Tuesday, August 23, 2011

ප්‍රේමසිරි අයියා සහ Sound Theraphy

                 ප්‍රේමසිරි අයියා නැති වෙලා... සෙනසුරාදා උදේ පාන්දරම අම්මා කෝල් එකක් දුන්න.. සෙනසුරාදා ඉරිදා කරන්න හිතාගෙන හිටපු වැඩ ඔක්කොම පැත්තකින් දාල මළ ගෙදර යන එක ගැන හිතුවා.. ප්‍රේමසිරි අයියගේ ගම පැල්වත්ත. නෑ කමින් සෑහෙන්න දුරයි හැබැයි හිතවත් කමින් හෙනම ලඟයි...
                 කලේ එලවළු වෙළදාම...පැල්වත්ත හංදියේ පොඩි කඩයක් තියෙනවා.. අහ්..වැල්ලවාය,බුත්තල පැත්ත දන්න අය ඉන්නවනම් පැල්වත්ත හංදියේ තියෙන බාර් එකත් කලේ ප්‍රේමසිරි අයියා... නෑ කමින් අපේ තත්තගේ,තාත්තගේ(සීයගේ) මල්ලිගේ පුතාගේ පුතාද කොහෙද...(අම්ම එදා කිව්වට දැන් ෂුවර් නෑ) .  මට වැඩිය අවුරුදු 28ක් විතර වැඩිමල්.. නෑ කමට අයියා... කොළඹ මැනිං මාකට් එකට එලවළු ගේනවා.. ගොඩක් දවස් වල එලවළු අරං කොළඹ ආවම අපිටත් මාසේකට විතර හාල්,පොල්,එලවළු.. ඉඳල හිටල මස් (මුවමස්,ගෝනමස්,වල් ඌරු මස්) එහෙම හොරෙන් ගේනවා.. 
                 මම ප්‍රේමසිරි අයියලව හරියට අඳුර ගත්තේ අපේ තාත්තගේ මළ ගේ දවස් වලදි.. ඊට කලින් හැමදාම ඉතින් තාත්තත් එක්කනේ කතාබහ... කොහොම හරි තාත්ත නැති උනාට පස්සේ අම්මයි මමයි දෙපාරක් විතර එහෙ ගියා.. අන්තිමට ගියේ මගේ වෙඩිම කියන්න.... ප්‍රේමසිරි අයියා හෝම් කමින් එකට ඇවිල්ල.. පුරුදු විදියට හාල්,එලවළු අරගෙන හෝම්කමිම දවල් වරුවේ ඇති කියල හිතාගෙන...ඒක තිබ්බේ රෑ නේ..එයා රෑ ඉන්න විදියක් නෑ කියල ආපහු ගිහින්... කොහොම හරි එදා මට ප්‍රේමසිරි අයියව හම්බ උනේ නෑ... වෙඩිමෙන් පස්සෙ අපි එහෙ යන්න කියල හිටියට යන්න බැරි වුණා.. කොහොම හරි ඉතින් අන්තිමට අපි එහෙ ගියේ ප්‍රේමසිරි අයියගේ මළ ගෙදරට.... මැරිල තියෙන්නෙ සිරෝසිස් හැඳිල.. (හොඳට කන බොන මිනිස්සුනේ).
                 කොහොම හරි එදා අපි කට්ටිය, ඒ කිව්වේ මමයි,මමයි,අම්මයි,අක්කයි,දිමුතු අයියයි,පොඩි උන් දෙන්නයි ගියා.. සෙනසුරාදා රෑ 9 විතර වෙද්දි එහෙ.. මළ ගෙදරට ගොඩ වෙලා.. ටික වෙලාවක් ඉඳල අපි ඉතින් බන්ඩාරවෙල ගියා... අපිට ඉතින් ප්‍රේමසිරි අයියා වෙනුවෙන් කියල කරන්න දෙයක් නෑනේ.. පිනක් දහමක් ඇරෙන්න... මළ ගෙදර වැඩට ඕනේ තරම් සෙනඟ.. අපි නිකං කවුද වගේ කැරකි කැරකි ඉන්න එක තේරුමක් නෑනේ කොහොමත් (කොළඹිං ගියාම කරන්න පුලුවං එකම දේ ඒක නේ...).. අපි ඕක දන්න නිසා කලිංම පොඩි ප්ලේස් එකක් බුක් කරල සෙට් වුණා.

