Thursday, May 31, 2012

ලංකාව නරක ද?

ලංකාව මේ කියන තරම් නරක රටක් ද? නරක නෙවෙයි.. ජීවත් වෙන්න සුදුසු නැති රටක් ද? දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉඳල හිටල බ්ලොග් එකේ මොනව හරි ලියාගෙන ඉන්න මටත් නිකමට වගේ මේ දේවල් ගැන හිතල බලන්න හිතුණා... රටේ වෙන දේවල් දිහා අඟල් 14-15 ක තිරයක් ඇතුළින් බලාගෙන ඉන්න අපිට ගොඩක් වෙලාවට පෙන්නේ මේක මහ එපා කරපු තැනක් වගේ.. කට ඇරියොත්(ඇඟිලි ඉස්සුවොත්) කියන්නෙ (ටයිප් කරන්නේ) මේක මහ එපා කරපු තැනක්.. මේ විදිය හරි නෑ.. මේකේ ඉන්නෙ ඔක්කොම පිස්සො... මුන් ඉන්න කම් මේක හදන්න බෑ.. මීට වඩා අරහේ හොඳයි... ඔන්න ඔය වගේ අදහස්..

මෙහෙම වෙලා තියෙන්නෙ ඇයි...

දැන් මේ රට නරක නම් රට මීට වඩා හොඳින් තිබුණු කාලයක් මින් පෙර තිබී ඇති ද? රජකාලය අතහැර 1900න් පසුව ගැන හිතා බලමු..

සුද්දා යන කම් මේ රට සුද්දා නිසා නරක් වී  තිබුණා යැයි ඒ කාලයේ සිටි මිනිසුන් කියපු කතා නිසා එය සාධාරණ යැයි සිතිය හැකිය..

සුද්දා ගිය පසු ලොව සාධාරණම දේශපාලන ක්‍රමය යැයි මා දන්නා (මා දන්නේ නැත) ප්‍රජාතන්ත්‍රවාදය අපේ පාලනයට එකතු වී ඇත..

ඊට පස්සේ නිල්පාට කොල පාට රතුපාට සහ තවත් පාට වලින් අපි අපේ රට දෙස බලන්නට පුරුදු වී ඇත...

මම කුඩා කළ සිටම මේ රට දැක්කේ නිල්පාටටය.. ඒ අපේ තාත්තා නිසාය

මට හිතෙන විදියට අපි හැමෝම තාම මේ රට දකින්නේ පුංචි කාලේදි අපිට බලන්න පුරුදු කරපු පාට වලින් කියලයි... කොතරම් උගත්ව බුද්ධිමත්ම සාධාරණව බලන්න උත්සාහ කළත් ඒ පාටින් බලන්න අපි ආසයි වගේ...
එහෙම නැතුව දකින අයත් ඇති..

මම හිතන්නේ රටක ජීවත් වෙන්න රටේ දේශපාලනය එතරම් වැදගත් නෑ.. දේශපාලනය කරන අයට සහ ඒ අයගේ උදව් කාරයින්ට ඇර අනිත් අයට තම තමන්ගේ අධ්‍යාපනය සහ හැකියාවන්ට අනුව උපයාගෙන ජීවත් වෙන්න රටේ පාට මොකක් වුණත් වෙනසක් වෙන්නෙ නෑ

සර්ව සම්පූර්ණ සමාජයක් ගොඩනඟන්න වෙර දරන එක තේරුමක් නෑ.. එහෙම සමාජයක් කවදාවත් ලෝකේ ඇති වෙන්නෙ නෑ කියලයි මම හිතන්නේ..

හැම සමාජෙකම හොඳ නරක තියෙනවා... සමාජේ හොඳ කරන්න හෝ හොඳ වෙනකම් ඉන්න හදන එක අපේම කම්මැලි කම සාධාරණීකරණය කරන්න අපි හදාගත්ත දෙයක් වගෙයි මට හිතෙන්නේ...

අප ජීවත් වෙන සමාජය බාහිර උපද්‍රව වලින් රැක ගන්න එකට උත්සාහ කරන්න ඕනේ.. ඒවට කැප වෙච්ච පිරිසුත් ඕනැම රටක ඕනැම සමාජයක ඉන්නවා... ඉස්සරහටත් ඉඳයි..

මම කියන්න හදන්නෙ මේකයි..

රටේ ජීවත් වෙන සාමාන්‍ය පුරවැසියෙක් ගත්තොත් ගොඩක් වෙලාවට කරන්න තියෙන්නේ තමන් කරන රස්සාවෙන් තමන්ගේ පවුල ජීවත් කරගෙන ඉන්න එකනේ.. රටේ හෝ සමාජයෙ සිද්ධ වෙන තමාගේ පාලනයෙන් තොර දේවල් ගැන කණගාටු වීම හෝ ඒවා වෙනස් කරන්නට යන එකෙන් ඒ පවුලට හෝ පුද්ගලයාට සෙතක් වෙන්න තියෙන ඉඩ හෙන අඩුයි... කරදර ගොඩක් තමයි ගොඩක් වෙලාවට එන්නෙ..

බොහෝ රට වල ස්වභාවය එහෙමයි..

මම දන්න විදියට නිදහසෙන් පස්සේ ඇතිවෙච්ච බොහෝ දේශපාලන පක්ෂ මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න තිබිච්ච අයිතිය නැති කළේ නෑ.. යුද්ධය සහ 89-90 කාල ඇරුණහම

යුද්ධ සහ අඳුරු කාල වලට දැනට දියුණු යැයි සම්මත හැම රටම වගේ මූණ දීල තියෙනවා..

මිනිස්සු හැමදෙනාටම තියෙන පොදු ප්‍රශ්න වලදි මිනිස්සු එකතු වෙලා ඒව විසඳන්න පාලකයින්ට බලපෑම් කරනවා.. ඡන්දෙදි ඒ දේ කරන්න අවස්තාවකුත් දීල තියෙනව..

