Monday, November 12, 2012

DSLR කැමරාවක් සමඟ මාස 6ක්...

"These days every man and his dog has a camera" කියල කවුරු හරි සුද්දෙක් කියපු එකක් දැක්කට පස්සේ  අයියෝ DSLR කියල හිතුණා.. කොහොම වුණත් කොල්ලෙක් වෙන්න නම්  DSLR  කැමරාවක් තියෙන්න ඕනේ කියල මට හෙන ආතල් එකක් ගන්න පුලුවන් අර හැකර කටක් සහ චාටර් කැමරාවක් ඇති වරුණයට චැට් එකේ අනම් මනම් කියල... ඇත්ත වශයෙන් ම කිව්වොත් පහුගිය මාස 6 ම මම කලේ එක විතරයි වගේ..  

කොහොම හරි දශක 3ක් විතර පෙරුම් පුරල පළවෙනි වෙඩින් ඇනිවසරි ට්‍රිප් එක යන්න ගත්ත මගේ කැමරාවෙන් මොනවද මෙච්චර කල් කලේ කියල මේ ඊයේ පෙරේදා නිකමට හිතල බැලුවා.. (ඇත්තම කිව්වොත් අරූ මාව බයිට් කරන්නේ කෝ පෙන්නපන් බලන්න උඹ ගත්ත හෙන පොටෝස් කියල) ඉතින් ඒ වෙලාවට වෙන මොකක් හරි කියල ෂේප් වෙනවා..

දැන් ඔය කැමරාව අරන් එළියට බැස්සට දකින දකින දේවල් අපිට ඕනෙ විදියට ගන්න බැහැනේ.. ඒ කියන්නේ කුරුල්ලෙක්, සමනළයෙක්, ඔය කූබියෙක්, කඩියෙක්, වගේ හරි නැත්නම් ගහක අත්තක ඉන්නෙ ලේනෙක්, ඉර බැහැගෙන යන සීන් එකක්, වළාකුළු ඔන්න ඔය වගේ දේවල් පොටෝ ගත්තට අපි බලාපොරොත්තු වෙන විදියේ පොටෝ එකක් ගන්න එක ලේසි නෑ... ඕනෙම කෙනෙක් දන්න විදියට හොඳ ඔප්ටිකල් සූම් එකක් තියෙන්න ඕනෙ නේ ඈත තියෙන දේවල් ලස්සනට ගන්න, ඒ වගේ තමයි හොඳ මැක්‍රෝ ෆොටෝස් ගන්න ඒවට හරියට ලෙන්ස් එකක් ඕනේ... දැන් මේ අමාරුවෙන් ගත්ත කැමරාවත් එක්ක හම්බ වෙන කිට් ලෙන්ස් (18-55) එකත් එක්ක විතරක් කැමරාව පාවිච්චි කරනකොට තමා ඒකෙ රඟේ තේරෙන්නේ..

කැමරාව අරන් කොහෙ හරි ගියාම කොච්චර ආසාවෙන් ෆොටෝ ගත්තත් අපි බලාපොරොත්තු වෙන විදියේ ඒව ගන්න සෑහෙන්න ගේමක් දෙන්න ඕනේ.. (මම වගේ කම්මැලි ඩයල් වලට ඕක හරි යන්නෙ නෑ)

හැබැයි ඉතින් උනන්දුවයි පොඩි හැකියාවකුයි තියෙනවනම් ඔය කිට් ලෙන්ස් එකෙනුත් සෑහෙන දේවල් කරන්න පුළුවන්.. (මට ඒ දෙකම නැති එක වෙනම කතාවක්)

අනිත් එක තමා DSLR කැමරා එකක් හරියට පාවිච්චි කරන්න ඉගෙන ගන්න එක.. ඒ කියන්නේ ආවට ගියාට නැතුව දන්න කියන කෙනෙක් ගෙන් සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න ඕනේ..  මම ඒක කලෙත් නෑනේ.. පන්ති යන්න ඉස්සරත් කම්මැලියි දැනුත් කම්මැලියි... ඔපිස් එකේ ඉන්න අතරේ වීඩියෝ බලලයි වෙබ් සයිට්ස් වල තියෙන දේවල් වලිනුයි තමා යන්තම් ඔය බේසික් ෆීචර්ස් ටිකයි තියරි ටිකයි ඉගෙන ගත්තේ.. තාමත් හරියට දන්නෙ නෑ...