                ප්‍රේමසිරි අයියගෙ මිනිය දිහා බලන් ඉන්නකොට මට දුක හිතුණා..  තාත්තගේ පරම්පරාවේ තාත්තත් එක්ක ලඟින්ම හිටපු කෙනෙක් නැති වීම නිසා.. ඒ කියන්නේ ප්‍රේමසිරි අයියා කියන මනුස්සය ආයේ නෑ නේද කියල දුක හිතුණේ තනිකරම තාත්තා මතක් වීම නිසා... මට හිතුණා දුක් වෙලා තේරුමක් නෑ කියල... තාත්තව මතක් කරල කරන හැම පිං කමේදිම ප්‍රේමසිරි අයියවත් මතක් කරල පිං දෙන්න හිතාගත්තා..

කොහොම හරි ඉතින් රෑ 11-12 වෙනකොට අපි බන්ඩාරවෙල ප්ලේස් එකට ආව...

පහුවදා උදේම (10ට විතර) අපි ගියා ඇල්ල රත්මල්කන්ද භාවනා මධ්‍යස්තානේට.. කාලයක් තිස්සේ යන්න හිතාගෙන හිටපු තැනක්.. මඩවල උපාලි හාමුදුරුවෝ තමයි එතන ඉන්නේ.. කඳුකරේ තියෙන ලස්සන තැනක්... මඩවල උපාලි හාමුදුරුවෝ ගැන මම හිතන්නේ කවුරුත් දන්නවනේ..මුල්ම කාලේ ස්වර්ණවාහිනියේ පෝදා සාකච්චාවට එහෙම උපාලි හාමුදුරුවෝ නිතර ආවා.. කාලයක් කඳුබොඩ භාවනා මධ්‍යස්තානෙත් හිටියා.. 

හාමුදුරුවෝ හරි වෙනස් චරිතයක්.. හොඳට විද්‍යා දැනුම තියෙනවා.. විද්‍යාත්මක පරීක්ෂණ කරන්න එහෙම බොහොම කැමති කෙනෙක්... එදා ගියාම තමයි දැන ගත්තේ සංගීත දැනුමත් සෑහෙන්න ඉහලයි කියල.. අපි ගියේ තැන බලාගෙන නිකං කතා බහ කරල එන්න.. කොහොම හරි හාමුදුරුවෝ කිව්ව දානේ වළඳල එනකම් ටිකක් ඉන්න මධ්‍යස්තානේ තියෙන  Sound Therapy සෙන්ටර් එක පෙන්නන්නම් කියල.. එහෙම කියල අපිට පුස්තකාලේ යතුරත් දුන්න පොත් බලන්න කියල.. 

බොහෝම පරීක්ෂණ කරල නියම විද්‍යාත්මක ක්‍රමයට හදපු පුංචි ගොඩනැඟිල්ලක තමයි මේ Sound Therapy සෙන්ටර් එක තියෙන්නෙ... හාමුදුරුවෝ අපිව එක්කං ගිහිං මේ වැඩේ ගැන කියල දුන්න.. සංගීතයේ තියෙන නියම ස්වර පරාස පාවිච්චි කරල හිත සංසුන් කරගන්න තමයි මේ ක්‍රමය පාවිච්චි කරන්නේ... ලෙඩරෝග හොඳ කරන්නත් මේකෙන් පුළුවන් ලු... අපේ ඇඟේ සෛල සහ DNA වල කම්පන සංඛ්‍යාත වලට හරි යන තරංග නිවැරදි ලෙස නිකුත් වෙන විදියට තමයි මේ ශබ්දය හදල තියෙන්නේ...

හෙඩ්ෆෝන් එකක් දාල මේක අහල බලන්න... 

