Wednesday, September 21, 2011

අභ්‍යවකාෂ චාරිකාවක් සඳහා මෙන්න කදිම අවස්තාවක්.

පිස්සු හැදෙනව ඇති නේද?  ඉරවටේ අභ්‍යවකාශ චාරිකාවක් යනව කියන එක... මට නම් හැබැයි පොඩි කාලේ ඉඳල තියෙන ලොකුම උණ වලින්  එකක් තමා අභ්‍යවකාශගාමියෙක් වෙන එක (අභ්‍යවකාශගාමියෙක් නොවී හරි කමක් නෑ හඳට යන එක..).. ලොකු වුණාම යන්න පුළුවන් වෙයි....

එක පාරක් හඳට යනව වගේ යෑ අභ්‍යවකාශගත වෙලා ඉරවටේ යනව කියන එක.. වටේ පිටේ තියෙන ග්‍රහලෝක තරු එහෙම පේනකොට ඉතින් ආයේ කන්න ඕනෙත් නෑ මට නම්.. හැබැයි ඉතින් ටික කාලෙකින් එපා වෙනවත් ඇති....

කොහොම වුණත් තනියම නෙවෙයි හින්ද අවුලක් නෑ...  තනියම නම් ඔය වැඩේ කරන්න බෑ... හැබැයි තනියම යන්න කැමති අයත් ඇති... මට නම් ටිකක් අමාරුයි...එහෙම යන අයත් ඉන්නවා...(තනිවෙනවනම් මම කැමති 2010 කතාවේ බෝමන් තනිවුණා වගේ සොරි වෙන්නම තනි වෙන එක... ) එහෙම නැතුව කිසි ගතියක් නෑ...

ගමන සම්පූර්ණයෙන් ම නොමිලේ තමයි ලබා දෙන්නේ... යන ගමනේ සුවපහසුකම් තම තමන් ට හැකි අයුරින් සකසා ගත හැකියි...

යානය කිසිම වෙලාවක ගමනේ අතර මැද නතර කිරීමක් නෑ.. තම තමන්ට ඕනෑ විදියට යානේ ඇතුලේ ඉන්න පුළුවන්.. ජීවත් වෙන්න අවශ්‍ය සියලුම දේ යානයේ නිර්මාපකයින් විසින් ලබා දීල තියෙනවා.... අපිටත් ඕනේ නම් ගමනට වැදගත් වෙන දේවල් ගෙනි යන්න හදාගන්න පුලුවන්...

දුර ගමනක් නිසා සමහරුන්ට දිගටම යන්න බැරි වෙන්නත් පුළුවන්... ගමන අතර තුර මිය යන අය වෙනුවෙන් තම තමන් ගේ ආගම දහම අනුව කටයුතු කරන්න ඉඩ සලස්වල තියෙනවා...

යන ගමන් කරන්න වැඩ ඕනේ තරම් තියෙනවා..කැමති නම් අහස දිහා බලාගෙන තරු ගනින්න පුළුවන්...නැත්නම් සංගීතය,නැටුම් වගේ සෞන්දර්‍යාත්මක දේවල් වලට යොමු වෙන්න පුලුවන්... තාක්ෂණික අංශ වලට කැමති නම් ඒවත් පුළුවන්... සල්ලි හොයන්න සල්ලි වියදම් කරන්න ක්‍රම ඕනේ තරම් තියෙනවා මේ ගමනේ...

කැමති අයට ගහ මරා ගන්නත් පුළුවන්... ඒවයේ වගකීම තම තමන් ම ගන්න ඕනේ හැබැයි... නිතී රීතිත් තියෙනවා...ඒවට ගරු කරන්නත් වෙනවා...

ලස්සන ගෑනූ ළමයි,හැන්ඩ්සම් කොල්ලො එහෙම ඕනෙ තරම් ඉන්නවා... සුරතල් පොඩි එවුන්, වයසක උදවිය... හැම විදියෙම අය ඉන්නවා....

පවුලේ අයත් එක්ක අවුරුදු 20-30ක් විතර ගිහින් ඉතිරි කාලේ තමන් මේ ලෝකේ වැඩියෙන් ම ආදරේ කරන කෙනත් එක්ක යන්න තියෙන චාන්ස් එක නිසා මේ ගමන ඇත්තටම හෙන වටිනවා... කොච්චර කාලයක් යනවද කියන එක ඉතින් තම තමන් ගේ කැමැත්ත අනුව තීරණේ කර ගන්න පුළුවන්..

මෙම වටිනා අවස්තාව ලබා ගැනීම සඳහා ඔබ,
අමනුෂ්‍ය ගණයේ අයෙකු විය යුතු වන අතර..යක්ෂ,ප්‍රේත,පිසාච,කුම්භාණ්ඩ,රාක්ෂ වර්ගයේ අය චරිත සහතික රැගෙන පැමිණිය යුතුවන අතර, දේව / බ්‍රහ්ම වර්ග වල අය තමන්ට නියමිත නිවාඩු අනුමත කර ගත් ලිපියක් සහිතව පැමිණිය යුතුය...
ගන්දබ්බ පිරිස් තම තමන්ගේ අතීත ක්‍රියා අනුව අදාල තැන් වෙත යොමු කෙරෙන අතර... ඉහත කී වර්ග වලට අනුයුක්ත වන් ගන්දබ්බ මහත්ම මහත්මීන් එම ක්‍රියාපටිපාටිය අනුවම තෝරා ගනු ලැබේ...

5 comments:

  1. හික් හික් . .. . මම දැනං හිටියෙ නෑ නෙ මස්සිනා උඹ තනමල්විල යන විත්තියක් ????

    ReplyDelete
  2. ඕනයා, හික්... තලමල්විලම යල්ල ඕලේ ලෑ ලේ.. :)
    Chanaka Aruna Munasinghe, මකරුන්ට ස්පෙෂල් පැකේජ්ස් තියෙනවා.. එන්න පුලුවන්....

    ReplyDelete
  3. හක හක හක...

    මම හිතුවේ අයියා ආයෙත් කතාවක් ලියන්න හදනවා කියලා... ඒකේ ඇඩ් එකක් කියලා... :D

    ReplyDelete
  4. හික් හික් මුල ටික කියවනකොටම හිතාගත්තා කියන්න යනඑක :D මරු.......

    ReplyDelete