Tuesday, November 01, 2011

අපි Time Travel කළ හැටි...

අපව අනාගතයට රැගෙන ගිය අපූර්ව සිදුරේ කතාව...

                        කාල තරණය.... කරන්න පුළුවන් වැඩක් ද? පුළුවන්...  හික් හික්...  බ්ලැක් හෝල් වලින් ඕක කරන්න පුළුවන් ලු නේ... හික්.. ඉතින් මේකත් ලාවට බ්ලැක් හෝල් එකක් නේ.. මේකෙනුත් ඕක කරන්න පුළුවන්... අපි කොළා....

                        හරි කොහෙද ඔය හිල තියෙන්නෙ...? අන්න දැන් මම මේ හදන්නේ ඕක තියෙන තැන ගැන කියන්නයි...... මේකෙන් කාලතරණය කළ අය මේ අවටත් ඉන්නව ඇති... විස්තර ටිකක් කියනකොට සමහරුන්ට මතක් වෙයි...

                        මේක තියෙන්නේ ගම්පහ බණ්ඩාරනායක ඉස්කෝලේ විද්‍යා අංසෙ 2වෙනි තට්ටුවේ 12 E /12 F කියන පංති දෙකෙන් එකක (මතකෙ පොඩ්ඩක් අවුල්) සිවිලිමේ.... ඒ කියන්නේ කොන්ක්‍රීට් එක විදපු හිලක්...ඉස්කෝලේ මල්ලිල ඉන්නවනම් පොඩ්ඩක් ගිහින් බලන්න තාම ඇති... දැනට අවුරුදු 2කට විතර කලින් නම් තිබ්බා...(මම මේක ගන්න කොට)

                        1999-2000 වගේ කාළේ ඒ කියන්නේ මම උපෙ කරපු කාලේ අපේ ඉස්කෝලේ තිබුණ හෙන ප්‍රදර්ශනයක්... 80 වෙනි හෝ 85වෙනි හෝ 75වෙනි හෝ වගේ හෙන ප්‍රදර්ශනයක්...(හරියටම මතක නෑ) අපි හිටියේ 12B එකේ... ගනන් අංසේ.. ප්‍රදර්ශනේ ගැන නිවුස් එක කිව්වහම අපිත් මොකක් හරි කරන්න එපෑ කියල කස්ටිය හිතන්න පටන් ගත්තා....

                         වටේ පිටේ උන්ගේ අදහස් හොරකම් කරන්න බැලුවා.. එහා පංතිය ඒ කියන්නේ 12A එකේ උන් ඩයිනෝසරයෙක් හදනවලු.... අපිට කොහොමත් ගේම තිබ්බේ උන් එක්ක විතරයි.... බයෝ ක්ලාස් වල උන් එක්ක අවුලක් තිබ්බේ නෑ.. ගණන් කරන උන්ට හිටියේ අපේ පංති 2ක විතරද කොහෙද... 12C එකේ උන් නම් මොනව කලා ද මන් ද.... මතකත් නෑ...

                           එක එකා එක එක අදහස් කියනවා....එහා පැත්තේ ඩයිනෝසරයට ඉන්න කැලෑවක් හදමු.... අපිත් හදමු තව ඩයිනෝසරයෙක්.... කාර් එකක් හදමු ද? අඩෝ සිරාවට කාර් එකක් හදමු... හොඳට රවුම් කරපු කැබ් එකක් වගේ එකක්... ඒක හරි යන් නෑ... එෆ්.එම් චැනල් එකක් කරමු... අපෝ ඒක වැඩක් නෑ... ඒව චාටර් වැඩ නේ බන්...  හරි සිරා වැඩක් තියෙනවා.... අපි හදමු ගුවන් විදුලියේ විකාශය පෙන්නන එකක්.... ඒ මොකක් ද %#&@##@@#තෝ ඒ... කොහොමද එහෙම ඒව හදන්නේ...  හරි මෙහෙමයි... අපි මුලින් ම හදපු රේඩියෝ එකේ ඉඳන් දැන් වෙනකම් තියෙන රේඩියෝ ගැන විස්තර ඔක්කොම තියෙන කුටියක්... හප්පා ඕව වැඩක් නෑ ඕයි... මොකක් හරි වැඩ කරන එකක් හදන්න ඕනේ... ඔය කුටි බලන්න මිනිස්සු එන්නෙ නෑ... අනේ තොපි වගේ මෝඩ %&$#@$#$ලා එක්ක මේක කරන්න බෑ...

