Sunday, December 27, 2009

ක්‍රොම් වල සිංහලෙන් ලිවීම...

මටම හිනා මේ වෙච්ච වැඩේට... ගූග්ල් ක්‍රොම් මුලින්ම ලෝන්ච් කරපු දවසෙම ආපු ප්‍රශ්නේ තමා ඒකේ සිංහල හරියට ලියන්න බැරි වෙච්ච එක... සිංහල ලියන්න බැරි වුණා කියල ක්‍රොම් පාවිච්චි කරන එක නතර කලේ නෑ... ෆයර් ෆොක්ස් වල වගේ කෙලින්ම සිංහල ලියන්න බැරි නිසා මම ගොඩක් වෙලාවට කළේ නෝට්පෑඩ් එකේ ලියල අලවන එක... ක්‍රොම් ලෝන්ච් වෙලා දැනට අවුරුද්දකට වැඩියි හරියටම නම් 2008 සැප්තැම්බර් 2.. මම 3න් වෙනිදා උදේ ඔෆිස් ගිය ගමන් කළේ ඔෆිස් මැෂිමට ක්‍රොම් දාන්න හදපු එක.. හික් හික්.. අද වෙනකම් ඒක නම් කර ගන්න බැරි උණා... කොහොම වුණත් එදා උදේම සිංහල යුනිකෝඩ් සමූහෙට මේල් එකක් දැම්ම ක්‍රොම් ගැන කියල... ඒකෙ සිංහල වැඩ නැති (හොඳට පෙනුනට ලියන්න බැරි අවුල...) කේස් එක ගැන එදාම අපි කතා කළා.. 

මේ තියෙන්නෙ ලින්ක් එක.. හික් හික් හික්...


කොහොමින් හරි එදා ඉඳල මම ක්‍රොම් එකේ ඉඳන් ලියපු හැම සිංහල අකුරක් ම ලිව්වේ නෝට් පෑඩ් එකේ.. මොන වස ලැජ්ජාවක් ද හැබෑටම... ඊයෙත් ලියපු ඊමේල් එක ලිව්වෙ නෝට්පෑඩ් එකේ.. දැන් මේ බොලොග් එකට අළුත් පෝස්ට් එකක් දාන්න හිතාගෙන මේකේ නිකමට ලියල බැලුවා... සංසාරේ කියල හිතුණා.. එළ කිරි වගේ වැඩ... මෝඩ කමට බෙහෙත් නෑනේ කියල හිත හදාගෙන මේ පෝස්ට් එක බබා වගේ ලියල දැම්ම ක්‍රොම් වල ඉඳලම... 

තව මොන මොන බුල් කෙලිනවද දන්නෑ... පොඩ්ඩක් හිතල බලන්න ඕනේ නිවාඩුවක් වත් දාලා... :)

2 comments:

  1. හ්ම්ම්. මට කවදාවත් ප්‍රශ්නයක් ඇවිල්ල් නෑ, ක්‍රෝම් වල සිංහලෙන් ලිවීම සම්බන්දයෙන්.

    ReplyDelete
  2. දැන් කිසි ප්‍රශ්නයක් නෑ තමයි.. ඒත් ක්‍රොම් මුලින්ම ආපු දවස් වල ලියන්න බැරි ප්‍රශ්නයක් තිබුණා... මම ඊයේ වෙනකම් හිතා ගෙන හිටියෙ ඒ ප්‍රශ්නෙ තාම ක්‍රොම් වල තියෙනව කියල... නිකමට වත් ආයෙ ට්‍රයි කරල බැලුවේ නෑ... මුලින් ඒ ප්‍රශ්නේ ආවට පස්සේ.. දැන් නම් කිසිම අවුලක් නැතිව කෙලින්ම ලියන්න පුළුවන්..

    ReplyDelete