Monday, July 04, 2011

කැරිබියන් මුහුදු හොරු - Pirates of the Caribbean

ෆිල්මයක් හදන්න මිනිස්සු කී දෙනෙක් කොච්චරක් මහන්සි වෙනවද කියල නිකමට හරි හිතල තියෙනවද?ඒ මහන්සි වෙන මිනිස්සුන්ගේ නම් ටික වත් අඩුම තරමේ බලල ඉවර කරන්නේ කීයෙන් කී දෙනා ද? හදපු මිනිස්සු ටික විතරක්ම වෙන්න ඇති... අන්න මගේ නම කියල ගෙදර ඉන්න අයට පෙන්නන්න ඒ මිනිස්සු ඔන්න නම් ටික ඉවර වෙනකම් බලාගෙන ඉන්නව ඇති...ෆිල්මයක් අන්තිම වෙනකම් බලන එකේ වටිනාකම කියල දුන්න මෙච්චර කාලේකට බලපු ෆිල්ම්ස් වලින් හෙනම ආසාවෙන් බලපු ෆිල්ම් සීරීස් එක තමයි මේක.

2003 දි ආපු Pirates of the Caribbean: The Curse of the Black Pearl

 එක වීඩියෝ සෙන්ටර් එකකින් ගෙනාපු  සී.ඩී එකකින් මුලින්ම බලපු දවසෙම කතාව අල්ලල ගියා. ඒ දවස් වල සබ්ටයිට්ල්ස් (ඉංගිරිසි) වත් නැති නිසා දෙබස් හරියට නොතේරුණත්(දැනුත් තේරෙන්නෙ නෑ...) "Captain" Jack Sparrow ගේ පිස්සු රඟපෑමට මාර ආස හිතුණා. අනිත් එක මට තියෙන ෆැන්ටසි පිස්සුවට නියමෙට හරියන විදියේ කතාවක් නිසා දෙවෙනි කොටස එනකම් හෙන ආසාවෙන් බලාගෙන හිටය. කොහොම හරි Pirates of the Caribbean: Dead Man's Chest 


2006 දි ආපු ගමන් එක බැලුවා... ඒක නම් ඩවුන්ලෝඩ් කරල ද කොහෙද බැලුවේ. අපරාදේ කියන්න බෑ ෆන් එක උපරිමයි. . මැරිච්ච මිනිහගේ පපුව බලල ඉවර වෙලා අන්තිමට නම් ටික දාල ඉවර වෙනකම් බලාගෙන හිටියා මොකද ෆිල්ම් සීර්‍රිස් එකේ නැගල ගිය මියුසික් එක නිසා. බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකයි ෆිල්ම් එක අන්තිමට දාන මියුසික් එකටයි වහවැටිල හිටපු නිසා ෆිල්ම් එක ඉවර වෙලා සෑහෙන වෙලාවක් යනකම් මම නම් ටික බැලුවා. ජීවිතේ පලවෙනි වතාවට ද කොහෙද ෆිල්ම් එකක නම් ටික ඔක්කොම දාල ඉවර වෙනකම් බලාගෙන හිටියේ. 


            දෙයියන්ට ඔප්පු වෙච්චාවේ කියල මෙන්න බොලේ තේ අල්ලපු මල්ලිගේ නමත් දාල ඔක්කොම ඉවර වුණාට පස්සෙ කතාව මැද හරියෙදි මොකක් හරි සීන් එකක හිටපු බල්ලට (වඳුරද මන්ද) මොකද වුණේ කියල පෙන්නන්න පටන් ගත්තා තත්පර 10ක විතර සීන් එකක්. සිරාවටම පිස්සු හැදුන මට ඒක දැකල නම්.. එදා දැන ගත්තා 3ත් අනිවා එනව කියලා... එදා ඉඳන් තුන එනකම් බලාගෙන හිටියා. කොහොම හරි 2007දි Pirates of the CaribbeanAt World's End



 කියල ආපු 3ත් ඩවුන්ලෝඩ් කරල බලාගෙන ඒකෙත් නම් ටික දාල ඉවර වෙලා දාපු සීන් කෑල්ලත් බලාගෙන ඉතින් කට ඇරගෙන හිටියා 2011දි 

Pirates of the CaribbeanOn Stranger Tides 



ලංකාවට එනකම්... ඔන්න ඉතින් මමයි,මමයි දෙන්නම ගිය සිකුරාදා ඇම්.සී එකේ 7.30 ෂෝ එකට සැට් වුණා ඒක බලන්න... අනේ මන්දා පටන් ගත්ත තැන ඉඳන් ඉවර වෙන තැනට එන කම්  "Captain" Jack Sparrow දෙන ආතල් නම් කියලම වැඩක් නෑ... මිනී මරන,නිධන් තන්හාවෙන් පිරිච්ච කපටි මුහුදු හොරුන් අතරෙ සල්ලිවලට තණ්හාව නැති මුහුදු හොරා කියන රස්සාවට විතරක් කැමති... කිසිවෙකුව කිසිදාක විශ්වාස නොකරන... ෆන් එකේ ඉන්න නියම මුහුදු හොරෙක් ගේ අපූරු රංගනය මටනම් ඕනේ තරම් බලන් ඉන්න පුලුවන්... 