අදහසක් නෑ.. කට්ටිය සී සී කඩ....

හවස ඉතින් සුපුරුදු පරදි ගෙදෙට්ට වෙලා කාටූන් එකක් බලාගෙන ආතල් එකේ ඉන්නවා.... මොන පාඩම් ද අනේ...පිස්සු ද මන් ද...ඔන්න කාටුන් එකේ පෙන්නනව සිරා සීන් එකක්... එකේ ඉන්න එක බුවෙකුට තියෙනව පොඩි අමුතු ගැජට් එකක්.. ඒකෙන් පොරට පුළුවන් ඕනේ වෙලාවට අතීතෙට අනාගතේට යන්න... (කාටුන් එකේ නම මතක නෑ... හෙන ප්‍රසිද්ධ එකක් නම් නෙවෙයි ද කොහෙද)

ඕං ඉතින් නැනෝ මීටර් වෙලා තිබ්බ මගේ මීටරේ පොඩ්ඩක් වැඩ කරන්න ගත්තා... මේ තියෙන්නෙ පට්ට අදහසක්... ගත්ත කොලයක් ගැහුව ප්ලෑන් එකක්... හෙට එලිවෙනකම් ඕං නින්ද ගියෙත් නෑ...

අඩෝ මේ අපි හදමුද ටයිම් මැෂින් එකක්... හුටා.. මේ %#$#$#$ ට මේ මොකක් වෙලා ද කොහොමද බන් ටයිම් මැෂින් හදන්නේ... මේකයි අදහස... අපි හදමු පොඩි මැෂිමක්.. එක්කෝ අනාගතේට හරි අතීතෙට හරි යන්න පුළුවන් විදියට... එල... ඒක නම් එල...  අතීතෙට යවල අරුන්ගේ ඩයිනෝසරයට ගේමක් දෙමු... කොහොමත් ඔය ඩයිනෝසර්ලව වඳ කරන්න ඕනේ... එල මම කැමතියි ඒ වැඩේට...

අතීතේ වැඩක් නෑ බන් අනාගතේ හදමු... සිරා ඒව ටිකක් හදන්න පුළුවන්... එල එල... ඔව් ඔව් අතීතය සිහිනයක් පමණායි.......... හරි දැන් කොහොමද මැෂිම හදන්නේ... හික් හික්... පොඩ්ඩක් හිටු...  මෙන්න ප්ලෑන.... යකඩෝ මේ මොකක් ද මේ... අඩෝ මේ බලපල්ලා මූට මඤඤං ද කොහෙද... අඩෝ අඩෝ ඒක සිරා... මේ වගේ එකක් හදමු... එල එල...

අයිඩියාර් එක සහ ප්ලෑන කට්ටියට අනුමත වුණා...

වැඩේ කෙරිච්ච හැටි.... අද කරපු වැඩ ගැන සුද්දට මේල් එකක් දැමීමෙන් පසුව බලාපොරොත්තු වන්න..
------------------------------------------------------------------------------------------------------------
ඊට පස්සෙ තිබ්බේ ප්ලෑනට අනුව යන්තරේ හදන එක...  මට ඕනෙ වුණා සිරා ඩෑෂ් බෝඩ් එකක් හදන්න.. ඒ කියන්නෙ ඔය ප්ලේන් වල / ස්පේස් නැව් වල තියෙනව වගේ කෑලී බෑලී ගොඩක් තියෙන බොරු ෂෝ එක උපරිමෙන් තියෙන ඩෑෂ් බෝඩ් එකක් හදන්න... මම ඉතින් ඒක බාර ගත්තා...

