Tuesday, December 29, 2009

මිනිස්සු ජීවිත කාලේ පුරාම කරන්නෙ ජීවත් වෙන්න සූදානම් වෙන එක..

මේක මගේ අදහසක් නෙවෙයි... හෙන සම්භාව්‍ය ගතියක් තිබුණට මේක උපුට ගත්තෙ කාගෙවත් පොතකිනුත් නෙවෙයි...

ත්‍රී වීල් වල පිටිපස්සෙ ගහල තියෙන ඒව කියවන එක හරි ජොලි වැඩේ නේ... මගේ ප්‍රියතම වැඩ වලින් එකක්... හික් හික්..

මේ අදහස අද මම දැක්කෙත් ත්‍රී වීල් එකකම තමා.. මම ත්‍රී වීල් එක ඉස්සර කරල මිනිහා දිහා හැරිලත් බැලුවා පොඩි ගරු කිරීමක් විදියට...

Monday, December 28, 2009

මගේ පොත...

මම කැමතිම දේවල් වලින් එකක් ලියන එක... කවි සහ විද්‍යා ප්‍රබන්ධ තමයි වැඩිපුරම... කොම්පියුටරයක් දැකලවත් නැති කාලේ පෑනයි අහුවෙන ඕනෙම කොල කෑල්ලකුයි තිබුනම ඇති පොඩි නිසදැසක් ලියන්න... උ.පෙ කාලෙ පන්ති වල දෙන හෑන්ඩ් බිල්ස් වල අනන්ත කවි ලියල ඇති... ලව් සික් තදේටම කියන කාලෙ නෙ ඉතින්...ඕනේ වෙලාවක කවියක් ලියන්න පුළුවන්...
 
පොඩි කාලෙ ඉඳලම හොඳට කියවන්න පුරුදු වෙච්ච නිසා වෙන්න ඇති... වැඩියෙන්ම කියෙව්වෙ පරිවර්තන... වැඩියෙන්ම කැමති ශ්‍රීමත් ආතර් සී ක්ලාක් ට... සයි-ෆයි උණ තදේටම තිබුණා උ.පෙ කාලෙදි.. හැබැයි ඉන්ටර්නෙට් කියන්නෙ මොකක් ද කියලවත් දැනගෙන හිටියෙ නෑ ඒ දවස් වල.

 ( ඒ දවස් කියල කිව්වෙ 2000-2001 දි.. වැඩි ඈතකදි නෙවෙයි..).

ඉන්න ගමන් පොඩි කතාවක් ලියල දැම්ම විදුසරට... පත්තරේ ගියෙ නෑ... ඊට පස්සෙ ලිව්ව තව එකක්... ඒක විදුසරේ ගියා.. වැඩ ඔක්කොම නතර කරල විද්‍යා ප්‍රබන්ධ ලියන්න ගත්තා.. ඊට පස්සෙ විදුසරට දාපු එකත් ගියා...සතුට වැඩි කමට විද්‍යා ප්‍රබන්ධ 8ක් විතර එකතු කරල ලිව්ව පොතක්...

පොතේ නම "පරිණාමයේ වේදනාව සහ වෙනත් කතා"

වැදගත් ම දේ තමයි පොතේ පිටිපස්සෙ පොත ගැන ලියන අදහස ශ්‍රීමත් ආතර් සී ක්ලාක් මහතා ගෙන් ලබා ගැනීමට හැකි වීම... 

පොතේ පිටපතක් ශ්‍රීමත් ආතර් සී ක්ලාක් මහතාට පිළිගන්වන්න ලැබීම මගේ ජීවිතේ වැදගත්ම දෙවල් වලින් එකක්...සාමාන්‍යයෙන් කෙනෙකුට නොලැබෙන අවස්ථාවක් ලැබුණ කියල කියන්න පුළුවන්...

කර්තෘ ප්‍රකාශනයක් විදියට එළි දක්වපු පොතේ පිටපත් 1000ක් ගැහුවා.. සෑහෙන්න විකුණ ගන්නත් පුළුවන් වුණා... ගෙදර තියෙන ඉතිරි පොත් ටික දැක්කහම තම පොත ගැන ආයෙ මතක් වුණේ...