               කොහොම හරි එදා ඇම්.සී එකෙත් නම් ටික දාල ඉවර වෙනකම් කියල සෑහෙන වෙලාවක් හිටියා. හැබැයි ඉතින් මට තරම් ම පිස්සු නැති නිසාද මන් ද අනිත් ජනතාව හෝල් එකෙන් එලියට යන්න ගිය නිසා තේ අල්ලපු මල්ලිගෙ නම් දාන කම් ඉන්නෙ නැතිව අපි දෙන්නත් ආවා.. හොඳ කොපියක් ආපු දවසක ආයේ බලන්න ඕනේ නම් ටික දාල ඉවර වුණාට පස්සෙ මොකො වෙන්නෙ කියල. 


      ඕක බලල ඇවිත් ඉරිදා උදේ(දවල් ද කොහෙද)නිකන් ඉන්න ගමන් විකීපීඩියාව බැලුවා බැරිවෙලාවත් තව කොටසක් හදයි ද කියල දැන ගන්න... කිරි බල්ලට අප්ප පැනපි කියල මේ තියෙන්නෙ දැනටමත් ඉදිරි කොටස් 2ක වැඩ පටාආආන් අරගෙනලු තියෙන්නෙ ... ජොනී ඩෙප් අයියා කියල තියෙනවා මිනිස්සුන්ට කතාව එපා වෙනකම් "Captain" Jack Sparrow ගේ චරිතේ කරන්න මිනිහා කැමතියි කියල... ආදායම අතිනුත් ඔපීසියේ තියෙන බොක්ස් එක පිරෙන්න වාර්තා ගත ආදායම් හදපු ෆිල්ම් 4න්ම අරන් තියෙන නිසා අපේ හිතසුව පිණිස වැඩි වැඩියෙන් කොටස් හැදේවා කියන එක තමයි මගේ නම් එක ම මම(අන්තිම අල්කීරිම නැතුව).

4 comments:

  1. සිරාවටම පට්ට සෙරීස් එකක්ය.......
    පෝස්ට් එකද එලය...

    ReplyDelete
  2. සිරාවටම මමත් ආසාවෙන් බලපු සීරීස් එකක්. හතරවෙනි එකේ හොඳ එකක් එනකල් තමයි ඉන්නේ... ෆිල්ම් එක නැගල යන්න ප්‍රධාන හේතුව ජොනී අයිය තමයි. ඇත්තම කිව්වොත් මම උන්නැහේ ඉන්න එව්ව හොය හොය බලන්න ගත්තෙ ඔය චරිතය බොක්කටම වැදුණ නිසා.

    අර ෆිල්ම් එක අන්තිම වෙනකල් බලන්න ට්‍රයි කරන එක මගෙත් පුරුද්දක්. විශේෂයෙන්ම හෝල් එකක බලද්දි මමත් මගේ පාට්නරුත් දෙන්නම අනිත් අය ගියාට පස්සෙ තමයි ගොඩක්විට නැගිටින්නේ.. අනික ඔය නම් යන ඒව අස්සෙත් සමහර එව්වයෙ ම්ස් වුණ කෑලි දානවනේ...

    ගෙදරදි බලද්දි නම් ඔය වික FF කරල තමයි බලන්නේ....

    ReplyDelete
  3. ඇත්ත කියනවානම මම කවදාවත් එකක්වත් හරියට බලල නැහැ.. මේක කියෙවුවට පස්සේ හිතාගත්ත සිරිස් එකම සීරියස් එකේ බලන්න ඕන කියල..

    ReplyDelete
  4. ඔය සිරීස් එක ගැන දැනගෙන හිටියට මම නම් තාම බලල නැහැ. කොහොම වුණත් නම් පෙළ බලන එක මගෙත් සිරිතයි. ඒකෙන් ෆිල්ම් ගැන වුණත් යම් කිසි හැඟීමක් ඇති වෙනවා.

    ReplyDelete