Monday, December 27, 2010

ලංකාවේ ඉන්ටර්නෙට්

මට මේ වගේ දේවල් ගැන ලියන්න වස කම්මැලියි හැබැයි මේක දැක්කම නිකමට වගේ ලියන්න හිතුණා... (වැපාට ලියන්න කිව්වට ඌ ලිව්වෙත් නෑ නේ..)

ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිසමෙන් කරපු පරීක්ෂණයක (එහෙම ඒවා දැන් හරි කෙරෙන එක ලොකු දෙයක්) ප්‍රතිඵල අනුව දීපු වාර්තාවක් මේක.. සරලව කිව්වොත් විකුණන්න තියෙන බොහෝ දේවල් ගැන වෙළඳ දැන්වීම් වලින් මවන සුරංගනා ලෝකයේ ඇත්ත තත්වය අධිවේගී ඉන්ටර්නෙට් වලදි කොහොමද කියන එක තමා මේකෙන් පෙන්නන්නේ.

මේ අවුරුද්දේ අවසාන කාර්තුවේ (අපි මේ ඉන්න හරියෙ) කරපු පරීක්ෂණයක් නිසා ප්‍රතිඵල ඇත්ත වෙන්න පුළුවන්... විස්තරේ හරියම දැන ගන්න මෙතන බලන්න 

Friday, December 24, 2010

මගේ කෑම සතිය...

පසුගිය සතිය සහ ඉදිරි සතිය මම මගේ බඩ වෙනුවෙන් වෙන් කිරීමට සිතා ගතිමි... ලබන්නා වූ වසර තුළ බඩ ටිකක් අඩුකරගෙන ටිකක් පිළිවෙලක් වීමේ පරම පවිත්‍ර චේතනාවෙන් මෙතුවක් කල් එකට සිටි බඩට කළගුණ සළකනු පිණිස මේ තීරණය ගන්නා ලදී...

Thursday, December 23, 2010

මේ මොකක් ද?

මේ පින්තූරේ දැක්කම මොකක් ද මතක් වෙන්නෙ? මට මේ ෆොටෝ එක ගන්නකොට එකපාරටම මතක් වුණේ ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ ෆිල්ම් එක... හික් හික්... මේ තියෙන්නෙ කොත්මලේ පිහිටි මහවැලි මහා සෑයේ ඇතුළෙ ඉඳන් ගත්ත ෆොටෝ එකක්... අපේ කාලයේ විශ්මකර්ම වැඩක් කියල කියන්න පුළුවන්..


අඩි 150ක් විතර යට ඉඳල එන කොන්ක්‍රීට් කනු 32ක් උඩ තමා මේ දාගැබ හදල තියෙන්නෙ... දැන් කරන්නේ මේ කණු මතු කරගෙන වටේට පේසා වළලු සහ පහත මළුව හදන එක... ගිහිල්ල බලන්න වටින තැනක්.. මම සි.බො.හමුවීමයි හිතවත් බස් කරුවන්ගේ කිතුල්ගල ට්‍රිපයයි දෙකම කැන්සොල් කරල ගිය ගමනෙදි බලා ගත්ත එක තැනක් තමා ඕක... පවුලේ අයත් එක්ක තනිකඩයෙක් විදියට යන අවසාන ට්‍රිප් එක මේක වෙන්න පුළුවන් නිසා තමා බොහෝ දේ කැප කරල මේ ගමන ගියේ... ගිය ගමන නම් පාඩු නෑ..

ඇතුළත දර්ශනයක් (අපේ කට්ටිය සමඟ)
 මේ තියෙන්නෙ එළියෙන් පේන හැටි.. දේවතාකොටුව,කොත් කැරැල්ල වගේ දේවල් තාම ලෝහ වලින් කරල තියෙන්නෙ ඉවර කරල නෑ මම හිතන්නෙ...

Wednesday, December 15, 2010

මගේ උපන් දිනේ ගැන මම නොදන්න දේ...

මේක හරි අපූරූ වෙබ් සයිටයක්.. විස්තරේ දැන ගත්තේ මෙතනින්...
මිනිස්සු කොච්චර අපූරූ දේවල් කරනව ද...

Thursday, November 18, 2010

බෙල්ලට ඔළුව බරයි කියල දැනිල නැද්ද?

මට ඊයේ එකපාරටම මෙහෙම එකක් දැනුනනේ... ඉවසන්නම බෑ වගේ දැනුනා.. අතපය දිග ඇරල හිරි අරිනවා වගේ ඔළුව පොඩ්ඩක් ගලවල තියල බෙල්ලෙ හිරි අරින්න හිතුණා...ජීවිතේටම එහෙම හැඟීමක් නම් දැනිල නෑ...

අනේ මන් ද මොනව වේගෙන එනව ද කියල...

Wednesday, November 17, 2010

සැබෑ ආදරය පිහිටන්නේ "මම" යන දෘෂ්ඨිය මනුෂ්‍යයාගේ සිතින් සහමුලින් තුරන් වූ විටය

උපුටා ගැනීම - නිදහස් චින්තන ධාරාවේ බින්දු කිහිපයක්. ආචාර්ය ඊ.ඩබ්ලිව් අදිකාරම් තුමා ගේ සිතිවිල්ලක්

මේ මට හිතෙන දේ..

මම නැති විට ආදරය කරන්නේ කවු ද?ආදරය ලැබෙන්නේ කාට ද? කරන්නෙක් හෝ ලබන්නෙක් නැති නම් ආදරයක් පවතී ද? ආදරය කිසිවෙකුටත් අයිති දෙයක් නොවන බව වටහා ගත හැකි නම් මම නැති විට ආදරය කළ හැකි වනු ඇත. ගස් වැල් තුළ ආදරය ඇත. මම නැත. ගංඟා ඇල දොළ තුල ආදරය ඇත. මම නැත. මිහිකත තුළ ආදරය ඇත. මම නැත. අප තුළ මම ඇත. ආදරය.....

ආදරය ලෞකික බැඳීමක් පමණක් ලෙස දකින විට මම නොමැතිව ආදරය කළ නොහැකිය. ආදරය මට ලැබිය යුතුය. මම ආදරය කළ යුතුය. මම ආදරේ නම් මා විසින් මේ මේ දේ කළ යුතුය... මට ආදරේ නම් මට මේ මේ දේ ලැබිය යුතුය. ඒවා මට නොලැබෙන්නේ නම් හෝ මම ඒවා නොදෙන්නේ නම් මම ආදරය කරන්නේ නැත. මට ආදරය ලැබෙන්නේ ද නැත. මා වෙනුවෙන් කර ඇති දේ අනුව මට ඇති ආදරය මැනිය හැකිය. මම කර ඇති දේ අනුව මගේ ආදරය ද මනිනු ඇත. කරන දේ නැවතුන විට ආදරය ද නිමවේ.

ආදරය ආධ්‍යාත්මික බැඳීමක් ලෙස දකින විට කිසිවෙක් කිසිවෙකු වෙනුවෙන් කිසිවක් කළ යුතු නැත. කළ ද නොකළ ද ආදරය ඔවුනොවුන් තුළ පවති. ඔවුනොවුන් වෙනුවෙන් ජීවත් වේ.

මට හිතුන දේ හරි ද වැරදි ද දන්නෙ නෑ... නමුත් දෙදෙනෙකු අතර පවතින සැබෑ ආදරය යනු... Live, Let Live ලෙස මා ඉගෙන ගෙන ඇත.

සමාජ සම්මත විසින් ආදරයට වටිනාකමක් නියම කර ඇති හෙයින් නියම ආදරයක් කිරීමට සහ ලැබීමට නම් අපට කළ යුතු බොහෝ දේ ඇත...

දැන් මේක ලියන එක නවත්තල මට කරන්න තියෙන දේ ගැන හිතන්න ඕනේ...

Saturday, November 06, 2010

කිලෝමීටර් 158ක්,පැය 7.5ක් එක දිගට අම්මයි මමයි...

හොඳටම තෙමුණා... අපේ අම්මා ගැන කියන්න මට වචන නෑ... කිසි දෙයක් සිද්ද වුණේ නෑ වගේ ෆුල් ෆිට් එකේ මාත් එක්ක හිටියා...දැනුත් එහෙමයි...ඊයේ එහෙම එකක් වුණා ද කියල ගානක් වත් නෑ..ඒක ආදරේ ද ජීවිතේ තේරුම් ගැනීම ද කියල හිතා ගන්න බැහැ... අම්මගේ වයස 60යි...

ජීවිතේට මූණ දෙනව කියන්නෙ මෙන්න මේකට නේද කියල හිතුනා... හැමදේම හොඳට වෙනකම්, අපිට ඕනේ විදියට වැඩටික කෙරෙන කම් ජීවිතේ ගැන ලස්සන කතා කියන්න හැමෝටම පුළුවන්... බලාපොරොත්තු නොවෙන දේවල් නොහිතන වෙලාවට සිද්ද වෙනකොට නොසැලී වචනෙකින් හෝ අඩුම තරමේ හැඟීමකින් වත් වෙනසක් නැතුව මොකුත් වුණේ නෑ වගේ ඉන්න පුළුවන් වීමේ ගුණය පුරුදු පුහුණු වුණේ ජීවිතේට මුහුණ දීලම විතරයි කියලයි මම දන්නේ...ඒක ඉගෙන ගන්න වෙන ක්‍රම තියෙන්නෙ විදියක් නෑ...

අපේ අම්මට මේ ආත්මෙදිම මේ සංසාරෙ ඉවර කරගන්න පුළුවන් වෙන්න කියල විතරයි මම ප්‍රාර්ථනා කරන්නේ..ලබන ආත්මෙදිත් මගේම අම්ම වෙන්න කියන්න තරම් ආත්මාර්තකාමී වෙන්න බැහැ...මට කරන්න පුළුවන් එකම දේ මෙච්චර කාලයක් හිටිය වගේ අම්මගේ හිතට දුකක් නොදී බරක් නොවී ඉන්න එක විතරයි...අම්මට මේ සංසාරෙන් ගැලවිලා යන්න තියෙන බැඳීම් එකින් එක අයින් කරගන්න උදව් කරන එක විතරයි මම කරන්න ඕනේ... භෞතික සැප සම්පත් ගොඩ ගහල තාවකාලික සතුටක් දීල මගේ යුතුකම මම කලා කියල අතපිහ දා ගන්න එක මහ පුහු දෙයක්... සතුටු වෙන්න කිසිදෙයක් ඕනේ නෑ කියන එක අපේ අම්ම ඕනවටත් වඩා පෙන්නල තියෙනවා...තිබ්බත් සතුටුයි නැතත් සතුටුයි... 

කරන්න පුළුවන් උපරිමෙන් කරල අපිට දෙන්න පුළුවන් දේ දුන්න... හොඳ නරක කියන්නෙ මොකක් ද කියල විතරක් කියල දීල අපිට අපේ ගමන යන්න ඉඩ ඇරියා... අපිට හරියන කොටත් හිටියා වරදින කොටත් හිටියා... උපේක්ෂාවෙන් ඕනේ දෙයක් දිහා බලන්න ඉගැන්නුවා... රටේ ලෝකේ ඉන්න මිනිස්සු ගහන ගහන පදවලට නටන්නේ නැතුව තමන්ගේ තරමට තමන්ට පුළුවන් දේ කරගෙන ඉන්න විදිය ඉගැන්නුවා...  අපිට තියෙන දෙයින් හැමදාම සතුටු වුණා...අපිට මීට වැඩිය දේවල් කරන්න පුළුවන් කියන එක කියල දුන්න විතරයි... අපි ඒ දේ කලත් නොකලත් එකම හිතින් අපි එක්ක හිටියා දැනුත් ඉන්නවා ඉස්සරහත් ඉඳියි.

උපතින් කිසිදෙයක් නොලැබුණ හැමදේම උත්සාහයෙන් ලබා ගත්ත මිනිසුන් තුළ විතරයි ගොඩක් වෙලාවට මේ වගේ ගුණ පිහිටන්නේ... උත්සාහයෙන් ලබා ගත් දෙයිනුත් සෑහීමට පත්වෙලා සතුටු වෙන්න පුළුවන් වෙන්නෙ ජීවිතේ හරියටම තේරුම් ගත්ත කෙනෙකුට විතරයි කියලයි මම හිතන්නේ.

අම්ම තෙමෙනකොට මගේ ඇස්වලින් කඳුලු ආවා...ආයේ කවදාවත් අම්මට මෙහෙම වෙන්න දෙන්නෙ නෑ කියල හිතුවා.. හැබැයි අම්මගේ මුහුණේ තිබුණ සැහැල්ලුව දැක්කට පස්සේ මම මේ අඪන්නේ තේරුමක් නැතුව නේද කියන එක තේරුම් ගියා. මොකද කවදාවත් භෞතිකව දෙන දුක සැප කියන එක තීරණේ කරන්න අපිට බැහැ කියන තේරුම් ගියේ එතකොට... භෞතික දුක සැප හැම වෙලේම තියෙන්නෙ අපේ පාලනයෙන් තොරව... හැබැයි ආධ්‍යාත්මික දුක සැප හැම වෙලේම තියෙන්නෙ අපි ළඟ. ඒක කොන්ට්‍රෝල් කරන්න පුළුවන් එකම පුද්ගලය තමන් විතරයි.

ගෙදර ආවට පස්සේ "කිසි කරදරයක් නැතුව ආපූ එකනම් ලොකු දෙයක්" එච්චරයි කිව්වේ... ඊට පස්සෙ සුපුරුදු විදියට නාට්ටි ටික බලල කඩෙන් ගෙනාපු කොත්තු රොටියයි,ආප්පයි කාලා... හොඳට නිදා ගත්තා...

අම්මත් එක්ක ජීවිතේ ඔන්න ඔහොමයි...

හැම අම්ම කෙනෙක් ම මෙහෙම ඇති...

Wednesday, November 03, 2010

සමුගැනීම

මට ඉස්සර ඉඳලම හෙන ආසාවක් තියෙනවා ඉක්මනට පැන්ෂන් අරන් ඔහේ ගෙදරට වෙලා ඉන්න. පැන්ෂන් ගන්න ආස වුණාට මොකද තාම වැඩ කරන්න පටන් අරගෙනත් අවුරුදු 6 ක් විතර...අනේ අම්මෝ තව ඉතින් අවුරුදු කීයක් කියල වැඩට යන්නද... ඉක්මනට වයසට යාමේ වැදගත් කම පේනව නේ...