පෝස්ට් එක දැම්මෙ පොත් ගැන ප්‍රචාරයක් දෙන අරමුණින් නම් නෙවෙයි... කැමති කෙනෙකුට නොමිලේ දෙන්න පුළුවන්...

මං ගැන පුංචි පොර ටෝක් එකක්... හික් හික්...

මේ තියෙන්නෙ පොතේ කවරෙ..





ශ්‍රීමත් ආතර් සී ක්ලාක් සමඟ...








පොර ටෝක් එක ඉවරයි... කියවූ ඔබ සැමට බොහෝම ස්තූතියි෴

Sunday, December 27, 2009

ක්‍රොම් වල සිංහලෙන් ලිවීම...

මටම හිනා මේ වෙච්ච වැඩේට... ගූග්ල් ක්‍රොම් මුලින්ම ලෝන්ච් කරපු දවසෙම ආපු ප්‍රශ්නේ තමා ඒකේ සිංහල හරියට ලියන්න බැරි වෙච්ච එක... සිංහල ලියන්න බැරි වුණා කියල ක්‍රොම් පාවිච්චි කරන එක නතර කලේ නෑ... ෆයර් ෆොක්ස් වල වගේ කෙලින්ම සිංහල ලියන්න බැරි නිසා මම ගොඩක් වෙලාවට කළේ නෝට්පෑඩ් එකේ ලියල අලවන එක... ක්‍රොම් ලෝන්ච් වෙලා දැනට අවුරුද්දකට වැඩියි හරියටම නම් 2008 සැප්තැම්බර් 2.. මම 3න් වෙනිදා උදේ ඔෆිස් ගිය ගමන් කළේ ඔෆිස් මැෂිමට ක්‍රොම් දාන්න හදපු එක.. හික් හික්.. අද වෙනකම් ඒක නම් කර ගන්න බැරි උණා... කොහොම වුණත් එදා උදේම සිංහල යුනිකෝඩ් සමූහෙට මේල් එකක් දැම්ම ක්‍රොම් ගැන කියල... ඒකෙ සිංහල වැඩ නැති (හොඳට පෙනුනට ලියන්න බැරි අවුල...) කේස් එක ගැන එදාම අපි කතා කළා.. 

මේ තියෙන්නෙ ලින්ක් එක.. හික් හික් හික්...


කොහොමින් හරි එදා ඉඳල මම ක්‍රොම් එකේ ඉඳන් ලියපු හැම සිංහල අකුරක් ම ලිව්වේ නෝට් පෑඩ් එකේ.. මොන වස ලැජ්ජාවක් ද හැබෑටම... ඊයෙත් ලියපු ඊමේල් එක ලිව්වෙ නෝට්පෑඩ් එකේ.. දැන් මේ බොලොග් එකට අළුත් පෝස්ට් එකක් දාන්න හිතාගෙන මේකේ නිකමට ලියල බැලුවා... සංසාරේ කියල හිතුණා.. එළ කිරි වගේ වැඩ... මෝඩ කමට බෙහෙත් නෑනේ කියල හිත හදාගෙන මේ පෝස්ට් එක බබා වගේ ලියල දැම්ම ක්‍රොම් වල ඉඳලම... 

තව මොන මොන බුල් කෙලිනවද දන්නෑ... පොඩ්ඩක් හිතල බලන්න ඕනේ නිවාඩුවක් වත් දාලා... :)

Thursday, December 24, 2009

2012-12-21 මොකක් වෙයි ද?

මේක මේ දවස් වල ජනප්‍රිය මාතෘකාවක්... 2012 ෆිල්ම් එක ඒකට ප්‍රධාන හේතුවක් වෙන්න ඇති.. ලංකාවේ අපි මේක ගැන නොහිතුවට ගොඩක් මිනිස්සු මේ ගැන උනන්දු වෙනව කියල ගූග්ල් එකේ ටිකක් බලනකොට පේනව...

මේක ගැන පෝස්ට් එකක් දාන්න හිතුනෙ ඊයේ මට ආපු ඊ මේල් එකක් නිසා..

අපි අපේ අනුරාධපුර යුගය,පොළොන්නරු යුගය හෝ ඊටත් එපිට ප්‍රාග් ඓතිහාසික දේවල් උදාහරණ වලට අරගෙන බොහෝ දේ කතා කරනවා වගේ මේ මායන් ශිෂ්ටාචාරය උදාහරණයට අරගෙන මෙවැනි දෙයක් පැවසීම තුළ කිසියම් සත්‍යතාවක් තියෙන්නෙ පුළුවන් කියල මට නිකමට වගේ හිතුණා...

