Thursday, December 20, 2012

පෑනේ මිතුරුකම්...

පෑනේ මිතුරෝ දැන් දැන් අභාවයට යනවද මන්ද... දැන් ගොඩක් ඉන්නේ එෆ්.බී මිතුරොයි ඔන්ලයින් මිතුරොයි නේ..

පෑනේ මිතුරු සංකල්පය සෑහෙන පරණ දෙයක්. මම හිතන්නේ තැපැල් සේවයේ ආරම්භයත් එක්කම බැඳී තියෙන එකක්.. කාලෙත් එක්ක ඇතිවෙච්ච දියුණුවත් එක්කම මිනිස්සු වඩා ඉක්මනින් මිතුරුකම් හදා ගන්න ක්‍රම හොයා ගත්ත නිසා පෑනේ මිතුරු සංකල්පය යට වෙලා යනවා වගේ.. හැබැයි තාමත් පෑනේ මිතුරුකම් තියාගෙන ඉන්න අය ඉන්නව මම හිතන්නේ..

පෑනේ මිතුරු මිතුරියන් හොයා ගන්න ඉස්සර නම් පත්තර වල විස්තර දානව.. දැනුත් තියෙනව ද මන් ද. අපි ඉස්කෝලෙ 6-7 වසරෙදි මොකක් හරි ජත්‍යන්තර ආයතනයකින් ඔය වගේ පෑනේ යාළුවෝ හොයල දෙන වැඩසටහනක් ගැන කියල දුන්නා. ඒකේ තිබිච්ච කූපන් වගයක් පුරෝල දාල මාත් සෙට් කර ගත්ත පෑනේ මිතුරෙක්. 

මට මතක හැටියට මගෙ වයසෙම ද කොහෙද.  ජර්මන් ළමයෙක්.  කොල්ලෙක්. නම අන්ද්‍රේස් ස්කෙන්කල් වගේ නමක් . ලියුම් 5-6ක් එව්වා. කියවන්න්අ හරිම අමාරු ඉංග්‍රීසි අකුරු. හික්.. කොහොම හරි ගලපගෙන කියෝලා මමත් දන්න ඉංග්‍රීසියෙන් මොනව හරි ටිකක් ලියල දානව.. ෆොටෝස් එහෙමත් එව්ව. දැන්නම ඒවා කොහෙද දන්නේ නෑ. මුද්දර,පෝස්ට්කාඩ් තමයි වැඩිපුරම හුවමාරු කර ගත්තේ..කොහොම හරි මාස 6ක් අවුරුද්දක් විතර ලියුම් යැව්ව. පස්සෙ හෙමිහිට මඟ ඇරිල ගියා.. අපේ නංඟිටත් මට මතක හැටියට ඔස්ට්‍රියාවේ ගෑනු ළමයෙක් සෙට් වුණා..  ලොකු වෙන කොට ටික ටික සම්බන්ධකම් නැති වුණා.. අපරාදේ මේ වෙන කම් තිබුණනම් ගිහින් හම්බ වෙන්න වත් තිබ්බා.. බුකියෙ හෙව්වට දැන් හොයා ගන්න බෑ...

ඉස්සර හරි ජොලි ඉතින් එක ලියුමක් ආවම..  ඉංග්‍රීසි තේරෙනෙනේ නැති නිසා අල්ලපු ගෙදර ඩෙනිස් අයියගෙන් තමා සමහර ඒවා අහගන්නේ.. හික්.. මමත් මොනව හරි ලියාගෙන පොරටම කියල වැරදි හදාගෙන තමයි තැපැල් කරන්නේ.. 

ඒක නැති වුණාට පස්සේ ආයෙත් ට්‍රයි කලේ නෑ.. ඊට පස්සේ ඉතින් ලෝකල් ස්ත්‍රී මිතුරියන් හෙවීමනේ කලේ.. ෆොරිජින් කොල්ලො කෙල්ලො ගැන ඉන්ටරෙස්ට් එක හීන වෙලා ගියා..

ඉස්කෝලෙක් ට්‍රිප් එකක් ගිහින් කෙල්ලෝ සෙට් එකක් ආපු බස් එකකට ටෙලිෆෝන් නම්බර් එක දාල එක ගෑනු ළමයෙක් කෝල කරල පස්සේ පස්සේ ඒ ළමයට ලියුම් දාපු එක වෙනම සීන් එකක්.. ඒක මේ ඔෆීසියල් පෑනේ මිතුරු ගනයට වැටෙන්නේ නෑ මම හිතන්නේ.. ඒ සීන් එක පස්සේ ලියන්නම්.. මොකද ඒක වෙනම සබ්ජෙක්ට් එකක් හික්...