අද මේක ලියන්න හිතුණේ මම වැඩ කරපු කාලෙන් හරියටම 2/3ක් විතර හිටිය හැමදාම ආසාවෙන් වගේ වැඩ කරපු (හැමදාම උදේට පට්ට කම්මැලි වීම වෙනම කතාවක්)ආයතනයෙන් වැඩ කරපු අවසන් දවස ඊයේ වීම.

ලංකාවේ ඉන්න හැමෝම නම කිව්ව පමණින් දන්න කොම්පැණියක හොඳ (හොඳ කියන එකත් සාපේක්ෂතා වාදයට අදාලයි ඉතින්)රැකියාවක් අත ඇරපු එක තාම අපේ වට පිට ගෙවල් වල කට්ටිය ඔය නෑදෑ පරම්පරාව දන්නේ නෑ... අද හෙට ඕක දැන ගත්තම ඉතින් "අනේ අපරාදේ නෙ පුතේ අස් වුණේ... හරි ෂෝක් තැන නේ", "අච්චර හොඳ ජොබ් එකක් දාල ඔය ඉතින් කොහෙද යන්න හඳන්නේ.."  ඕවා තමා අහගන්න වෙන්නේ... ලබන් සතියෙ ඉඳන් ඩෙනිමකුයි ටී ෂර්ට් එකකුයි ගහගෙන 10ට විතර යනකොට ඔය වටේ ඉන්න වැඩිය ෆිට් නැති කස්ටිය ෂුවර් එකට හිතන්නේ මූට ජොබ් එක නැති වෙලා දැන් ඉතින් රස්තියාදු ගගහ ඉන්නව කියල... ඕව ඉතින් ඔහොම තමා.

කොහොම වුණත් කොම්පැණියෙන් අස් නොවී ඉන්න තිබුණනම් මමත් කැමතියි... හැබැයි අස් නොවී හිටියනම් මට ගෙදර ඉන්න බැරි වෙන සීන් එකක් වෙන්න තිබුණ තව ටික කාලෙකින්... ගෙදරද කොම්පැණියද වඩා වටින්නෙ කියල හිතල බලල තමා මේ තීරණේ ගත්තේ...

වැදගත් ම දේ තමා ජිවීතේ බොහෝ දේ ඉගෙන ගත්ත, බොහෝම හොඳ යාළුවෝ ටිකක් (බොරු පොෂ් නැති හිත හොඳ කොල්ලෝ කෙල්ලො ටිකක්) සෙට් වෙච්ච තැනක් වීම...

කොහොම වුණත් කිසිදෙයක් ගැන එපාවීමක් වත් කලකිරීමක් වත් හිතේ නැති එක නම් හිතට මාර සහනයක්... කොම්පැණියට කොහෙද වැරදුණේ...(නැත්නම් අපිට වැරදුණා ද)කියල තාම හිතාගන්න බැහැ (අපිට ඉතින් ඔය හෙන මැනේජ්මන්ට් තේරෙන්නෙ නෑ නේ). සමහර විට මේ දවස් වල පල්ලම් බැස්සට හෙට අනිද්දට ආයේ කන්දක් නඟියි (කොම්පැණි ගැන කතා කරන කොට කන්දයි පල්ලමයි මාරු වෙන හැටි පේනව නේද... හික්.. හික්)

කොහොම වුණත් සියරට දේ අගය කරන්න ඕනේ කියල හිතල අපි හිතුවට සියරට දේටත් අපිව අගය කරන්න පුළුවන් වෙන්න ඕනේ... සියර්ටට වැඩිය පිටරට අපිව අගය කරන කොට ඉතින් (අපි ඉතින් තාම පෘතග්ජනයෝ නේ අනේ)

මම ගෙදර හිටියට ඉතින් අම්ම වැඩනේ.. දැන් අම්මව එක්කගෙන යන්න ඕනේ... පස්සේ ලියන්නම්

අපේ කස්ටියට හිතෙන දේවල් සිංහලෙන් හරි කඩ්ඩෙන් හරි කඩුසිංහලෙන් හරි ලියල දාන්න. සිංහල මැෂිමේ දාල නැත්නම් මගේ මැෂිමේ පබ්ලික් ෂෙයාර්ඩ් එකෙ මම දාල තියෙනවා සිංහල යුනිකෝඩ් පැක් එක (අයි.පී එක 159)

නිකන් ඉන්න වෙලාවට මේ පැත්තේ ඇවිල්ල පොඩි කොමෙන්ට් එකක් දාල යන්න.ඒක හරි වටිනවා

මම සිංහල යුනිකෝඩ් ගැන හැමදේම ඉගෙන ගත්තේ ඔහෙට ආවට පස්සේ ... හික් හික් සිංහලෙන් ඇස්.ඇම්.ඇස් යවන්න හදල බැරි උණාට හෙන වැදගත් දේවල් ටිකක් ඉගෙන ගත්තා...

අවසාන වතාවට කේ.අයි.ටී (KIT) කියල කියන්නම්. කියන්නේ ඇත්තටම.. ඕනේ වෙලාවක ඕනේ දේකට මම එමි.(පේනවනේ නිවැරදි සිංහල භාවිතය.. හික්)

Thursday, October 21, 2010

සතුන්ට අපිව කොහොම පේනවා ඇත් ද?

පහු ගිය දවසක වැස්සට තෙමිච්ච හින්ද ආපු අදහසක් ද කොහෙද මේක... හිතන්න දේවල් එකසිය ගානට තියාගෙන මම ඉතින් මේ වගේ වැදගත් දේවල් ගැන හිතන්නත් පොඩි කාලයක් වෙන් කර ගන්නවා.

මට ආපු ප්‍රශ්නේ තමා බල්ලන් ගේ පූසන් ගේ කුරුල්ලන් ගේ ලෝකය ඇතුළේ මිනිස්සුන්ට තියෙන තැන මොකක් ද කියල. උන් කොහොම ද අපි ගැන හිතන්නේ... අපිව අඳුර ගන්නේ කොහොමද... මිනිස්සු කියන සතුන් ගැන බල්ලන්ගේ පූසන්ගේ කූඹින්ගේ ඊ.ටී.සී... ගේ දෘෂ්ටිකෝණයෙන් බලනකොට කොහොම පේනව ඇති ද?

බල්ලන්ට පූසන් ගැන හා පූසන්ට බල්ලන් ගැන ඇති හැඟීම් මෙන් මිනිසුන් ගැන මොනවගේ දේවල් හිතෙනව ඇත්ද නැත්නම් උන් ඔය වගේ සම්භාව්‍ය දේවල් හිතන්නේ නැතුව දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නව විතර ද?

ටික කාලෙකට කලින් එක පොඩි සිද්ධියක් වුණා මටයි අම්මටයි. කොයිවෙලාවේ කොතන බෝම්බයක් පුපුරයි ද කියල බයෙන් වැඩට යන්න ගිය දවසක අම්මයි මමයි ගෙදරින් එළියට එන්න හදන කොටම අපේ ගෙදර ළඟ පාරේ ඉන්න බල්ලෙක් (නිතර ඉන්න අයාලේ යන බල්ලෙක්) අපි දෙන්නට යන්න දෙන්නෙ නැතුව ඉස්සරහට ඇවිත් අපිට යන්න නොදී වටේ කැරකි කැරකි හිටියා. ඌ අපිට මොකක් දෝ කියන්න හැදුව වගේ.. කොහොම හරි අපි දෙන්න විනාඩි 5-10 ක් විතර ඉඳල ගියා. එදා නම් බෝම්බයක් පිපිරුවෙ නැද්ද කොහෙද.. කොහොම හරි මට පස්සෙ හිතුණා බල්ල එදා ට්‍රයි කලේ බල්ලගෙ මොකක් හරි ප්‍රශ්නෙකට අපෙන් උදව්වක් ගන්න ඕනේ වෙලා ඌ අපිට ඒක කියන්න ට්‍රයි කලා වත් ද කියල.

කොහොම වුණත් බල්ලට අපිට දෙයක් කියන්න හරි මොකක් හරි පණිවිඩයක් දෙන්න ඕනේ වුණා නම් ඌට අපි ගැන මතක් වෙන්න ඕනේ... අපි ගැන සිතිවිල්ලක් එන්න ඕනේ නේ.. අන්න ඒහෙම හිතෙන වෙලාවෙදි බල්ලගේ හිතේ ඒ මනුස්සය ගැන තියෙන්නේ මොනවගේ දේවල් ද...මොනවගේ ප්‍රතිරූපයක් ද

නිකමට වගේ හිතල බලනකොට පොඩි ෆන් ගතියක් තියෙනවා වගේ නේද? මගේ මේ ඔළුව පෙඟිච්ච          නිසා ද මන් ද මට මේව හිතෙන්නේ...

Tuesday, October 19, 2010

දුක හිතීම...

මට අද දුක හිතුණා... හේතුව දන්නේ නෑ...

Monday, October 11, 2010

කෙස් ගහෙන් මිස් වුණ NASA ගමන

මම ඔය රට යන වැඩේට එච්චරම කැමති නෑ... මෙන්න මෙහෙට වෙලා තියෙන දෙයක් කාල බීලා පවුලේ කට්ටියත් එක්ක දැහැමින් සෙමින් ජීවත් වෙන්න තමා ඉතින් මම කැමති. හැබැයි NASA එකට යනවා කියන්නේ පොඩි කාලේ ඉඳල මගෙ හිතේ තිබුණ ලොකුම ආශාව... ඉස්සර මගේ කාමරේ බිත්ති 4 පිරෙන්නම ගහල තිබුණේ NASA එකෙන් එවපු පින්තූර.  මීට අවුරුදු 2-3කට කලින් තමයි මම ඒ ටික බිත්තිවලින් ගැලෙව්වේ. කල වයස හරි ගිහින් ඔය එක එක වැඩ වලට ගේ රෙපයාර් කරන කොට තමයි හිතුණේ දැන් ලොකුයි නේ මේව දැන් සුදුසු නෑ කියලා. බොහෝම දුකින් ඒ ටික ගලවලා මම වගේ උණ තියෙන තව පොඩි එකෙකුට දුන්නා.
කොහොම හරි ඉතින් NASA එකට යන එක හීනයක් විතරක් වෙලා තිබුණේ මීට මාස 2-3ක් වෙනකම්.
 කෙටියෙන් කිව්වොත් මේකයි වුණේ. අනාගතේ ගැන ටිකක් සිරාවට හිතල බලල කරන්න තියෙන වැඩ ටික ගොඩ දාගන්න තියෙන එක විසදුමක් විදියට ඇම්.ඇස්.සී එකක් කරන්න කියල හිතාගෙන පිට රටකට යන්න සෙට් වුණා. ලංකාවේ අපි වගේ අයට බොහෝම හොඳට ගැලපෙන විශ්ව විද්‍යාලයක් හොයාගෙන බොහෝම අමාරුවෙන් පාඩම් කරල ඒකට යන්න කරන්න ඕනේ විභාග පාස් කරල රටේ නැති වැඩ කෝටියක් විතර කරල යන්න ඔක්කෝම සෙට් කර ගත්තා. ඇමරිකාවට යන්න ලැබුණ මේ චාන්ස් එකේ මම දැක්ක එකම ආතල් සීන් එක තමා NASA එක බලන්න යන්න පොටක් පාදා ගැනීම. වෙන මොකුත් නෙවෙයි NASA එකේ බෝඩ් එක ඉස්සරල ඉඳල පොඩි පොටෝ කෑල්ලක් අල්ල ගන්න තිබ්බනම් ඇති.
අපරාදේ කියන්න බෑ.. අර මට තිබ්බ මිලියනපතියෙක් වෙන සිහිනෙත් ඕං හරි ගියා. අපේ මාමට පිං සිද්ද වෙන්න වීසා එක ගන්නකං කියල මාව මිලියනපතියෙකුත් කලා. මම යි මගේ කෙලිපොඩ්ඩයි දෙන්නම එකම ක්‍රියාමාර්ගය අනුගමනය කරල කැම්පස් එකේ ඔක්තෝබර් වාරේට යන්න ඉත සිතින් සෙට් වුණා.
අපි එලෝ කෝටියක් දේවල් කලත් ඉතින් අන්තිමට සුද්දනේ වීසා එක දෙන්නේ. දෙවියන්ට බුදුන්ට වැඳල ගියා කෙලිපොඩ්ඩ ගියා ඉතින් හා හපුරා කියල වීසාව ගන්න. අපරාදේ කියන්න බෑ වීසා දෙන්න හිටපු සුද්දිත් බොහෝම ලස්සනට හිනා වෙලා වීසාව රිජෙක්ට් කලානේ. ඒ කැම්පස් එකට කලින් ගිය කවුරුත් ආයේ ඇවිත් නෑ  ඇම්.ඇස්.සී කරන්න වෙන කැම්පොස් එකක් හොයාගන්න කියලා. කාට කියන්න ද ඊට පස්සේ.... මම ඉතින් නාසා එක බලන්න ඕනේ කියල වීසා ඉල්ලන්නයෑ...
දැන් ඉතින් NASA ගැන හිත හිත උඩ බලාගෙන ඉන්නවා... හික්...

Monday, September 20, 2010

මගේ පොත කඩේ ඇත.

පොත් ප්‍රදර්ශනය බලන්න ගියා... එක පොතක් වත් ගත්තේ නම් නෑ... මගේ බිත්තිය කියවන හුදී ජනයාගේ හිත සුව පිණිස මගේ "පරිණාමයේ වේදනාව සහ වෙනත් කතා" පොතේ පිටපත් 15ක් පමණ ආරිය ප්‍රකාශකයෝ සහ තාරා ප්‍රකශන වෙත ලබා දුන්නා. මං ගැන අනුකම්පාවෙන් එම ප්‍රකාශන සමාගම් දෙක එම පොත් ලබා ගැනීම ගැන මාගේ ස්තූතිය. ඔවුන්ගේ කුටි සිරිමාවෝ බණ්ඩාරනායක ශාලාව ඉදිරිපිට ඇති තාවකාලික ගොඩ නැඟිල්ල තුළ තමා තියෙන්නෙ. හරියටම කිව්වොත් M.D ගුණසේන සමාගමේ කුටියට කෙලින් ම ඉස්සරහ තියෙන කුටිය තමා ආරිය ප්‍රකාශකයෝ. ගිය වෙලාවක නිකමට වගේ බලන්න. පොත ටිකක් පරණ වෙලා දැන්. ඉතින් කඩ ඇතුලෙදිත් සලකන්නේ කුඩම්මා තමා. ටිකක් හොයල තමා හොයාගන්න වෙන්නෙ.

Saturday, September 18, 2010

කියන දේ ඇසීම...