කොහොම වුණත් දැන් මේ වෙන පරිසර විනාශය නිසා 2012 කොහොම වුණත් 2050-2100 විතර වෙන කොට නම් ලෝකෙ තියෙන එක ගැන ෂුවර් නෑ

2012 ෆිල්ම් එකෙත් කතාව පැහැදිලි ව තියෙනවා... මට නම් Roland Emmerich ගෙ Independence Day  තරම් 2012 ඇල්ලුවෙ නෑ...

කොහොම වුණත් මේක මෙහෙම වෙනවනම් අපිට තව මොන දේ කරන්නත් තියෙන්නෙ වසර 3කට දවස් 3ක් අඩු කාලයක්.. අද අද එයි මරු පින් කර ගන්නේ කියල කියන්නේ මෙන්න මේ වගේ වෙලාවට තමා...

මේ තියෙන්නෙ ඊ මේල් එක...


 

 
 
 



Wednesday, December 23, 2009

SBU හමුවීම

සිංහල බ්ලොග් කරුවන්ගේ හමුවීම ගැන පෝස්ට් එකක් දාන්න හිතුණා... හිතුනෙ නම් හමුවීම වුණ දවසෙමයි..
වෙලාවක් ලැබුණෙ අද..

මේ සයිබර් ලෝකේ හමු වෙලා කතා බහ කරල.. දැන හඳුන ගත්ත අයව සැබැවින් හමුවීම ඇත්තටම හරිම වැදගත් දෙයක්... ජාලේ අස්සෙ තියෙන වැඩකට නැති සමූහ, අඩවි ලක්ෂ ගානින් කීයෙන කීයක් මේ වගේ සාර්ථක වෙනවද කියල නම් සැකයි... කොහොම වුණත් සමූහයේ අරමුණ හොඳ වීම මේ සාර්ථකත්වයට හේතු වෙන්න ඇති කියන එක තමා මට නම් හිතෙන්නෙ... ඒ වගේම තමා ඒ අරමුණ වෙනුවෙන් දැඩි කැපවීමකින් කටයුතු කරන පිරිසක් ඉන්න එක හරිම වැදගත්...

සිංහල යුනිකේත නිසා බොහෝ පිරිසක් හඳුනා ගන්න ලැබීම යුනිකේත වලට වඩා වටිනව...

මීළඟ හමුවීම වෙනකොට අපිට බොහෝ ඉදිරියට ගිහින් ඉන්න පුළුවන් වෙයි... මේ යන විදියට කරගෙන යමු.. (මම නම් ඉතින් ඉඳල හිටල පෝස්ට් එකක් දානවට වඩා වැඩි යමක් කරන්නෙ නෑ... :) )

කොහොම වුණත් SBU එකට ජයෙන් ජය...

Sunday, December 13, 2009

Google වෙතින් Nexus One

Google වෙතින් Mobile Phone එකක් ළඟඳීම....

සැබෑ වෙනසක් වෙන්න වගේ යන්නෙ...
Google කියන්නෙ Internet එක තුළ වෙනසක් ඇති කළ ආයතනයක් බව කිව්වොත් වැරදි නෑ...

එයාල දැන් අළුත් වැඩකට අතගහල...

ලොව සුපතළ Mobile Phone නිෂ්පාදකයෙකු වන HTC හා එක්ක නිපදවා ඇති මේ Phone එක දැනට හඳුන්වන්නෙ Nexus One කියල...
මෙහෙයුම් පද්ධතිය Android

ලොවේ පෙරළියක් ඇති වෙන විදියෙ වැඩක් විදියට මේක හඳුන්වන්න පුළුවන් වෙයි...
කොහොම වුණත් ලංකාවේ අපිට නම් මේකක් පාවිච්චි කරන්න තව සෑහෙන කාලයක් යයි..

මෙතන විස්තර තියෙනවා...