ඡන්දත් නැති යුද්ධත් නැති අඳුරුත් නැති මේ වගේ කාලෙක දි අපි කරන්න ඕනෙ මොකක් ද?

අපේ වැඩක් කරගෙන ඉන්න එකනේ..

ඔය අපේ වැඩ කරගෙන ඉන්න හදනකොට එක එකාගෙ බලපෑම්, අවනීතිය,අසාධාරණකම් සිද්ද වෙන නිසා තමයි අපිට මේ රටේ සිස්ටම් එක  අවුල් කියන එක ඔලුවට එන්නේ.. ඊට පස්සේ අපි තියෙන සිස්ටම් එක හරිගස්සවන්න හරි ඒකේ වැරදි ගැන කණගාටු වෙවී ඉන්න එක හරි නැත්නම් හතරවටේ සිස්ටම් එකට බැන බැන යන එක හරි කරනව. අපේ වැඩේ පාඩුවේ කරගෙන ඉන්න බැරි වීමට අපෙන් වෙච්ච අඩුපාඩුව හොයනවට වඩා රටේ සිස්ටම් එකේ අවුල් නිසා එහෙම උනයි කියල හිතාගෙන ඉන්න එකට අපි කැමතියි.. ඒක ලේසියි..

අපි සර්ව සාධාරණ වෙලා ඉද්දිත් අපිට එක එකා කෙලවන්න හදනකොට මොකද ඉතින් කරන්නේ... අපි සර්ව සාධාරණයි නම් ඉතින් ඔය පොඩි පාඩුවක් අලාභයක් දරාගෙන වැඩිය පැටලෙන්නෙ කරන්නෙ නැතුව ඉන්න එක අපිට කරන්න පුළුවන් නේ.. එතකොට සිස්ටම් එකේ අවුල් වැඩිය පේන්නෙ නැතුව යනවා.. කෙලවන්න හදන එකාට උනත් හිතෙයි පස්සෙන් එලෝ එලෝ වද දෙන එක තේරුමක් නෑ කියල.

හරි බහුතරයක් ඉන්නෙ පාඩුවේ වැඩක් කරගෙන ඉන්න අයනේ.. එයාලට තියෙන ඊළඟ ප්‍රස්නේ බඩුමිල නේ.. මම නොදන්න කමට අහන්නේ.. ඉතිහාසේ කවදාවත් බඩුමිල කියන එක සිරාවට අඩුවෙලා තියෙනවද? පාන් 3.50 ට දුන්න වගේ ටෙම්පරි අඩු වීම් නැතුව..

සමස්තයක් විදියට අතීතේ ඉඳන් මේ දක්වා වෙලා තියෙන්නෙ හැමදේකම මිල ඉහල ගිහින් තියෙන එක..ඒක අපේ රටේ විතරක් සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි නේ..

ඉන්ධන සහ අනෙකුත් සම්පත්  ජනගහනය වැඩි වෙනකොට ක්ෂය වෙන එක වැඩිවීම නවත්තන්න මොන රටේ මොන පාලකයටවත් බෑ.. ඒ සම්පත් තියෙන රටවල් ඒවා වැඩි මිලට විකුණන එක අපිට නවත්තන්න බෑ නේ..

රටේ නාස්තිය දූෂණය වංචාව පගා ගැනීම් වැඩි යි... ඔය තියෙන්නෙ මොන පාට ආන්ඩුවක් රට කරන්න ආවත් විපක්ෂෙ ඉන්න අයට සදාකාලිකව කෑගහන්න තියෙන පොයින්ට් එකක්... මොකද බලය තියෙන අය ඒ බලයෙන් තම තමන්ගේ පවුල් වලට හිතමිතුරන්ට සලකන එක රජ කාලේ ඉඳන් තිබුණු දෙයක්... අඩු වැඩි වීම් සිද්ද වෙන්න පුළුවන් හැබැයි කවදාවත් එහෙම නැති කාලයක් නම් තිබිල නෑ.. කොයි රටෙත් එහෙමයි කියලයි මම හිතන්නේ..

ලංකාවේ නැද්ද උත්සාහයෙන් දියුණු වෙච්ච,නිදහසේ සතුටින් ජීවත් වෙන මිනිස්සු? යාන වාහන අරගෙන ගෙවල් දොරවල් හදාගෙන රස්සාවල් කරගෙන දරුවෝ හදාගෙන බොහොම සැපෙන් සාමෙන් ඉන්න මිනිස්සු නැද්ද?

එහෙම ඉන්න මිනිස්සු ජීවත් වෙන්නේ මේ අසාධරණ සමාජේ ඇතුළෙ නෙවෙයි ද? දුෂණයෙන් වංචාවෙන් අවනීතියෙන් යට වෙච්ච අහස උසට නඟින බඩු මිලක් තියෙන සමාජේ එහෙම මිනිස්සු ඉන්න විදියක් නැද්ද?

ඇත්තටම මේ සමාජේ ඔය කියන තරම් නරක නම් මිනිස්සු කවුරුත් සතුටින් ඉන්න විදියක් නෑ.. අසාධාරණව සල්ලි හම්බ කරන මිනිස්සු ඇර සාධාරණ රස්සාවක් කරගෙන ඉන්න වෙන කාටවත් හොඳ වහනයක් ගෙයක් දොරක් හදා ගෙන්න ඉන්න විදියක් නෑ..

හිකිස්....

පාර පුරා යන මැක්සා වාහනයි හතර වටේම තියෙන සිරා ගෙවලුයි ඔක්කොම එතකොට හොරුන් ගේ,අපරාධකාරයින්ගේ වෙන්න එපෑ..

පිට රට ගිහින් සල්ලි හම්බ කරන් එන්න ඕනේ...

