Friday, October 12, 2012

බාත් රූම් එකේ සිංදුකීම...

මේ වැඩේ කරල තියෙන අය, කරන අය දන්නව ඇති මේකේ තියෙන ආතල් එක..  මොන මොන දේවල් ඔළුවේ තියාගෙන නාන්න ගියත් එළියට එන්නේ සින්දු කෑල්ලක් කියාගෙන... දොර වැහෙන්නෙ නැති වෙලාවට සිංදු කිය කිය නාන එක වෙනම කතාවක්.... මම කියන්නේ නිවාඩු දවස් වල ආතල් එකේ නානකොට ඉබේ සිංදු කියවෙන එක.. කන පැලෙන්න කෑ ගහ ගහ සිංදු කියන්න තියෙන හොඳම තැන.. සිංදු කවි කරන්න,රි-මික්ස් කරන්න,රැප් කරන්න, ඕනේ දෙයක් කරන්න ඉගෙන ගන්න,ප්‍රැක්ටිස් කරන්න ටොප්..

වැඩට ගිහින් ඇවිත් නානකොට සිංදු නොකියවුණත් එළියට එන්නේ සිංදු මෝඩ් එක ඔන් කරගෙන.. ගොඩක් වෙලාවට හිරවෙච්ච ප්‍රොග්‍රෑම් වල තියෙන බග්ස් වලට විසඳුම බාත් රූම් එක ඇතුළෙදි හම්බ වෙනව...

ඔය ගොඩක් අයට මේ ලෝකේ වෙනස් කරන්න තරම් අයිඩියාස් ඇවිල්ල තියෙන්නේ නානකොට නේ... මම ඉස්සර හිතුවෙ මොළේ පෙඟුනහම ඒ වගෙ අදහස් එනව ඇති කියල.. 

කොහොම හරි මේ ලඟදි දවසක ඔය ගැන හිතුවහම... අපිත් එක්ක ඉන්න ගොඩක් අයට ඔය පුරුද්ද ඇති කියල හිතුණා.. ගොඩක් වෙලාවට සැහැල්ලුවෙන් ආතල් එකේ ඉන්න නිර්මාණශීලී මිනිස්සුන්ගේ ඔය පුරුද්ද මම දැකල තියෙනවා..  

මට හිතෙන්නේ අපි ඇත්තටම අපි වෙන දවසේ තියෙන හොඳම අවස්තාව මේ නාන වෙලාව කියල... ඒ කියන්නේ.. අනිත් අය ගැන හිතන්න දෙයක් නෑ.. කවුරු මොනව හිතයි ද කියල වොරි වෙන්න දෙයක් නෑ.. කවුරුවත් දකියි ද කියල හිතන්න දේ කුත් නෑ (දොර වහල නම්).. අපේ නැචුරල් ස්භාවයෙන් ඉන්න පුළුවන් හොඳම වෙලාවනේ.. හිතේ ගැටළු නෑ.. නිදහස් මනසක්..

මොකුත් ම හිතන්න දෙයක් නැත්නම් නිකම් ම වගේ සිංදුවක් කියවෙනව ඇත්තේ මේ දැනෙන නිදහස නිසා වෙන්න ඇති.. මොනව හරි දෙයක් ඔළුවේ තියෙනවනම් ඒකට වෙන වෙලාවට නොඑන උත්තර ඔලුවට එනව ඇත්තෙත් ඒ දැනෙන තමා තමාම වීමේ නිදහස් ගතිය නිසා වෙන්න ඇති කියල නිකමට වගේ හිතුණා..

ගොඩක් වෙලාවට අපි ගෙදරින් එළියට බැස්සම ඉන්නේ අපේ ඇත්ත ස්වරූපයෙන් නෙවෙයි නේ.. ඒ ඒ අවස්තාවට ගැළපෙන ක්‍රමේට ඉන්නකොට අපිට නිදහසේ ඉන්න බැරි වෙන ගතියක් දැනෙනවා..  ගෙදර ඇතුළෙම උනත් 100% අපේ නිදහස කියන එක තියෙන්නේ ඔය නාන කරන විනාඩි 10-15 විතරයි කියලයි මට හිතෙන්නේ..

මම නිකන් හිතල බැලුව මම දන්න මේ පුරුද්ද තියෙන සහ නැති අයගේ චරිත ස්භාවය ගැන.. ඇත්තටම සැළකිය යුතු වෙනස් කම් තියෙනවා..  මේ පුරුද්ද තියෙන මිනිස්සු එක්ක වැඩ කරන්න, සතුටු වෙන්න හරි ලේසියි.. ඒ කියන්නේ ගොඩක් අය එක්ක සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන් ගතිය තියෙනව කියල හිතුණා.. වැඩ වලදි අනිත් අයව තේරුම්  ගැනීම, ඊසි ගොයින් කියල සිංහලෙන් කියන ස්භාවය ගොඩක් වෙලාවට තියෙනවා..