Wednesday, December 02, 2009

සෙලෝලයිඩ් කටුගෙදර - The Museum Cinemaya - 2

ගෝර්ඩන් අයියගේ සෙලෝලයිඩ් කටුගෙදර ගැන වැඩි විස්තර එදා ලියන්න හිටියට ලියන්න බැරි වුණා නේ...
කටුගෙදර ගැන ලියන්න කලින් ගෝර්ඩන් අයියා ගැන විස්තර ටිකක් ලියන එක වටිනව කියල හිතුණා..
ගෝර්ඩන් ද සිල්වා කියන්නෙ ඇත්තටම අපූරු චරිතයක්...
කාටූන් සහ ඇනිමේශන් ක්ෂේත්‍රයේ දක්ෂයෙක්, ඒ වගේම හොඳ එකතු කරන්නෙක්...
ගෝර්ඩන් ගේ විනෝදාංශය තමා මුද්දර,කාසි,නෝට්ටු,මුල් දින කවර ආදිය එකතු කර සුරැකීම...සෑහෙන හොඳ එකතුවක් ඔහු ගාව තියෙනවා හරීම පිළිවෙලට ක්‍රමානූකූලව තමන්ගේ එකතුව පවත්වාගෙන යනවා...

එහෙම එකතු කරල ඔහුගේ මහන්සියෙන් සහ වියදමින් පවත්වාගෙන යන අපූරු තැනක් තමා මේ සෙලෝලයිඩ් කටුගෙදර කියන්නෙ...
නිශ්චල ඡායාරූපකරණය,
සිනමාකරණය,
පුවත්පත් මුද්‍රණය,
ගුවන් විදුලිය,
රූපවාහිනිය

යන ක්ෂේත්‍රයන්හි පෞරාණික භාණ්ඩ එකතුවක් සහ ඒ ආශ්‍රිත ලිපි ලේඛණ, චිත්‍ර පට හා ප්‍රචාරක දැන්වීම් කලාව සහ ඒ ඒ පෞරාණික භණ්ඩයන්හි ක්‍රියාකාරීත්වය පිළිබඳව හැදෑරීමට කැමති කෙනෙකුට නොමිලේම ඒ අවස්ථාව සලසා දෙන ස්ථානයක් විදියට මේ සෙලෝලයිඩ් කටුගෙදර ගැන කියන්න පුළුවන්...

පසුගිය නොවැම්බර් 20 වෙනිදා තමයි මේක නිල වශයෙන් විවෘත කළේ... විවෘත කෙරුණේ සුමිත්‍රා පීරිස් මහත්මියගේ අතින්...

ලංකාවට සෑහෙන කාලෙක ඉඳල තිබුණු අවශ්‍යතාවක් තනි පුද්ගලයෙකුගෙ උත්සාහයක් ලෙස මෙසේ රටට දායාද කරදීම ඇත්තටම අගය කළ යුතුයි

ඕනෙම කෙනෙකුට ගිහින් නරඹන්න... විස්තර දැන ගන්න පුළුවන්

ලිපිනය - 61/2C මාලපල්ල,නුගගහලන්ද,හෝමගම,
ගෝර්ඩන් ගේ දුරකථනය - 0714064647




Tuesday, November 24, 2009

සෙලෝලයිඩ් කටුගෙදර - The Museum Cinemaya

සිනමාව ගැන මොනවද අපි දන්නෙ...? ඒක දැන් මේ තියෙන තත්වෙට එන්න කලින් කොහොමද තිබුණෙ කියල හොයල බලල දැන ගන්න කැමති ද?

ගෝර්ඩන් ද සිල්වා
ලංකාවේ පළමුවෙනි සජීවිකරණ ශිල්පියා...
සිනමාවට,කාටූනයට පොඩි කාලේ ඉදලම පෙම් බැන්ද මේ අපූරු මිනිසාගේ අප්‍රතිහත ධෛර්යයේ දොරට වැඩුම තමයි මේ..
The Museum Cinemaya
ගිහින් බලන්න...
දැන් මීටින් එකකට යන්න තියෙනවා ගෙදර ගිහින් ඉතිරි ටික ලියන්නම්...