අන්න ඒකේ හොඳ පොයින්ට් එකක් තියෙනවා.. මොකද අපේ රටට වඩා පිටරටවලදි අපිට හම්බ කරන්න පුළුවන්...

එකක් එහෙ හොඳට ගෙවනවා.. අනිත් එක අපි එහෙදි හොඳට වැඩ කරනවා.. මොකද අපිට ඒ රටේ පවතින සිස්ටම් වෙනස් කරන්න යන්න හිතෙන්නෙ නෑනේ.. ඒවයේ අඩුපාඩු වැරදි හොයල අපිට වැඩක් නෑනේ.. අපි අපේ පාඩුවේ රස්සාව කරගෙන කීයක් හරි හම්බ කර ගන්නවා..

ඒ රටවලදිත් පාඩුවෙ ඉන්න නොදී ලෙඩ දාන උන් ඕනෙ තරම් ඉන්නවා.. හැබැයි වැඩිය කචල් බචල් දාගන්නෙ නැතුව ඉන්න එක නුවනට හුරුයි කියල ඕනෙම මැටි මොලේකට ඒ රට වලදි තේරෙනවා..

බඩු මිල කොහොම ද.. පිස්සු හැදෙයි.. පුළුවන් හැම වෙලේම ලංකාවෙන් තමා කෑම ටික ඇඳුම් ටික ඔක්කොම ගන්නේ... මෙහෙ කොච්චර බඩු ලාබද... හිකිස්...

ඒ රටවල වංචා දූෂණ නෑ.. එහෙනම් ඇයි එකම බඩුව එහෙයි මෙහෙයි ගනන් දෙකක්.. මෙහෙ රුපියල් 50 පාන් ගෙඩිය එහෙ 500 වෙන්නෙ ඇයි..

ඒ රටවල් කොච්චර ලස්සන ද? පිරිසිදු ද? හැමදේම ක්‍රමානුකූලයි...  ඒ මිනිස්සු අවුරුද්දකට ටැක්ස් කොච්චර ගෙවනවද කියල නිකමට හොයල බැලුව ද? ඒ රටවල ආදායම් මාර්ග මොනවද කියල එහෙම දන්නවද?

ලේසියෙන් නිවාඩු නම් ගන්න බෑ... හිකිස්.. මෙහෙ වගේ නෙවෙයි...ඒ මිනිස්සු කම්මැලි නෑ.. වෙලාවට වැඩ.. අපි වගේ නෙවෙයි...

හිකිස් බිකිස්...

නිදිමත වේගෙන එන නිසා දැන් ඇති

මට කියන්න ඕනෙ වෙච්ච දේ මේකයි... මේ රටේ දියුණු වෙන්න ඕනේ තරම් අවස්තා තියෙනවා... අඩුපාඩු නැතුව නෙවෙයි නමුත් කාගෙන් වත් බාධාවක් නැතුව ඕනෙ තරම් හම්බ කරගෙන සැපෙන් සාමෙන් ජීවත් වෙන්න කිසිම අවුලක් නෑ... එකම දේ අපි දේවල් දිහා බලන විදිය පොඩ්ඩක් වෙනස් කර ගන්න එක...  අපි දකින ලෝකය වෙනස් වුණාම ඒ ලෝකයට හරි යන්න අපිත් වෙනස් වෙනවා... පිටරට වල යන එන එක වරදක් නෙවෙයි... හැබැයි එහෙම යන්න ඕනේ මේ රටට බැන බැන නෙවෙයි... අපේ තියෙන අඩුපාඩු නිසා හෝ අවංකවම අපිට සිද්ධ වෙන අයුතු දේ නිසා කලකිරිල යන අය ඉන්න පුළුවන් නමුත් ඒකෙන් කියන්නෙ නෑ මුලු රටම එහෙමයි කියල..

පිටරට වල ගිහින් අපි ජීවත් වෙන ආකල්ප වලින් මේ රට ඇතුලෙත් ජීවත් වෙන්න අපිට පුළුවන්... එහෙම ඉන්නකොට මෙහෙයි එහෙයි වෙනසක් දැනෙන එකක් නෑ... මෙහේ වඩා සැපවත් වෙයි.. මොකද අපිට අයිති හැම දේම හැම කෙනාම ඉන්නෙ මෙහෙ නිසා...


අවසාන වශයෙන් මෙන්න මේක පොඩ්ඩක් බලන්න

'ශී‍්‍ර ලංකාව දූපතක් වුණාට පුංචි විශ්වයක්!' - ශී‍්‍ර ලංකාවේ සිට ලොව හෙල්ලූ විද්‍යාඥයා, ශී‍්‍රමත් ආතර් සී. ක්ලාක්

ලෝකයේ ජීවත්වීමට හොඳම රට ශී‍්‍ර ලංකාව කියල අපේ මේ පුංචි රට තෝරා ගෙන අවුරුදු 51ක් ම අපේ රටේ ජීවත්වෙමින් අපේ රටට කීර්තියක් ගෙන දුන් ලෝකයේ විසූ කීර්තිමත් ම විද්‍යාඥයා, විද්‍යා ප‍්‍රබන්ධකයා, ජනපි‍්‍රය විද්‍යා ලේඛකයා, විද්‍යා න්‍යායාචාර්යවරයා, විද්‍යා දේශකයා තමා ශී‍්‍රමත් ආතර් සී. ක්ලාක්. අපේ ම රටේ ඉපදිලා, අපේ ම රටේ, අපේ ම සල්ලිවලින් ඉගෙන ගෙන, ‘මේ රටේ ජීවත්වෙන්න බැහැ’යි කියලා රට ඇරලා යන උගත්තු ඉන්න මේ කාලේ එතුමා අපට දුන්නේ මහඟු ආදර්ශයක්.