ඊට පස්සේ සීන් එක තිබ්බේ කාල තරණය කරන අයට අමුතු විදියේ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුලුවන් විදියට යන්තරේ හදන එක... ඒකට විසේසන්නයෝ හෙනට සැට් වෙලා හෙන සාකච්චාව... අපි මේක රවුමට හදමු හදල මිනිස්සු ඇතුළට දාල කරකවමු... අම්මට හුඩු අන්න අදහස... යකෝ අනාගතේට යන උන්ට කැරකිල්ල හැදෙනවනෙ බොල එතකොට... හරි ඩෝ ඉතින් එහෙම තමා අනාගතේට යන්නේ උඹ හිතුවද බස් එකේ යනව වගේ අනාගතේට යන්න පුලුවන් කියල...  එල එහෙම කරමු... ඒක නෙමේ හෙන මෝටරයක් ඕනේ නෙ බන් කරකවන්න...  අවුලක් නෑ... වෙසක් කූඩු කරකවන සිස්ටම් එකට කරකෝමු... මං දෙන්නං බාන්ඩයක්... එල එල...

දවස් 2-3ක් යනකොට අනිත් පංති වල උන් කොරේ කොර... උන් මේ බාලාංස වැඩ කරනකොට අපි ටයිම් මැසිමක් හදනව කියල උන්ට කාල ඉන්න බෑ.... 

අපේ පන්ති බාර සර්ට නම් අපිව තඹේකට විස්වාස නෑ... කිංඩි හිනාවක් දාල කරන්න පුලුවන් උනොත් හොඳා කියල ඕනේ දෙයක් තියෙනවනම් කියනවල කියල කිව්වා..

අනේ ඔය #$ බර්ටිය දන්න බම්බුව... සර්ගේ ගුණ වර්ණනාව

මචං මේ මම ලයිට් වයර් ඔතන තඩි රවුමක් හොයා ගත්තා ඒක හොඳයි බේස් එකට(මහා මාර්ග වල ප්‍රධාන විදුලි වයර් ඔතන අඩි 4-5ක් විෂ්කම්භය ඇති දැව රෝදයක්)... මෝටරේකුත් හම්බ වුණා... එල එල... සංජීවයා අවංකවම වැඩේට හෙනම දස්සයා බව අපි හැමෝම ඒකමතිකව පිළිගෙන තිබුණි..

මචං මේ මේක හයි කරන්න මෙහෙම බෑ... මේක උඩට මිනිස්සු නැග්ග ගමන් එන බර මෝටරේට දරා ගන්න අමාරුයි...  කෙලිය නේද තාප්පෙට දැන් මොකො කරන්නේ... ලොකු මෝටරයක් හොයා ගන්න වෙනවා...

යකෝ මම මේ මෝටරෙත් ණයට ඉල්ලං ආවේ... වෙන ඒව නෑ හොයන්න... කට්ටියම ආයි ඉතින් උඩ බලාගෙන කම්පනාවට වැටුනා... මේ මෙහෙම වැඩක් කරමුද ? කොහොම වැඩක් ද? තොගේ මේ බම්බු ටයිම් මැෂිමක් හදන්න ගිහින් අපි කන කට්ට අනේ තෝ... හරි යකෝ ඕක මෙහෙම කරමු... මිනිස්සුන්ව කැරකෙව්වත් මිනිස්සුන්ව කෙලින් තියල බිත්තිය කැරකෙව්වත් දෙකම එකයි නේද?  ඈං... වටේ කරකවන්න... අඩෝ අඩෝ එහෙම කරමු... ඒක එල අදහස... කෝ මට තේරුණේ නෑ ආයේ කියපං බලන්න... එල එල දැං තේරුණා... ඒක මේ මෝටරෙන් කරන්න පුළුවං

මේ අඩෝ දැන් මැසිම හැදුව කියමුකෝ කෝ පෙන්නන්න අනාගතයක්... අඩෝ පැතුමෝ කෝ යකෝ අනාගතේ..? මේක නැඟල ගිහින් තොගේ @!%&# ද පෙන්නන්නේ..