අතථ්‍ය යථාර්ථය - Virtual Reality - 2

ඇත්තටම මේක ගැන ලියන්න දේවල් ගොඩයි හැබැයි ලියන්න වෙලාවක් තමයි නැත්තේ.. ටික ටික හරි ලියන්නම්..
හම්බ වෙච්ච ලින්ක්ස් ටිකක් දාන්නම්.. ගිහින් බලන්න...

www.newscientist.com

vrlab
www.sciencedaily.com

Friday, November 13, 2009

අතථ්‍ය යථාර්ථය - Virtual Reality

Virtual Reality කියන්නෙ මට පොඩි කාලේ ඉඳල තිබ්බ උණ වලින් එකක්... මගෙ ඊ-මේල් එක virtualpathum වුනෙත් ඒ උණ නිසාම තමයි...
මම Real Reality එකට වඩා Virtual Reality එකට කැමති මොකද කියල නම් මම දන්නෙ නෑ..

මොකක් ද මේ Virtual Reality කියන්නෙ...

පරිගණකය තුළ මවා ගත හැකි යථාර්ථයට සමීපව හෝ සම්පූර්ණයෙන් කල්පිත වූ පසුබිමක්,පරිසරයක් සරලව ලෙස හඳුන්වන්න පුළුවන්... මෙහිදී එම මවාගත් පරිසරයේ ඇති ශබ්ද රූප සියල්ල ඒ අයුරින්ම සජීවීව දැනෙන ලෙස නිර්මාණය කර ඇති අතර පරිගණක වැඩ සටහන් සහ උපකරණ විසින් භාවිතා කරන්නා සම්පූර්ණයෙන්ම වෙනස් වූ පරිසරයක් තුළට රැගෙන යයි..

බොහෝ විට පරිගණක තිරය සහ ත්‍රිමානේක්ෂ දර්ශන ක්‍රම තුළින් ලබාදෙන රූපමය අත්දැකීමක් ලෙස විඳිය හැකි අතර ශබ්ද සහ ස්පර්ශ වලින් සමන්විත වූ උපකරණ ද මේ වන විට නිපදවා ඇත...
නවීන පරිගණක ක්‍රීඩා සහ වෛද්‍ය විද්‍යාත්මක උපකරණ මෙම Virtual Reality සංකල්පය බොහෝවිට යොදා ගන්නා අතර මේවායේදී virtual artifact භාවිතා කිරීමේ හැකියාවද පවතී...

මෙය වර්තමානයේදී ජනප්‍රිය සහ බහුලව යොදා ගන්නා සංකල්පයක් වුවත් මෙහි ආරම්භය ක්‍රි.ව. 1560 තරම් අතීතයට දිව යන්නක් බව පැවසේ... එකල්හි නිර්මාණය කරන ලද පාරදෘෂ්‍ය බිතුසිතුවම් මෙහි මූලික අවදිය බව වර්තමාන පිළිගැනීමයි..

Virtual Reality යන වචනයේ ආරම්භය ලෙස මුලින්ම සඳහන් වනුයේ ප්‍රංශ ජාතික නාට්‍ය රචකයෙකු,කවියෙකු, නළුවෙකු සහ අධ්‍යක්ෂක වරයෙකු වූ Antoine Marie Joseph Artaud (Antonin Artaud) ගේ The Theatre and Its Double (1938) යන කෘතියේ theatre යන වචනය පැහැදිලි කිරීමට භාවිතා කර ඇති "la réalite virtuelle", යන්නයි...

Wednesday, November 11, 2009

Large Hadron Collider විශ්වයේ උපත කෙසේවී ද?

LHC කියන්නෙ මොකක් ද කියල මේ වෙන කොට නම් නවීන විද්‍යා ලෝකෙ මොනවද වෙන්නෙ කියල උනන්දු වෙන ඕනෙම කෙනෙක් දන්නව ඇති...

මම සයන්ස් කාරයෙක් (කොහෙත්ම සයන්ස් කාරයෙක් නෙවෙයි) නොවුනට මේ වගේ දේවල් ගැන නම් ඉතින් උනන්දුයි. LHC එක හදන දවස් වල ඉඳලම ටික ටික විස්තර හොය හොය හිටිය... අන්තිමට 2008 සැප්තැම්බර් 10 වෙනිදා ප්‍රථම ප්‍රෝටෝන කදම්බය සාර්ථකව අත්හදා බැලුවට පස්සෙ ඒකට මොකද වුණේ කියල දැන ගන්නකම් ඉවසුමක් නැතුව හිටියෙ... ලෝකෙ විනශ වෙන්නත් ඉඩ තිබ්බ නිසා.. හික් හික් හික්....