‘ලංකාව කියන්නෙ දූපතක් වුණාට පුංචි විශ්වයක්. මෙය දර්ශනීය තැන්වලින්, විවිධ දේශගුණයන් වගේ ම විවිධ සංස්කෘතීන්ගෙන් පිරිලා. ඔබ මේ රටට ගේන දේ අනුවයි, ඔබට රටෙන් යමක් ලැබෙන්නෙ. කොළඹ නගරයේ බටහිර පන්නයට හැඩ ගැහුණු, දූවිලිවලින් පිරුණු වීදිවලින් පිටට නොගිහින් හෝටලයට වෙලා හිටියොත් එක සතියකින් ම මේ රට ඔබට එපා වේවි. ඒත් ඔබ ජනයා ගැන, ඉතිහාසය ගැන, කලාවන් ගැන, සොබා දහම ගැන, ඒ කියන්නෙ ජීවිතයට වටින ඒ වගේ දේවල් ගැන උනන්දු නම්, ඔබටත් මේ රටේදි, මේ මට වගේ ම, සුන්දර දේ හමුවේවි. ඒවා අත්විඳින්නට ඔබේ මුළු ජීවිත කාලයමත් මදි බව ඔබට වැටහේවි.’ එතුමා බි‍්‍රතාන්‍ය ගුවන් සේවාවේ ප‍්‍රකාශනයකට ශී‍්‍ර ලංකාව ගැන ලිව්වෙ එහෙමයි.

ශී‍්‍ර ලංකාව තරම් ලස්සන රටක් ලෝකයේ තවත් නෑ 

‘සමහර විට ලංකාවෙ ඇති ආකර්ෂණයන් ඉක්මවා යන දේවල් ලෝකයේ එක එක රටවල ඇති. පැරණි නටබුන් අතරින් කාම්බෝජයේ ඒවා මීට වඩා ආකර්ෂණීය ඇති. ටහිටි දූපතේ මීට වඩා ලස්සන වෙරළවල් ඇති. බාලි දූපතේ මීට වඩා දර්ශනීය තැන් ඇති. (ඒත් මට නම් සැකයි). තායිලන්තයේ මීට වඩා සුහදශීලී ජනයා ඇති. ඒත් මා නම් හිතන්නෙ නෑ මේ හැම ආකර්ෂණයක් ම ඇති වෙනත් රටක් ඇතියි කියලා මේ ශී‍්‍ර ලංකාව හැර.’ එතුමා මෙහෙම ලිව්වෙ 1970 දි ශී‍්‍ර ලංකාව ගැන ලියවුණු තවත් පොතකටයි.



උපුටා ගැනුම මල්කැකුළු අඩවියේ පූර්ණ අනුමැතිය සහිතව



16 comments:

  1. Rataka Jathika Prathiaththiya kiyala ekak thiyenna ona,ethakota balayata ena ayata thiyenne ema prathipathi matha niyamakarayen hama deyak idiriyata gena yamai.Lankave koheda,bulath vita kadayakvath hariyata karagann bari eun ,kudu karayo,mini maruvo,kappamkarayo,kondapatiyakvathpena bari vesavo eun danna vidiya eka eka eva venas karagana pissu kelinakota ratakata mokada venne?Harividiyakata rata karanavanam Lankava naraka naha.

    ReplyDelete
  2. Great post....
    I totally agree with you. We Sri Lankans most of the time wait till someone come do the work for us. We don't full fill our responsible but rather criticize others not doing there work. If we all can work hard and honest developing this country won't be that difficult.

    ReplyDelete
  3. ඔන්න ඔහොම මමත් හිතුවා වයස අවුරුදු පාලොහේදී විතර.. දෙයක හරි වැරදි දැකීමෙන් රට නරකයි කියල කියනවා කියා අදහස් කිරීම වැරදියි.. එහෙම හරි වැරදි දැකල කතාකරන ලියන මිනිස්සු එහෙම කරන්නේ රටට ඇති දැඩි ආදරය නිසයි..ඔය විදිහට හිතුවොත් අනගාරික ධර්මපාලතුමාටත් තිබුනේ කට වහන් නිකන් ඉන්න කියල හිතන්න වෙනවා. ලෝකේ ඉස්සරහට ගියේ හැමදේම තියන හැටියට පිළිඅරන් තමුන්ගේ පාඩුවේ ජීවත්වෙච්ච මිනිස්සු නිසා නොව වරද දැක එය නිවැරදි කිරීමට සටන් කල මිනිස්සු නිසා බව ලෝක ඉතිහාසය ඔප්පු කරනවා පැතුම්.. තමුන්ගේ උපන් රට ගැන ආඩම්බර වෙන්න ඕනා .ඒ ගමන්ම තමුන් දකින උත්තර දේශය දිහාට රට යනවා දකින්නත් ආසා කරන්න ඕනා. එහෙම කරනවා නම් වරද වරද විදිහටත් හරි දේ හරි දේ විදිහටත් දකින්න ඕනා.

    ReplyDelete
  4. This post reminds me of the song "Hakuna Matata". (http://www.youtube.com/watch?v=ejEVczA8PLU).

    Improvement does not happen until you recognize that there are things that need improvement.

    ReplyDelete
  5. සරත් සමග එකගයි.
    කියන විදියට නං "ඉක්බිති සියල්ලෝ සතුටින් ජීවත්වූහ" කියල කියන්න පුළුවන් සුඛාන්ත නාට්‍යක් වගේ. ඒත් ඇත්තටම ඒක එහෙමද?