ආයේ සාකච්චාව... සම්පූර්ණ ප්ලෑන මේකයි... ඇතුල් වෙනකොටම තියෙනව උමගක්... උමග ඇතුලෙන් ගිහින් නගිනව යන්තරේ ට ඒක ටිකක් කරකෝල කට්ටියව අනිත් පැත්තෙන් බස්සනවා... බස්සපු ගමන් තියෙන්නෙ අමුතුම ලෝකයක්... එහෙන් මෙහෙන් බිල්ඩිං හදල ලයිට් දාල එක එක ව්දියේ අමුතු රූප දාපූ විකාර ලෝකයක් අපි හදන්න ඕනේ... කට්ටිය කට ඇරගෙන.... හරි යන උන් ආපහු මේ ලෝකෙට එන්නෙ නැද්ද? උන් ව ආපහු යන්තරේට නග්ග ගන්නේ කොහොමද? ඒකට මේකයි කරන්න ඕනේ... අපු හදමු බ්ලැක් හෝල් එකක්... $%$#%$# යි කිව්වලු කොහොමද %@#$%@යෝ එහෙම එකක් හදන්නේ... ඒක ලේසියි බං... අපි කලු පාටින් තව උමගක් හදමු... ඒක තමා බ්ලැක් හෝල් එක... එල එල ඒක එල... මැට්ට උනාට උඹටත් යමක් කමක් තේරෙනව නේ... 

ඔන්න දැන් ප්‍රදර්ශනේ දවස් ලං වෙලා... අපි දිවා රාත්‍රී වැඩ... 

අපිට හම්බ වෙච්ච පංතිය තමා 12 E /12 F දෙකෙන් එකක්... දැන් ගිහින් උමං හදල යන්තරේ අටෝල හෙන වැඩ... ඔක්කොල වැඩ ඉතින් වහගෙන නේ.. අනිත් උන් සැරෙන් සැරේ එබි එබි බලනවා... හික් අපිට පට්ට ආතල්.. සර්ල ටීචර්ලත් ටිකක් අවුල් ..මුන් මොකක් ද මේ කරන හරුපෙ කියල... A පංතියෙ උන්ගේ ඩයිනෝසරයත් ඒ වෙනකොට හැදිල හැබැයි උගේ ඔලුව ජපන්,කඳ ජර්මන් වගේ... 

ඊට පස්සේ ගේම තිබ්බෙ අනාගතේ හැදිල්ල... මට ඒ දවස් වල ඉඳන් තිබ්බ විද්‍යා ප්‍රබන්ධ පිස්සුව නිසා ඔළුවේ එක එක දේවල් තිබ්බ.. අපි හැදුව හඳට යන සෝපානයක්.. ඊට පස්සේ ඉබේ ගමන් කරන පාරක්... ඊට පස්සේ අනගත ලෝකේ තියෙන්න පුළුවන් ගොඩනැඟිලි ,වාහන... හිතෙන හිතෙන විදියේ එක එක දේවල්...

රෑට රෑට ඉස්කෝලේ ඉන්නකොට මද පමණින් කට්ටිය සප්පායං එහෙමත් (මම නං ඒ කාලේ සිටං අමද්‍යප) වෙනවනේ...ඒ කාලේ අපිට කොම්පුටර් තිබුනේ නෑ.. එකම එකක් තිබ්බ වැද්ද ලඟ .... වැද්ද ඒක ගෙනාපු නිසා කට්ටියට හෙන ආතල්... වයසත් එතකොට 18ට වැඩියි නේ...

කට්ටිය හෝ ගාල වැඩයි,වැලයි ඔක්කොම ඉතින්.. ඒ අතරේ දැං අනාගත ලෝකේ භාෂාව කොහොම වෙයි ද කියන ප්‍රස්නෙත් අපේ එකෙකුට ආව... ආර්ට් එකේ හරි කොමස් එකේ හරි හිටපු නදීකයත් හොඳට සප්පායං වෙලා ඉඳන් පොඩ්ඩක් ඉඳපල්ල කියල ලිව්වෙ නැතෑ හෝඩියක්... ඌට කොහොමත් චිත්‍ර පුළුවන්.. ජීවිතේට දැකල නැති සංකේත දාල විසිල් බෝඩ් එකක් පිරෙන්නෙ මූ හැදුව හෝඩියක්..