ඊට පස්සේ අර මම ලියල දාපු පොත කියෝපු ඔය දකුණු පළාතේ ගෑනු ළමයෙක් මට ලියුම් එව්වා. ඒකත් නැඟල ගියා ටික කාලයක්.. පස්සේ අපේ අම්මගේ දැඩි උපදෙස් මත ඒකත් නවත්තල දාන්න සිද්ද වුණා.. ඒවත් ඉතින් මොන කැටගරියට අයිති ද මන්ද... හික්සි බික්සි

ගෙදරට ටෙලිපෝන් ගන්න කලින් අපේ නංඟිගේ වෑන් එකේ ගිය තව ළමයෙක් එක්ක (මගේ වයසේ.. බාල අපරාද නෙවෙයි) ඔය ලියුම් කරදහි කීපයක් නංඟි අතේම හුවමාරු කර ගත්ත.. අනේ මන් ද ඉතින් ඒවත් මොන කැටගරියෙද මන්ද.. හික්ස් බිකිස්

ඔන්න ඔයවගේ පෑනේ මිතුරු කම් කීපයක් ම තිබ්බා..  පස්සේ පස්සේ ඊමේල් වලිනුත් ඊටත් පස්සේ බ්ලොග් වලිනුත් මිතුරු මිතුරියන් සෙට් වුණා..  දැන් ඉතින් මොකට මුද්දර ගහල ලියුම් දානවද.. කොහොම වුණත් ඒ පෑනේ මිතුරු සංකල්පය අභාවයට ගිය එක නම් අපරාදේ..  අනේ මන් ද දැන් ඉතින් මිනිස්සු පෑනේ මිතුරගෙන් හරි කමක් නෑ මොකක් හරි ලාබ ප්‍රයෝජනයක් ගන්න හිතාගෙන නේ ඕව පටන් ගන්නේ..  හැබැයි අවුරුදු 10-12 වගේ වයස් වල ළමයින්ට ඒ වගේ පෑනේ මිතුරෙක් මිතුරියක් ඉන්න එක හරි සුන්දර දෙයක් වෙනව..  අක්කගෙ පොඩි උන් දෙන්නට 2ක් සැට් කරල දෙන්න ඕනේ බලන්න.. 

18 comments:


  1. හයියෝ උබ නම් .. උබ ගෑනු දරුවෝ ගොඩක්
    අතරමන් කරපු කෙනෙක් වගේ...

    ReplyDelete
    Replies
    1. ලියුම් වලින් කෝල් වලින් ඇරෙන්න වෙන විදි වලින් නම් අතරමං කරල නෑ බන්.. හික්.. ඔය විදියටම කෙල්ලෝ කී දෙනෙක් මාව අතරමං කරල ඇද්ද එහෙනම්.. යකෝ දැන්නේ ඒ පැත්ත කල්පනා උණේ.. හික්..

      Delete
  2. මටත් ඉස්සර හිටියා පෑනේ මිතුරෝ දෙතුන් දෙනෙක් ලංකාවේ සහ පිට රට පත්තරේකට දාලා තමා ලංකාවේ අය නම් හම්බ උනේ ඉස්සර පත්තර වල තිබ්බට දැන් ඒවායේ නම් මන් දැකලා නැහැ පෑනේ මිතුරෝ ගැන තියෙනවා. දැන් ඉතින් හැමදේටම අන්තර්ජාලය සහ ජංගම දුරකථන නේ. ලියුමක් තැපෑලෙන් එන එකේ සතුට වෙන විදිහකින් ලැබෙන්නේ නැහැ කියලා මට නම් හිතෙන්නේ.

    මෑත කාලේ නම් මිතුරු හවුල් ගැන පත්තරේ තිබ්බට ඒවායෙන් වැඩිපුර කෙරෙන්නේ වෙන දෙයක් කියලා තමා පත්තර වල එහෙම දකින්න ලැබුනේ. ඒවත් දැන් නැද්ද මන්දා.

    දැන් ලියුම් හුවමාරුවක් නම් නැහැ ඒත් වෙබ් අඩවියක් හරහා ලැබෙන වෙන රටවල ඉන්න අය එක්ක පෝස්ට් කාඩ් හුවමාරුවක් නම් කරනවා මන්.

    ReplyDelete
    Replies
    1. ඒක හෙන ආතල් නේද.. ඊමේලක් ආව වගේ නෙවෙයි නේ කොහොමත්. බැංකුවකින් ණය ඉල්ලල හරි ලියුමක් එන එකේ පොඩි කික් එකක් තියෙනව මටනම් තාමත්.. හික්

      Delete
    2. කියලා වැඩක් නැහැ ලියුමක් එන එකේ ගතියක් තියෙනවා ඒත් ඉතින් අපිට වැඩිය තැපෑලෙන් එන්නේ බිල් නේ :-D

      http://www.postcrossing.com/
      පැතුම් මේක ට්‍රයි කරලා බලන්න කැමති නම් පෝස්ට් කාඩ් විතරයි. අපි එකක් යැව්වම අපිට එකක් එනවා වගේ සීන් එකක් තියෙන්නේ. ඇඩ්‍රස් එක පබ්ලික් දාන්නේ නැහැ.