    උදේ වැඩට ගිහිල්ල හවස ගෙදර ඇවිල්ල මොනව හරි රත්කරගෙන කාල ඉන්න කෙනෙකුට නං මොකුත්ම ප්‍රශ්නයක් නෑ. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ ඒ තරම් සුළු දෙයක් නම් ඇයි මෙච්චර කෑ ගහන්නෙ? නේද? ;-)

    මට තියන ප්‍රශ්න- රටේ නීතියක් තියනවද? සාධාරණයක් තියනවද? ඇහැට පේන තරමේ මහා පරිමාණ දූෂණ වංචා සිදුවෙනව, ඒවා නැවැත්වීමට ආන්ඩුවට යම් වැඩපිලිවෙලක් තියනවද? ඒව ආණ්ඩුවට කරන්න බැරි දේවල්ද? නැත්නම් ආණ්ඩු තියන්නේ ඒවට මැදිහත් වෙන්න නෙවේද? මිනිස්සු ලංකාවෙදි වැඩ නොකරන්නත් රට ගියාම මහන්සි වෙලා වැඩ කරන්නත් හේතුව මොකක්ද?

    "කාගෙ ආණ්ඩුව ආවත් මේව මෙහෙමම නේ සිද්ධ වෙන්නෙ" වගේ දේවල් නං මට අදාල නෑ. ඒවගේම ඔයා කියල තියන විදියට මම නං පාට කණ්නාඩි දාගත්ත කෙනෙකුත් නෙවේ.(අනෙක කොහොමද ඒ වගේ හැමෝම ගැන නිගමනයකට එන්නෙ?).

    තමන්ට හිමි අයිතිවාසිකම් තේරුම්ගත්ත මිනිස්සු සමාජයේ බහුතරය බවට පත්වූ දවසක මේ ප්‍රශ්න එකින් එක අඩුවේවි. එහෙම නැතුව "පොලීසියට අහු උනානම් ගුටිකන්න වෙනවමයි", "රස්සාවක් ගන්න ඇමතිතුමාට කඩේ යන්නම ඕන නේ" වගේ අදහස් තියන මිනිස්සු ඉන්න තාක් කල් රට හැදෙන්නෙ නෑ.

    ප.ලි- නිවාඩු ගැන ඔයා කියල තියන දේ මගේ දැනීමේ හැටියට වැරැදියි. ඕක ලාංකික සමාජයේ තියන දුර්මතයක්. මගේ නෑනයි මස්සිනයි ඉන්නෙ විදේශගතව. එයා එහේදි දරුවෙක් ප්‍රසූත කලා. එයාටත් අපේ රටේ රාජ්‍ය සේවයේදි වගේ පලමු මාස තුන පඩි සහිත නිවාඩුත් ඊට පස්සෙ අඩක් වැටුපකුත් හිමි උනා. සංවර්ධිත රටවල නිවාඩු තියනව ඕන තරම්. හැබැයි වැඩ කරන වෙලාවෙ හරියට වැඩ කරනව. එච්චරයි.

    ReplyDelete
  6. මාරයාගේ හෝරාව, :D

    Kenji. Japan, මම කියන්නේ ඔය විදියේ ප්‍රතිපත්ති වල අවුල් තියෙන පාලනයේ කුඩු කාරයො,හොරු,මිනීමරුවෝ ඉන්න එකම රට මේක නෙවෙයි නේ.. ඕනැම රටක දේශපාලනයේ ඔය වගේ චරිත ඉන්නවා...හැබැයි ඔය දියුණු යැයි සම්මත රටවල ඉන්න දේශපාලනය නොකරන පොදු ජනතාවගේ ආකල්ප අපට වඩා වෙනස් කියලයි මට හිතෙන්නේ...

    Chathurika Sandarenu,
    ඕක තමයි මමත් කියන්නේ... අපි අපේ ආකල්ප දියුණු කරගෙන තනි පුද්ගලය වශයෙන් දියුණු වීමට උත්සාහ කරනවනම් ඉබේම රට සංවර්ධනය වෙනවා..

    සරත් අයියා,

    අපි හැමෝම කරන්න හදන්නේ රට හරි පාරේ ගෙනියන්න හදන එකනේ... එතකොට කවුද රටේ දියුණුවට වැඩ කරන්නේ...?

    වැඩිපුර විදේශීය විනිමය/ආදායම ටිකක් ගෙනල්ලා තමන්ගේ පවුලේ 4-5 දෙනාව සතුටින් තියනව කියන්නෙ රටේ ජීවත් වෙන තව 4-5 දෙනෙක් ව අපි ගොඩ දානව කියන එක නෙවෙයි ද?

    ඔයාගේ යාළුවෙක් ආන්ඩුවටයි සමාජෙටයි බැන බැන ඔපිස් වල දවස ගෙවනවනම් ඔයා ඌට දෙන අවවාදේ මොකක් ද?

    අනගාරික ධර්මපාලතුමා වගේ තවත් නායකයෝ රටවලට ඕනේ.. ඒකේ කිසි ගැටළුවක් නෑ... අපි හැමෝම රටට ආදරේ කළාට ඒවගේ නායකයෝ කරපු තරම් කැපවීම් කරන්න යන්නෙ නෑනේ.. රටක ජනගහනයෙන් 1%ටත් අඩු පිරිසක් තමයි අවංකවම රට වෙනුවෙන් හෝ මිනිස්සු වෙනුවෙන් තම ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කරන්නේ... අනිත් 99%ක් විතර බොහෝ වෙලාවට කරන්නේ ඒ මිනිස්සු කියපු කරපු දේවල් මහ ලොකුවට වර්ණනා කර කර එහෙම නැති අයගේ අඩුපාඩු කිය කිය තමන් කරන්න ඕනෙ වැඩේ ටිකෙන් ටික කල් දදා ඉන්න එක...

    ඊට පස්සේ තමන්ගෙ පවුල් වල ප්‍රශ්න එනකොට එහි වරද දකින්නේ තමන් වැඩ නොකිරීම නෙවෙයි.. පාලනයේ හරි පද්ධතියේ හරි තියෙන වැරදි... ඊට පස්සේ 4 වටෙට බැන බැන ඇවිදිනව..

