Friday, April 08, 2011

අපේ එකෙකුට ගැසූ උපන්දින මඩක්

තනිකඩව තිස්වසක් ගෙවූවා වූ ද.... පොලිෂ් සපත්තු පැලඳ, ක්ලීන් සූට් ඇඳ, තෙල් ගා හිස පීරා කෝඩ් කොටන්නට වැඩට යන්නා වූ ද, වයර් කෑලි,කම්බි කෑලි ප්ලාස්ටික් කෑලි වලින් තොර ලොවක් නැත්තාවූ ද...., පාන්දර 5ට එලාම් තියා අමාරුවෙන් නැඟිට ජපානයේ අඩුගානට විකුණන කාර් ඇති සල්පිල් වල කරක් ගැසුවා වූ ද.... ඇඟපුරා මඩ නාගෙන කාර් හෝදන්නා වූ ද.... අලුත් කාර්වලට කැමති කෙල්ලන් සොයා අමාරුවෙන් කෝඩ් කොටා හම්බකරගන්නා සොච්චමෙන් පෙට්‍රල් ගසා රට පුරා යන්නා වූ ද...., කාර් වලට නැත්නම් සුදුසු කමකට හෝ කෙල්ලෙක් සෙට් වේවා යන පරම පිවිතුරු චේතනාවෙන් ඇම්.බී.ඒ එකක් කරන්නා වූ ද 

The 40 Year Old Virgin නම් සිනමා කෘතිය තමන් කැමතිම සිනමාපටය ලෙස සලකන්නා වූ ද... කෙල්ලෙක් සොයා ගෙවූ 30 වසර තුළ ගැසූ අවසන් තුරුම්පුව ලෙස හෝම් තියේටර් එකක් මිල දී ගෙන කෙල්ලන්ට ඇසෙන ලෙස සද්දෙට ඉංග්‍රීසි සිංදු අසන්නා වූ ද තවුසන්ඩ් ටෝක්ස් මිස මේ වන තෙක් කරගත්තා වූ දෙයක් නැති................ මිතුරාට උපන්දින සුභපැතුම් ගෙන එන්නේ........

3 comments:

  1. අය්යෝ අසරණය කාල ඒ මදිවට ඒක බ්ලොගේත් දාල පබ්ලිසිටි දෙනවා !

    ReplyDelete
  2. මොකා උනත් පවු යකෝ ඒ අහිංසකයා . . .

    ReplyDelete
  3. හික් හික්... පව් වගේ ද බන් ෆන් එක...ඔහොම මඩක් ගහපුවහම ඇඟට දැනෙන සනීපේ... හික් හික්...

    ReplyDelete