කොහොම වුණත් සැප්තැම්බර් 19 වෙනිදා තාක්ෂණික දෝෂයක් නිසා තාවකාලිකව නවත්තපු නිසා උනන්දුව ටිකක් අඩු වෙලා ගියා...

කොහොම වුණත් Large Hadron Collider කියන්නෙ මෙතෙක් ලෝකයේ හදල තියෙන ලොකුම යන්ත්‍රය විදියට සළකන්න පුළුවන් අතිවිශාල යන්ත්‍රයක්... මූලික අරමුණ තමයි විශ්වය උපත ලැබූ මොහොත විදියට විද්‍යාව සළකන මහා පිපිරුම සිද්ධ වෙච්ච මොහොතේදී තිබූ ස්වභාවය පිළිබඳව අධ්‍යයනය කරන එක...

LHC එක ගැන සරල විස්තරයක් මෙන්න...

"Particle physics is the unbelievable in pursuit of the unimaginable. To pinpoint the smallest fragments of the universe you have to build the biggest machine in the world. To recreate the first millionths of a second of creation you have to focus energy on an awesome scale."


The Large Hadron Collider (LHC) is being built in a circular tunnel 27 km in circumference. The tunnel is buried around 50 to 175 m. underground. It straddles the Swiss and French borders on the outskirts of Geneva.

The LHC is designed to collide two counter rotating beams of protons or heavy ions. Proton-proton collisions are foreseen at an energy of 7 TeV per beam.

* The beams move around the LHC ring inside a continuous vacuum guided by magnets.
* The magnets are superconducting and are cooled by a huge cryogenics system. The cables conduct current without resistance in their superconducting state.

* The beams will be stored at high energy for hours. During this time collisions take place inside the four main LHC experiments.


වැඩි විස්තර වලට යන්න

අගෝස්තුවෙන් පසු...

අගෝස්තු 4 වෙනිදට පස්සෙ මොනව හරි ලියන්න හිතුණා..
හතර වෙනිදා ලිව්වේ ජීවීතේ තීරණාත්මක කඩ ඉමක ඉන්න අතරේ...
මේ වෙනකොට හැම දේම හොඳින් විසඳිලා නිසා ආයෙත් සුපුරුදු ජීවිතේට එන්න පුළුවන් වුණා..
පහුගිය දවස් ටිකේ ඉගෙන ගත්ත පාඩම් නම් අනන්තයි...
මේක මට විතරක් සිද්ද වෙන දෙයක් නෙවෙයි අපි හැමෝටම ජීවිතේ කවද හරි මේ වගේ කාල සීමාවන් පහු කරන්න වෙනවා...
කොහොම වුණත් ආයෙත් හිත සතුටින්... සැහැල්ලුවෙන්...

ම්ම්ම්ම්
හොඳ දෙයක් ගැන හිතල ඊළඟ පෝස්ට් එක දාන්නම්...

Tuesday, August 04, 2009

ජීවිතේ කවියක්...

මම ඉන්නෙ සතුටින් ද දුකින් ද කියල හිතාගන්න බෑ...
ඇයි මෙහෙම වෙන්නෙ කියන එක ගැන හිතල බලලම ඇති වෙලා තියෙන්නෙ...
වෙන දේට මුහුණ දෙන්න තීරණේ කළා ඉතින් අන්තිමට... හැමදාම කරනව වගේ...

ජීවිතේ වැඩියෙන්ම සතුටු වෙච්ච දවස් කිහිපයයි... ලොකූ දුකක් දැනුන දවස් කිහිපයයි පහුගිය සති කිහිපයේදී ගෙවා දැම්මා... (වැඩියෙන්ම දුක් වෙච්ච දවස් නම් ගෙවල ඉවර වෙලා මේ වෙනකොට අවුරුදු 7ක් විතර...)
හැබැයි වැඩියෙන්ම සතුටු වෙච්ච දවස් නම් පහුගිය ටිකේ තිබුණා කියල කියන්න පුළුවන්...

වෙච්ච දේ නම් කියන්න බෑ...

නමුත් අන්තිමට හැමදේම හොඳින් ඉවර වුණා කියල කියන්න පුළුවන්...
හැමදේම හොඳින් ඉවර වෙන්නෙ හැමෝම සතුටු වුණහම ද කියල නම් ඉතින් මම දන්නෙ නෑ... නමුත් අනුන්ගේ සතුට වෙනුවෙන් සමහර දේවල් හොඳින් ඉවර කරන්න පුළුවන්... කරන්න තියෙන්නෙ අපේ හිත පොඩ්ඩක් හදා ගන්න එක විතරයි...