    මට හිතෙන්නේ අපි අපේ ආකල්ප වෙනස් කර ගත්තොත් රටට ආදරය කරමින් ,රටේ දියුණුවට වැඩ කරන්න පුළුවන්..


    රකිත, ඉස්සෙල්ලම දකින්න ඕනේ තමන් ගේ මොනවද හදා ගන්න තියෙන අඩුපාඩු කියල නේද?

    රාජ්,රටේ නීතිය සාධාරණත්වය එක රැයකින් වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.. නීතිය සාධාරණත්වය ගැන ප්‍රශ්න ඇතිවෙන්නේ රටේ මිනිස්සු අසාධාරණව තමන් ගෙ මහන්සියෙන් ජිවත් වෙන්න උත්සාහ නොකරන කොට... අපි උඹල කාගෙවත් දෙයක් කඩාවඩා ගන්නෙ නෑ නමුත් එහෙම කරන මිනිස්සු ඉන්නව.. එහෙම මිනිස්සු නැති ලෝකයක් කවදාවත් හැදෙන්නෙ නෑ..

    අයුක්තිය අසාධාරණය කියන එක 100% නැති වෙනකම් හෝ ඒ දේ 100% ගොඩ නඟන්න උත්සාහ කරනවට වඩා.. තමන්ගෙන් සහ අඩුම වශයෙන් තමන් එක්ක ඉන්න තව 4-5 දෙනෙක් ගෙන් ඒ අයුතු අසාධාරණකම් ලෝකෙට වෙන එක වලක්වන්න ට්‍රයි කරන එක ප්‍රයෝජනවත් නැද්ද..?

    වංචාව දූෂණයත් එච්චර තමයි... ඕක 100% නැති ආන්ඩුවක් හෝ රටක් කියල දෙයක් ගොඩ නඟන්න කියල කෑ ගගහ දඟලන එකද ප්‍රයෝජනවත්.. තමන් සහ තමන් ගේ ලඟම අය ඒවයින් වැලකිලා ජීවත් වෙන එකද වැදගත්..


    හැමෝම පාට වලින් තොරව බලන්නෙ නෑ තමයි.. එහෙම බලන්න ඕනෙත් නෑ.. ඔයා බලන්නෙ පාටින් ද නැද්ද කියන එක හිතල බලන්න උත්සාහ කරල නැද්ද...?

    "තමන්ට හිමි අයිතිවාසිකම් තේරුම්ගත්ත මිනිස්සු සමාජයේ බහුතරය බවට පත්වූ දවසක මේ ප්‍රශ්න එකින් එක අඩුවේවි" මෙන්න මේ බහුතරය වැඩි කරන්න ඕනේ ආන්ඩුවෙන් ද? තමන් ද?


    අපේ මිනිස්සු වෙලාවට වැඩ නොකිරීම සහ කම්මැලි කම (මමත් ඇතුළුව.. හික්)ට හේතුව විදියට මම නම් දකින්නේ පාලකයා විසින් අපට දිය යුතුයි කියල හිතාගෙන ඉන්න එක... බඩුමිල වැඩි උනාම විකල්ප ක්‍රම වලින් තමන්ගේ ආදායම වැඩි කරගන්න උත්සාහ නොකර පාලකය බඩුමිල අඩු කරන කම් බැන බැන ඉන්න එක නෙවෙයි ද අපි කරන්නේ..

    මම නම් අපේ රටේ තියෙන නිවාඩු ක්‍රමයට කැමතියි... මම අහල තියෙන ගොඩක් රටවල නම් ඔය නිවාඩු ප්‍රස්නේ තියෙනවා...

    ReplyDelete
  7. මේක ටිකක් සම්මතයෙන් පිට දැකීමක් වුනත් මටත් ඔහොම හිතෙන වෙලාවල් එනවා . අපේ සිස්ටම් එක දුෂිතයි තමයි . හැබැයි ඉතින් ඕක හදන්න අපි චන්දෙදි පාට මාරු කරනවා . ප්‍රතිපලේ ඒකමයි. තරුණ කාලෙන් සැහෙන් කොටසක් [ ඇතැම් විට වයසට ගිහිල්ලත් ] රට හරි පාරේ යවන්න අපි ට්‍රයි කරනවා . වැඩක් වෙලා නැහැ . කොල්ල කාලේ ළමයි හොර සහතික හදල ඉස්කෝලේ දානවට කෑගහන අය තමන්ගේ ළමය දාගන්න කාලේ ආවහම ඕන දහන් ගැටයක් දානවා . වියට්නාමේ බලන් ඉන්දෙද්දී දියුණු වෙනවා . [ ඒ කියන්නේ නගර ලස්සන වෙනවා , ලොකු බිල්ඩින් මතුවෙනවා .] හැබැයි බඩු ගණන් යනවා අහස උසට . හැබැයි ලෝකෙට ණය නැහැ අපි තරම් . ඇතුලේ මිනිසුන්ට අමාරුයි . මුකුත් නිකන් නැහැ . ඒත් කෑගහන්නෙත් නැහැ .D .

    මන් මේකේ අනික් පැත්තක් දකිනවා . මිනිස්සු සද්ද නොකරම හිටියම දෙස්පලුවෝ හොරෙන් කන එක එළිපිට කන්න පටන් ගනියි . ඒ හින්ද අපිට සිද්ධ වෙනවා කට්ටියක් කාගෙන කාගෙන යද්දී එය වෙනස් කරලා අලුත් කට්ටියකට කන්න ඉඩ සලසල දෙන්න .ඒක අපේ යුතුකම නොව .