ඊට පස්සෙ ඔය එක එක විදියේ පිංතූර ටිකක්,ලයිට් ටිකක් එහෙම දාල හදල ගත්ත අනාගත ලෝකේ...

අපේ කාල යානේ සිවිලිම තරම් උසයි... ඒක වැටෙන්නෙ නැති වෙන්න කියල උඩින් ඇණයක් දාන්න විදපු හිල තමයි ඔය පිංතූරේ දාල තියෙන්නෙ... විද්දේ සංජීවය.... අපි පොඩ්ඩක් ඉස්කෝලේ දේපල වලට හානි කරන්න බයේ ඇඹරි ඇඹරි ඉන්නකොට අනේ මේ %#@%@% නැතුව හිටපල්ල බං වගේ එකක් කියාගෙන ගියා විද්ද...

දැං මැෂිම හරි... මමත් ඔය එක එක ලයිට්(මම ම හදපු සිරාම පැත්තකට බල්බ් 50 ගානෙ දාපු නයිට්‍රයිඩර් සර්කිට් එකත් දාල) සුවිච් එහෙම දාල ගින්දර වගේ ඩැෂ් බෝඩ් එකකුත් හයි කරල දැන් යන්තරේ සූදානම්..(ප්‍රදර්ශනේ ඉවර උණාට පස්සේ මගේ නයිට්‍රයිඩර් සර්කිට් එක හොරෙන් ගලෝගෙන ගිය එකාව මට තාම මතක් වෙනවා....අම්මපල්ල... ;) )

ඔන්න දැං ප්‍රදර්ශනේ දවස... පන්තියේ එවුන්ගේ ඒකච්චන්දයෙන් මං කාල යානයේ ඩැයිවර් උනා... දිනේෂ්,දහනායක,වැද්ද සහ ඉතිරි ගොඩක් උන් අනාගතේ විස්තර කරල දෙන්න ලෑස්ති වුණා..

කාල යානේ වැඩ කලේ මෙහෙමයි... බලන්න එන කට්ටිය උමගක් දිගේ ඇවිත් නඟිනව අර ලොකු ලී රවුම උඩට..ඊට පස්සෙ මම(ඩැයිවර්) සුවිච් 2-3ක් බොරුවට එහෙ මෙහෙ කරනවා.. නැඟපු කට්ටියට කියනව ඔන්න දැං ඔයාලව මම 2100ට අරන් යනව කියල.. එතකොට සංජීවය මෝටරේ සුවිච් එක දානවා... කට්ටිය නැඟල ඉන්න රවුම වටේට තියෙන කළුපාටින්/රතුපාටින් ඉටිකොල ගහල තියෙන බිත්තිය එකපාරටම කැරෙකෙන්න ගන්නව... අම්මට සිරි කිව්වලු... අවංකවම මිනිස්සුන්ට හිතාගන්න බෑ මොකො මේ වෙන්නෙ කියල... හික් හික් ගෑනු ළමයි එහෙම අවංකවම භය වෙච්ච වෙලා වල්  තිබ්බ... ටික වෙලාවක් ඕක කැරකිලා නතර වෙනව දොර අනිත් පැත්තට හැරිල.. කට්ටිය බැහැපු ගමන් තියෙන්නෙ අමුතුම ලෝකයක්... අපේ උන් අයින්ස්ටයින්,නිව්ටන්,ගැලීලියෝ,ආතර් සී ක්ලාක් ල කියල තිබ්බ ඔක්කොම ඒව කලවං කරල එන මිනිසසුන්ට උන් හිටි තැන් අමතක වෙන ටොක්ස් දෙනව... දිනේෂයගේ කතා ටික තමා කතා.. කොහෙන් එනවද මන්ද ජීවිතේටවත් අහල නැති සයන්ස් කෑලී දාල ඌ ටෝක්ස් දෙනව... 