වැඩිහිටියෝ කියන දේ අහන්න ඕනේ කියන එක පොඩි කාලේ ඉඳන් අපිට උගන්නන දෙයක් නේ... ඕක හරියට කරන්නෙ අපි කීයෙන් කී දෙනා ද? කියන දේ ඇසිය යුතු ද නැද්ද කියන එක තීරණය කරන්න ඕනේ වැඩිහිටියගෙ ස්වභාවය අනුව කියල තමයි මම නම් හිතන්නේ...

එක එක වැඩිහිටියෝ එක එක විදියනේ... තමන්ට අවංකවම ආදරෙන් තමන් ගේ සතුටට දියුණුවට අවවාද අනුශාසනා දෙන අය ඉන්නේ බොහෝම කලාතුරකින්... අම්මා තාත්තා කවදාවත් දරුවන්ට වැරදි අවවාද දෙන්නේ නෑ... ඒ අයගේ දැනුම් තේරුම් කම් අනුව ඒ අය දෙන අවවාද සමහර වෙලාවට අපිට පිළිගන්න බැරි වෙන්න පුළුවන් නමුත් එයාලා එහෙම කරන්නේ සැබෑවටම ආදරෙන් සහ අවංක සිතින්. වඩා වැදගත් වෙන්නේ අන්න ඒ අවංක කමයි ආදරයයි.

අම්මා තාත්තා ඇරුනහම අපිට ආදරෙන් අවංකව උපදෙස් දෙන අය ඉන්නවා හැබැයි ඒ උපදෙස් බොහෝ වෙලාවට එක දැක්මක් මත පදනම් කරගෙන විතරයි එයාල දෙන්නෙ.. උදාහරණෙකට ජොබ් එකක් ගැන උපදෙස් ගන්න කොට ගොඩක් වෙලාවට අම්මල තාත්තල කියන්නෙ කරදරයක් අමාරුවක් නැතුව පාඩුවෙ කරන්න පුළුවන් ජොබ් එකක් හොයා ගන්න කියල ඒක තමා ජොබ් එකක් කරන ඕනෑම මනුස්සයෙකුගේ හිත ඇතුලේ තියෙන එකම බලාපොරොත්තුව. නමුත් ඔය උපදේසේ වෙනත් වැඩිහිටියෙක් ඒ කිව්වේ අයියා,අක්කා,මාමා,නැන්දා,ගුරුවරු.. ඊ.ටී.සී... ඊ.ටී.සී... දෙන්නේ සමාජ සම්මත මත අනුව. ඒ කියන්නේ සල්ලි හම්බ කරන්න නම් මේවගේ එකක් තමා කරන්න ඕනේ... ඔයවගේ ජොබ් කවුරුත් ගනන් ගන්නෙ නෑ.. ඕව කරල තැනකට එන්න අමාරුයි... ඕව නේ.

ජීවිතේ ගැන එක එක්කෙනාගේ අවබෝධයේ වෙනස ගොඩක් වෙලාවට අපිට තේරුම් ගන්න අමාරුයි. මොකද අපි තාම ජීවීතේ හරියට තේරුම් අරගෙන නැති නිසා. ගොඩක් වෙලාවට අපි ඒ ඒ අයව තේරුම් ගන්න හදන්නේ එයාල භෞතිකව ලබාගෙන තියෙන දේ අනුව. එයාලගේ අභ්‍යන්තරය අපිට පේන්නේ නෑ.. එයාල අපිට ඒක පෙන්නන්නෙත් නෑ.

හැබැයි අපි ඇතුලත් පිටත් දෙකම හොඳට දන්න දෙන්නා තමයි අපේ අම්මයි තාත්තයි. මොකද එයාලට අපිට හංගන්න දෙයක් නෑ. අපිත් එක්ක උදේ හවස ජීවත් වෙන අපේ දුකට සැපට ඉන්න අය තරම් අපිට හරි යන දේ වෙන කාටවත් තේරුම් ගන්න බැහැ. අම්මල තාත්තල දෙන උපදෙස් අපේ සමාජ ජීවිතයට හරිම යන එක නොවෙන්න පුළුවන් මොකද එයාල අපේ වයසෙදි ජීවත් වෙච්ච සමාජෙයි දැන් සමාජෙයි හෙනම වෙනස් නිසා. නමුත් එයාලා ඒ දෙන අවවාද අපේ පුද්ගලික ජීවිතේට හරියටම හරි යනවා.

මේ මම මගේ 29 අවුරුද්දක් තිස්සේ ජීවත් වෙච්ච කාලේ තුළ ජීවිතෙන් ඉගෙන ගත්ත පාඩමක්.

හරි දැන් කියන්නම් මේ තකහනියේ මට මේ වගේ තවුසන්ඩ් ටෝක් එකක් දාන්න හිතුන කාරණේ..
මම මේ දැන් තමා The Sixth Sense බලල ඉවර කලේ. ඉස්සර ඉඳන් බලන්න හිටපු ෆිල්ම් එකක් වුණාට අද තමා බැලුවේ. අපේ Sixth Sense එක ගොඩක් වෙලාවට අපිට හරිම යන දේ අපිට කියනවා නමුත් අපි ඒක අහන්නේ නෑ. අපේ උපතින්ම තියෙන Sixth Sense එක සමාජ සම්මත විසින් යටකරන කරන එක තමා ගොඩක් වෙලාවට වෙන්නේ. තාවකාලිකව ඒ සමාජ සම්මත දිනනවා නමුත් අවසානයේ සැබෑ දිනුම පැරදුම තීරණය වෙන්නේ අපි කොච්චරක් දුරට අපේ Sixth Sense එක කියන දේ පිළිගන්නව ද නැද්ද කියන එක අනුව.

මේ ෆිල්ම් එකේ ඔහොම කතාවක් නෑ. මේක ඉන්න පුංවි ළමය මම වුණා නම් කොහොම ද කියල නිකමට වගේ හිතුවා. හික් හික්..

හරි, මම තාමත් ආසන්නතම හේතුව කිව්වේ නෑ..

මම පහුගිය අවුරුදු 2-3 ඒ කිව්වේ 2006-2009 වගේ කාලේ කරපු වැදගත්ම දේ තමා භාවනාව,ආධ්‍යාත්මික ජීවිතය, ජීවිතයේ සැබෑ හරය.. ඊ.ටී.සී...ඊ.ටී.සී හොයපු එක. (ඒව හොයන්න ගිහින් ඉතින් ඔය වෙන වෙන දේවල් කර ගන්න එක ටිකක් අතපසු වුණා... මේ දවස් වල ඒ අතපසු වීම් වලට වන්දි ගෙවනවා හී හී..) ඒ.එස් බාලසූරිය මහත්තයා, විජේසිංහ මහත්තයා,රත්නායක මහත්තය එක්ක හැම මාසෙකට දවසක් සම්පූර්ණයෙන් භාවනාව සහ ගැඹුරු අභිධර්මය ගැන ගම්පහ වතුරුගම පාරේ තියෙන සනාතන ධර්ම මධ්‍යස්තානේ ඉඳන් කරපු සාකච්චා මගේ ජීවිතේ මාර විදියට වෙනස් කලා.

ඔය සාකච්චා වලදි මුල්ම දවස් වල අපිට හෙනටම අල්ලලා ගියේ (අපි කිව්වේ මමයි අක්කයි අක්කගේ අයියා (මචා)) භූතයෝ සහ දෙවියෝ ගැන ඉගෙන ගත්ත දේවල්... කොහොම ද භූත කොටස් එක්ක සම්බන්ධ වෙන්නේ කියන එක තමා අපිට ඒ දවස් වල තිබ්බ එකම උණ. හික් හික්... බාලසූරිය මහත්තයා බොහෝම ලස්සනට අපිට අභිධර්මය කියල දෙන අතරේ එතුමාගේ අත්දැකීම් එහෙම කියනවා. ඒ කියන්නේ භාවනාවේ එක් එක් අවදි වලදි මුහුණ දෙන්න වෙන දේවල් ගැන. අපි ඉතින් හාර හාර අහනව ඔය භූත කතා. බාලසූරිය මහත්තයා ගොඩක් වෙලාවට ඒව අපිට කිව්වේ බොහෝම පරිස්සමින්...

අපිත් අරීන්නේ නෑ හැමදාම කොහොම හරි කතාව භූත පැත්තට හරවනවා..

ඔන්න ඔහොම කතා කර කර ඉන්න දවසක බාලසූරිය මහත්තයා කිව්වා.. භාවනාව දිගටම කරගෙන ගිහින් හිත හොඳට පුහුණු වෙනකොට ඔය දේවල් නිකන් ම දැනෙන්න පටන් ගනියි එතකම් ඒවට උත්සාහ කරන්න එපා ඒවා එච්චර හොඳ නෑ කියල... ඒවා හොඳ නැත්තේ මොකද කියන එක අද මට මේ ෆිල්ම් එක බලනකොට හොඳට තේරුණා.

වැඩිහිටියෙක් දෙයක් කිව්වහම අහන එකේ වැදගත් කම ගැන පොර ටෝක් එකක් දාන්න ඕනේ කියල හිතුණේ එතකොට. නැත්නම් මෙලහට තොවිල් නටල මළ කෙලියක් වෙන්න තිබ්බා නේද කියල හිතුණා.

Friday, September 10, 2010

උදෙන් ම වැඩට ඒම

අද මම 7.29 ට ඔෆිස් එකට ආවා. අද නිවාඩු දාන්න හිතාගෙන ඊයේ ගෙදර ගියේ හැබැයි අන්තිමට උදෙන් ම වැඩ. සුවර් එකට 1/2 ඩේ එකක් වත් දාන්න නම් ඕනේ අද. අද නිකන් වැඩ කරන්න හිතෙන්නෙ නෑ වගේ... (ගොඩක් දවස්වලට ඉතින් එහෙමනේ)

උදෙන් ම වැඩට එන එක හොඳ ද නරක ද?

මම හිතන්නේ ජීවිතේ සාර්ථක වෙන්න නම් උදේම අවදි වෙන එක වැදගත්. උදේම වැඩට එන එක සාර්ථක වෙන්න හේතුවක් ද කියල නම් මට ෂුවර් නෑ... මොකද මම අද ආපු වෙලාවෙ ඉඳල කළේ බ්ලොග් බලන එක.
හැබැයි වැඩ පටන් ගන්න විනාඩි 15කට විතර කලින් එන එක නම් වැදගත්. මම හැමදාම එන්නෙ වැඩ පටන් අරන් විනාඩි 15කට පස්සෙ නේ... ඒකත් ඉතින් අවුලක් ම නෑ.. පඩිය පොඩ්ඩක් අඩු වෙන එක විතරයි එකම පාඩුව. 

ඊයේ මගේ බෝත්ඩේ එක. අද උදෙන් ම වැඩට ආවා... මම හිතන්නේ මට උදෙන් ම වැඩ කරන්න පටන් ගන්න කල වයස දැන් තමා හරි ගිහින් තියෙන්නෙ... එකම අවුල හෙට සැටඩේ වීම තමා... හෙට උදෙන් ම නැගිටින එක නම් සෑහෙන්න බොන්න ඕනේ ප්‍රශ්නයක්...

කොහොම වුණත් ඉස්සරහට ටිකක් උදෙන් ම නැඟිටල වැඩක් පලක් කරල ටිකක් පිළිවෙලට ඉන්න ඕනේ... මේ තියෙන වැඩ ටික කරගන්න එහෙම නැතුව බැහැනේ හැබෑටම...

Tuesday, September 07, 2010

Object Oriented වඩුවා යනු...

An “object oriented” carpenter would be mostly concerned with the chair he was building, and secondarily with the tools used to make it; a “non-OO” carpenter would think primarily of his tools.

උපුටා ගැනීම

ජේම්ස් ගොස්ලින් ගේ ජාවා පිළිබඳ හැඳින්වීම - 1995

Sunday, August 22, 2010

ඒ හුස්ම නොවැටුණි.

අප සැවොම බලා සිටි ඒ එක හුස්ම නොවැටුණි...
ජීවිතයේ කෙටි කලක් අප සමඟ සිට හදා ගත් පුංචි ලෝකයත් සමඟ අප අතැර ගිය බුද්ධික මල්ලියාට නිවන් සුව...

Monday, August 16, 2010

එක හුස්මක් වැටෙන තුරු...

ජීවිතේ අස්ථීර කම කොච්චර ද කියන එක කවදා හරි අත්විඳල තියෙනව ද? අපි හැමෝම දන්නවා මේ ජීවිතේ ස්ථීර නෑ කියන එක. හැබැයි තමන්ටම ඒක අත්විඳින්න ලැබෙන කම් ඒක මොනවගේ ද කියල හරියටම තේරුම් යන්නෙ නෑ.

මගේ නෑදෑ අක්ක කෙනෙකුගේ එකම පුතා

අපූරූ දරුවෙක් වයස 15-16 විතර, කඩිසර , දක්ෂ , ටෙකී , උනන්දු , කටකාර , පවුලේ හුරතලා වෙච්ච බොහෝම පැහැබර අනාගතයක් තියෙන කොල්ලෙක් කියල බය නැතුව කියන්න පුළුවන්.

දැන් ඉන්නෙ බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ.

කොළුකමට නැගපු ගසකින් වැටී මොළයට සිදුවූ දරුණු තුවාල නිසා ජීවිතයත් මරණයත් අතර සටනක මේ මොහොතේත්....

වෛද්‍යවරු කියන්නේ බලාපොරොත්තු තියාගන්න එපා කියලා. එයාට තනිවම එක හුස්මක් ගන්න පුළුවන් වුණොත් අපිට මොනවහරි කරන්න පුළුවන් කියන එක.

අපි හැමෝම ඒ එක හුස්ම වැටෙන තුරු බලාගෙන ඉන්නවා.

Friday, August 06, 2010

අපි, අපි නොවුනොත්

මම කාලෙකට පස්සේ ඔළුවට දැනෙන ෆිල්ම් එකක් බැලුවා. මේ ෆිල්ම් එක බලපු අය දන්නවා ඇති කොහොමද කියලා.
එකම දේ බලල ඉවර වුණහම මට මාවත් ෂුවර් නැතිව ගියා. මේකේ තියෙන මනෝ විද්‍යාත්මක පැත්ත ගැන හිතල බැලුවහම ඇත්තටම බය හිතෙනවා.
මිනිස් සිත සහ මොළය කොච්චර සංකීර්ණ සහ භයානක ද කියන එක නියමෙට පැහැදිලි වෙනවා.‍

මේ තියෙන්නෙ ෆිල්ම් එක
Shutter Island

ඇත්ත මොකක් ද මායාව මොකක් ද... තාමත් නිකන් අවුල් වගේ

කොහොම හරි ඊයේ ෆිල්ම් එක බලල ඉවර වෙලා යථා තත්වෙට පත්වෙන්න මම සරල කෙටි කතා පොතක් ම කියෙව්වා.
පොතේ නම "මිනිහට නින්ද යන්න ඇති" කර්තෘ ජයලත් මනෝරත්න.