    අපි හිතුවට අපි ප්‍රජාතන්ත්‍ර වාදී රටක් කියල සැබෑ ප්‍රජාත්නත්‍රවාදය කියන්නේ චන්දෙකින් පක්ෂ මාරු කරන එක නෙමේ . ස්ථාවර රජයක් තියෙන එක . ඒ රජය මොන පක්ෂෙන් වුනත් රාජ්‍ය ව්‍යුහය වෙනස් නොකර පවත්වා ගැනීම . අපේ සිස්ටම් එක තියෙනව රාජ්‍ය ආයතන ජාලය තුල . හැබැයි පක්ෂ වලට ඕන විදිහට එව්වා වෙනස් කරනවා .

    ප.ලි.

    මන් මේ දවස්වල ආස්ස්රය කරනවා ලෝක දේශපාලනය ගැන මහාචාර්ය වරියක් . උයන කන බොන එව්වා කතා කරන අතර ඔය වගේ දාර්ශනික අදහස් එහෙන් මෙහෙන් විසිවෙනවා

    ReplyDelete
  8. පැතුම් හේරත්,
    ඔයාට වැරදුන එක තැනක් තියනව. මම නං විශ්වාස කරන විදියට හෑම රටකම මිනිස්සුන්ගෙ වැඩි වෙනසක් නෑ. ඒත් ඒ මිනිස්සුන්ට යම් මගපෙන්වීමක්-එහෙම නැත්නම් වැඩ කිරීමට පෙලඹවීමක් කරන්න ඕන. උදාහරණයක් විදියට ආසියාවේ දියුණුම රටවල් අරගෙන බලන්න. සිංගප්පූරුව, මැලේසියාව වගේ රටවල් දියුණු උනේ හොද නායකත්වයක් තිබුන නිසා. ඒ රටවල දූෂණ චෝදනා නිසා හිරබත් කන නායකයන් කොච්චර ඉන්නවද? අපේ රටේ ඒ වගේ කී දෙනෙක් ඉන්නවද? :-)

    පිලිගන්න කැමති නම් පිලිගන්න මම දෙන්නම් උදාහරණයක්.
    ඔන්න ගෙදරක ඉන්නව හරක් රංචුවක්. මේ හරක් හරියට පාරෙ යන්න දන්නෙ නෑ, වෙලාවට තණබිමට යන්න ගෙදරට එන්න දන්නෙ නෑ කියමින් උන් හැදෙන්න ඕන කියල මතුරමින් ගොපල්ල කාලය ගත කලොත් හරියයිද? එයා හරක් ටිකට පාරෙ යන්න පුරුදු කරන්න ඕන. උදෙන්ම තණ බිමට යන්නත් හවසට ගෙදර එන්නත් පුරුදු කලොත් මෙහෙයවීමක් නැතුවම උන් ඒ දේ කරයි. හරකුන්ට වරද පටවමින් හිටියොත් කවදාවත් වැඩේ කෙරෙන්නෙ නෑ.

    දැන් අතුරු ප්‍රශ්නයකුත් මතුවෙනව. එතකොට ආණ්ඩුවක් කියල දෙයක් මොකටද? අපි ජනතා නියෝජිතයො කියල කට්ටියක් පත් කරන්නෙ ඇයි? :-)

    ReplyDelete
  9. මගේ ජීවිතේදී මං ඉගෙනගත්ත වැදගත් දෙයක් නම් හැම කෙනක්ගේම මත අදහස් පිළිගැනීම් සන්නද්ධ වෙන්නේ ඒ කෙනාගේ අත්දැකීම් හා ඒ ඒ දේ ගැන ඇති දැනුම් සම්භාරය මතයි කියල ඉතින් අපි දෙන්න දෙපොලක ඉඳන් වාද කිරීමේ තේරුමක් නැහැ.. පැතුම් වගේ හිතපු කාලයක් මටත් තිබුනා. කොහොමටත් අනිත් යට බාර කරමුකෝ වාදය. මේ වගේ තීරුවක වචන කීපයකින් මේ වගේ බරපතල කාරණයක් විග්‍රහ කරන්නයාම මහා අසීරු දෙයක්..

    ReplyDelete
  10. //මම හිතන්නේ රටක ජීවත් වෙන්න රටේ දේශපාලනය එතරම් වැදගත් නෑ.. //

    ඔබගේ ලිපියේ සාරංශය ඔය වාක්‍යයේ තියනවා කියල හිතනවා . ඒක මම නම් කිසිසේත්ම එකඟ නොවෙන කථාවක් . සම්පූර්න ලිපියේ අදහස ගැනත් එච්චරයි . ඒ ගැන අදහස් දක්වන්න ගියොත් ඉතා දිගු වාදයකට යන්න සිදුවත් ඒ වැඩේ මේ දවස් වල ටිකක් අමාරුයි .

    අපි ඉන්නේ කොහොමටත් ආසියාවේ ආශ්චර්යයේ නිසා ඔය මොකුත් හිතන්නේ නැතුව දෙන දෙයක් කාගෙන වෙන දෙයක් බලාගෙන ඉන්න එකයි තියෙන්නේ !

    ප.ලි - කැමති නම් දෙන දෙයක් කාල සිටීම සහ කැමති දෙයක් කාල සිටීම අතර වෙනස සහ ඒ ගෑන රටක දේශපාලනය ගැට ගැහෙන හැටි කල්පනා කරල බලන්න ! බොහොම සරලව

    ReplyDelete
  11. බින්දි අක්කේ - වියට්නාමේ ආර්ථිකයට සාපේක්ෂව උද්ධමනය සහ අපේ රටේ තත්වය ගොඩක් වෙනස් .දල ජාතික නිශ්පාදිතයෙන් විදේස් ආයෝජන වල වටිනාකම් අනුව රටවල් පිලිබඳ සංසන්ධනයක් මේ මැතකදි කියෙව්වා(ලංකාව චීනය ඉන්දියාව වියට්නාමය සහ තව රටක් ඇතුලත් ) . තනි ඇහැට ඇඬෙනවා ඒක කියෙව්වාම

    ReplyDelete
  12. තව කාරණයක් , හැබැයි ඉතින් ගිණිකොන දිග ආසියානු රටවල් බොහොමයක දියුණුවත් එක්ක මිනිස්සුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතීන් උල්ලංඝනය වීම් තියන බව දකිත්දි ලංකාවේ ඉබි ගමන නරකම නැහැ ඉදිරියටත් අවම වශයෙන් මේ තත්වයවත් පැවතෙනවා නම් .

