන්න ඔය ගැට හැට හුට හමාර ගහන එක කොහොමද බැලන්ස් එකේ කරන්නේ..?

ඒ ගැට ටික හරියට බැලන්ස් වෙන්න නම් යන්න එන්න වාහනයක් (එස්.යූ.වී එකක්) ඉන්න හිටින්න ගෙයක් දොරක් (අමුතු ඩිසයින් එකක් තියෙන සිරා ගෙයක්), ළමයි දෙන්නෙක් (කොල්ලෙකුයි කෙල්ලෙකුයි)වත්, ළමයි ලංකාවේ හොඳම ඉස්කෝලවලට යන්න ඕනේ(ඉන්ටර්නැෂනල් හරි),කරන රස්සාව හෙන පඩියක් (බින්දු 5ක් එක්ක තව ටිකක් ලොකු ඉලක්කමක්වත් වෙන්න ඕනේ. 1 හරි යන්නෙ නෑ ), ඊට පස්සේ සමාජ සැලකිල්ල හැමවෙලේම හැමතැනදිම ප්‍රමුඛත්වය අරගෙන කැපිල පේන චරිතයක් වෙන්න ඕනේ (ටිකක් හරි). ඊට පස්සේ ළමයින් ව හොඳට හදන්න ඕනේ (උන්ට ඕනේ විදියට නෙවෙයි. හරි විදියට. හරි විදිය දන්නේ ඉතින් දෙයියෝ තමා),  පස්සේ උන්ව හොඳම තැන්වලට බන්ඳල දීල උන්ගේ ළමයින්වත් හොඳම විදියට හදන ගමන් මේ රට යන විදිය හරි නැත්නම් ඩුවල් සිටිසන්ෂිප්වත් හදාගෙන තියෙන්න ඕනේ. ඊට පස්සේ ඔන්නම් ඊළඟ ආත්මෙත් මේ වගේම හොඳට ගෙවන්න පුළුවන් වෙන්න හොඳට පින් දහම් කරල දඩාස් ගාල මැරිල යන්න ඕනේ.

ඔය ටික සම්පූර්ණ වෙනකම් අපිට බැලන්ස් වෙන්න බැරිද?

පුළුවන් අපි හැමෝම වගේ ඉන්නේ එහෙම තමා..  එහෙම ඉන්න අතරේ කොහොම හරි අර මම ඉස්සෙල්ල කියපු ටික අඩු වැඩි වශයෙන් සම්පූරණ කරගන්න ඕනේ.. ඒකට ඉතින් එක එක ගැට ගගහ ජීවිත ගමන යන්න ඕනේ.

ඔය යන ජීවිත ගමන බැලන්ස් කරන්නේ කොහොමද?

මොන බැලන්ස් කිරිලිද ඔන්න ඔහේ යන විදියට යන්න අරිනව මිසක්. (යන විදියට යන අතරේ ඉතින් අර ටික කොහොම හරි කරගන්න ට්‍රයි කරන්න ඕනේ.)
*****************************************
ඔය හැමදේටම විසඳුම අපේ ආගමේ නම් තියෙනවා. පොඩ්ඩක් ඒක ස්ටඩී කරල බලන්න. හරියට තේරුම් අරන් බලන්න. ඔයාලගේ ආගම වගේ නෙවෙයි මේක තමා ඇත්ත. අනිත් ඔක්කොම ආගම් වල තියෙන්නේ තනි බොරුව. මේක තමා ඇත්ත.  ඒක තේරුම් ගත්තටම මදි. අපි ලෝකයටම සේවයක් කරන්න ඕනේ. අපි මේක හැමෝටම කියල දෙන්න ඕනේ. මේක තමයි ඇත්ත. ආයේ සැක කරන්න දෙයක් නෑ. මෙන්න මේ ටික දිනපතා කරල බලන්න බොරුනම්, නියම බැලන්ස් ජීවිතයක් ලැබෙයි!!!

8 comments:

  1. බැදලා නම් ..මොන balance එක කරන්ඩත් wife ව balance කරන්ඩ ඕනේ.. නැත්තං ඉතින් sorry තමා, කෙලිය කියන්නේ කරන්ඩ බැරි වැඩෙත් ඕකම තමා..

    ReplyDelete
    Replies
    1. හික් හික්.. වයිෆ්ව බැලන්ස් කරන්න ගියාම තමා ඔය ඔක්කොම ඕනේ වෙන්නේ.. අපිට නම් ඔය ඕනෙ එකක්..

      Delete
  2. ගොඩක් දුරට හිතන්න හොද නැති දෙයක් මේක ..
    තියෙන දෙයක් කාල නිදාගන්න එක තමා හොදම .නැත්නම්
    රට හදල ලෝකේ වෙනස් කරලා ගෙදර එද්දී ගොඩක් දේවල්
    නැති වෙලා..මන් නම් බරපතල දේවල් හිතන්නේ නැහැ.
    මේ යන ක්‍රමේට හැඩ ගැහෙනවා .කාටවත් වරදක් නොකර ඉන්න
    ලැබීම හොදටම ඇති ..අනිත් දේවල් හිතන්න ගියොත් සීමාව
    හිතාගන්න බැහැ නැවැත්විය යුතු ..

    ReplyDelete
    Replies
    1. නොදැනුවත්වම අපි ඔය දේවල් කරන්න මහන්සි වෙන නිසා තමා සහනය අපේ හිත්වලින් ඈත් වෙලා යන්නේ..

      Delete
  3. මේවා ගැනත් ඉතින් දැන් නම් හිතන්න කාලේ හරි වගේ තමා.........

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. හිතන්න පටන් ගත්තා කියන්නේ යුද්ධෙ පටන් ගත්තා වගේ තමා.. හිකිස්..

      Delete
  4. තව ඉස්සරහදි බැලන්ස් කරන්න වෙයි වගේ. බලමු ඈ. :)

    ReplyDelete
    Replies
    1. හික් හික්.. බලමු බලමු...

      Delete