Friday, May 25, 2012

අයියලාවත් දන් දුනෙමි

දන් දීම නිකං දීම තෑගි දීම පිනට දීම අපි හැමෝම නිතර කරන දෙයක් නේ... වැඩි වැඩියෙන් දන් දෙන්න හැමෝම කැමතියි... කලාතුරකින් කෙනෙක් ඇරෙන්න යම් දෙයක් කෙනෙකුට දීමෙන් සතුටු නොවන කෙනෙක් නෑ..

සතුටු වෙන්නේ අවංකවම අත්හැරීම නිසා දැනෙන සැහැල්ලුව නිසාද අනිත් කෙනා තමාට වඩා අසරණ නිසා ඒ පුද්ගලයාව සතුටු කිරීමට තමාට හැකිවීම නිසා ද සියුම් විදියට හිත යටින් බලාපොරොත්තු වෙන උසස් බව ලබා ගෙන සතුටු වීමට ඇති ආසාව නිසා ද යන්න එතරම් වැදගත් නොවුනත් දන් දීම නිසා ඕනෙම කෙනෙක්ගේ හිතේ පොඩි සතුටක් දැනෙනවා...

මමත් ඉතින් පොඩි කාලේ ඉඳලම මගෙ ලඟ තියෙන එක එක දේවල් ඔය කාට හරි දීල දාන්න හරි කැමතියි... සෙල්ලම් බඩු,ඉලෙක්ට්‍රොනික් සර්කිට් කෑලි, පොත්, මැගසින්, සඟරා, ස්ටිකර්,චිත්‍ර ඕවා තමා පොඩි කාලේ දන් දුන්නේ.. (ලෝක ප්‍රසිද්ධ වෙච්ච සමහර ධනවතුන් වගේ පොඩි කාලේ ඉඳලම තියෙන දෙය යොදාගෙන යමක් උපයා ගැනීමට වඩා තියෙන සියල්ල නැති කර ගැනීමේ උපන් හැකියාව සහිත වීම නිසා වෙන්න ඇති)..

පස්සේ කාලේ කොම්පුටර් දන් දීම කළා... මුලින් ම තාත්තයි අම්මයි අරන් දුන්න එක එක්කෙනෙකුට දන් දුන්නා.. පස්සෙ මම පඩි අරන් හදා ගත්ත එක ආයේ දන් දුන්නා... ඊට පස්සේ ගත්ත ලැප්ටොප් එකත් දීල දැම්මා... ( මටම කියල කොම්පියුටරයක් නෑනේ හැබෑටම.. දැන දුවන්නේ කොම්පැණි ප්‍රොපටි වලින්...)  බයික් එක ගත්තම ඒ වෙනකම් පැද පැද පට්ට ගහපු බයිසිකල් එකත් දීල දැම්මා..  කාර් එක ගත්තට පස්සේ බයික් එක දීල දාන අදහස නම් ගොඩක් සැරයක් ඔලුවට ආවා... තාම දුන්නෙ නෑ... කාර් එකෙන් විතරක් ගොඩ දාන්න අමාරු ගමන් බිමන් තියෙනවනේ... (බට්ටි නංඟි නම් උඩින්ම කැමතියි මම බයික් එක කාට හරි දීල දානවට.. මමනේ දන්නේ කාර් එක එහෙ මෙහෙ පාර්ක් කරන්න ගියාම කන්න වෙන කට්ට..)

මේ ළඟදි මම තවත් මහා දානයක් දුන්නා... එකට වැටිල දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන අයියයි මල්ලියි වගේ කාලයක් තිස්සේ හිටපු හෙලිකොප්ටර් අයියාව මම දීල දැම්මා... ඇත්තටම කිව්වොත් මුලින් ම ගත්ත  එකයි... ඊට පස්සේ ගත්ත එකයි දෙකම දුන්නා...

මුලින් ගත්ත එක මා වැනි ම පිස්සුවක් සහිත රුවන් මාමාගේ හිතසුව පිණිසද.. දෙවැනි එක මට වගේම පොඩි කාලයක් හිමි... බට්ටි නංඟිලාගේ පවුලට හිතවත් රත්නපාල අයියාගේ පුතාගේ සතුට පිණිස ද වශයෙන් දීල දැම්මා...




අයියා දන් දීමට පෙර දින රාත්‍රියේ මල්ලී සම්ඟ ගත් අවසන් පොටෝ කිහිපය

ඇත්තටම මගේ හෙලිකොප්ටර් උණ දැන් සනීප වෙලා... ගේ ඇතුළේ ඉඳන් යවන්න කියල හිතාගෙන මේ ලඟදි ගෙන්න ගත්ත හෙලිකොප්ටර් මල්ලියා හරියට වැඩ කරන්නේ නැති වුණාට පස්සේ නිකං කම්මැලියි වගේ.. (සෝරෝට ඇමතුමක් දීල උපදේසයක් ගන්නවත් හිතෙන්නෙ නෑ වගේ...) මේ සතියෙවත් ආයේ ට්‍රයි එකක් දීල බලන්න ඕනේ...

ඔන්න ඔහොම තමා ඉතින් මගේ දන් දීම්... මේ ඊයේ පෙරේදා ගත්ත ඩී.ඇස්.ඇල්.ආර් කැමරාවටත් ඔය ආනිසංසෙම වෙයි තව ටික කාලෙකින්.. හික්ස් බිකිස්...