කිව්වට විස්වාස කරන්න ආයිබෝංලා අර නදීකය වෙරිමර ගාතේ ඇඳල හදපු අනාගත හෝඩිය තම තමන් ගෙනාපු පොත් වල ලියාගෙන යන ගෑනූ ලමයිනුත් හිටියා.. අපේ උන් ඉතින් ඔව් ඔව් නංඟී මේක මේ ඊජිප්තුවේ තිබිල හොයා ගත්ත් ඒලියන් භාෂාවක්.. වගේ කටට එන ඕනේ එකක් කියල එන එන අක්කල නංඟිලව අන්දනව... 

ඇතුළට ආපූ අයව එළියට යවන්න අපි හැදුවනේ බ්ලැක් හෝල් එකක්... ඕක විස්තර කරන්න මම හැදුව කතාවක් මෙන්න මෙහෙම... 2080 දි විතර අපේ සෞරග්‍රහ මණ්ඩලේ කිට්ටුව ඇතිවන බ්ලැක් හෝල් එකකින් ටයිම් ට්‍රැවලින් කියන එක කරන්න පුළුවං වෙනව.. දැන් ඔයාලට පුළුවන් 37වෙනි මානය ඔස්සේ ආපහු ඔයාල හිටපු කාලෙට යන්න කියල කට්ටියව අර උමග ඇතුළට දානව... කට්ටිය පොඩ්ඩක් හොල්මන් වෙලා උමඟට ගිහින් ආපු දොරෙන් ම එළියට යනවා... හික් හික්... ඔන්න ඔහොමයි අපේ කාල යානේ වැඩේ ගොඩ දැම්මේ..

සිරා වැඩේ කියන්නේ ටික වෙලාවකින් තාක්ෂණික දෝෂයක් ඇවිල්ල අපේ මෝටරේ ක්‍රියා විරහිත වුණා... කාපල්ලකො පරිප්පු කියල ඉන්නකොට....අජිත් ආවා කාල යානේ දොර ළගට .. දොරටුපාල වගේ හිටගෙන කට්ටිය ඇතුළට නග්ගල අතින් කැරෙකෙව්ව අන්තිමට ....කොහොම හරි මුලු දවසක්ම අජ්ජා තනියම කැරකෙව්වා... 

කොහොම හරි ඉස්කෝලෙන් ම තිබ්බ ජනප්‍රියම අයිටම් එකක් වුණා අපි හදපු ටයිම් මැෂින් එක... මේ ලඟක් වෙනකම් මා ලඟ තිබ්බ ආපු අය ලියල ගිය අදහස් තිබ්බ පොත.... අනේ සංසාරේ කියල අපි පට්ට ආතල් එකක් ගත්තා අපිට කලර්ස් දාගෙන ගනන් උස්සගෙන පාරේ යන රත්නාවලියේ/යසෝධරාවේ සහ උඩින් ම ගිය හෝලික්‍රොස් එකේ කෙල්ලන්ගේ කොමෙන්ට් දැකල... 

ඔන්න මල්ලිල ඉස්කෝලේ ප්‍රදර්ශනේකට හදනවනම් අදහසක් දුන්න...අපරාදේ අප්පා ඒ කාලේ ඩිජිටල් කැමරා හරි කැමරා ෆෝන් හරි කියල ජාතියක් අපි ලඟ තිබ්බ නම් කියල හිතුණා මේක ලියන කොට...

14 comments:

  1. ෂා..නියම වැඩක් නේ...ඒ කාලේ දැන ගත්තනම් බලන්න එනවා කොහොම හරි..:D

    ReplyDelete
  2. අඩේ මම හිතුවෙම අතීතෙ පෙන්නන මැසිමක් හදනව කියල උඹල මොනා හරි ජිල්මාට් එකක් අටවල අල්ලපු පංතියෙ එවුංගෙ ඩයිනසෝරයාව පෙන්නන්න ඇතියි කියල . . . .
    මැක්ස වැඩේ ඈ . . .