මේ වගේ පුරුදු නැති.. ඒ කියන්නේ ජීවිත් වෙලා ඉන්න හැම වෙලේම මොකක් හරි දෙයක් ඔලුවට දාගෙන විසඳුම් හොයන්න ට්‍රයි කරන, සමාජය තුළ අමුතු ප්‍රතිරූපයක් ගොඩ නඟාගෙන ඉන්න ට්‍රයි කරන, වැඩ කරන්න්න ගියාම එයාට ඕනේ විදියට වැඩේ කෙරෙන කම් හරි යන්නේ නැති චරිත වල මේ පුරුද්ද නැතුව ඇති කියල මට හිතුණා.. නිකමට හිතල බැලුවොත් ඕනෙම පවුලකින් මේ වගේ අය හොයා ගන්න පුළුවන්.. 

මට හිතෙන්නේ නිදහස් පොඩි කාලයක් නැති වුණාම මේ වගේ ගති මිනිස්සුන්ට පිහිටන්නේ නැතුව ඇති.. නිදහස් පොඩි කාලයක් කියන්නේ අපිට හිතෙන දේ හිතෙන විදියට කරන්න නිදහස නොදෙන පවුල් පසුබිම් වල හැදෙන අයට මේ වගේ දේවල් නුහුරුයි.. මොකද හැම දේම කාගේ හරි උපදෙසක් අනුව, පිළිවෙලකට, සමාජ සම්මතේට අනුව කරන්න පුරුදු වුණාම ඒ පුරුදු මඟ ඇර ගන්න හරි අමාරු නිසා..

නිදහස් විදියට හිතල වැඩ කරල.. ඒ වැඩෙන් සිද්ද වෙන ප්‍රතිඵලය මොකක් වුණත් භාර ගන්න පුළුවන් තරම් ගටක් තියෙන මිනිස්සු මේ වගෙයි කියල හිතුණා..

මම කරන්නම දෙයක් නැතුව ඉන්න වෙලාවට http://www.ted.com/ එකේ වීඩියෝ බලනවා..  මේකේ තියෙන්නේ එක එක විදියේ නව අදහස් තියෙන මිනිස්සු ඒ අය හදපු දේවල, නැත්නම් තේරුම් ගත්ත දේවල් ප්‍රසිද්ධියෙ ඉදිරිපත් කරන වීඩියෝ.. හරිම අපූරු දේවල් තියෙනවා.. තාක්ෂණික,සමාජයීය,කල,විද්‍යාත්මක වගේ ඕනැම විෂයයකට අදාලව මිනිස්සු ඉදිරිපත් කරනවා..

මේ වීඩියෝ බලන වෙලාවක හිතිච්ච දෙයක් තමා මේ බාත් රූම් එකේ සිංදු කීම... නානකොට ඔය අදහස් ඔළුවට එනව කියල මම ප්‍රායෝගිකව ඕනේ තරම් අත් විඳල තියෙනවා.. ඉස්කෝලේ යන දවස් වල මම ලියල පබ්ලිෂ් කරපු පොතේ ගොඩක් කතා වල චරිත, ඒ කතා වල ආකෘතිය  නාන ගමන්  තමයි ඔලුවට ආවෙ.. ඒ දවස් වල මේ ගැන එච්චර වැටහීමක තිබ්බේ නෑ.. දැන් හිතල බලනකොට ඕනේ තරම් සිද්දි මතක් කරන්න පුළුවන්...

ඉතින් මට හිතුනේ.. අපිට මේ නාන ගමන් තියෙන සැහැල්ලුව, තමා තමා විදියට අව්‍යාජව හැසිරෙන්න පුලුවන් කම, සමාජයට අමුතු චරිතයක් විදියට නොගිහින් ජීවත් වෙන්න පුළුවන් නම් (ඒ කියන්නේ උපන් ඇඳුමෙන් යන එන නෙවෙයි.. එක එකා මොනව හිතයි ද කියල නොහිතා ජිවත් වෙන එක)  අපිටත් බොහෝම නිර්මණශීලි විදියට ජීවිතේ දිහා බලල මිනිස්සුන්ට සේවයක් වෙන විදියට ජීවත් වෙන්න පුළුවන්.. 

හැබැයි මම දන්නවා කොච්චර කිව්වත් ප්‍රායෝගිකව මේ විදියට ජීවත් වෙන්න බෑ කියල තර්ක කරන අය ඕනේ තරම් ඉන්නවා.. ඒ එක්කම මේ විදියේ නිදහස් මනසකින් ලෝකය දිහා බලපු, තමන්ගේ ප්‍රතිරූපය හෝ  බඩගෝස්තරේ රැක ගන්න පමණක් ම උත්සාහ නොකරපු මිනිස්සුන්ට පින් සිද්ද වෙන්න තමයි අපි අද මෙහෙම ඉන්නේ කියලත් නිකමට කල්පනා කරල බලන්න..

11 comments:

  1. ඇත්ත තමයි.බොරුවට ලෝකෙට හොදයි කියලා පේන්න හැසිරෙනවට වඩා ඇතුලතින්ම ඒ දේවල් හදාගන්නවනම් ඒක තමයි හොද.