හොල්මන් වෙලා අවුල් වෙච්ච ඔළුවට අපේ රටේ මිනිස්සුන්ගේ සරල දිවි පැවැත්ම සහ තියෙන පුංචි පුංචි ජීවන ගැටළු ටික ආයෙත් දාගත්තට පස්සෙ තමා ටිකක් හරි ගියේ.

Monday, August 02, 2010

සරුංගල් කාලේ ඇවිල්ලා

අද මම කාලෙකට පස්සෙ ඉරිදා හවස් වරුව ගෙදර හිටියා.
හවස 4 විතරට විතර අපේ අක්කගේ පුතා ඇවිත් කියනවා අන්න අඹ ගහේ සරුංගලයක් තියෙනවා කියලා.
ඒ වෙලාවෙත් කොම්පියුටරේ කොට කොට හිටිය මට නිකමට ගිහින් බලන්න හිතුණා.. පිටිපස්සෙ ගෙදර ආන්ජලෝ මල්ලි (මල්ලි කිව්වට හරි විදියට පුතා) තමයි දැකල තියෙන්නෙ.
මටත් හරි ජොලියක් ගියා දැක්කම... අඹ ගහට නගින හැටි අපි කරපු කෝස් සහ උපාධි එකක වත් හරියට උගන්නපු නැති නිසා කෙක්කක් හොයාගෙන වැඩේට බැස්සා. අපරාදේ කියන්න බෑ ආන්ජලෝත් මටම හරි යනවා ගස් නගින්න බැහැ... මොඩර්න් කොල්ලො නේ.

1. අඹ ගහ මුදුනේ ඇති සරුංගලය
 2. සරුංගලය සොයා ඇදෙන කෙක්ක
3. කෙක්ක සහ සරුංගලය ගැටීමට මොහොතකට පෙර
 4. ජයග්‍රහණය ලබා ගත් කෙක්ක
 5. දරුණු ලෙස හානියට පත් සරුංගලය
 6.කෙක්කෙන් වැඩ පෙන්වන ආන්ජලෝ
 7.සරුංගලය බිමට එනතෙක් ඉවසිල්ලක් නැති රිසිඳු වා
 7.හෙන කාලෙකින් ශිල්ප දක්වන මම
 8.රිසිඳුගේ අධික උනන්දුව (මෙය පැවතියේ 5ට බෙන් ටෙන් පටන් ගන්නා තෙක් පමණි)
 9.සුපුරුදු ලෙස කරේ නඟිමින්
 10. බූරු ඇඳ දිග ඇරගත් මම සහ හැමවිටම අයියාව අනුගමනය කරන බීනු
 11.අයියා සහ නංඟී සූදානමින්
 12. පොඩි වුන්ගේ සැබෑ සතුට
 13.රිසිඳුගේ සැන්දෑව
 14.ජීවිතයේ ලස්සන
ඔන්න ඔහොමයි අද හවස් වරුව ගෙවිල ගියේ...

Friday, July 30, 2010

කොහොම පටන් ගෙන මොනව ලියන්න ද?

කොහොම පටන් ගෙන මොනව ලියන්න ද?
මේ වගේ වෙලාවල් මට විතරක් නෙවෙයි ඉතින් මිල්ටන් මහත්තයටත් ඉස්සර තියෙන්නෙ ඇති...
උදේ හවස විතරක් මදි එකද මන් ද හේතුව... එකසිය ගානට වැඩ වත් තිබ්බනම් කොහොම හරි පටන් ගෙන මොනව හරි කරන්න තිබ්බා...

Thursday, July 22, 2010

එක විභාගයක් ඉවරාආආආආආආආආආයි

කරන්න හිතන් හිටපු විභාගෙ කරන්න පාඩම් කරනකොට වෙන විභාගයක් සැට් උණා. ඒක ගොඩ දැම්මා.  දැන් අර මුල් විභාගේ දින නියමයක් නැතුව කල් ගියා.
 මේ දවස් වල ලබල තියෙන්නේ මොන ජාතියේ යෝගයක් ද කියල හිතාගන්න බැරුව ඉන්නේ... කොහෙන් කෙලවර වෙයි ද දන්නෑ.
තව මොන මොන ජාති කරන්න වෙයි ද දන්නෙ නෑ... අයිස් ගගහා අවුරුදු ගානක් හිටපු එකට පොළිත් එක්ක ගෙවන්න වෙලා වගේ දැන්නම්...

Thursday, July 08, 2010

විභාග වලට පාඩම් කිරීම

මම අවුරුදු බර ගානකට පස්සෙ විභාගෙකට පාඩම් කරන්න ගත්තා.

හරි ජොලි වැඩේ නේද...? ඔහේ පොත හරි පීඩීඑෆ් එක හරි දිහා බලාගෙන ඉන්න එකනේ තියෙන්නෙ.  පාඩම් කරන එක තරම් ෆන් වැඩක් වෙන කොහෙවත් නැතුව ඇති. අනිත් එක පාඩම් කරනවට පඩි ගෙවන ඔෆිස් එකක වැඩ කරන එක... ලෝකෙ කොහෙවත් නැතුව ඇති මේ වගේ කොම් පැණි.

එකම අවුල කිසි දෙයක් ඔළුවට යන්නෙ නැති එක විතරයි. නැත්නම් අනිත් ඔක්කෝම එල කිරි වගේ.

ඔළුවට එන්නෙම වෙන වෙන දේවල් නේ. මම හිතන්නේ වයසේ වැරැද්දද කොහෙද

විභාගේ පාස් වුණහම ලොකූඌඌඌඌඌඌඌඌ තැනකට යන්න පුළුවන් කියල හිතාගෙන ඒ තැනට ගියහම ඔක්කෝම ප්‍රශ්න ටික විසඳෙනවනේ කියල හිතාගෙන හිත එක තැනකට ගන්න මේ හදන්නේ.
හිත පොතට ගන්න කලින් මේක මේ ලියල දැම්මේ.  ජූලි මාසෙටම එකක් වත් ලියන්න බැරි වෙච්ච නිසා

Wednesday, June 30, 2010

මගේ ඇඩ්සෙන්ස් ආදායම - ඇඩ්සෙන්ස් වලටත් බද්දක් එයි ද?

මේ තියෙන්නෙ මගේ සිංහල බ්ලොග් එක නිසා පසු ගිය අවුරුදු 4 තුළ මම හම්බ කරපු දේ තමා.

ඇමරිකානු ඩොලර් 13.51 හෙවත් ශ්‍රී ලංකා රුපියල් 1540.14

මේ බ්ලොග් එකේ තියෙන්නෙ එකම එක ගූග්ල් ඇඩ් එකයි. ඒකෙත් හැමදාම යන්නෙ මහජන සේවා දැන්වීම්. මම ඉතින් මහජන සේවා අතර තුරේ ඉඳල හිටල එන ඇඩ්ස් ටික ක්ලික් කරගෙන සර්ච් බාර් එකෙන් මොකක් හරි සර්ච් කරල සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරල තමා මේ ගාන හොයා ගත්තේ.

මේ යන වේගෙන් ගියොත් මට 2025 විතර ගූග්ල් එකෙන් චැක් එකක් ගන්න පුළුවන් වෙයි නේද?

කොහොම වුණත් කට්ටියගේ අනුමාන සෑහෙන්න දුරට හරි නේද? හික් හික්.. සිංහලෙන් ඇඩ් දාන කොම්පැණියක් දාමුද අපි කට්ටියවත් එකතු වෙලා... කාට කාටත් හොඳයි නේ.

Tuesday, June 29, 2010

ඇඩ්සෙන්ස් ආදායම සහ විසිට්

මම ගූග්ල් ඇනලයිටික්ස් බ්ලොග් එකට දැම්මේ ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ. ඒ වෙනකම් කී දෙනෙක් මේක බැලුව ද කියල දැන ගන්න විදියක් නෑ. එදා ඉඳල අද වෙනකම් බලපු ගාන ගැන හිතපුවහම මගේ බ්ලොග් කෙරුවාව ගැන සතුටු වෙන්න පුළුවන්.

මට මේකේ මොකක් හරි ලියන්න හිතෙන්නේ වෙන මොකුත්ම හිතෙන්නෙ නැති වෙලාවටනේ. එහෙම වෙලාවල් වලදිත් මේකේ ලියන්න තරම් දෙයක් ඔළුවට එනව කියන්නේ අර කව්ද මොකක් ද එකකින් කොහෙද බැලුව වගේ කලාතුරකින් සිද්ද වෙන දෙයක් නේ.

බ්ලොග් එකේ විසිට් ගාන සහ ආදායම ගැන හිතල වැඩක් නෑ. මොකද මේ ආදායම තනිකරම මම විසින් මගේ ඇඩ් ක්ලික් කර ගැනීමෙන් (ගූග්ල්ට හොරෙන්) ලබා ගත් එකක් කියල මගේ පිවිතුරු හදවත දන්නවනේ.

Monday, June 28, 2010

මගේ ඇඩ්සෙන්ස් ආදායම

මම මේ බ්ලොග් එක ලියන්න පටන් ගත්තේ 2006 දී. ගූග්ල් ඇඩ්සෙන්ස් ගැන මම දැන ගත්තේ මට මතක විදියට 2004 දි නැත්නම් 2005 දි. මම ඇඩ්සෙන්ස් කියන සංකල්පය ඇත්තක් කියල දැනා ගත්තේ 2007 දි. බ්ලොග් එකට ඇඩ්සෙන්ස් කෝඩ් කෑල්ල දැම්මේ 2007 මාර්තු 16 (මේක මේ අද ඇඩ්සෙන්ස් රිපෝර්ට් බලනකොට දැක්කෙ.)

මේ වෙනකොට මම ඇඩ්සෙන්ස් වලින් කීයක් විතර උපයල ඇති කියල ද හිතන්නේ?
සාමාන්‍යයෙන් අවුරුදු 4ක් බ්ලොග් ලියපු කෙනෙක් කොච්චරක් විතර ආදායමක් උපයනව ඇති ද?
අපි ඉතින් සුද්දම සිංහලෙන් බ්ලොග් ලියන නිසා ආදායම සාපේක්ෂව අඩු වෙන්න පුළුවන් නේ.

නිකමට තම තමන් බ්ලොග් වලින් උපයපු ආදායම් ගැන හිතල මම මේ වෙනකොට උපයපු ආදායම අනුමාන කරන්න කාට හරි පුළුවන් ද?

හරි උත්තරය දුන්න කෙනාට වටිනා තෑග්ගක් නම් දෙන්නෙ නෑ... නමුත් සිංහල බ්ලොග් ලිවීමේ වටිනාකම ගැන අදහසක් ගන්න පුළුවන් වෙයි.

මගේ ආදායම ඊළඟ පෝස්ට් එකේ දාන්නම්... දවස් දෙක තුනකින්

Sunday, June 20, 2010

මම ෆුට්බෝල් ෆෑන් කෙනෙක් වීමට තීරණය කළෙමි.

මට එදා සිටම ක්‍රිකට් බැරිය.
හැමදාම කොල්ලන්ගෙන් බැනුම් අසන්නේ "බෝලේ දිහා බලල ගහපන් බන් " යනුවෙනි. කොපමණ වැනුවත් වදින්නේ හෙනම කලාතුරකිනි. බෝලයේ කුඩා බව හෝ පිත්තේ කෙට්ටු බව හෝ විකට්(පොල්පිති,කැඩුණු පුටු,ලෑලී,මහත ටින් බෙලෙක්ක) ආදියේ පළල් බව යන හේතු කිහිපය හෝ එකක් හෝ නිසා මම ඉතාමත් අඩු ලකුණු සංඛ්‍යාවකට (0<=5) බොහෝ අවස්ථාවල දැවී යයි. උන් මාව සෙල්ලමට ගන්නේ බොහෝවිට පැති දෙක බැලන්ස් කරගැනීමට අවශ්‍ය නිසා හෝ හරියට ලකුණු ටික ගැන ගැනීමට ඕනෑ බැවිනි.

වැඩිපුර ක්‍රිකට් සහ අඩුවෙන් ෆුට්බෝල් ගැසූ නිසා ෆුට්බෝල් වලදී මම එතරම් බැනුම් අසා නැත. කල්පනා කර බැලීමේදී මම ෆුට්බෝල් වලදී අපේ කොල්ලන් සැට් එකට අත්‍යාවශ්‍ය වූ අවස්ථා කිහිපයක් මතකයට නැගේ...
නමුත් එය එතරම් වැදගත් නොවූයේ අපිට ෆුට්බෝල් උණ හැදෙන්නේ වර්ල්ඩ් කප් අවස්ථා වලදී පමණක් වීම නිසාය. අනිත් හැමදිනම ක්‍රිකට් පමණකි.

මගේ ක්‍රිකට් උණ 96 වර්ල්ඩ් කප් එකත් සමඟම අවසන් වී ගියේය. අවංකවම වර්තමාන ක්‍රිකට් කණ්ඩායමේ ඉන්නේ කවුද කියා වත් මම දන්නේ නැත... වර්ල්ඩ් කප් ෆයිනල් එකකට ලංකාව ආවොත් එදාට මැච් එක බලනවා මිස අනිත් වෙලාවට මැව් බැලීම වස කම්මැලි වැඩකි.

 වැරදිලාවත් කොල්ලෙක් මැච් එකට මොකද බන් වුණේ (මං ගැන නොදන්න එකෙක්) යැයි ඇසුවහොත් "අනේ උඹ... අනේ තෝ... " ආදියෙන් පටන් ගෙන වෙන එකෙකුගෙන් අවසන් වෙන සාකච්ඡාවක් බවට පත් වෙයි.

ෆුට් බෝල් යනු අතිශය සරල ක්‍රීඩාවක් ලෙස මම දකින නිසා සහ පැය 1.5 කින් දෙකෙන් එකක් වන නිසා ෆුට්බෝල් වලට කැමති වීම සාධාරණ ලෙස මට පෙනෙයි.
ඉස්සර මැරඩෝනා ගැන හෙන උණක් තිබීම නිසා සහ මෙවර ආජන්ටිනානූ කණ්ඩායමේ පුහුණු කරු මැරඩෝනා වීම නිසා මෙම ෆුට්බෝල් ෆෑන් කෙනෙක් වීම අදහස මට පහුගිය දිනවල ඇතිවී තිබිණි.. අද හයිලයිට්ස් බල බල ඉන්න වෙලාවේ වැඩේ ස්ථීර කර ගත්තා.