කෙනෙකුගේ සතුට වෙනුවෙන් තවත් කෙනෙකුට දුකක් දෙන්න වෙන එක දරාගන්න හරිම අමාරු දෙයක්...
නමුත් ඇත්තටම ම කරන්න ඕනේ මොනවද කියල හරියට තේරුම් ගත්තහම හිත ටිකක් හදා ගන්න පුළුවන්...

අපි හැමදාම අපිට ඕනේ දේ ලැබෙන කම් ආසාවෙන් බලා ඉන්නවා...ඒ දේ කවදා හරි හිතාගන්න බැරි විදියට,බොහෝම ලස්සන විදියට, ඔය ෆිල්ම් වල තියෙන හරී රොමෑන්ටික් විදියට අපි ලඟට ආවහම... අපිට ඒක අයිති කරගන්න බැරි වෙන එක....අනේ මන්ද...

ලැබුණු දේ අයිති කරගන්නම ඕනේ නෑ නෙ සතුටු වෙන්න... හැමදාම හොයපු දේ ලැබුණනේ කියල සතුටු වෙන්න හිත හදා ගත්තා...

අනිත් එක ජීවිතේ කියන්නෙ අපි හොයන දේම ලබා ගෙන සතුටු වෙන එක නෙවෙයි... ලැබිල තියෙන දේ තියෙන සතුට හොයා ගන්න එක... ඒකත් හරීම රොමෑන්ටික් විදියට කරන්න පුළුවන්...(ටිකක් අමාරුයි තමයි...)

ජීවිතේ කවියක්...
ආදරය එහි සොඳුරුතම වදනක්...
කඳුළැලි බිඳක්...හසරැළි පොදක්...
එකට එක් වූ විට දැනේවී...
පෙර නොවිඳි රසයක්...

Saturday, March 21, 2009

මගේ ගැටළුව...

ආදරයේ තර්කය පිළිගන්න ද?
බුද්ධියේ තර්කය පිළිගන්න ද?

Thursday, February 19, 2009

අන්තර්ජාලය ජයගත් මිනිසුන්...

අන්තර්ජාලයට සහ ලෝකයට දැනෙන වැඩක් කළ මිනිසුන් ගැන කෙටියෙන් සඳහන් වෙච්ච සයිට් එකක් හම්බවුණා

අපෙන් ලෝකයට,අන්තර්ජාලයට යන දේවල් (තොරතුරු හැර) අඩුවෙන්න හේතුව මොකක් ද කියල හිතුණා.. තාක්ෂණයේ අඩුපාඩු ද? දැනුමේ අඩුපාඩු ද? නැත්නම් නිර්මාණශිලීත්වයේ අඩුවක් ද....
හැබැයි ලෝකයේ සාක්ෂරතාවය සහ බුද්ධිමට්ටම අතින් ගත්තහම අපි සෑහෙන ඉදිරියෙන් ඉන්නවා කියලයි කියන්නෙ...
මම මේ අදහස් කළේ ලෝකය වෙනස් කරන මට්ටමේ දේවල් අපෙන් බිහිනොවන්න හේතුව... නැතුව අපෙන් මොකුත් ගිහින් නෑ කියන එක නෙවෙයි...

Thursday, February 12, 2009

අධිවේගි වීඩීයෝකරණය...

නිකන් ඉන්න වෙලාවට StumbleUpon එකෙන් සයිට් බ්‍රව්ස් කරන එක හරි ජොලි වැඩේ...
මේ දැන් හම්බ වුණ එකක් ගැන බොලොග් එකක් ලියන්න හිතුණා... මොකුත් නොලියා හිටියොත් සින්ඩියෙන් අතුගාලා දාන්නත් ඉඩ තියෙනවනේ.. :)

අධිවේගී ඡායාරූපකරණය සහ වීඩියෝකරණය ගැන හොය හොයා ඉන්න වෙලාවක තමයි මේක හම්බ වුණේ... අපූරු වීඩියෝ ක්ලිප්ස් ටිකක් තියෙනවා...

Monday, January 26, 2009

කලා පොල...