    ReplyDelete
  13. බින්දි,

    මම කියන්න හදන්නෙ අපේ රට අනික් රටවලට සාපෙක්ෂව නරක තැනක් නෙවෙයි කියන එක..ඒ ඒ රටවල් වලට ආවේනික ප්‍රශ්නත් එක්ක රටවල් ඉදිරියට යනවා... අපි විසින් ම අපේ රට 2කොලේට දාල කෑගහන්න තරම් සාධාරණ හේතු තියෙනව කියල මට නම් පිළිගන්න අමාරුයි...

    රාජ්,

    නායකත්වයක් ඕනේ තමයි..අපේ රට අරාජික වෙලා නෑනේ.. ඉන්න රජාගෙ අඩුපාඩු ඇති... කලින් හිටපු රජවරුන්ගෙත් කුණු තිබුණනේ ඕනෙ තරම්.. එන එන රජාගේ අඩුපාඩු හොය හොය රජා මාරු කරන්න දඟලන එක ද හොඳ නැත්නම් තියෙන ක්‍රමය තුළ තම තමන් උත්සාහයෙන් නැඟී ඉන්න එක ද වඩා හරි යන්නෙ.. ඔය අදහස් වලින් කියවෙන්නේ හොඳ නායකයෙක් ඇවිත් අපිව පස්සෙන් දක්ක දක්ක දියුණුවට එක්කන් යනකම් අපිට මොකුත් කරන්න බෑ කියන එක ද?


    හික් මචං ඇයි අපි අපිවම මී හරක් ගේ තත්වෙට දාගන්නේ.. අපි මීහරක් වගේ කවුරු හරි පස්සෙන් එලෝලා හරි පාරට දානකම් මොකුත් නොකර ඉන්න එක ගැන තමා මම දිගටම කිව්වේ...

    ජනතා නියෝජිතයෝ පත්කරල එයාලාව උඩ යවල අපි බලාගෙන්අ ඉන්නවා එයාල අපිට කරනකම්... රට රටවල් හැදිල තියෙන සහ ඉතිහාසේ සිද්ධ වෙච්ච දේ නිසා හදා ගත්ත පද්ධති වල අවුල් තියෙනව කියන එක අපි හැමෝම දන්නවනේ.. ඒ අවුල් දැන දැනත් අපි හැමදාම කරන්නේ එකම දේ නෙවෙයි ද? අවුලක් තියෙනවා ඒ අවුල නිරවුල් වෙනකම් අපිට මොකුත් කරන්න බෑ කිය කිය ඉන්න එකට වැඩිය දෙයක් අපිට කරන්න පුළුවන් කියන දේ තමයි මම කියන්නේ..

    සරත් අයියා,

    ඒක මම පිළිගන්නවා.. මම ඔයාගෙ වයසට එනකොට සමහර විට මේ රට වෙනස් කරන්න ඕනේ කියල මටත් හිතෙයි... හැබැයි මම රට වෙනස් කරන්න කියල ඔය කැමති පක්ෂෙකට ඡන්දෙ දීල බලන් ඉන්න එක ඇර වෙන මොකුත් ඒ කාලෙදිත් කරන එකක් නෑ... හැබැයි මම මගේ පවුල සහ අවට ඉන්න තව කීප දෙනෙක්ගෙ සමාජ ආර්තික තත්වෙ දැන් තියෙනවට වඩා ටිකක් හරි ඒ කාලේ වෙද්දි ඉහල දාගන්න එක වෙනුවෙන් නම් මොනව හරි කරයි...

    බුවා, මම කියන්නෙ කැමති දෙයක් කාල ඉන්න දේශපාලෙන් ඒක අපිට දෙනකම් ඉන්න ඔනේ නෑ කියන එක... තමන් කැමති දේ කන්න තමන් මහන්සි වෙන්න ඕනේ.. තමන් කැමති දේ අනුන් අපිට කන්න දෙන කම් බලා ඉන්න එක නේද අපි දේශපාලනේ කරනව කියල කරන්නෙ..

    ReplyDelete
  14. අව්වට කොණ්ඩේ ඉදිච්ච ඈයන්ට ඕක තේරෙන්නේ නෑ. උදේ ඉඳන් රෑ වෙනකල් රටේ ලොඉකේ දේ ගැන විචාරය විතර්කය. අරකිව්ව වාගේ ගෑදර ගෑනිට පොල් ටිකක් ගාල දෙන්නේ නෑ. මෙව්ව බයිල කතා. ඔක්කොටා ඕනේ රට හදන්න එකෙකුටවත් ඕනේ නෑ වෑඩක් කරන්න. එකෙක් තව එකෙක් ගොඩදාපල්ල ජීවිත කාලෙදි, 50% ක් ද 100% ද ගොඩ එතකොට? අනුන්ට අතනොපා ඉන්න තනියෙන් හිටන් ඉන්න හෑම මිනිහම උත්සාහ කලාම තමන් අදහන ආගමකිනුත් උපදෙසක් අරගෙන. කාලය ඉතිරි නම් මොනව හරි නිර්මානයක් කරපල්ල. ස්වර්ග රාජ්ජයක් හොයනවා කොහෙවත් නෑති. "මෛත්‍රීපාල සිරිසෙන" තමා

    ReplyDelete
  15. this is a very babyish post

    ReplyDelete