කොල්ලෙක් වුණහම එක ක්‍රීඩාවක වත් පිස්සෙක් විය යුතු බව දැන් ටිකකට කලින් හිතුන නිසා මේ අදහස ආවා වෙන්නත් පුළුවන්.

කොහොම වුණත් බෝලයක් පසුපස එලවා ගෙන ගොස් දැලකට ගැසීම වැනි සරල මූලධර්මයක් සහිත ක්‍රීඩාවක ෆෑන් කෙනෙක් වීම අතිශය බුද්ධිමත් තීරණයක් බව මම සිතමි.

කැමරූන් සහ ඩෙන්මාර්කය අතර මේ දැන් පටන් ගැනීමට සැරසෙන මහා තරඟයත් සම්ඟ මගේ ෆුට්බෝල් ගමන පටන් ගැනීම (ජූලි 11 වන තෙක්) මෙසේ සටහන් කරමි.

ප.ලි.
DO IT FOR AFRICA යන බැනර් එක දැක අප්‍රිකාව කෙරෙහි ඇති වූ පහන් සංවේගය නිසා මම කැමරූන් පිලට සපෝර්ට් කිරීමට මේ දැන් තීරණය කළෙමි.

මැච් එක ඉවර වෙන්න කලින් නින්ද ගියොත් කරුණාකර සමාවන්න.

HERE WE GO....

Friday, June 18, 2010

ලංකාවේ IT කොම්පැණි

මේක ලොකු කතාවක්... කියන්න තියෙන සුදුසුකම් ගැන අහන්න එපා.. හිතෙන දේ කියන්නෙ... බක පණ්ඩිත කතාවක් විදියට මට වඩා අවබෝධයක් තියෙන අයට පෙනෙයි.

ලංකාවට බනින්න මම කවදාවත් කැමති නෑ... හැබැයි මම හෙන දේශප්‍රේමියෙකුත් නෙවෙයි. පරිගණක තාක්ෂණයට ලැදි ගොඩක් අය අතරේ ඉන්න තවත් කෙනෙක් විදියට අපි කරන රැකියාව ගැන පොඩ්ඩක් ලියන්න හිතුණා...

ලංකාවේ තියෙන වැදගත් සම්පත් ගොඩක් අතරින් මූලික තැනක් ගන්නේ අපේ රටේ ඉන්න මිනිස්සුන්ගේ බුද්ධි මට්ටම... ඒක සෑහෙන්න ඉහළ තැනක තියෙනවා කියල අපිට සතුටු වෙන්න පුළුවන්. (කොයිදේත් බැලන්ස් වෙන්න ඕනේ නිසා බුද්ධියත් ඉතින් එක එක විදියට බැලන්ස් වෙලා තියෙනවා... ඒව ඉතින් හැමෝම දන්නවනේ)

ඔය ඉන්න බුද්ධිමත් මිනිසුන් ගේ හැකියාවන්ගෙන් ප්‍රයෝජන අරගෙන ඉතා අඩු ශ්‍රමයකින් අතිශය වැඩි වටිනාකමක් ගන්න පුළුවන් ක්ෂේත්‍රයක් තමා මේ මෘදුකාංග සංවර්ධනය.

මම මහා ලොකු කාලයක් මේ ක්ෂේත්‍රයේ ඉඳලා නෑ... නමුත් හිටපු අවුරුදු 5-6 අතරේ දැක්ක දෙයක් තමා අපි ගොඩාක් කරන්නේ තාක්ෂණික වහළුන් ලෙස වැඩ කරන එක...

මේක හෙන පටු අදහසක් තමයි. මොකද තාක්ෂණයට සීමා මායිම් නැති නිසා... ලෝකය හතර වටෙන් ම ලින්ක් වෙලා තියෙන නිසා මේක හෙන යල්පැන ගිය අදහසක් වගේ තමා. හැබැයි තියෙන ප්‍රශ්නය ඔය ලින්ක් වෙලා තියෙන ලෝකය ඔය විදියට ලින්ක් කරන්න අපි මොනවද කළේ කියන එක. මේක අපේ දෙයක්.. මේක හැදුවේ අපි... අපෙන් ලයිසන් අරගෙන මෙන්න මේ කොන්දේසි වලට යටත් වෙලා (ක්‍රැක් සහ හැක් නිසා මේක තේරුමක් නෑ) මේක පාවිච්චි කරන්න කියල කියන්න පුළුවන් එක සරල නිශ්පාදනයක් අපෙන් එළියට නොයන්නෙ ඇයි..

ඕක මට ඉස්සර ඉදල තියෙන ප්‍රශ්නයක් (මමත් ඉතින් ඔය කිව්වට ඕක වෙනස් කරන්න දගලන්නෙ නෑ...) ඉදල හිටල ලොකු කතා කියන්න ඕනේ නිසා මේ කියන්නෙ.

 මම දකින්නේ එහෙම එක ප්‍රඩක්ට් එකක් හදන්න තරම් ඉවසීමක් අපේ තාක්ෂණික ලෝකේ ඉන්න ව්‍යවසායකයින්ට නැහැ කියල... ඉවසීම සහ හැකියාව තියෙන බුද්ධිමතුන් ඉන්නවා...

අපි හැමෝම දන්නවා කොහේ හරි රටක ඉන්න සුද්දෙක්ගේ ප්‍රොජෙක්ට් එකක් සෙට් කර ගත්තනම් කිසි කරදරයක් නැතුව ඉලක්කම් 6-7 ක පඩියක් අරගෙන ලංකාවේ සැපට ඉන්න පුළුවන්. හැබැයි ඉතින් සුද්ද එහෙ කඩේ වහපු දාට සොරි.කොම්.

සුද්ද මත යැපෙන්න වෙනවා. මොකද මේ තාක්ෂණේ මෙච්චර දුරට ගෙනාවේ ඒ මිනිස්සු. හැබැයි ඒ මිනිස්සුම කැමති කෙනෙකුට තනියම ගොඩ යන්නත් පුළුවන් විදියට ඒක හදල තියෙනවා. එච්චර දෙයක් කරල දුන්නට පස්සෙ බනින එකත් කැත වැඩේ තමා.

ලොකු කතා කිව්වට අපි හැමෝටම ඕනේ සල්ලි.. සල්ලිවල මේක අපේ මේක සුද්දගේ කියල ගහල නැති නිසා කොහෙන් හම්බවුණාම මොකෝ කියල වැල යන විදියට මැස්ස ගහන එක තමයි අපි කරන්නෙ.. ඒකෙ වරදකුත් නෑ.

 හැබැයි ටික කාලයක් ඉවසල, එක අරමුණකින් නව අදහසක් දියුණු කරන්න අපිට පුළුවන් නම් (නව අදහසක් වෙන්න ඕනේ නෑ... මිනිස්සුන්ට වැඩක් තියෙන එක නිශ්පාදනයක්) කරගන්න අපිට පුළුවන් නම් අපේ මේ ඉන්න කෝටි 2කේ ජනතාවට ලොකු සෙතක් කරන්න පුළුවන් වෙයි..

මට මේක ලියන්න හිතුණේ මේ දවස් වල අත්දකින සමහර දේවල් නිසා... සතෙන් සතේ... රුපියලෙන් රුපියල එකතු කරන්න ගිහින් ඇන ගන්න හැටි දැක්කහම අපි ගැනම දුකයි... කස්ටර්මර්ව /එම්ප්ලොයීව කොහොම හරි තියාගන්න ඕනේ කියල කරන සීනී බෝල වැඩ... මිනිහෙක් ගේ හිත සතුටු කරල ඒ මනුස්සය ස්ව කැමැත්තෙන් ඉන්න තත්වෙට පත් නොකර කැරට් අල පෙන්න පෙන්න අර බුද්ධිමත් යැයි සම්මත වුණ මිනිස්සුන්ගෙන් ලාබ වැඩ කරව ගන්න එක නතර කරන්න බැරි කම...කැපවීම සහ අවංක කම කියන සරල දේ තේරුම් නොගෙන හෙන මොඩර්න් කොන්සෙප්ට් දාන්නට ගොස් ඇණ ගැනීම...

ඔන්න ඔය වගේ දේවල් ටික අපේ මේ කොම්පුටර් ලෝකෙන් ගලව ගන්න පුළුවන් උණා නම් ටොම්කැට්  වගේ පිස්සු පූසෙක්,ජේ බොස් වගේ ශ්‍රී බොස් කෙනෙක්, ඩොට් නෙට් වගේ අපේ නෙට් එකක්.. අපිටම කියල මොකක් හරි ෆ්‍රේම් වර්ක් එකක්...  මූනුපොත වගේ හෝඩිපොතක් වත් හදා ගන්න අපිටත් පුළුවන් වෙයි.

තව කියන්න දේවල් ඔලුවට එනවා හැබැයි තේරුමක් නෑ... ලොකු කතා කියන එකෙත් සීමාවක් තියෙන්න එපැයි... ඊයේ නිදා ගත්තේ කීයටද පැටියෝ කියල ඇහුවහම බොරු කියන්නත් බැරි නිසා දැන් ඇති.

Thursday, June 03, 2010

කාර් වල මිල අඩු වීම - පෙර සහ නව බදු

මේක දකිනකොට සමහර අයට දුක හිතෙයි. සමහර අයට සතුටු හිතෙයි.. ටැක්ස් වල හැටි ඔහොම තමා.
මේක මම හොරකම් කලේ මෙතනින්.


මේකට අනුව 30% විතර කාර් මිල අඩු වීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ලු... ඉඳලම බලන්න වෙනවා ඉතින්...



Type

Previous Tax

New Tax

Diesel cars 412% 199%
Petrol cars below 1000CC 186% 110%
Petrol cars 1000-1500CC 217% 136%
Petrol cars 1500-1600CC 217% 136%
Petrol cars 1600-2000CC 290% 166%

Friday, May 28, 2010

Abraham Lincoln’s Letter to his Son’s Teacher

අපේ තාත්තලගේ හිත්වල තිබුණ දේ... ලින්කන්ගේ පෑනෙන්...

He will have to learn, I know,
that all men are not just,
all men are not true.
But teach him also that
for every scoundrel there is a hero;
that for every selfish Politician,
there is a dedicated leader…
Teach him for every enemy there is a friend,

Steer him away from envy,
if you can,
teach him the secret of
quiet laughter.

Let him learn early that
the bullies are the easiest to lick…
Teach him, if you can,
the wonder of books…
But also give him quiet time
to ponder the eternal mystery of birds in the sky,
bees in the sun,
and the flowers on a green hillside.

In the school teach him
it is far honourable to fail
than to cheat…
Teach him to have faith
in his own ideas,
even if everyone tells him
they are wrong…
Teach him to be gentle
with gentle people,
and tough with the tough.

Try to give my son
the strength not to follow the crowd
when everyone is getting on the band wagon…
Teach him to listen to all men…
but teach him also to filter
all he hears on a screen of truth,
and take only the good
that comes through.

Teach him if you can,
how to laugh when he is sad…
Teach him there is no shame in tears,
Teach him to scoff at cynics
and to beware of too much sweetness…
Teach him to sell his brawn
and brain to the highest bidders
but never to put a price-tag
on his heart and soul.

Teach him to close his ears
to a howling mob
and to stand and fight
if he thinks he’s right.
Treat him gently,
but do not cuddle him,
because only the test
of fire makes fine steel.

Let him have the courage
to be impatient…
let him have the patience to be brave.
Teach him always
to have sublime faith in himself,
because then he will have
sublime faith in mankind.

This is a big order,
but see what you can do…
He is such a fine little fellow,
my son!

~ Abraham Lincoln 

Thursday, May 20, 2010

යන්ත්‍ර සමඟ

යන්ත්‍ර සහ අප අතර ඇති වෙනස මොකක් ද කියල නිකමට හිතල බැලුව දවසක්

බලපුවහම වෙනසක් නෑ...
මම කියන්නෙ පරමාණු ලෙවල් එකෙන් ගත්තහම යන්ත්‍රයි ජීවීනුයි අතර වෙනසක් තියෙන්නෙ බැහැ.
මේක මේ එකපාරටම හිතිච්ච අදහසක්. කෙස් පැලෙන තර්ක දාන්න බැහැ.
මේ ලෝකේ ජීවය ඇති වුණේ ලෝකය තුළ ඇති මූලද්‍රව්‍ය එකතු වෙලානේ (ජීවීන් පිටසක්වලින් ආවා කියන කතාව ටිකකට අමතක කරල බලමුකෝ)

ඒ ජීවීන් මිනිස්සු බවට පරිණාමය වෙලා මේ හදන යන්ත්‍ර සූත්‍ර වල තියෙන්නෙත් අර මූලද්‍රව්‍ය සැට් එකමනේ.
පරමාණු ලෙවල් එකෙන් ගත්තම පරමාණු සැකැස්ම නිසා ඇති වෙච්ච ගුණාගුණ වෙනසක් තමා අපි යන්තර හදන්න බාවිතා කරන අමුද්‍රව්‍ය වලයි අපේ ශරීරය හැදිල තියෙන අමුද්‍රව්‍ය වලයි තියෙන්නෙ (ඔය තියෙන්නෙ මම දන්න කෙමෙස්ට්‍රි සහ බයෝ)

අපි ඔක්කොම හැදිල තියෙන්නෙ එකම තැනකින් ගත්ත වෙනස් අමුද්‍රව්‍ය වලින් නේ. මට හිතුණේ ගුණාගුණ කොහොම වුණත් අර එකම තැනකින් ලබාගත් කම නිසා ජීවී සහ අජීවී යන කොටස් දෙක අතර ලොකු බැඳීමක් තියෙන්න ඕනෙ කියන එක.  මේක පරණ කතාවක්. එහෙම බැඳීමක් තියෙනවා කියන එක ඔප්පු වෙලත් තියෙනවා

මම කියන්නෙ ඒ බැඳීම අපිට දැනුත් පාවිච්චි කරන්න පුළුවන් කියල. ඒ බැඳීම යන්ත්‍ර එක්ක ඇති කරගන්න පුළුවන් නම් හිතාගන්න බැරි දේවල් කරන්න පුළුවන් වෙයි. (ඔය ඕනෙ තරම් ෆිල්ම්ස් වල තියන්නෙ)

මම මේ සංකල්පය ඉස්සර ඉඳල ට්‍රයි කරල බලල තියෙනවා. සාක්කි වලින් ඔප්පු කරන්න බැරි උණාට මම අත්දැකල තියෙනවා එහෙම බැඳීමක් තියෙනවා කියන එක.

