Wednesday, February 23, 2011

තත්වය වනාහි...

තත්වයක් නැති ජීවිතයක් තරම් සුන්දර දෙයක් මෙලොව තිබිය නොහැකිය... පවත්වාගෙන යාමට තත්වයක් නැති වූ විට අප්‍රමාණ නිදහසක් හිතට දැනෙනු ඇත... තත්වයක් රකින්නට නැති වූ විට ආදරයට සෙනෙහසට ඕනෑ තරම් ඉඩ ලැබෙනු ඇත... එක එක ස්වභාවයෙන් හා එක එක නම් වලින් වසා රැක ගන්නට හදන සමාජ තත්වය අපට ලබා දෙන දෙයක් නැත... අපට උපතින් ලැබී ඇති අපේ ජීවිතය අපට නැති කිරීම පමණකි තත්වය අපට ලබා දී ඇත්තේ...

හිත තුළ ඇති පුහුමානයට සමාජ තත්වය නම් වූ ලේබලයක් ගසා ඒ පුහුමානය සංතෘප්ත වන තුරු අපි  නොනැවතී දිව යයි... අවසානයේ අපට ලැබෙන දෙයක් නැත... තත්වය ලබා ගන්නට වෙහෙස වී දිය වී ගිය අපේම ජීවිත පමණක් ඉතිරි වනු ඇත...


අවසානයේ මිනිසුන්ගේ හිත තුළ ඉතිරි වන්නේ මියෙන මොහෙතේ ලබාගෙන සිටි තත්වය නොව... ජීවත් වන කාලය තුළ හිතට එකඟව කල කී දෑ පමණි.

ප.ලි.
නිදිමත වැඩි කමට ලියවුණු විකාරයක් ලෙස සලකන්න...

තත්තේ තියාගෙන ජීවත් වෙන්න ඉගෙන ගන්න... කාගෙන් වත් කතා අහන්නෙ නැතුව....
(කවුරු මොනව කිව්වත් අපිට මොකෝ අනේ...)

3 comments:

  1. මට නම් ඕක විකාරයක් කියලානම් හිතෙන්නේ නෑ... ‍

    හොඳයි !

    ReplyDelete
  2. නියමයි , ආසයි මෙක කියවද්දි. මගෙ හිතෙ තිබුන දෙයක් මෙක. ස්තුති එක ලිව්වට

    ReplyDelete
  3. මැරෙන දවසට තමුන් දිහා බලල "උඹ හිතට එකඟව මිනිහෙක් වගේ ජීවත් උනාද" කියල අහනකොට එකට තමුන්ටම එන උත්තරය ගැන සතුටු වෙන්න පුළුවන් නම් එක තමයි තත්වය ..

    ReplyDelete