කලා පොල...

කාලයක් තිස්සෙ පෙරුම් පුරලා ඔන්න මේ සැරේ ගියා කලා පොලට...
ගිය සැරෙත් යන්න බැරි වුණා
ගිය සිකුරාදා වෙලාවට පිත්තල හන්දියෙ ගහල තිබුණු බැනර් එක දැක්ක... නැත්නම් මේ සැරැත් මඟ ඇරෙනවා..

හික් බැනර් එක බලන්න ගිහින් ත්‍රී විලර් එකක හැප්පිලා රුපියල් 2000කුත් වන්දි ගෙවන්න වුණා... පිටිපස්සෙන් ගිහින් ඇන්නම ඉතින් වරද මගේ නේ...

මම ඉතින් week end එකක කොළඹ පැත්තෙ ගියොත් ග්‍රීන් පාත් එකේ විකුණන්න තියෙන චිත්‍ර ටික නොබල එන්නෙ බොහොම කලා තුරකින්... පොඩි කාලේ ඉඳලම තියෙනව මට හෙන උණක්...හැකියාවත් පොඩ්ඩක් විතර තියෙනවා හැබැයි දැන් නම් මතක ඇති කාලෙකින් චිත්‍රයක් ඇන්දේ නෑ...

ආහ්... අක්කලගෙ ගෙදර බිත්තයෙ එකක් ඇන්ද අන්තිමට.. හික් හික්.. පොඩි වුන් දෙන්න බිත්ති කුරුටු ගාන එකෙන් පොඩි චාන්ස් එකක් අරන් මමත් ඇන්ද එකක්...

නියම විත්‍ර ටිකක් තිබුණා... හැබැයි ගාන නම් වැඩියි... සාමාන්‍ය ගානට වඩා හරියටම දෙගුණයක් වැඩියි කියල කියන්න පුළුවන්...

අවුරුද්දකට එක සැරයක් එන නිසා වෙන්න ඇති ගාන ටිකක් වැඩි...

මමත් ඉතින් හැමදාම වගේ අම්මගෙන් බැනුම් ඇහුවත් අදත් පොඩි වෝල් හැඟින්ස් 2ක් ගෙනාව..

කැන්වස් එකකුත් අරගෙන ආවා නිකමට වගේ එකක් ඇඳල බලන්න... හික් හික්...

ගත්ත ෆොටෝ ටිකක් තියෙනවා... දැන් නිදි මතයි හෙට දාන්නම්....

Wednesday, January 21, 2009

Virtual Barber Shop

කාලෙකට පස්සෙ බ්ලොග් එකක් ලියන්න හොඳයි කියල හිතුණ දෙයක් හම්බ වුණා...
මට මේක හම්බ වුණේ මගේ යාළුවෙකුගෙන්...
මුලින්ම අහපු වෙලාවේ නිකන් පිස්සු හැදුණා වගේ...
අහන හැම වෙලාවෙම දැනෙන දේ ගැන කියනවට වඩා අහලම බලන එක වටිනවා..

මෙතනින් ගන්න පුළුවන්...

මම මුලින්ම ඇහුවේ මගේ ෆෝන් එකෙ හෑන්ඩ්ස් ෆ්‍රී එකෙන්... හෙඩ්ෆෝන් එකක් නැතුව අහල වැඩක් නෑ...

මේකේ තාක්ෂණික පැත්ත ගැනත් හොයල බැලුවා.. සැබැවින්ම කොච්චර දියුණු ලෝකයක් ද කියල හිතෙනවා... හැබැයි උපතින් අපට ලැබුණු හැකියාව ගැන ඊට වඩා පුදුම හිතෙනවා...

Cetera algorithm එක ගැන මම ලියනවට වඩා මේක කියවන එක හොඳයි...


Starkey’s Cetera technology

Starkey’s Cetera technology makes the hearing aid “invisible” to the brain. Cetera removes the barrier between sound and the brain’s ability to process signals. The Cetera technology is based on an innovative new algorithm- the complex mathematical formula that drives a hearing aid. Cetera’s algorithm can match the exact characteristics of the wearer’s ear. This customization removes the barrier that most hearing aids erect between the incoming sound waves and the data sent to the brain for processing.

මේකත් බලන්න

Binaural Recording ගැන මෙතන විස්තර තියෙනවා...