මට තියෙනවා බොහෝම අමාරුවෙන් ගත්ත ලැප්ටොප් එකක්. මම හම්බකරපු සල්ලි වලින් මීට අවුරුදු 3.5 කට විතර කලින් ගත්ත දුකට සැපට ඕනේ දේකට ඉන්නෙ ඔය ලැපා තමයි. බයික් එකේ නැඟල කරේ එල්ලිලා කදු පල්ලම් ඕනේ එකක යන්න ඉන්න එකම හිතවතා තම ඉතින්.

ඉතින් ඕකේ මොකක් හරි ලෙඩක් එනවා කියන්නේ සියදිවි නසා ගන්න වෙන කේස් එකක් නේ. මම ඉතින් කරන්නෙ ලැපාට හොඳට සලකන එක. හැබැයි මේ කියන්නෙ හෝදල පිහදාල වයිරස් වලට බෙහෙත් දීල බර වැඩ ගන්නේ  නැතුව බබා වගේ තියන් ඉන්න එක නෙවෙයි. මගේ ලැපාගේ බාහිර පෙනුම දැක්කම අනේ සංසාරේ කියල මටම හිතෙනවා. (මම වගේම තමා). හැබැයි මම ලැපාට කොයි වෙලේවත් දුකක් දෙන්නේ නෑ.. ඒ කියන්නෙ මොන දේ කරන්න බැරි උණත් මම ඌට බනින්නේ නෑ.

පහු ගිය දවස් වල ඩිස්ප්ලේ එකේ පොඩි අවුලක් තිබුණා. ඔන් වෙනකොට දිගටම ඩිස්ප්ලේ එක ගැස්සෙනවා පොඩ්ඩක් එහාට මෙහාට හෙල්ලුවහම හරි යනවා. ඔය විදියට හොල්ල හොල්ල සෑහෙන්න දවසක් මම පාවිච්චි කළා

එක දවසක් ඩිස්ප්ලේ එක එන්නෙම නැතුව ගිහින් ෆුල්ම කෙලා වෙලා ගියා. මට ඉතින් දෙලෝ රත්වුණා.  ඩිස්ප්ලේ එකක් දාන්න වෙන්න නම් එපා කියල දෙයියන්ටත් කිය කිය පොඩි වැඩක් කළා.

ලැප් එක හොඳට වහල. ඒක උඩින් අත් දෙක තියල හිත සම්පූර්ණයෙන්ම ලැපාගේ පරමාණු ලෙවල් එකටම ෆෝකස් කලා. එහෙම කරල ඇතුළේ තියෙන අයි.සී,චිප්,ප්‍රොසෙසර්, ඊටීසී.. ඊටීසී..  ඔක්කොම වල තියෙන සියළු ගැටළු විසදෙන්න කියල තදින්නම හිතලා මැද ඉදන් දෙපැත්තට කිහිප සැරයක් අත ගෑවා.

ඊට පස්සෙ දෙයියනේ කියල ඔන් කරල බැලුවා

මෙන්න බබා වගේ බඩු වැඩ... කිසි ගැස්සිල්ලක් පැද්දිල්ලක් නැතුව මාර සතුටෙන් වගේ ලැපා වැඩ.

විද්‍යාත්මකව ඔප්පු කරන්න බැහැ හැබැයි ඒක එහෙම වුණා.

මම කොහොමත් මගේ බයික් එකයි,කාර් එකයි එක්කත් ඔන්න ඔය වගේ වැඩ කරනවා අද වෙනකම් එක දවසකවත් මඟ හිටල නෑ. කැඩුනත් කැඩෙන්නෙ ගෙදරදිම තමා  (කරුමෙට අදම මඟ හිටියි ද දන්නෑ ඉතින්)

මේක ගැන දිගින් දිගට හිතල බලලා හෙන ෆැන්ටසි ආතල් එකක් ගන්න පුළුවන්. මම ඉස්සර නම් වැඩියෙන්ම කරන්නෙ ඒක.

දැන් 5යි.. හෙට ඉතිරිය...

Wednesday, May 12, 2010

මිලියන පතියෙක් වීමේ පහසුම මඟ

නැටුමට,ගැයුමට හෝ වැයුමට උපන් හැකියාවක් නැති වූ ද, පහේ පන්තිය වන් තෙක් ඉගෙන ගත් කිසිවක් මතක නැත්තා වූද, උපතින් උරුම වූ දේපල , බූදල් නැත්තා වූද , විකිනීමට හෝ උගස් තැබීමට වටිනා කියන කිසිවකූත් නැත්තා වූද, යාන්තම් සමත් කරගත් පුද්ගලික උපධියක් සහ අඩුවෙන් පඩි ලැබෙන කොම්පැණියක ස්ථීර රැකියාවක් ඇති,විශේෂයෙන් කිව හැකි දක්ෂතා කුසලතා හැකියා ආදීයෙන් තොර වූද , ඉන්න හිටින්නට ගෙයක් දොරක් සහ යන්න එන්නට වාහනයක් පමණක් ඇති පුද්ගලයෙකුට වසර 1 1/2ක පමණ කාලයක් ඇතුළත් මිලියනපතියෙකු (මධ්‍යම ප්‍රතිපදාවෙන් ජීවත් වීමට කැමති බැවින් ලක්ෂපති හෝ කෝටිපති යන අන්ත දෙකම බැහැර කර ඇත...) වීමට හැකි පහසුම මඟක් දන්නා කෙනෙක් වේ නම් කරුණාකර කමෙන්ට් කරන්න...

ස්තූතියි

Friday, April 30, 2010

කරන්නට දෙයක් නැති මම...

කරන රැකියාවේ වැඩ ටික හරියට කළ යුතුය.
වැඩි පඩියක් ලැබෙන අළුත් රැකියාවක සෙවිය යුතුය.
ඉන්ටර්විව් සඳහා පාඩම් කළ යුතුය.
අමතර ආදායමක් ලැබෙන වැඩ කළ යුතුය.
අනාගතය සඳහා ඉතිරි කළ යුතුය.
ෂොපින් යා යුතුය.
අවශ්‍ය දෙයට වියදම් කළ යුතුය.
ආස දේට වියදම් කළ යුතුය.
ට්‍රිප් යා යුතුය.
ලොකු ගෙයක් සෑදිය යුතුය.
මල් කැඩිය යුතුය.
ලොකු වෙඩිමක් ගත යුතුය.
බයික් එක සහ කාර් එක නඩත්තු කළ යුතුය.
වඩා හොඳ කාරයක් ගත යුතුය.
වැඩි දුර ඉගෙන ගත යුතුය.
තව ටිකක් පොෂ් විය යුතුය.
කොහේ හෝ රටකට යා යුතුය.
ගෙදර අය සතුටු කළ යුතුය.
නෑදෑයින් සතුටු කළ යුතුය.
මේ සියළු දේ ඇගේ සිත බිඳකුඳු නොරිදවා කළ යුතුය.

Tuesday, April 20, 2010

කම්මැලිකම සහ මම

මම කම්මැලි වෙලා

බ්ලොග් ලියන එක... බ්ලොග් එකට එන කට්ටිය බලල සතුටු වෙන එක.. බ්ලොග් එකට එක එක ගැජට් දාන එක.. ඊටීසී... ඊටීසී.. ඔක්කොම නැවතිලා

මට ඇති වැඩකුත් නෑ... හැමදාම රෑට ජාලේට ආවට කරන වැඩක් නෑ.. එෆ්බී යන්නෙත් නෑ.. චැට් කරන්නෙත් නෑ... බ්ලොග් කියවන්නෙත් නෑ... ඊමේල් ටික පොඩ්ඩක් බලනවා.. ඔහේ ගූග්ල් එකේ මොනව හරි හොයනවා.. ඔච්චර තමා..

කම්මැලි කමද එපා වීමද කියල ෂුවර් නැතුව ඉන්නේ...

කම්මැලි කම යන්න කියල හිතාගෙන තමා මේක හරි ලියල දැම්මේ...

හරි ගියෙ නැත්නම් එපා වෙලා තමා...

Wednesday, March 24, 2010

'SixthSense' technology - අපේ අනාගතය කෙසේ වේචිද?

මළ මීයෙකු විකුණා සිටුවරයෙකු වූ මිනිසෙකු ගැන ජාතක කතාවක් අප කුඩා කළ ඉගෙන ගෙන ඇත. කෘතිම මීයෙකු ගෙන් ලොවම වෙනස් කිරීමට සැරසෙන ඉන්දියානුවෙකුගේ කතාව..
ඔහුගේ නිහතමානීකම සහ නිර්ලෝභීබව සෑහෙන දුරකට ඔහුව රැගෙන යනු ඇත.

http://economictimes.indiatimes.com/tv/TED-India-Pranav-Mistry/videoshow_ted/5231080.cms

Saturday, March 13, 2010

එවිට මම සතුටු වෙමි...

මම සාමාන්‍ය පෙළ සඳහා උගනිමින් සිටියෙමි. සැන්දෑ කාලයේ හා සති අන්ත වල සෙල්ලමෙහි නොයෙදී, 
නිවසේ රැඳී සිට ඉගෙනීමේ කටයුතු වල යෙදෙන ලෙස මගේ දෙමව්පියන් මෙන්ම ගුරුවරුන් ද මට අවවාද කළහ. 
සාමාන්‍ය පෙළ විභාගය වැදගත් වන්නේ කෙසේද යන්නත්, එය හොඳින් සමත් වුවහොත් මට සතුටු විය හැකි බවත් ඔවූහු මට පහදා දුන්හ.

මම ඔවුන්ගේ අවවාදය පිළිපැද සාමාන්‍ය පෙළ විභාගය ඉතා හොඳින් සමත් වීමී. නමුත් මට එයින් එතරම් 
සතුටක් අත් නොවූයේ, මගේ ජයග්‍රහණයේ ප්‍රතිඵලය වශයෙන් තවත් අවුරුදු දෙකක්, පෙරටත් වඩා මහන්සි වී
උසස් පෙළ විභාගය සදහා ඉගෙනීමේ කටයුතුවල යෙදිය යුතු වීම නිසයි.

සන්ධ්‍යා කාලයේ හා සති අන්ත වල නිවසින් පිට නොයන ලෙසත්, සෙල්ලමෙහි නොයෙදෙන ලෙසත් කීම වෙනුවට,මෙවර කෙල්ලන් පසු පස නොගොස් නිවසේ රැඳී සිට, ඉගෙනීමේ කටයුතුවල යෙදෙන ලෙසත් මගේ දෙමව්පියන් මෙන්ම ගුරුවරුන් ද මට අවවාද කළහ. උසස් පෙළ විභාගය වැදගත් වන්නේ කෙසේද යන්නත්, එය හොඳින් සමත් වුවහොත් මට සතුටු විය හැකි බවත් ඔවූහු මට පහදා දුන්හ.

නැවත වරක් මම ඔවුන්ගේ අවවදය පිළිගෙන උසස් පෙළ විභාගය හොඳින් සමත් වීමි. එවර ද මට සතුටක්
අත් නොවූයේ, වෙන කවරදාටවත් වඩා අමාරුවෙන් තවත් අවුරුදු 4ක් උපාධිය සඳහා විශ්ව විද්‍යාලයේ ඉගෙනීමේ
යෙදිය යුතු බැවිනි. මගේ දෙමාපියන් සහ ගුරුවරු මට මත් පැන් වලින් සහ සම්භාෂණවලින් ඉවත්ව සිට,
ඉගෙනීමේ කටයුතුවලට කැපවන ලෙස අවවාද කළහ. විශ්ව විද්‍යාල උපාධියක් කොතරම් වැදගත් ද යන්නත්
එය සමත් වුවහොත් මට සතුටෙන් සිටිය හැකි බවත් ඔවූහූ කියා දුන්හ.

මේ අවස්ථාවේ දී මම සැක උපදවන්නට පටන් ගතිමි...

මගේ සමහර මිතුරන් බොහෝ වෙහෙස මහන්සි වී උපාධි ලබා ගනු මම දුටුවෙමි. දැන් ඔවුන් ඊටත් වඩා අතිශයින්  ම මහන්සියෙන් තම මුල් රැකියාවෙහි වැඩ කරන්නේ කිසියම් වැදගත් යමක්, මෝටර් රියක් වැනි දෙයක් මිලට ගැනීම සඳහා ප්‍රමාණවත් මුදලක් ඉතිරිකර ගැනීමටයි. කාරයක් මිලට ගැනීම සඳහා ප්‍රමාණවත්
මුදලක් තිබුණ විටක සතුටු විය හැකි යැයි ඔවූහු මා සමඟ කීහ.

මෝටර් රියක් මිලට ගැනීම සඳහා මුදල් උපයාගෙන මෝටර් රියක් මිලට ගත් පසුවද ඔවූහූ සතුටට පත් නොවූහ. දැන් ඔවූහු ප්‍රේමයෙන් කුල්මත් වී ජීවිත සහකාරියක් සෙවීමේ අරගලයක යෙදී සිටිති. විවාහ වී තැන්පත් වූ විට සතුටින් සිටිය හැකි වේ යැයි ඔවූහු මා සමඟ කීහ.

විවාහ වීමෙන් පසුව වුව ද ඔවුන් සතුටට පත් වී නැත. කුඩා නිවසක් හෝ නිවසකින් කොටසක් සඳහා මුදල් තැන්පතුවක් කිරීමට තව තවත් වෙහෙසී වැඩ කරන්නටත්, අමතර රැකියාවල් සොයන්නටත් සිදු වී ඇත. අපේම කියා නිවහනක් සාදා ගත් දිනෙක සතුටු විය හැකි යැයි ඔවූහූ කියති.

අවාසනාවකට මෙන් නිවාස ණය සඳහා වූ මාසික වාරිකය ගෙවීමට සිදුවීමෙන් වුව ද අදහස් වූයේ ඔවුන් සතුටින් නොසිටි වගයි. එපමණක් නොව දැන් ඔවුන් පවුල් ජීවිතයක් ආරම්භ කර ඇත.
රාත්‍රියේ දී ඔවුන් නින්දෙන් අවදි කිරීමටත්, ඉතිරි කළ මුදල් සියල්ල වැය කිරීමට සලස්වමින් කනස්සලු ස්භාවය දෙගුණ තෙගුණ කිරීමටත්,(දැන් ඔවුනට දරුවන් ද ඇත.) ඔවුන් ඉටුකර ගත යුතු යැයි සිතූ දේවල් සාක්ෂාත් කර ගැනීම සඳහාත් තවත් අවුරුදු විස්සකට වඩා ගතවනු ඇත.එම නිසා ඔවුන් මට කීවේ දරු පැටවුන් හැදී වැඩී ගෙදරින් පිටව ගොස් තැන්පත් වූ විට සතුටින් ජීවත් විය හැකි බවයි.