වැදගත්ම දේ තමයි.. ඔය ඇහෙන ගිටාර් වාදනය සහ හඬ උපාලි හාමුදුරුවන්ගේ.. හාමුදුරුවෝ තමයි නිවැරදි  සංඛ්‍යාත වලට සංගීතය නිකුත් කරන්නේ.. ඒ සංගීතයෙන් උපරිම ප්‍රයෝජන ලැබෙන විදියට තමයි අසන්නාට ඉන්න සලස්වල තියෙන්නේ...වීඩියෝ එකේ තියෙන රූප වලින් අදහසක් ගන්න පුළුවන් වෙයි..

කොහොම හරි  Sound Therapy එකෙන් පස්සේ අපිට සංගීතය ගැනත් හොඳ දේවල් ටිකක් කියල දීල තමයි ආපහු එව්වේ...

මේ තියෙන්නෙ අඩවිය.. ගැලරි එකේ ගොඩක් වීඩියෝ සහ විස්තර තියෙනවා..

ඒ පැත්තේ ගිය වෙලාවක ගිහින් බලන්න.. 
..................................................................................................................................................................
ප්‍රේමසිරි අයියාට නිවන් සුව ලැබේවා...

5 comments:

  1. ප්‍රේමසිරි අයියාට නිවන් සුව අත් වේවා!

    sound therapy ගැන,

    අහන්ඩත් සතුටුයි මෙවැනි දේ ගැන. ඒත් කිව යුතු පන්ඩිත වාක්යක් තිබේ, පර්යේශන තත්වයේ තිබෙන නිසා හොඳයි, කටහඬ පුහුනුවීමට සහ ශාස්ත්‍රීය සංගීතය හැදෑරීම කලොත් වඩා ප්‍රයෝජනවත්ව ඒ හිමි නමට අවශ්ය සේවාව කල හැකි යයි සිතනවා.

    පිරිතට සංගීතය සපයලාද කියලා මං මුලින් හිතුවේ, වාසනාවකට තවම එහෙම නැහැ වගේ!

    ReplyDelete
  2. මළ ගෙයක් අස්සෙ සවුන්ඩ් තෙරපියක් ගැන කියලා... පෝස්ට් දෙකක් විධියට ලිව්වනම් හිටිස් ටිකක් අරගෙන තම්බල කන්නත් තිබුණා.

    ඔය සංගීතය නිකං චීන ජපන් වගේ ගතියක් තියෙනව නේද? කොහොමත් චීන ජන සංගීත රටා ඇත්තටම හිතට මාර සන්සුන් බවක් ගේන නිර්මාණ :D

    ReplyDelete
  3. ප්‍රේමසිරි අයියාට නිවන් සුව . . . .

    පෝස්ට් එකේ දෙවනි කොටස නං ෆස්ටයි ඈ . . . . . පුලුවංකමක් තිබුන නං කොහොම හරි යනව . . . .

    ReplyDelete
  4. මම නම් සියපවුලත් එක්ක එතෙනට ගිහින් වරුවක් ගත කළා.. ඔබ උන්වහන්සේ ගැන කියන දේ ඇත්ත..අපිටත් සන්ගීතෙයෙන් කලහැකිෆ්දේ ගැන විස්තර කල,.හිතනිවෙන තැනක්.. තනිවම ගිහින් දින කීපයක් එතන භාවනාකරන්න මම බොහොමආසයි..

    ReplyDelete
  5. දයාල් බතී,
    අදහසට ස්තූතියි...
    hare,
    හිට්ස් වලින් ඒ වගේ දෙයක් වත් කරන්න පුළුවන් කමක් තිබ්බනම් ඔන්න වැඩක් තියෙනවා.. හික්.. අදහසට ස්තූතියි
    ඕනයා,
    වෙලාවක ගිහින් බලන්න මචන්, සිරා තැනක්...
    සරත්,
    අපිත් සිය පවුලම තමයි ගියේ.. මගෙත් නිවාඩු ටික ඔක්කොම වෙඩිමට ඉවර වෙච්ච නිසා දවස් කීපයක් යන්න නිවාඩු නෑ... නැත්නම් ඇනුවල් ලීව් දාල සතියක් 2ක් ගිහින් ඉන්න හොඳ තැනක්...

    ReplyDelete