Monday, August 08, 2011

මගේ පොටෝගැපි...

                              සිරා කැමරාවක් ගැනීමේ සිහිනය දකින්න පටන් අරන් දැන් ඕං දශකයකට වැඩියි... වෙඩිමෙං පස්සේ එකක් ගන්න ඔන්න මෙන්න තිබිලා අන්තිමේදී අත ඇරල දැම්මා.. තියෙන ණයත් එක්ක තව ලක්ස 1.5ක් විතර නාස්ති නොකිරීමේ පරම පිවිතුරු චේතනාවෙන්... කලිං දාපු පෝස්ට් එකේ තිබිච්ච පිස්සු සැට් එකට දාන්න අමතක වෙච්ච පිස්සුවක් කිව්වත් කමක් නෑ මේකට.. හැබැයි තියරි දැනුම නම් රින.. 

                          අහුවෙච්ච කැමරාවලින් ඕනෑම පොටෝ එකක් ගන්න එක තමා මම කරන්නේ.. මටම කියල කැමරාවක් කවදාවත්ම තිබිල නෑ.. ණයට(අක්කගෙන්,මාමාගෙන්) ගත්ත ඒව තමා හැමදාම.. සිරා කැමරා පිස්සුව නිසා කවදාවත් වැඩේ කෙරෙන විදියේ එකක් සල්ලි දීල ගත්තේ නෑ. හැමදාම ණයට තමා(රු.30,000ක් විතර වටින අක්කගේ කැමරාව මුහුදේ දාපු සීන් එක අපි මොහොතකට අමතක කරමු... ගියදේ ගියානේ..)... මේ දවස් වල තියෙන්නේ ෆූජී ෆයින්පික්ස් ජේ.වී100 කියන පුංචි සරල ඩිජිටල් කැමරාව(ඒක කාගෙද කියල අහන්න එපා.. සුවර් එකටම මගේ නෙවෙයි..)

                 කැමරාව යනු උපකරණයක් පමණි. වැදගත් වන්නේ ඇසයි යන පඬි වදන ඇසූ දා සිට..මට සිරා කැමරාවක් නැතිව(කැමරා ඇති අපේ කොල්ලන්(කට හැකර වරුණයා) අතරේ චාටර් වීම) ගැටළුවක් නොවුනි... 

                     එම ප්‍රකාශය සනාත කරණු වස් මාවිසින් උණු උණුවේ(බොරු නම් අල්ලල බලන්න තාම උණුයි) ගන්නට යෙදුනු... මේ අද(07/08/2011) රෑ 9.30ට විතර අපගේ කුස්සියට පැමිණ ෆ්‍රිජ් එක උඩ වසා සිටි මම සැමදා ප්‍රියකරන(කුංෆූ එකේ තණකොලපෙත්තා මතක් වෙන) ලස්සන තණකොලපෙත්තෙකුගේ කඩවසම්(මගේ ඇසට ලස්සනට පෙනෙන..) පින්තූර 2ක්...



5 comments:

  1. මේකත් හරියට අර නයා ආව වගේ කතාවක් :)

    ReplyDelete
  2. හික්.. ඇත්ත ඇත්ත... හැබැයි ආවේ තණකොලපෙත්තෙක්... වෙලාවට ඌ වැඩිය එහෙ මෙහෙ ගියෙ නෑ... හික් හික් හික්...

    ReplyDelete
  3. මන් මේ කල්පනා කරන්නේ තණකොළ පෙත්ත මොකටද ඔතෙන්ට ආවේ කියල.. ගස් කොළන් නැතුව ඇති,, ඉතින් හිතෙන්න ඇති ෆ්‍රිජ් එක ඇතුලේ තියෙන කොලේක රස බලන්න හික්...

    ReplyDelete
  4. "කැමරාව යනු උපකරණයක් පමණි. වැදගත් වන්නේ ඇසයි.." මාර කියමන..
    ඔන්න මම උබට කොමෙන්ට් එකක් දම්මා...

    ReplyDelete
  5. සරත්,
    මම නම් හිතන්නේ ඌට කළුවරේ පාර වැරදිලා... රෑ 9.30 ට මොන තණකොළ ද...

    කසුන්,
    උඹටත් තාම කැමරාවක් නෑ නේද? ඔන්න ඔය වාක්‍ය කටපාඩම් කරගෙන පොර සේ හිටපන් මම වගේ.. හික් හික්...

    ReplyDelete