ඔන්න ඔහොම ගෙවිච්ච මාස 6 ට  ගත්ත  පොටෝ ගොඩක් වෙලාවට බලන්නේ මමයි,බට්ටි නඟයි විතරයි.. මොකද ප්‍රසිද්ධියේ දාන්න තරම් දෙයක් තාම ගන්න බැරි වුණා කියල මට ම හිතෙන නිසා (අරූගෙන් බේරෙන්න බැරිම තැන ෆ්ලිකර් එකට ටිකක් දැම්ම)

අපි දෙන්න යන ගමනකදි ඇර  මම තනියම පොටෝ ගන්නම කියල කොහෙවත් යන්නේ නැති නිසා ගොඩක් වෙලාවට කැමරාව ගෙදරම තමා.. ඉතින් මම පොඩ්ඩක් ස්ටොක් ෆොටෝග්‍රැපි පැත්ත ගැන හිතල ඒ අංශෙ දියුනු කරන්න හිතුවා.. හැබැයි ඉතින් ඒකටත් හොඳ ලයිටින් උපකරණ ඕනේ..   http://www.fotolia.com/ එකට ෆොටෝස් 20-25 ක් දාල යන්තම් එක ෆොටෝ එකක් ඇක්සෙප්ට් වුණා.. fotolia එකෙන් නම් මම සෑහෙන්න දේවල් ඉගෙන ගත්තා...  මේ තියෙන්න අන්න ඒ එකම එක. 

කැමරාව අරන් මුලින් ම බෙල්ලන්විල පන්සල් ගිහින් (අවංකවම මම පන්සල් යන්නේ ෆොටො ගන්න) ගත්ත මට ටිකක් ලස්සනයි කියල හිතෙන එකක් මේ


 මේ තියෙන්නෙ ඕක අරන් ගාලු ගිහින් ගත්ත තව එකක්... 


ඊට අමතරව ඔය එහෙම මෙහෙ ගිහින් ගත්ත ඒව හැටහුටහමාරක් විතර තියෙනවා.. හැබැයි වැඩක් නෑ..
ගෙදර ඉන්න වෙලාවට නිකන් ඉන්න ගමන් කරපු ඒව 2ක තුනකුත් දාන්නම් බැරි වෙලා හරි මම වගේ තව එක්කෙනෙක් හරි හිටියොත් නිකන් ට්‍රයි එකක් දීල බලන්න








ඉතින් ඔන්න ඔහොමලු වුණේ.. ආසාවට කැමරාවක් ගත්තට ඒකෙන් නියම ප්‍රයෝජනේ ගන්න තාම බැරි වුණා.. ඒකට අවශ්‍ය කැපවීම හරියට කරන්න ඕනේ..  හැබැයි ඉතින් හොඳ ෆොටෝස් ගන්න DSLR කැමරාවක් ම ඕනේ නෑ කියල මට හිතුණා.. මූලික සංකල්ප ටික හරියට දන්නවනම් ඕනෙම කැමරාවකින් ලස්සන ෆොටෝස් ගන්න පුළුවන්.. DSLR කැමරාවකින් උසස් තත්වයේ ෆොටෝස් ගන්න නියමිත ලෙන්ස් වලට, ලයිටින් වලට ටිකක් වියදම් කරන්න වෙනවා.. ඒක ඉතින් එක එක්නෙකාගේ කැමැත්ත අනුව තමා...

මේ තියෙන්නෙ ෆිලිකර් එකේ ලිංකුව 

අනිත් වැදගත්ම දේ තමා මේ ගත්ත පොටෝ කෑලි මකල දාන්න තියෙන තන්හාව.. මෙලෝ වැඩක් නැතිව 11GB විතර පුරෝගෙන ඉන්නව මේ එහෙ මෙහෙ අල්ලපු පොටෝ කෑලී වලින්.. මකල දාන්න හිතෙන්නෙම නෑනේ... ඕව රැස් කරල මොන අපායේ යන්න වෙයි ද දන්නෑ...


20 comments:

  1. අරන් තියෙන ෆොටෝ සෑහෙන්න ලස්සනයිනෙ !

    ReplyDelete
  2. අපූරු ෆොටෝ ටික. තීර්ථ යාත්‍රිකයත් ළඟදි ගත්ත නෙව Nikon D3100 එකක්...

    ReplyDelete
  3. ඔන්න මම Flicker එකෙත් ඇඩ් කරගත්තා.මම නම් Flicker වලට සෑහෙන අලුත්..

    ReplyDelete
  4. මේ තියෙන්නේ එල කිරි වගේ ..මට ඔහොම ගන්න පුළුවන් නම් ඉතින් ලිවිල්ලත් නතර කරයි..