    ReplyDelete
  2. අනිවා පට්ටම පොට් එකක් නේව ඔක සීරාවට සිංදු කියන්න ප්‍රොබ්ලම් සෝල් කරගන්න හොඳම තැන ඒ විතරක් යෑ ජීවිතේ නිදහස්ම පොට් එක ඔතන නානකොට විතරක් නෙමේ බොගක් දාන කොටත් ඔය සැප ලැබෙනවා හික්ස්

    ReplyDelete
  3. බාත් රූම් නැති නිසා ඔය අත්දැකීම නැතත් මම පොඩි කාලෙ ටොයිලට් ගියාම අම්බාණක් සින්දු කියල තියෙනවා. ඒ දවස්වල මම යන්න කලින් ගෙදර අනිත් අය සේරම යනවා ‍මොකද මම එලියට එන්න පැය බාගෙකට වඩා ගතවෙන නිසා.

    දැන් නම් මගේ සින්දු කීම වෙන්නෙ වැඩට යන ගමන් තමයි...

    ReplyDelete
  4. මටත් නිදහස් ම පොට් එක ඔය දෙක තමා
    ආය කාගෙන් කරදරයක් ද?

    ReplyDelete
  5. රජිත, එහෙම ඉන්න ලොකු ආතමශක්තියක් ඕනේ..

    තරිඳුවා, හික් හික්..අනේ ද කියන්නේ.. සැප කනේ

    hare :-), ළිඳෙන් ද නාන්නේ? ළිඳෙන් නාන එක තරම් සැපක් නම් මොකෙන් නෑවත් ගන්න බෑ..මටත් වැඩිහරියක් සින්දු කියවෙන්නේ කාර් එකේදි තමා..

    අවතාර්, කියල වැඩක් නෑ..

    ReplyDelete
  6. නියම ලියවිල්ල :) මමත් එසේමය :) ජයම වේවා!

    ReplyDelete
  7. අඩේ, මම එතකොට සැහැල්ලු නිර්මානශීලී, ආතල් එකේ ඉන්න එකෙක් වෙන ඕඑනෙ. මොකද මම සුව කල නොහැකි බාතෲම් සිඟර් කෙනෙක්. එලියට එන්නෙත් සින්දු කිය කිය.
    පැතුම්, මම මේ පැත්තෙ ඇවිල්ලම නෑ කලින්. මෙහෙම බ්ලොග් එකක් අපරාදෙ මිස් වුනේ මට.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  8. මට නම් බොහොම දාර්ශනික අදහස් පහළේ වෙන්නේ ලෝකේ ලොකුම සැපත විඳින්න කොමෝඩ් ඒක උඩ වාදී උනාමයි.. ගීතත් කියනවා. හැබැයි ඒක ඒක වෙලාවට කට හඬ උස පහත වෙන්නේ වෙන තාලවලටයි.. සංගීතෙත් නැතුවාම නෙවෙයි..

    ReplyDelete
  9. මමත් මේ ලෝකෙ ආසම නිදහස්ම තැනක් තමයි බාත් රුම් එක. මාත් බාතෲම් සිඟර් කෙනෙක් තමයි.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  10. මටත් බාත් රූම් එක කියන්නෙ ලෝකෙ තියන නිදහස්ම තැන්වලින් එකක්. බාතෲම් ටයිල්වල, ඉස්සරනම් සිමෙන්තියෙ ඇඳිල තියෙන රටාවලින් එක එක පින්තූර මවන එකත් මගේ ප්‍රියතම බාත් රූම් විනෝදාංශයක්.

    සින්දු කියන්නනම් තව තැනක් තිබුනා. ඒ තමයි තාත්ත එක්ක කොහේ හරි ගමනක් යනකොට වාහනේ වීදුරු වහගෙන ෆුල් වොලියුම් දාලා අපේ පවුලේ කස්ටියම තම තමන්ට අනන්‍ය විකාරරූපී ස්ටැයිල් වලින් සින්දු කියන එක. දැන් බස්සා එක්ක එහෙ මෙහෙ යද්දිත් සින්දු කියලා ඒ සින්දු කීම බස්සට පත්තියන් වෙලා තියෙන්නෙ.

    හැබැයි මේ ළඟදි දවසක මම අතිසාර්ථක ලෙස විලිලැජ්ජාවට පත් වුනා බයික් එකේ යන ගමන් මාතර ටවුන් එක මැද්දෙදි සින්දුවක් කියවිලා. "මේක හතරවටේ ඕපන්. වටේ ඉන්න උන් සේරටම ඇහෙනව" කියල බස්ස කියද්දි තමයි මම මේ ලෝකෙට පාත් වුනේ. (බොහොම ඉස්සර අපේ තාත්තා බයික්කෙක ගිහින් අණ්ඩක් කඩාගත්තට පස්සෙ ගෙදර හැමෝටම බයික් තහනම් කරලා තිබුනෙ.)

    ReplyDelete