Saturday, November 22, 2008

මචං


ඊයෙ රෑ මචං බැලුවා..
කාලෙකට පස්සෙ සිංහල ෆිල්ම් එකක් බලල හොඳ ෆන් එකක් ගත්තා.. අපරාදෙ කියන්න බෑ උබර්තෝ පැසෝලීනි වැඩේ හොඳට කරල තියෙනවා... අපේ කට්ටියගෙ රංගනයත් ඉතින් එලම තමා..

අපේ රටේ බහුතරයකට තියෙන අසරණ කම හොඳට පේනවා... අපේ කොල්ලො ටිකක් කරපු වීර ක්‍රියාවක් ද අමන ක්‍රියාවක් ද කියල තීරණය කරන එක ඉතින් බලන කෙනාට බාරයි... මට නම් හිතුණේ අසරණ කමේ එක් අන්තයක් කියල... රට ගැන හිතන්න කලින් ජීවත් වෙලා ඉන්න ඕනෙ නෙ...

දේශපාලකයාගේ දොඩම් කෑම, ලෝක දේශපාලනයම ඒ තත්පර කිහිපය තුළ තිබුණා කියලයි මට නම් හිතුණේ...
මහේන්ද්‍රගේ සුද්ද සිංහල, කියන්න වචන නෑ... ෆන් මැක්ස්...
අනිත් හැම තැනම අපේ අහිංසකයින්ගෙ අසරණ කම තමා...

ගිහිල්ල බලන්න... බැලුවට පාඩු නෑ..

පිංතූරේ කොපි කලේ
මෙතනින්

3 comments:

  1. හොදයි නේද? මමත් බැළුවා... මමත් ඒ පෙළගැස්මට බොහොම කැමතියි

    ReplyDelete
  2. මට නම් ෆිල්ම් එක බල්ලන්න විදියක් නැ.ඔය වගේ ෆිල්ම් ලන්කාවේ පෙන්නුවට කමක් නැ, මොකද අපි විතරයි නේ බලන්නේ. ඒත් විදේශරටවල පෙන්විම නිසා වෙන්නේ ලන්කාවේ කිර්තියට හානියක්.
    මේ ලගදි අල් ජසිරා රුපවාහිනියේ මචන් ෆිල්ම් එක ගැන වැඩසටහනක් ගියා.එකේදි සාගච්ජා වුන සමහරක් දේවල් වලින් ලන්කාව අවතක්සේරුවට ලක්වුනා කියලා මට හිතෙනවා.ඒ වැඩසටහනට සහභාගිවෙච්ච එක් අයෙකු උපහාසයට වගේ ප්‍රශ්න කලා "රුගත කිරිමට ගෙනාපු අය නැවත සිට ලන්කාවට යයි කියලා කොහොමද විශ්වාස කලේ කියලා".ඔවුන් හිතනවා ඇති ලන්කාවේ ඔක්කොම තරුණයන් එසේයි කියා.
    ලන්කාවේ නිශ්පාදිත චිත්‍රපට විදේශයන්හි උපසිරැසි සහිතව විකාශනය කිරිමට පෙර එ සදහා අවසර ලබාගැනිමේ ක්‍රියාපටිපාටියක් තිබේනම් සුදුසුවේ යැයි සිතමි.
    මාලනි ෆොන්සේකා මහත්මිය ලබාගත් සම්මනය ඇගයිමට සන්විධානය කරතිබු උත්සවයකදි ජනාධිපතිතුමා පැවසු "ලන්කාව අපකිර්තියට පත්කර ලබාගන්නා සම්මාන වලින් වැඩක් නැති බවත් අවශයවන්නේ ලන්කාවේ කිර්තියට හේතුවනසේ ලබාගන්නා සම්මානයි " යන්න සතයකි.

    ReplyDelete
  3. පට්ට ෆිල්ම් එක. මගෙ ආසම සීන් එක තමයි බාර් එකෙ වැඩ කරන පොර ෆැමලි එකත් එක්ක ඩිනර් එකට යන සීන් එක.
    මචන් උබ kubrik ෆෑන් කෙනෙක්ද? මොකද උබ තමයි එකම පොර මට හම්බුන eyes wild සහ clokworkක් බලපු . උබ dr:strangelove,full metal jacket,shining බැලුවද. මගෙ බ්ලොග ෆොල්ලොව් කරපන් උබට එක හරි යයි.

    ReplyDelete