    ReplyDelete
  5. නියමයි ලොක්කා මාගාව තියෙන්නේත් කැනොන් 600D එකක් ෆොටොගන්නව කියන්නේ ඇත්තටම ලෙසි වැඩක් නෙමෙයි හරියට එකක් ගත්තාම ලැබෙන සතුට කියා නිමකල නොහැක

    ReplyDelete
  6. එළ , එළ ඔයතියෙන්නේ ගින්දර වගේ . "ෆ්‍රිශින් " ශොට් ටික මරුම මරු ....

    ReplyDelete
  7. ඔය තියෙන්නේ ෆොටෝ ටික ගින්දර වගේ.
    ඒක නෙමේ මේ බ්ලොග් එකට කමෙන්ට් කරන බොක්ස් එක පහලින් එල්ලන්න බැරි ද.
    නැත්නම් ලින්ක් එක ක්ලික් කරලා ගිහින් කමෙන්ට් කරන්න ඕන.

    ReplyDelete
  8. Weni, පොටෝ 500ක් 1000ක් විතර ගහනකොට තමා ඔය වගේ එකක් දෙකක් වදින්නේ..

    තීර්ථ යාත්‍රිකයා, එල මමත් ඇඩ් කලා, ටිකක් උනන්දුවෙන් මේ වැඩේ කරන්න හිතුණ මටත්..

    සරත් අයියා, මේව මදි.. මගෙ හිතට එලකිරි කියල දැනිච්ච එකක් තාම ගන්න බැරි වුණා..

    ගවේෂකයෝ, ස්තූතියි...

    තරිඳුවා, මම ගන්නේ 550D එකකින් බන්.. කැමරාවෙ නෙවෙයි අවුල තියෙන්නෙ.. අපේ..

    චිත්‍රක,
    ඔය ටික ගන්න මම ෆොටොස් 650ක් විතර ගත්තා..

    ReplyDelete
  9. මධුරංග, ස්තූතියි.. මම එහෙම කරන්න පුළුවන් ද බලන්නම්.. මේක හෙන පරණ ටෙම්ප්ලේට් එකක් නේ.. ට්‍රයි එකක් දීල බලන්නම්..

    ReplyDelete
  10. @Pathum Herath :
    ඔය තියෙන්නේ එලටම. දැන් ලේසියි කමෙන්ට් කරන්න.

    ReplyDelete
  11. මධුරංග, ගොඩක් ස්තූතියි, අදහස දුන්නට.. මට නිකමට වත් ඔහොම එකක් හිතුණේ නෑ.. මේ අවුරුදු 6ටම..

    ReplyDelete
    Replies
    1. අඩේ ඒ කියන්නේ මම ඉතිහාස ගතවෙනවා කියන එකද ?
      ආස්ස්ස්....සාවේ බෑ... :)

      Delete
    2. මධුරංග ඉතිහාස ගත වීම කොහොම වුණත් මහත්ඵල මහානිසංස ලැබෙන පින් කමක් නම් වෙනවා කොමෙන්ට්ස් දාන අයට ලබාදුන්න පහසුව නිසා..

      Delete
  12. මෙහෙමත් NOKIA KIA නයි ඇරිල්ලක්..!!

    මේ තියෙන්නේ මයෙ අම්මා එල කිරිවට..

    කටක් ඇරල අපට බලාපල්ල කීවනම් අහක නෙව

    ReplyDelete
    Replies
    1. හික් නොකියා කියා පාට් එක නම් මරුය...ඊළඟට ගන්න එවා දාල කට ඇරල කියන්නම්කෝ..

      Delete
  13. තිස්සගේ ලින්ක් එක ඔස්සේ ආවේ .
    මටත් තියෙනවා පරණ කැමරාවක් , අවුරුද්දකට විතර කලින් සාස්තරේ දන්නා කෙනෙක් කිව්වා නිසා ගත්ත 50mm කාචයක් ...පුලුවන්නම් ගන්න , වැඩේ රසවිඳින්න නම් , ඉගෙන ගන්න නම් ...හොඳම කාචය

    ReplyDelete
  14. ස්තූතියි JP, මමත් ඔබගේ බ්ලොග් එක ගැන දැන ගත්තේ තිස්ස අයියගේ පෝස්ට් එකෙන්.. කාච කීපයක් ම ඔලුවෙ තියෙනව ගන්න ඕනේ කියල.. මේකත් මම බලන්නම්..

    ReplyDelete