      Delete
    3. දැන් හැබැයි කෙල්ලන්ට පෝස්ට් කාඩ් දානවයි කියන්නේ... හිරේ විලංගුවෙ වැටෙනවට හපන් වැඩක්.. හික්.. එකවුන්ට් එකක් හදල බලමු දරුකමට වගේ කවුරු හරි හොයා ගන්න.. හික් හික් හික්...

      Delete
    4. ඕකේ අපිට තීරණය කරන්න බැහැ දාන කෙනා එයාල දෙන ඇඩ්‍රස් එකකට තමා දාන්න ඕනේ ඒ වගේ එයාලත් අපේ ඇඩ්‍රස් එක දෙනවා කාට හරි.

      දරුකමට අපිව අරන් හදා ගනී ගොඩක් ඉන්නේ වයසක අය :-D

      Delete
    5. ඒක වඩා හොඳයි. අනේ දරුවටනේ කියල ගෙයක් දොරක් හදාගන්න ඩොලර් ටිකක් එව්වොත් කාට කියන්නද.. :D

      Delete
  3. යාළු කෙල්ලෙක් නැති උනොත් දිව්‍ය ලෝකේ උනත් බෝරින් වෙනවයි කියනවනේ.....මටත් හිටිය හරියටම හය හත වසරේ වගේ කාලේදී ඔය කියන පෙන් පෑල් කෙනෙක්...ඔයා කියන විදහටම තමයි සෙට් උනේ..ඒයත් ජර්මන් කෙල්ලෙක්...අපේ අක්කගේ ජර්මන් පෙන් පෑල් තාමත් එයත් එක්ක ‍ෆිට්..දැන් නම් ඉතින් ඊ මේල් වලින් තමයි ඒගොල්ලෙනගේ ගණුදෙණුව....

    ReplyDelete
    Replies
    1. මට මතක නෑ ඒ ප්‍රෝග්‍රෑම් එකේ නම. අර ලස්සන කූපන් 7ක් ද කොහෙද තියෙන කොලයක් පුරවල දාල තමා මම සෙට් කර ගත්තේ.. ආයේ පොඩ්ඩක් හොයල බලන්න ඕනේ.. යාළු කෙල්ලෙක් නැති උනොත් දිව්‍ය ලෝකෙත් බෝරින්.. අන්න කතාව!

      Delete
  4. මට නම් පෑනේ මිතුරෝ ඉදලා නෑ. ඒ උනාට පොත් කියවලා කතුවරයට ගුණ දොස් කියලා ලිපි ලියලා නම් තියෙනවා. සමහර අය නම් බොහොම ස්තුතියි කියලා රිප්ලයි කරනවා. සමහරු නම් "උබට කියවන්න බැරි නම් නිකා ඉදින්" කියලත් රිප්ලයි එවලා තියෙනවා !

    ReplyDelete
    Replies
    1. ගෑනූ ළමයි ලියපු පොත් වල ගුණ දොස් කියල ලියුම් දාල නැද්ද? එහෙම දැම්මනම් හොඳ පෑනේ මිතුරියක් හොයා ගන්න තිබ්බා..

      Delete
  5. මටත් හිටියා ඔයින් එකෙක්. දැන්නම් බුකියෙන් තමා චැට් කොරන්නේ

    ReplyDelete
    Replies
    1. බුකියෙන් චැට් කරන්න පුළුවන් කාළේ වෙනකම් මගෙ එකාවත් කොහොම හරි තියාගන්න තිබ්බ කියල දැන්නම් මටත් හිතෙනවා..

      Delete
  6. උඹ කියන විදියෙ පෙන් පෑල් ල ගැන කතා කරන්න ගියොත්නං ඉවරයක් නැති වෙනව.

    මෙන්න මේ ලිංක් එක බලපං පොඩි උන්ට

    ReplyDelete
    Replies
    1. අර මුලින්ම කියපු එකා විතරයි බං පෙන් පෑල් අනිත් ඒව වෙනම කැටගරියක්... උඹේ ඉතිහාසෙත් දිගාඇරපන්කො වෙලාවක.. හික්... ලින්කුවෙන් එකක් දෙකක් හොයල බලන්නම් පොඩි උන් දෙන්නට..

      Delete
  7. පෑනෙන්ම නොවුනත් පෑනෙ මිතුරියොනම් ඉඳලා තියෙනවා 3ක් 4ක් .ෆේස්බුක් එහෙම එන්න කලින් ඊමේල් වලින් ඉ-පැල් කියලා මහිතෙ කියන්නෙ.දැන් උනුත් ෆේස්බුක්

    ReplyDelete