    ReplyDelete
  3. එලම කිරි....
    අතීතය ප්‍රතිරූපණය කරන්නයි සීමා ඇත්තේ නේද?
    අනාගතය ප්‍රතිරූපණය කරන්න කාගෙන්ද බාධාද?
    ඒත් හිතට ආපු දෙයක් ඔහොම ටැන්ජිබල් දෙයක් බවට පත්කරන්න පට්ට ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් ස්කිල් එකක් ඕනේ + හොඳ ටීම් එකකුයි නේද?

    ReplyDelete
  4. මහිම , සොරි වෙන්න ඕනේ අතර මඟින් නතර කරන්න උනාට.. දැන් ඔක්කොම තියෙනවා...

    සයුරි, ඒකනේ.... ඒ කාලේ තමා කාලේ

    ඕනයා, ඒ ඩයිනෝසරය චාටර් වුණා.. වෙලාවට අපි එහෙම එකක් කළේ නෑ.... කළා නම් අපිත් චාටර් වෙනවා.. හික් කාටූන් බලන එකේ වැදගත් කම...

    තිස්ස අයියා, සම්පූර්ණ ඇත්ත, අතීතේ හැදුවනම් අඩුපාඩු කියන්න 1000ක් දෙනා ඉන්නවා.. අනාගතේ ගැන වචනයක්වත් කියන්න කාටවත් බැහැනේ...

    අදහස හොඳනම්, කරන්න පුළුවන් නම්, හැමෝටම සහභාගි වෙන්න පුළුවන් නම් අමුතුවෙන් පස්සෙන් එලව එලව මැනේජ් කරන්න දෙයක් නෑ නේද? හැමෝම කැමැත්තෙන් ම වැඩේ කරනවා... අවංකවම හිටපු කොල්ලො ටික නම් එලම කිරි... හොඳින් හෝ නරකින් වැඩේ කරන ජාතියේ උන් ටිකක් අපේ පන්තියේ හිටියේ..

    ReplyDelete
  5. අඩෝ මරුවට තියෙන් ඇති බං..මාර ක්‍රිෙයා්ටිව් අයිඩියා පාර..ඒකටම හරියන කොල්ලො හිටිය නිසා ගොඩ ගියා..අර අම්මන්ඩිලා ටික හොල්මන් වෙන්න ඇති තමයි...

    ReplyDelete
    Replies
    1. ඊට පස්සෙම ඒ වගේ ආතල් වැඩකට සෙට් වෙන්න බැරි වුණා.. ඒ දවස් වල අපේ පන්තියෙ හිටියේ පොඩි කාලේ ඉඳලම ඉස්කෝලේ වලි බර පොරවල් විදියට නම් දරාපු සෙට් එකක්.. උන් එක්ක ගේමට යන්න හැම එකාම බයයි..ඉතින් කිසි අවුලක් නැතුව වැඩේ කෙරුණා.. :)

      Delete
  6. කියවන්න තරම් වෙලා නෑ. හෙට අනිවාර්යෙන් එනවා....

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. සිදුරු විදලා තියෙන කතාව ඇසුවාම මට මතක් වෙන්නේ, අපේ පාසැල් කාලයේත් යාළුවෝ පිරිසක් ලඟ පංතියත් එක්ක සන්නිවේදන කටයුතු කරගන්න කියලා බිත්තිය විද්දා.
      මටනම් පෙනෙන්නේ අනාගත යානේ හොල්මන් ගුහාවක් වාගේ තියෙන්න ඇති....

      Delete
    2. නෑ අනාගත යානේ හෙන ඇඩ්වාන්ස් ලුක් එක්ක තිබ්බේ.. :)) මිනිස්සු හොල්මන් වෙලා හිටියේ නැගපු වෙලාවේ ඉඳන්...

      Delete
  8. සිවිලිමේ ලොකු හිලක් හදල බටයක් බස්සල ටයිම් මැශිම ගැහුව නම් බර දරන්න පුළුවන්නෙ... අනාගතේ සයිඩ් එකේ හිටපු කොල්ලො දෙන්න ඇඳන් හිටියෙ මේ කාලෙ ඇඳුන්මද ? :))

    ReplyDelete
  9. පට්ට පැතුම්........................

    ReplyDelete