Wednesday, May 12, 2010

මිලියන පතියෙක් වීමේ පහසුම මඟ

නැටුමට,ගැයුමට හෝ වැයුමට උපන් හැකියාවක් නැති වූ ද, පහේ පන්තිය වන් තෙක් ඉගෙන ගත් කිසිවක් මතක නැත්තා වූද, උපතින් උරුම වූ දේපල , බූදල් නැත්තා වූද , විකිනීමට හෝ උගස් තැබීමට වටිනා කියන කිසිවකූත් නැත්තා වූද, යාන්තම් සමත් කරගත් පුද්ගලික උපධියක් සහ අඩුවෙන් පඩි ලැබෙන කොම්පැණියක ස්ථීර රැකියාවක් ඇති,විශේෂයෙන් කිව හැකි දක්ෂතා කුසලතා හැකියා ආදීයෙන් තොර වූද , ඉන්න හිටින්නට ගෙයක් දොරක් සහ යන්න එන්නට වාහනයක් පමණක් ඇති පුද්ගලයෙකුට වසර 1 1/2ක පමණ කාලයක් ඇතුළත් මිලියනපතියෙකු (මධ්‍යම ප්‍රතිපදාවෙන් ජීවත් වීමට කැමති බැවින් ලක්ෂපති හෝ කෝටිපති යන අන්ත දෙකම බැහැර කර ඇත...) වීමට හැකි පහසුම මඟක් දන්නා කෙනෙක් වේ නම් කරුණාකර කමෙන්ට් කරන්න...

ස්තූතියි

11 comments:

  1. මම නම් හිතන්නේ එක්කෝ රියැලිටි ෂෝ එකක හයියෙන් කෑ ගහන්න ඕන නැතිනම් මෙගා ටෙලියක රඟපාන්න ඕන බැරි බැරි ගානේ ඔය දෙකම කලොත් ගොඩේ ගොඩ! අපට පු*!

    ReplyDelete
  2. නැත්නම් දේශය පාළු කරන්න. ඈඩ් සෙන්ස් ගුරුකමත් හොදයි. ඈයි ටියුසොං ?

    ReplyDelete
  3. ශෝටක් ඇදගෙන බීච් එක පැත්තේ පොඩ්ඩක් ඇවිදලා බලපන් :D

    ReplyDelete
  4. කෝටිපතියකුගේ දුවක් දැපනේ දමා ගැනීම...? උඹට නම් පුලුවන්...

    ReplyDelete
  5. අඩෝ මේක තමයි හොදම ක්‍රමය‍...


    ටවුමට යන්න.
    ‍‍හිගන්නෙක් සෙට් කරගන්න
    හිගන්නෙකුගෙන් හිගාකන්න. (පරන ඇදුමක්)
    ෂේප් එකේ ඇදගෙන මිනිහා ලගින්ම ඉදගන්න.

    දැන් උගේ ජීවිත කථාව අහපන්. එතකොට තේරෙයි කාර් එකක් තියන මිනිහෙක් දුප්පතෙක්ද කියලා..(රගපෑම් කරන හිගන්නේ නෙමේ. ඇත්ත බුවෙක්.)

    නැත්තම්

    මිලියනපතියෙක් වෙන්න ඕන නෑ බන්. උ‍බේ උපාධි පොජ්ජ තියෙන්නේ ජොබ් කට්ටත් එක්ක.

    ඒකත් හරිගියේ නැත්තම් ට්‍රයි කරන්න නිවන් දකින්න... ඔය කෝකටත් වඩා ඒක හොදයි...

    ReplyDelete
  6. tution claz ekak patan ganna.... oya job eken mama danna teacher kenek maseketa 18 million rs hoyanawa.... tax gewwata passeth thiyen shuddha labaya thama 18million

    ReplyDelete
  7. වාහෙන් විකුනපන් ලක්ෂ 10ග උඹ ෙගාඩ

    ReplyDelete
  8. තිස්ස අයියේ,
    සල්ලිවලට් හිත යන්නෙ නෑනේ... හිත ගිහින් තියෙන තැන කෝටි කෝටියකටත් වඩා වටිනවා...
    අනිත් විකල්ප ටික ගැන තමා දැන් බලන්න තියෙන්නෙ.

    ReplyDelete
  9. එකම දෙයයි ඕන,හොදට බොරු කියන්න පුලුවන් හැකර කටක්...ඊලග ප්‍රාදේශිය සබාවටම ඉල්ලල වැඩ පටන් ගන්න...,හැබයි ප්‍රශ්නෙ තියෙන්නෙ අවුරුදු 1 1/2න් නම් බැරි වෙයි...මොකද ආයෙ මහ මැතිවරනයක් එන්න තව අවුරුදු 5ක් වත් යයි...


    දැන් හිගා කෑමත් තහනම්ලු,මේ දැන් නිවුස් වල කිව්වා..හිගන්නන්ව හොය හොය එලවනවලු.

    ReplyDelete
  10. මාස දහයෙන් මිලියනර් කෙනෙක් වෙන්න පුළුවන් ක්‍රමයක් කියන්නද?

    මාසෙකට ලක්ෂෙ ගානෙ බැංකුවෙ තැන්පත් කරන්න. මාස දහයෙන් මිලියනර් කෙනෙක් වෙන එක කාටවත් නවත්තන්න බෑ, ෂුවර් ඇන්ඩ් ෂොට්!

    ReplyDelete