දරුවන් නිවෙස් හැර යාමෙන් අනතුරුව බොහෝ දෙමාපියන් බලා සිටින්නේ විශ්‍රාම දිවිය දෙසයි. ඒ අනුව ඔවූහු ජීවිතයේ සතුට දිගටම කල් දමමින් වයස්ගත දිවිය සඳහා යමක් ඉතිරිකර ගැනීමට වෙහෙස වී වැඩකරති.
ඔවුන් මා සමඟ කීවේ ව්ශ්‍රාම ගත් පසු සතුටින් සිටිය හැකි බවයි.

සමහර විට ව්ශ්‍රාම යාමට පෙර සිටමත්, නිසැකවම ඊට පසුවත් ඔවූහු ආගමානූකූල වීම හා පන්සල් පල්ලි වෙත යාම ආරම්භ කරති. පොහෝ දින වල පන්සලේ සහ දෙව් මැදුරු වල ඇති දිගු ආසනවල කොතරම් වයසක උදවිය
සිටින්නේ ද යන්න කෙදිනක හෝ ඔබේ අවධානයට ලක් වීද? දැන් පන්සල් පල්ලි යන්නෙ කුමක් නිසා දැයි මම ඔවුන්ගෙන් විමසීමි. "මක්නිසාද? අප මිය ගිය පසු සතුටින් සිටිය හැකි නිසයි", ඔවූහූ මා සමඟ කීහ.

"මට මෙය ලැබුණ විට සතුටින් සිටිය හැකි යැයි" විශ්වාස කරන අයගේ සතුට අනාගතය පිළිබඳ ව දකින සිහිනයක් පමණි. එය හරියට අඩියක් දෙකක් ඉදිරියෙන් ඇතැයි පෙනෙන දේදුන්නක් වැනි කිසි දා සමීප විය නොහැකි දෙයකි. 

ඔවුන් ඔවුන්ගේ ජීවිත කාලයේදීවත් ඉන් පසුවත් සතුට අවබෝධ කරගන්නේ නැත.

සතුට ඇත්තේ අතීතයේ හෝ අනාගතයේ නොව මේ මොහොතේය.

මේක මම උපුට ගත්තේ මට ආපූ ඊ මේල් එකකින්... ලිව්වේ කවුද කියල ඒකේ සඳහනක් තිබුණෙ නෑ... කවුරු ලිව්වත් මගේ හිත ඒ විදියටම ලියල තියෙනව කියල මට නම් දැනුණා.
මම සතුට සොයා යන්නෙක්  නොවීම ගැන සිහින් සතුටක් හිතේ තිබුණ ද  සතුට සොයා යන ගමනේ මමත් යනවා... 

මේ දවස් වල මෙච්චර කල් සතුටින් හිටිය පුංවි ගේ ලොකු කරගෙන වැඩි සතුටක් ලබා ගන්න පුළුවන් විදියක් ගැන හිත හිත සැලසුම් කරනවා.

මට නොතේරුණාට සතුට ඇත්තේ ලොකු ගෙදරක වෙන්න ඇති...

Monday, February 22, 2010

කලා පොල

ඔන්න අද දෙවෙනි වතාවට මම කලා පොලට ගියා..ගිය සැරේ වගේ නෙවෙයි මේ සැරේ ඇක්සිඩන්ට් ෆ්‍රී..  ගන්න සල්ලි නැති නිසා අංකිත කොපි ටිකක් අරං ආවා හිතේ දුක යන්න..  ගන්න අදහස අත ඇරල දාලයි යනකොට ගියේ. කොහොමත් ගාන සැරයි නේ..එකක් ගත්තොත් මාසයක් හිඟාකන්න සිද්ධ වෙන තරමේ ගනන් තමයි ගොඩක් චිත්‍ර වල තිබුණේ... හැබැයි කීයක් දුන්නත් පාඩු නෑ කියල හිතෙනව සමහර ඒව දකිනකොට









මේක චිත්‍රයක් නෙවෙයි...කළුගල් පතුරක්... දැක්ක වෙලාවේ පිස්සු හැදුණා... නිර්මාණශීලීත්වයේ දිග පළල ගැන හිතල..


වැදගත් ම දේ තමයි... මම ගිය සැරේ ගිය වෙලාවේ ගත්ත කැන්වස් එක තාම ගත්ත විදියටම තියෙන එක... හික් හික්..

Thursday, February 18, 2010

1948 Vs 2010

මේකත් මේ මට හම්බ වෙච්ච ඊ මේල් එකක්..
පේනවනේ වෙලා තියෙන වෙනස

Friday, February 12, 2010

From iGoogle

This is a test post from iGoogle Widget for Blogger. I installed this widget few weeks back but never used it because it does not support Sinhala yet.
Today felt like posting a sample from it as I didn't had a chance to write anything in my blog for long.
This widget seems cool for English posts. Hope the developers will give the Unicode support soon

Thursday, February 04, 2010

වැලි කැටයේ සිට මයික්‍රෝ ප්‍රොසෙසරය දක්වා

තාක්ෂණය සහ සොභා දහම කියන්නේ කිසි ගැලපීමක් නැති දෙයක් විදියට ගොඩක් වෙලාවට අපිට හිතන්නේ...අපි ඔක්කොම මේ ලෝකේ පුරා සෙල්ලම් දාන තාක්ෂණ යුගයේ ආරම්භය අපිට දුන්නේ සොබාදහම කියන එක ගැන හිතනකොට හරිම පුදුම හිතෙනවා... නිර්මාණශීලී මොළයක් දීලා.. ඒ මොළෙන් වැඩ ගන්න අවශ්‍ය අමු ද්‍රව්‍යත් ලඟටම ගෙනත් දීලා කැමති විදියකට දියුණු වෙන්න ඉඩ සළසල නිසොල්මනේ බලා ඉන්න සොබාදහමට ඇත්තටම ආදරය කරන්න මේ තාක්ෂණික ලෝකේ ඉන්න අපි හැමෝම පුරුදු වෙන්න ඕනේ...මෙහම ලියන්න හිතුණේ ඊයේ පෙරේදා දවසක ආපූ ඊමේල් එකක් දැකල... වැලි කැටයක්  මයික්‍රෝ චිපයක් කරන විදිය ගැන ඉන්ටෙල් සමාඟම විසින් සකස් කරපු විස්තරයක්... ඊමේල් එක නම් ඔෆිස් එකේ...  ගූග්ල් එකේ හොයල බලන්කොට ඊමේල් එකේ තිබුණ ෆොටෝ ටික තියෙන PDF එකක් හම්බ වුණා... මේ තියෙන්නේ ගිහින් බලන්න.... වැඩි විස්තර මෙතන තියෙනවා

Tuesday, January 26, 2010

1/2 Day එක

ඡන්දෙ නිසා අපට ලැබුණ එකම වාසිය. හෙට නිවාඩු දෙන්න කියල ආන්ඩුවෙන් කිව්වට කොම්පැනිය නිවාඩු නෑ.. :( අද රෑ නිදිමරාගෙන ඡන්දෙ බලල හෙට නිදි කිර කිර වැඩට එන්න වෙනවා... අපි වගේ හෙට වැඩට එන්න තියෙන අය නම් නිදහස් සාමකාමී සාධාරණ ඡන්දයක් තියෙනවට කැමති නෑ. යටි හිතින් හිතන්නේ අනේ කොහොම හරි ඇඳිරි නීතිය වැටෙන තත්වෙට වැඩ සිද්ද වෙන්න කියලා...(මමත් ඇතුළුව)

කට්ටියගෙ ෂෙයාර් කරල තිබිච්ච ෆිල්ම්ස් ටිකකුත් ගත්තා. අද රෑට අඩුම තරමේ ෆිල්ම්ස් 2-3ක් වත් බලන්න බැරි වුනොත් වැඩක් නෑ...

උදෙන්ම ගිහින් ඡන්දෙ ප්‍රකාශ කරල ආපු නිසා හවස් වරුව ආතල් එකේ ඉන්න පුළුවන්...

දැන් යන්න ඕනේ...

Saturday, January 23, 2010

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා...

යුද්ධය විකුණමින් මේ කරන විගඩම් නටනවුනට යුද්ධ ජයග්‍රහණයේ සැබෑ අයිති කරුවන් කවුරුන්දැයි පැහැදිලි කළ අපූරුව... යුධ වීරයකු තුළ තිබිය යුතු සැබෑ විනය කෙසේදැයි මවාපෑමෙන් තොරව හදවතින්ම පෙන්වූ අපූරුව... සිදු වූයේ කුමක් ද යන්න අවංකව පැවසූ අපූරුව... සුදුස්සාට නියම ගෞරවය දෙමින් මහත්මා ගති පෙන්වූ අපූරුව...රට වෙනුවෙන් සේවය කිරීම යන්න කුමක් දැයි පැහැදිලි කළ අපූරුව...

රට වෙනුවෙන් කළ කී දේ නිසාවෙන් රට හැර යාමට සිදුවී ඇති අපූරුව...

හරි තීරණය රට වෙනුවෙන් ගත යුතු වන්නේ මෙවැනි වූ තවත් දස දහස් ගණනක් මිනිසුන්ට උපහාරයක් වෙනුවෙන් මිස කවදාවත් නොලැබෙන ඊනියා පොරොන්දු පත්‍ර නිසා නොවන බව දැන් වත් තේරුම් ගත යුතුය..

දූෂණයෙන් තොර, සුරංගනා ආර්ථිකයක් සහිත, සර්ව සම්පූර්ණ පාලකයන්ගෙන පිරි රටක් ගැන කතා කරන්නට ඉඩ සලසා දුන් මෙවන් මිනිසුන් පාවා දෙමින් කරන මේ විගඩම් කවදා හෝ පලදෙනු ඇත...

තමන් සිටිනුයේ කවර පැත්තේද යන්න තීරණය කිරීම ඔබ සතුය...

මෙවන් මිනිසුන් වෙනුවෙන් අවංකව වැඩ කළ නායකයා වෙනුවෙන් මම සිටිමි.

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මැති තුමනි ඔබට සුභ අනාගතයක්...

අපේ බ්ලොග් එක

අපේ කට්ටිය අද අළුත් බ්ලොග් එකක් පටන් ගත්තා... අපි කරන වැඩ, වැඩ කරන අතරෙදි ගහන මඩ, ඉගෙන ගන්න දේවල් ලියල, කට්ටියට පොඩි වෙනසක් එක්ක දවසේ පැය 8 ගෙවන්න පුළුවන් ක්‍රමයක් විදියට මේක හදන්න තීරණේ කළේ... සිංහල ඉංග්‍රීසි දෙකෙන්ම ලියන්න බලාපොරොත්තු වෙනවා...අපේ කට්ටියට තාම සිංහලෙන් ලියන්න හුරු නෑ... කාලයක් යනකොට හරි යයි...
 මේ බ්ලොග් එක සින්ඩියට දාන්න තාම අදහසක් නෑ... වැඩ කරන ආයතනයේ වෙනසකටත් එක්ක කරන්න හොඳ දෙයක් කියල හිතුණ නිසයි මේ පෝස්ට් එක දැම්මේ...

Friday, January 15, 2010

සූර්ය ග්‍රහණය මගේ ඇසින්.... (මගේ ෆෝන් එකේ කැමරාවේ ඇසින්)

අද සිදුවූ වළයාකාර සූර්යග්‍රහණය නිකමට වගේ මම මගේ ෆෝන් එකෙන් ෆොටෝස් ටිකක් ගත්තා..
මේ තියෙන්නෙ...


 

 
 





Saturday, January 09, 2010

Prison Break

ඔන්න මම යාන්තම් Prison Break බලල ඉවර කර ගත්තා..  කතාව ගැන අටුවා ටීකා ලියන්න නෙමේ මේ හදන්නේ... බලපු අය දන්නව ඇති කතාව කොහොමද කියල... වැදගත්ම දේ තමයි සාධාරණ කොටස් ගානකට පසුව නියමාකාරයෙන් කතාව ඉවර කිරීම... බොහෝ කතා මාලා වල දක්නට නොලැබෙන ලක්ෂණයක් විදියට මම ඒක දැක්ක... මම හිතන්නේ ලොකේ පුරාම අතිශයින් ජනප්‍රිය වූ මෙවැනි කතා මාලාවක් මෙලෙස වැදගත් විදියට ඉවර කිරීම පැසසිය යුතුයි... අපේ පවුලේ නාලිකා සහ ජනතාවගේ නාලිකා කරන විගඩම් එක්ක ඉතින් කවර කතා ද... PB Season 3 කොටස් 13කින් ඉවර කළේ රචකයින් විසින් පඩි වැඩි කරන්න කියල කරපු වර්ජනයක් නිසා. සමහර විට සම්පූර්ණ කතාවම මේ වගේ නතර කරන්න ඇත්තේ ඒ වගේ අභ්‍යන්තර ගැටළුවක් නිසා වෙන්න ඇති. හැබැයි වැදගත්ම දේ ප්‍රේක්ෂකයා අතරමං නොකර නියමාකාරයෙන් කතාව අවසන් කිරීම... Prison Break වගේ කතා මාලාවකින් ඒ වගේ සරල දෙයක් වත් අපේ කතා රචකයො ඉගෙන ගන්නවනම් ඒකත් ලොකු දෙයක්...

ලංකාවේ මිනිස්සු ගොඩක් දක්ෂයි නිර්මාණශිලීයි කියල හැමවේලාවකදිම අපි කියනවා නමුත් මිනිස්සුන්ගේ මතකයේ රැඳෙන විදියේ ගත යුතු දෙයක් තියෙන නිර්මාණ හරිම අඩුයි... අපේ තියෙන වටිනාකම් උපතින්ම අපට උරුම වෙලා තියෙන හොඳ ගතිගුණ, අපේ සංවේදීකම් අපි බොහෝවිට දකින්නෙ විදේශීය නිර්මාණ වලින්... අපේ නිර්මාණ වල තියෙන්නෙ බොහෝම බොළඳ වාණිජ කතාවක් විතරයි... අඩුව තියෙන්නෙ අපේ නිර්මාණ කරුවන්ගෙද... අපේ රටේ ද... 

Prison Break බලල ඉවර වෙනකොට මට හිතුනෙ ඔහොමයි...