ඉස්සර මට කොම්පුටරයක්, මේ වගේ හෙලිකොප්ටර් ,සෙල්ලම් බඩු සහ ආස හිතෙන තව එක එක දේවල් ගන්න බැරුව ගෙදර ඔහේ ඉන්න වෙලාවට අනන්තවත් හිතිල තියෙනවා මට ඒව අරන් දෙන්නවත් කවුරු හරි හිටියනම් කියල... එහෙම කවුරුවත් නෑ කියල ෂුවර් එකටම දැන දැනත්..  දැනුත් ඉතින් එහෙම හිතන පොඩි එවුන් ඕනේ තරම් ඉන්නවනේ... එහෙම කරන්න බැරි දෙමව්පියොත් ඕනෙ තරම් ඉන්නවනේ... ඉතින් එහෙම හිතෙන පොඩි එකෙකුගේ හීනයක් හීනියට හරි සැබෑ කරල පොඩි ආතල් එකක් ගන්න එක වරදක් නෙවෙයි නේ...

රස්සාව කරල ගෙවල් දොරවල් හදාගෙන යාන වාහන අරගෙන තව අමතර ආදායම් මාර්ග හදාගෙන සල්ලි කාරයෙක් උනාට පස්සේ දාන දීල නැති බැරි අයට උදව් කරල පින් කම් කරල ඉන්නම් කියල කල් දාන්නෙ නැතුව දෙන්න හිතෙන වෙලාවට දීල ඔන්න ඔහේ පාන් කෑල්ලක් කාල ඉන්න එක හෙන ආතල් මට නම්...

7 comments:

  1. දෙන තරමට ලැබෙනවා,,,,

    කට කහනවට වගේ එහෙම කිව්වට ඒකෙ ඇත්තක් තියෙනවා කියලමයි හිතෙන්නේ

    ReplyDelete
  2. හරි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන්
    දනට පිනට දුන්නේ මං
    හිතේ මනාපෙන්න්න්න්න්........... කිව්වාලු

    ReplyDelete
  3. mee godaya,
    කතාව ඇත්ත... එකේ දෙකක් නෑ.. හැබැයි ලැබෙන විදිය අපි බලාපොරොත්තු වෙන ව්දිය නොවෙන්න පුළුවන්...

    රන්දිල්, හි හි.. මුලින් මුලින් දුන්නේ අම්මල තාත්තල හම්බ කරපුවා.. හික්..

    ReplyDelete
  4. අයියා දවසක තංගල්ලේ එන්නකෝ..

    කොහොමත් ඔය තියෙන හෙළිකොප්ටර් දෙක යවන්න අමාරුයි..

    මේ ළඟදි දවසක චතුරංග(ලාංකීයේ)ත් කථා කලා පොරත් තව පොඩ්ඩෙන් ගන්න හැදුවේ ඔය වගේ එකක්..

    ReplyDelete
  5. මේක කියවද්දි මට මතක් උනේ... අපිට හිතවත් ගෙදරක අයිය කෙනෙක් එයා ගාව තිබ්බ පුංචි පුංචි සෙල්ලං කාර් තොගයක් මං පොඩි කාලෙ මට දුන්න මතකයි. (අර පස්සට ඇදල ඇදල අතෑරියාම කෙළගෙන යන්නෙ, අන්න එව්ව) මට අරං දීල තිබ්බ කාර් දෙක තුනත් ඒව වැඩ කරන හැටි බලන්න කෑලි ගලවල ආයෙ තිබ්බ විදිහට අටවගන්න බැරුව හිටිය මට, ඒක නිකං හතරමහා නිධානෙ පහල උනා වගේ.

    ඒ වගේ තව කෙනෙක් සතුටු කරන්න පුළුවන් එක මහ පිනක්. දෙන්න හිතෙන වෙලාවට දෙන්න ඕනෙ කියන එක මසුරං කතාව. සමහරු ඉන්නවනෙ දං දීල, ඊට පස්සෙ ඒකට මොකද වෙන්න කියල හොය හොයා ඉන්න අයත්. :D පැතුම් අයියට පිං බෝයි ඕං!

    ප.ලි.
    අර ඩීඇස්ඇල්ආර් එක දං දෙනව ඕං මං කියන්නං ඉතාම අසරණ අහිංසකයෙක් ඒක දෙන්ඩ. :P

    ReplyDelete
  6. කියෝපු ගමන් හිතට ආවේ රන්දිල් ගේ කොමෙන්ටුවමයි!

    පොඩි කාලේ කියෝපු පොතක මෙහෙම යමක් තිබ්බා

    "අපට දෙයක් වටින්නේ ඒ දෙය නැතිතාක් පමණයි - එතකොට එහෙමනම් වඩා හොඳ, ඒ දේ ඇති එකද නැති එකද?"

    ReplyDelete
  7. මචෝ පැතුම් .... මම දන්නේ නෑ නේ උඹ බ්ලොග් එකක් කරනවා කියල! මම නම් මේ අද ඊයේ වැඩේට බැස්සේ! හැබැයි උඹ නම් Experience පොරක් වගේ නේද? මම නම් ඉතින් මේවට තාම කිරි කෝඩු! සිරා සිරා ... ඔහොම යමු!

    ReplyDelete