Wednesday, June 15, 2011

මීටර් ටැක්සි

                                      මේක මීටර් ටැක්සි ප්‍රමෝට් කරන්න ලියන පෝස්ට් එකක් කියල හිතන්න එපා. (හිතුවත් කමක් නෑ..) මම ළඟදි (අදත්) එකක ගියා... අවංකවම හෙනම ලාභයි කියල හිතුණා. මම 3 වීල් වල යන්නේ ඇත්තටම හෙන කලාතුරකින්. ඒ නිසා වැඩිය ගනන් මිනුම් දන්නෙ නෑ...
                                    
                                      මේ ළඟදි මිරිහාන හන්දියේ ඉදන් මහරගමට යන්න ඕනේ වෙලා එකක් ගන්න වුණා..  හරියටම ගත්තොත් දුර තියෙන්නෙ කිලෝමීටර් 3කට පොඩ්ඩක් වැඩියෙන්... උදේ 9ට විතර පාරේ ට්‍රැෆික් එහෙමත් වැඩිය නැති වෙලාව... කොහොමත් ස්ටෑන්ඩ් වල ඉන්න අයගේ ගාන වැඩියි නේ.. ඒ නිසා පාරේ යන නෝමල් එකක් නවත්තල ඇහුවා.. ගාන 200/= අඩු කරන්න නම් බෑ කිව්ව.. මම ගියේ නෑ..

                                        ටික වෙලාවකින් ආපු මීටරයක් තියෙන එකකට ඕනෙ දෙයක් වෙද්දෙන් කියල නැග්ගා... පළමු වතාවට නිසා ඇහුවා කොහොමද අයියේ ගනන් කියල.. මිනිහ කිව්ව මීටරේ වැටෙනවනේ.. ඔය සයිඩ් එකේ ගහල තියෙනව අය කරන විදිය කියල... පලමු කි.මි 1ට රු.50/=, වැඩිවෙන සෑම මීටර් 100කටම රු.3/=, නතර කරගෙන ඉන්න සෑම විනාඩියකටම රු.1.50/=.

                                         මහරගම හන්දියට එනකොට ගාන රු 110යි. මට යන්න ඕනේ වෙලා තිබුණේ පිළියන්දල පාරේ තියෙන අපි දෙන්න ගත්ත ගෙදරට (ගත්ත කිව්වේ කුලියට). මුලින් මම හිතාගෙන හිටියේ මහරගමට ගිහින් බස් එකේ යනවා කියල.. හැබැයි ගාන දැක්කම ගෙදරටම යන්න හිතුණා..මහරගම ඉඳල ගෙදරටම තව කිලෝමීටර් 3ක් 3.5ක් විතර ඇති. ගෙදර ළඟට යනකොට මීටරේ ගාන 237යි... රුපියල් 240න් ගමන ඉවරයි.. සම්පූර්ණ ගමන කිලෝමීටර් 6.5ක් විතර. සාමාන්‍ය එකක ඔය ගමන මම ගියා නම් අඩුම 350ක් හෝ 400ක් යනවා...

                                        අදත් නුගේගොඩ ඉඳන් පිටකෝට්ටේ එපිටමුල්ල පාරට ආවා.. ගාන රු.107යි. අඩුම 200ක් වත් යන ගමනක් බාගයක් අඩුවෙන් ආවා.

                                        මුල්ම දවසේ විස්තර කතා කර කර යද්දි දැන ගත්තේ මීටර් හයිකරපු 3 වීල් වලට අනිත් ඒවට වඩා ආදායම හොඳයි ලු...වැදගත්ම දේ ඒවා ඒ ඒ අය හෝ යම් යම් ආයතන වලින් පෞද්ගලිකව හයිකර ගත්ත මීටර් මිසක් රජය හෝ කිසිම සමිතියක් මැදිහත් වෙලා කරපු දෙයක් නොවෙයි කියන එක...ඒ මනුස්සය කියපු විදියට නම් ආන්ඩුවට කොන්දක් නැහැලු හැම 3 වීල් එකටම මීටරයක් හයි කරන්න... ආන්ඩුවට කොන්දක් නෑ කියන එක දැන් දැන් එක එක දේවල් නිසා මිනිස්සුන්ට දැනෙනවා... මීට අවුරුදු 2කට විතර කලින්නම් මේ ආන්ඩුවට හොඳ කෙලින් කොන්දක් තිබුණ කියලයි මම හිතාගෙන හිටියේ...                      
                                  
                                   කොහොම වුණත් එදායින් පස්සේ ස්වයංපෝෂිතව නොයන හැම වෙලාවෙම මීටරයක් තියෙන එකකම යන්න ඕනේ කියල මම හිතා ගත්තා.. හෙට අනිද්දට නැනෝ ටැක්සියකත් ගිහින් බලන්න ඕනේ...

5 comments:

  1. ayya inne nugegodada?? mama inne ambuldeniye. mage blog ekatath yannako

    www.dushantech.blogspot.com

    ReplyDelete
  2. කොහොමත් බජට් ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් සෑහෙන මුදලක් උපයනව අනිත් ත්‍රී රෝද රත රියදුරන සාපේක්ෂව. විනීත බව, ප්‍රසන්න සහ ආචාරශීලී කතා බහ, වගකීම් සහගත බව, නිල ඇඳුම සහ ආරක්ෂාව (කෝල් සෙන්ටර් එකක් හරහා ලැබෙන සේවයක් බැවින්).
    මම දන්න විදියට නැනෝ කැබ් වල රේට්ස් යන්නෙත් බජට් ටැක්සි වල ගානටම තමයි.

    ප.ලි.
    ගොඩක් වෙලාවට කැන්ගරු කැබ් එකක් ලාබයි හන්දියෙ දුවන ත්‍රී වීල් එකකට වඩා. හොඳම උදාහරනෙ තමා මගෙ හාමිනේට බබා ලැබෙන්න ඉන්නකොට ගොත‍ටුවෙ ඉඳං බාන්ස් ප්ලේස් එකේ චැනලින් සෙන්ටර් එකට යන්න කැන්ගරූ කැබ් එකකට (ගොඩක් වෙලාවට ප්‍රෙග්නන්ට් කීවම එවන්නෙ ඇලියොන් එකක්) යන්නෙ රුපියල් 350යි. ඒ දුරම යන්න ත්‍රී වීල් එකෙකට රුපියල් 500ත් 600ත් අතර ගානක් යනව

    ReplyDelete
  3. කතාව ඇත්ත... මමත් අහල තියෙන විදියට වැඩේ ලාබයි.. අර ඕනයා කිව්වා වගේ විනීත බව, ආචාරශීලී කතා බහ, වගකීම් සහගත බව වගේ ඒවාත් තියෙනවා නේ..

    ReplyDelete
  4. මීටර් තියන ටැක්සි ආපු එකනං ලොකු ජයග්‍රහනයක්...පුලුවන් තරම් එවයෙ යමු...

    ReplyDelete
  5. ඔක්කොටම වැඩිය ත්‍රීවීල් අයියලා එක්ක මරා ගන්නෙ නැතුව දෙයියනේ කියලා බහින්න පුලුවන් නේ!

    ReplyDelete