Friday, January 08, 2010

මගේ ඡන්දය...

මගේ මහා ඡන්ද අයිතිය... මීට කලින් නම් මගේ ඡන්දය මෙච්චර වටිනව කියල මට කවදාවත් දැනිල තිබුණෙ නෑ... ඒත් දැන් නම් ඒක හොඳට දැනෙනවා...
මේ වෙලාවෙදි මේක ලියන්නේ සිහිවටනයක් විදියට... අනාගතයේ කවද හරි දවසක කියවනකොට හිතෙයි හරි දේ කළා කියල...

අනිත් අය හිතන එක කොහොම වුණත් මගේ හිතට එකඟව මම මහින්ද රාජපක්ෂට ඡන්දෙ දෙනවා... වෙන මොනවත් හින්ද නෙවෙයි යුද්දෙ ඉවර කරපු නිසා... ඒක කළේ කවුද කොහොමද කියන එක වැදගත් නෑ...සියුම් ව විග්‍රහ කර කර බයිල කියවන්න ඕනේත් නෑ... මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ත්‍රිවිද හමුදාවන්ගේ ශක්තියෙන් යුද්දෙ දිනුවා... මම දකින සරලම ඇත්ත ඒකයි...

තමුන්ගේ හැකියාවන්ගෙන් හම්බ කරගෙන නිදහසේ ඕනෑ තරම් සැපට ජීවත් වෙන්න පුළුවන් රටක් දැන් අපට තියෙනවා...තව වෙන මොනවද...

සියළු දේ ආන්ඩුවෙන් දෙනකම් බලාගෙන ඉන්න මිනිස්සුන්ට ඕනේ දෙවල් දෙන්න හිටපු යුධ හමුදාපති තුමා වගේ සීයක් ඇවිත් දෙන්නම් කිව්වත් දීල බේරෙන්න බෑ... අපූරුවට බනියි මාස 6ක් යනකොට...

දන්න කාලේ ඉදන් තිබුන යුද්දෙ ඉවර වෙච්ච දවසෙ දැනුන සහනය සහ සතුට අවංකව කාට හරි දැනුන නම් ඒ සහනයේ හා සතුටේ අයිතිය, මූලිකත්වය දුන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සහ යුද්දෙ ඉවර වෙන්න කලින් දවස වෙනකම් හමුදාවට බැඳිච්ච සියළු සහෝදර සහෝදරියන්ට එක හා සමානව අයිතියි කියන එකත් අවංකව හිතට දැනෙන්න ඕනේ කියල මට හිතෙනවා... ඒ සහනය ලබාදීම වෙනුවෙන් මට කරන්න පුළුවන් සරලම දේ ලෙස හිතල මගේ මහා ඡන්දය මම මහින්දට දෙනවා...

මගේ ලේ නම් ඉතින් රතු පාටයි...

එච්චරයි...

මගේ බිත්තියේ මට කැමති දෙයක් ලියාගැනීමේ පූර්ණ අයිතිය මට ඇතැයි සිතා මෙය ලීවෙමි... මෙහි ඇති සදාචාරාත්මක හෝ දේශපාලනික පසුබිම ගැන මම නොහිතනවා සේම අන් කිසිවෙකුත් ඒ ගැන WORRY නොවේවා යැයි සිතමි.

Wednesday, January 06, 2010

රතු ඉන්දියානු නායක සියැටල්ගේ ප්‍රකාශය - 1854 - මාර්තු - 11

පරිසරය පිළිබඳව මෙතෙක් කර ඇති හොඳම ප්‍රකාශයක් ලෙස සැලකෙන රතු ඉන්දියානු නායක සියැටල් විසින් තම නිජභූමිය මිලට ගැනීමට තැත් කළ  14 වන ඇමරිකානු ජනාධිපති ෆ්‍රැන්ක්ලින් පියර්ස් ගේ එම ක්‍රියාව සම්බන්ධයෙන් කළ ප්‍රකාශයේ ඉංග්‍රීසි පරිවර්තනය...

මෙය සියැටල් විසින් ප්‍රථමයෙන් කර ඇත්තේ Lushootseed නම් භාෂාවකින් වන අතර පසුව එය Chinook Jargon නම් තවත් භාෂාවකට පරිවර්තනය කර ඇත. පසු කලෙකදී Dr. Henry A. Smith නම් තැනැත්තෙක් එය ඉංග්‍රීසි බසට හරවා ඇති අතර මෙහි දැක්වෙන්නේ ඉන්පසුව සංස්කරණ කිහිපයකට භාජනය වූ ලිපියකි..


මෙහි සිංහල පරිවර්තනයක් ඇත්නම් කරුණාකර ලබා දෙන්න...

රතු ඉන්දියානු නායක සියැටල්














The President in Washington sends word that he wishes to buy our land. But how can you buy or sell the sky? The land? The idea is strange to us. If we do not own the freshness of the air and the sparkle of the water, how can you buy them?
Every part of this earth is sacred to my people. Every shining pine needle, every sandy shore, every mist in the dark woods, every humming insect. All are holy in the memory and experience of my people.
We know the sap that courses through the trees as we know the blood that courses through our veins. We are part of the earth as it is part of us. The perfumed flowers are our sisters. The bear, the deer, the great eagle these are our brothers. The rocky crests, the juices in the meadow, the body heat of the pony, and man, all belong to the same family.
The shining water that moves in the streams and rivers is not just water, but the blood of our ancestors. If we sell you our land, you must remember that it is sacred. Each ghostly reflection in the clear waters of the lakes tell of events and memories in the life of my people. The water’s murmur is the voice of my father’s father.
The rivers are our brothers. They quench our thirst. They carry our canoes and feed our children. So you must give to the rivers the kindness you would give to any brother.
If we sell you our land, remember that the air is precious to us, that the air shares its spirit with all the life it supports. The wind that gave our grandfather his first breath also receives his last sigh. The wind also gives our children the spirit of life. So if we sell you our land, you must keep it apart and sacred, as a place where man can go to taste the wind that is sweetened by the meadow flowers.
Will you teach your children what we have taught our children? That the earth is our mother? What befalls the earth befalls all the sons of the earth.
This we know: the earth does not belong to man, man belongs to the earth. All things are connected like the blood that unites us all. Man did not weave the web of life, he is merely a strand in it. Whatever he does to the web, he does to himself.
One thing we know; our God is your God. The earth is precious to him and to harm the earth is to heap contempt on its creator.
Your destiny is a mystery to us. What will happen when the buffalo are all slaughtered? The wild horses tamed? What will happen when the secret corners of the forest are heavy with the scent of many men and the ripe hills is blotted by talking wires? Where will the thicket be? Gone! Where will the eagle be? Gone! And what is it to say good-bye to the swift pony and hunt? The end of living and the beginning of survival.
When the last Red Man has vanished with his wilderness and his memory is only the shadow of a cloud moving across a prairie, will these shores and forests still be here? Will there be any of the spirit of my people left?
We love this earth as a newborn loves its mother’s heartbeat. So, if we sell you our land, love it as we have loved it. care for it as we have cared for it. Hold in your mind the memory of the land as it is when you receive it. Preserve the land for all children and love it, as God loves us all.
As we are part of the land, you too are part of the land. This earth is precious to us. It is also precious to you. One thing we know: there is only one God. No man, be he Red Man or White Man, can be apart. We are brothers after all.

Sunday, January 03, 2010

Google භාවිතයෙන් Hack කිරීම

මේක හරි සරල ක්‍රමයක්... මම හිතන්නෙ ගොඩක් අය දන්නවත් ඇති.. ඉස්සර මම මේ වැඩේ ගොඩක් කළා.. නියමෙට වැඩ.. අදත් හදිසියෙම ඕනේ වුණා.. ඉතින් පොඩි පෝස්ට් එකක් දාන්න හිතුනා..

ගූග්ල් එක කියන්නෙ අන්තර්ජාලේ පුරාම කරක් ගහන හැම දෙයක් ගැනම හෝදිසියෙන් ඉන්න ලෝකෙ ඉන්න ඉස්තරම් මොළ වලින් සැකසූ පද්ධතියක් නේ... මේකෙන් අපි එදිනෙදා කරන සෙවුමට වඩා ගොඩක් වැඩ කරන්න පුළුවන්... ඒ වැඩ වලින් එකක් තමා මේ hack කිරීම... මේක හැක් කිරීමක් කියල කිව්වට එහෙමම දේකුත් නෙවෙයි... මේකෙන් කරන්නෙ අන්තර්ජාලේ තියෙන අඩවි වල නිවැරදි ලෙස ආරක්ෂාවක් දීල ගබඩා කරල නැති ෆයිල්ස් ලේසියෙන් හොයාගන්න එක... ගොඩක් දේවල් හොයාගන්න පුළුවන්...  උත්සාහ කරල බලන්න.. එක සැරෙන්ම සමහර විට හොඳ ප්‍රතිඵල එන එකක් නෑ.. නමුත් ටිකක් හොයනකොට ගොඩක් දේවල් හොයන්න පුළුවන්..

කරන්න තියෙන්නෙ මෙච්චරයි

?intitle:index.of? mp3


මෙන්න මේ වචන ටික මේ විදියට ගූග්ල් එකෙ සෙවුම් කොටුවට දාල සර්ච් බට්න් එක ක්ලික් කරන එක විතරයි...mp3 කියන කොටසට පස්සෙ ගායකයගෙ,සින්දුවෙ හෝ ඇල්බම් එකේ නමත් එක්ක දැම්මනම් තවත් ලේසියි... mp3 වෙනුවට pdf,jpeg,mov,mpg වගේ ගොඩක් දේවල් හොයන්න පුළුවන්


උදා:
?intitle:index.of? mp3 jackson


කට්ටිය ට්‍රයි කරල බලන්නකෝ..
ඕනේ කරන එක ගොඩක් වෙලාවට නොමිලේම හොයාගන්න පුළුවන්...


තව අනිත් අයගේ සෙකියුරිටි කැමරා වලින් එන දර්ශනත් ගූග්ල් ගෙන් අපට බලන්න පුළුවන්. ඒකත් හරි ජොලි වැඩේ... 
ඒ වැඩේ කරන්න මේකෙන් පුළුවන්...


inurl:"ViewerFrame?Mode=refresh"

වඩා හොඳ ප්‍රතිඵල සඳහා
සෙවුමේ මුලින්ම එන පිටුවට වඩා දේවල් තියෙන්නෙ පහු පිටුවල 1,2,3 වගේ ගිහින් බලන්නකෝ..


අවවාදයක් විදියට මේ වගේ වැඩ රාජකාරි ස්ථාන වලදි නොකර ඉන්නවනම් හොඳයි...

Friday, January 01, 2010

2010 පළමු පෝස්ට් එක

මම දැන් නිදාගන්න යනවා... මේ අවුරුද්ද පුරාවට සියළු ලෝ වැසියන්ට සුව නිද්දක් ලැබේවා...

31ස්ට්...

2009 ට දාන අන්තිම පෝස්ට් එක මේක...
බ්ලොග් එක පටන් අරන් අවුරුදු 3ක් විතර වුණාට වැඩියෙන්ම ලිව්වෙ මේ අවුරුද්දේ... බ්ලොග් ලියන උනන්දුව වැඩි වෙන්න ප්‍රධානම හේතුව විදියට දකින්නෙ කියවන්න අය ඉන්නව කියල දැන ගත්ත එක...

සි.බ්.සමූහයට ස්තූතියි... සින්ඩියට සහ සින්ඩිගේ එන්ජිම බලා කියා ගන්න අයටත් ස්තුතියි...

ගෙවුන වසර දිහා ආපහු හැරිල බලන්න මම කැමති නෑ... තේරුමක් නෑ කියල හිතෙනවා... වෙන්න ඕනේ දේවල් වුණා... හැම දේම හොඳට වුණා කියල සරලව කියන්න පුළුවන්...

ජීවිතේ තමන්ට හරියටම හරි යන දේවල් කවද හරි අපිට ලැබෙනවා.. ඒ ඒ දේවල් ලැබෙන්නෙ තමන් ජීවත් වෙන විදිය අනුව... ජීවිතේ සැබෑ සතුට අපට දැනෙන්නෙ එතකොට...ඒ සතුට මේ අවුරුද්ද මට දුන්නා...

ලබන අවුරුද්ද ගැන ප්ලෑන් ගහන්නෙ නම් නෑ... මම කවදාවත් නොකරන දෙයක් තමයි ප්ලෑන් කරන එක...මහ කම්මැලි වැඩක්.. සිද්ද වෙන්න තියෙන දේ කොහොමත් ඒ විදියට වෙනවා...වෙන දේට මූණ දෙන්න ලෑස්ති වෙන එක තමයි හොඳම දේ...

කොහොම වුණත් ජීවිතේ ලස්සනම කාලේ ඉස්සරහට එයි කියල හිතෙනව...  හැබැයි මීට වඩා පිළිවෙලකට ඉන්න වෙයි වගේ... (අමාරුම වැඩේ ඕකනෙ ඉතින්...)

බොලොග් ලියන එකටත් ටිකක් කම්මැලි නැතුව එන්න හිතාගෙන ඉන්නවා... ඉස්සරහට ලියන්න දේවල් නම් ගොඩක් තියෙයි...

2010 ඉස්සර ඉඳල මම කැමතිම අවුරුද්දක්.... හේතුව නම් කියන්න තේරෙන්නෙ නෑ... මම හිතන්නෙ 2010 ස්පේස් ඔඩෙසි එක නිසා වෙන්න ඇති...සර් ක්ලාක් ගේ සිහින වලට පිස්සු වැටිල තියෙන තරම...

දැන් තමා අමාරුම වැඩේ තියෙන්නෙ... අවුරුද්දට විෂ් කරල එන මැසේජ් බලන එක සහ රිප්ලයි කරන එක... හොඳට නිදාගන්න තියෙන චාන්ස් එක මිස් වෙනව මේ මැසේජ් සෙල්ලම නිසා... මොකක් හරි ජිල්පිටිස් එකක් දාල නිදා ගන්න ඕනේ...

එහෙනම් දැන් ඇති.. ආයේ ලබන අවුරුද්දෙ හමු වෙමු... බොලොග් ලියන, කියවන හැමෝටම සහ මේ දුකින් සැපෙන් පිරි ජීවිතේ අපිත් එක්ක එකට ඉන්න සියළු වානර වර්ගයාට (පරිණාමය වුණේ වඳුරගෙන් නෙවෙයි කියල කිව්වට තාම වඳුරව අමතක කරන්න බෑ වගේ) සුභ අළුත් අවුරුද්දක් වේවා... මටත් එසේම වේවා..